අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hell’s Paradise: Jigokuraku [S01 : E08] Sinhala Subtitles | ඛේදනීය සමුගැන්මක්! [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 10 votes.
Please wait...


බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් Hell’s Paradise 8වෙනි එපියෙ සබ් එක දෙන්නයි මේ සූදානම. සුපුරුදු පරිදි පෙර මතකයන් කෙටියෙන් අවදි කරගෙන අද කොටසට එමු.

පසුගිය මතකයන් : –

කලින් කොටස ආරම්භ උනේ “ආසා චොබෙයි” සහ ඔහුගෙ බාල සහෝදරයා මේ දූපතේ පෙම් කෙලිමින් හිටිය දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවීමත් සමඟයි. මේ අතර එක් පසකින් ගබිමරු ඇතුළු පිරිස මේ දූවේ තියෙන අතෑරපු ගමක් හොයාගත්තනේ. මෙන්න මේ මොහොතෙදී තමයි තව අලුත් දෙදෙනෙකු මේ කතාවට එකතු වෙන්නෙ. ඒ පොඩි ගෑණු ළමයෙක් සහ තව බොන්සායී ගහක් වගේ ඉන්න අස්වාභාවික ජීවියෙක්. කෙල්ලගෙ නම “මෙයි” කියලත්, අර බොන්සායි පොරගෙ නම “හෝකෝ” කියලත් කලින් කොටස බැලුවනම් ඔයා දැන් දන්නවනේ. ලොකුම ප්‍රශ්නය තමයි මේ හමුවුණු දෙදෙනා ඇත්තටම කවුරුද කියන එක. ඒ ස‍ඳහා පිළිතුරු අපි කතාවෙ ඉදිරියේදී හොයාගමු. විශේෂයෙන්ම මේ “මෙයි” කියන්නෙ මේ කතාවේ ඉදිරියේදී සෑහෙන කාර්යයක් කරන චරිතයක්. ඇගේ අතීත තොරතුරු අපිට ඉදිරියේදී දැනගන්න ලැබෙනවා. එතකන් ඉවසමු. 😜

හෝකෝ සහ ගබිමරු අතර ඇතිවෙන සංවාදයෙන් අපිට ගොඩක් කරුණුකාරණා අනාවරණය උනා මතක ඇති. ඉතින් ඔන්න “ෆුරෝෆුෂි නෝ සෙන්යකූ” කියන මේ ඖෂධය ඇත්තටම තියෙනවා කියලත් නැවත තහවුරු උනා. ඒ හෝකෝ ඒ බව සනාථ කිරීමත් සමඟයි. ඒ වගේම මේ දූපත…

• එයිෂු
• හෝජෝ
• හෝරායී

…ලෙස පාලන ප්‍රදේශ තුනකට බෙදී යන බවත්, දූපත මධ්‍යයේ තියෙන “හෝරායී” කියන ඉසව්වෙ “සෙන්යකූ” පවතින බවටත්, හෝකෝ කියනවා. මේ සෙන්යකූ ඔවුන් හඳුන්වන්නෙ “ටන්” ලෙසයි. දැන් අපි මේ අබිරහස් ඖෂධයට කියන නම් තුනක්ම දන්නවා. ඒවා නම්…

• ෆුරෝෆුෂි නෝ සෙන්යකූ
• තොකිජිකු නො කගුනොමි
• ටන්

…ලෙස ආමන්ත්‍රණය වෙනවා.


දූපත බෙදී යන ආකාරය…

ගබිමරු ඇතුළු පිරිස මේ වෙනකොට මේ හෝකෝ සහ මෙයිගෙ ආගන්තුක සත්කාර මැද මේ “කොතකු” කියන අතෑරපු ගම්මානයෙන් සප්පායම් වෙලා තමන්ගෙ විඩාව නිවාගන්නවා. මේ අතරෙ තමයි ආසා චොබෙයි සහ ඔහුගෙ බාල සහෝදරයා ප්‍රබල රාස්සයො එක්ක සටන් කරන්නෙ. හෝකෝ මොවුන්ව හැඳින්වුවෙ “තෙන්සෙන් සමා” විදිහට. බැලූ බැල්මට නම් මොවුන් අමරණීයත්වය ලබා ඇති මේ දූපතේ වාසය කරන ප්‍රබලම පිරිසක් වගේ. අපි ඉදිරියට මොවුන් ගැන වැඩිදුර තොරතුරු දැනගමු.


තෙන්සෙන් සමා

ඒ වගේම අපි දැක්කා මේ දූපතට පය ගහපු මේ පිරිස මුලින්ම මුහුණ දුන්නෙ විකෘති රාස්සයෝ පිරිසකට කියල. හෝකෝ ඔවුන්ව හැඳින්වුවේ “සෝෂින්” ලෙසයි. දැනට මේ සෝෂින්වරු කියන්නෙ මේ දූපතේ ආරක්ෂාවට ඉන්න පිරිසක් කියල ඔලුවෙ තියාගෙන ඉමු.


සෝෂින්වරු

ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමා කලින් එපියෙ සිදුවුණේ. දැන් කතාව කුතුහලය වැඩි පැත්තට කැරකෙනවා ඔයාටත් පේනවා ඇති. ඇත්තටම දැන් තමයි මේ ඇනිමේ එකේ උද්වේගකරම හරිය ආරම්භ වෙන්නෙ. “මෙයි” මේ කතාවට එකතු වීමත් සමඟයි ඒක සිදුවුණේ. කලිනුත් කිව්වා වගේ ඒ පොඩි කෙල්ල ඇත්තටම විශේෂ චරිතයක්.

අද කොටසින් : –

අද කොටසෙ වැඩි බර තැබීමක් වෙන්නෙ, නුරුගායීට යුගල් කරපු අසයිමොන්වරයා වෙනුවෙන්. මතක ඇතිනෙ “තෙන්සව?” ඉතින් තෙන්සගෙ අතීතය සහ වර්තමානය ගැන තමයි අද එපියෙ වස්තු විෂය වෙන්නෙ. ඇත්තටම මේ එපිය නම් ටිකක් සංවේගී එකක්. වැඩි වැල්වටාරම් නැතිව එහෙනම් මේ කොටසෙ මොකද වෙන්නෙ කියල බලන්න මං ඔයාලට පවරනවා. අද ඉඳලා සතියක් වගේ ඇතුලත එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. 😌

අද කතාංගය – Student and Master
Imdb අගය – 9
අධ්‍යක්ෂණය – Fumito Yamada
විකාශය වූ දිනය – 2023 මැයි 20

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

4 thoughts on “Hell’s Paradise: Jigokuraku [S01 : E08] Sinhala Subtitles | ඛේදනීය සමුගැන්මක්! [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *