Iddari Lokam Okate 2019 Sinhala Subtitles | දෙදෙනාගේම ලෝකය එකකි… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම පහුගිය 2019 වසරේ නිකුත් වුනු ලස්සන ආදර කතාවක් අරගෙන බයිස්කෝප් බිමට පිවිසෙන්නයි මේ සූදානම. කොපි නිකුත් වෙලා ගොඩ දවසක් උනත් මේක ටිකක් මිස් වෙලා තිබිලා ඇඳිරිනීති සමයේ බලන්න ගත්තමයි සබ් නැහැ කියල දැනගත්තේ. බැලුවම හිතට ගොඩක් අල්ලපු නිසා හැරෙන තැපෑලෙන් මේලක් එවල සබ් කරන්න ගත්තා. උපසිරැසි කරන්න අවස්තාව ලබාදුන් හසන්ත අයියවත් මතක් කරන ගමන් වැඩේ පටන් ගමු. ඔයාලත් ඔය ෆිල්ම් බලන අතරේ අපි එක්ක උපසිරැසි කරණයට එකතු වෙන්න හිතුනොත් https://www.baiscope.lk/join-with-us/ වෙත පිවිසිලා මේකේ විදිහට අපි එක්ක එක්කාසු වෙන්න පුළුවන්. එහෙනම් බලමු කතන්දරේ.
2019 දෙසැම්බර් 25 නිකුත් වුනු Romantic Drama ගණයට අයත් තෙලුගු චිත්‍රපටියක් තමයි මේ දිග හැර දක්වන්නේ. G.R. Krishna තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ එතුමන්ගේ අතින් අධ්‍යක්ෂණය වන දෙවැනි චිත්‍රපටිය. මේක Love Likes Coincidences කියන තුර්කි චිත්‍රපටයේ Remake එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Sri Venkateswara Creations නාමය යටතේ ලඟදි යුග දිවියට පිවිසි දිල් රාජු මහත්තයා විසින්. චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Kumari 21F (2015), Lover (2018) වගේ චිත්‍රපටි වල ප්‍රධාන නළුවා ලෙසින් රංගනයේ යෙදුනු Raj Tarun විසින් සහ Arjun Reddy (2017) සමගින් සිනමාවට පිවිස Mahanat (2018), 118 (2019), 100% Kadhal (2019) වගේ සිනමාපටයන්හි රංගනයෙන් දායක වුනු Shalini Pandey විසින්. මීට අමතරව Master Bharath, Raja Chembolu, Nassar, Rohini වැනි රංගන ශිල්පීන්ද මෙහි සහය චරිත වලින් අපට දැකගන්නට පුළුවන්.
කතාව ගැන කියනවනම් හරිම සංවේදී ආදර කතාවක් මත තමයි මේ චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් හිතේ මුල් දරන ආදරය, කුඩා කල සිට හිතේ එක් රැස් වන මතකයන්, දෙදෙනෙක්ගේ ඉරණම ලියවිලා තියෙන ආකාරය සහ එය සොබාවධර්මය සමග සමාන්තරව ගලායන ආකාරය, ජීවිතයේ අවිනිශ්චිත බව, විස්වාසය, ආදරයේ ගැඹුර, ජීවිතයේදී සිදුවන අදහාගත නොහැකි වෙනස්කම් වගේ මේ හැමදෙයක්ම මේ චිත්‍රපටිය බලාගෙන යද්දී ඔයාලට දකින්න ලැබේවි. මොහොතකට මෙය ඔබව කුඩාකලටද අරගෙන යාවි. ටිකක් වෙනස්, ඒත් කම්මැලි නැතුව බලන්න පුළුවන් බොහොම සංවේදී අවසානයක් සහිත මේ ආදර කතාව අරගෙන බලන්න කියල මෙයින් ඔබට ආරාධනා කර සිටිනවා. Greatandhra.කොම් වෙතින් මේ සඳහා 2/5 ක මනාපයක් සහිත විවරණයක්ද, IndiaGlitz වෙතින් 2.3/5 ක මනාපයක් සහිත විවරණයක්ද, IMDB දර්ශකයේ 5.6/10 ක අගයක්ද මේ වෙනුවෙන් පෙන්නුම් කර තිබෙනවා.
ඉතින් එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්. ඔබටත් මේ ආකර්ශනීය සංවේදී ආදර කතාව නරඹන්න ආරාධනා කර සිටිනවා. මේකට උපසිරැසි ගන්වන්න අවස්තාව ලබාදුන් හසන්ත අයියටත් ස්තුතිය පුද කර සිටිනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මතක් කරන්න කැමතියි මේ දිනවල ඇති වී තිබෙන ව්‍යසනකාරී වසංගත තත්වය හේතුවෙන් ඔබත් මේ මොහොත වනවිට නිවාසේම රැඳී සිටින අයෙක් වෙන්න පුළුවන්. සමහරවිට වැඩ රාජකාරිවල යෙදෙන අයෙක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ නමුත් තමාගේ සෞඛ්‍යය රැක ගනිමින් ආරක්ෂක අංශ වලට සහය වන අයුරින් ක්‍රියා කරමින් ප්‍රවේසමෙන් කාලය ගත කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීමට සෑම විටෙකම වග බලාගන්නා මෙන් බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් ඉල්ලා සිටින ගමන් අපි විසිවෙනවා. ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9354 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා…
ලව් ස්ටෝරියක් මගෑරලත් බෑ…
සබ කරපු හාදයා නිසා අනිවා හොඳ එකක්නේ ඉතින්… 😛
දිගටම සබ් දෙමු ආ… ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති! ☺️❤️
ස්තුතියි මචෝ !!
thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanks..