Hannibal [S03 : E07] | යටත් වීම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හත්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් හැනිබල්ව මරන්න තැත් කිරීමේදි හැනිබල්ගේ ආරක්ෂාවට සිටින ආසියානු ජාතික කාන්තාවක් වන චීයෝ නැමැත්තිය විසින් විල් ග්‍රැහැම්ට වෙඩි තබනවා. නමුත් විල් ග්‍රැහැම් එම වෙඩි පහරින් මිය යන්නෙ නෑ. ඒ අතරේ හැනිබල්ව හොයාගෙන ජැක් ක්‍රව්ෆෝඩ් ඔහුගෙ අළුත් නිවහනට එනවා. එහෙම එන ජැක් ක්‍රව්ෆෝඩ්වත් හැනිබල් විසින් උපක්‍රමශීලීව අල්ලගන්නවා. හැනිබල් විසින් මේසේ දෙපැත්තේ දෙන්නව බැඳලා දාලා ජැක් ඉදිරියේදිම විල් ගෙ මොලේ ගලවලා එලියට ගන්න හිතාගෙන හිස්කබල කපා ඉවත් කරන්න හදනවා. ඒ අතරේ බෙඩීලියා හෙවත් ෆෙල් මහත්මියගෙන් දොස්තර හැනිබල් සිටින ස්ථානය ගැන දැනගන්න ෆ්ලෝරන්ස් නගරයේ පොලිස් නිලධාරීන් උත්සාහ කරනවා. ඒ පැත්ත එහෙම වෙන අතරේ මාර්ගොට් වර්ජර් හා දොස්තර ඇලනා බ්ලූම් අතරේ සමලිංගික ඇසුරක් ඇතිවෙනවා. එයින් ඔවුන් දෙදෙනා ඉතාමත් සමීප වෙනවා. ඔය අස්සේ මේසන් වර්ජර්ට තමන්ගෙම උරුමක්කාරයෙක්ගෙ අවශ්‍යතාවයක් ඇති වෙනවා.
මෙවර කොටසත් සුපිරි විදිහට ගලාගෙන යනවා. බෙඩීලියාගෙන් තොරතුරු අරගෙන හැනිබල් සිටින තැන හොයාගෙන එන නිලධාරීන්ට හැකියාව ලැබෙනවා විල් ග්‍රැහැම්ගෙ හිස් කබල කපා ඉවත් කරන්න පෙර හැනිබල්ව අත්අඩංගුවට ගන්න. එහෙම අත්අඩංගුවට ගන්න හැනිබල්ව ඔවුන් පොලිසියට ගෙනියන්නෙ නෑ. ඒ වෙනුවට මේසන් වර්ජර්ට බාර දෙනවා. පොලිස් නිලධාරීන් මේසන් වර්ජර්ට බාර දෙන්නේ හැනිබල් ලෙක්ටර්ව විතරක් නෙවෙයි.
ඉතිං යාළුවනේ. මේසන් වර්ජර්ට හැනිබල් ලෙක්ටර් සමග බාර දෙන අනිත් පුද්ගලයා කවුද? මේසන් වර්ජර් ඔවුන්ට කුමන විදිහේ වදහිංසාවන් සිදු කරාවිද? මේසන් වර්ජර්ගෙ අපූරු සහායකයා වන කෝර්ඩෙල් විසින් හැනිබල්ගෙ කොටස් කපලා මේසන් ට කන්න දේවිද? කවුද කාටද යටත් වෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 626 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………………good………………………..luck …………………………..
thhanx bro
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks
thanks broo
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉක්මණටම දිලා එහෙනම්.
මේ එපියට IMDB Rating 9.8 ලැබිලා තියෙනවා..
එලටම ඇති කියලා හිතෙනවා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
True Detective එකෙන් හමු වෙමු..
ජය වේවා !!!
අඩේ සහෝ දැන්ම දීලනේ!
දැන්නම් කතාව එන්න එන්න සුපිරි!
නියමයි ආ!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි අයියේ.. අර කිව්වත් වගේ දැන් නම් කතාව ඉස්සර වගේම තමා 😀 සුපිරියටම යනවා 🙂
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanx bro ela ela
දවල් බාගත්තට හිතුවේ නැහැ අද ම බලන්න ලැබෙයි කියල. දැන් නම් හොඳ ම කොටස් ටික යන්නෙ. ඊළඟ එකත් ඉක්මනට ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.
tnxxxx bn