අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Immaculate (2024) Sinhala Subtitles | පාළු කන්‍යාරාමයේ අභිරහස! [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 16 votes.
Please wait...

Immaculate (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හොරර් ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ මාර්තු 22, මෙහි බෙදාහැරීම් කටයුතු කළේ Neon ආයතනය විසින්. අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ අප්‍රේල් 16. සිනමාශාලාවල් වලට නිකුත් කරලා මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 22 හොයාගන්න හැකිවෙලා තියෙනවා. ඊට අමතරව මේ ෆිල්ම් එකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් දිනාගන්න හැකිවෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3 සැලකිය යුතු හොඳ අගයක් හා කුණු තක්කාලි 71% ලගා ගන්න හැකිවෙලා තියෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Mohan විසින්. ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපි කවුරුත් හොඳින් දන්නා Sydney Sweeney. ඇය ජනප්‍රියත්වෙට පත් වුණේ Euphoria ටීවී සීරිස් එකේ කැසීගෙ චරිතය හරහා. ඉන්පසු ඇය Anyone but You, Madame Web වැඩි ජනප්‍රිය වුණ චිත්‍රපට වල රගපෑවා. තවද ඇය ප්‍රධාන චරිතය රඟපෑ The Voyeurs චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Michael Mohan මහතාමයි. ඊට අමතරව මෙයට රංගනයෙන් දායක වෙනවා අපි කොයි කවුරුත් ආදරේ කරපු සීරිස් එකක් වෙන Money Heist කතා මාලාවේ ප්‍රොෆෙසර්ගෙ චරිතය රඟපෑ Álvaro Morte. තවද Benedetta Porcaroli, Dora Romano, Giorgio Colangeli, Simona Tabasco වැනි අයද රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන මතක් කලොත්, සිසිලියා ඇමරිකාවෙ ඉදන් ඉතාලියේ ගම්බද කන්‍යාරාමයකට එනවා එහි කන්‍යා සහෝදරියක් වෙන්න. ඇය ඒ කන්‍යාරාමෙට ගියපු ගමන් එහි හිටපු සිස්ටර් ඉසබෙල් ඇයට අනතුරු අගවන්නේ එහෙ ඉන්න එපා, තාමත් පරක්කු නෑ එහෙන් යන්න කියලයි. ඒත් සිසිලියා එයාගෙ කීම අහන්නෑ. මොකද ඇය පොඩි කාලෙදි වුණ භයාණක අනතුරකින් ඔන්න මෙන්න බේරුණ කෙනෙක්, ඒ නිසා දෙවියො එයාව එහෙම බේරන්න තරම් මොකක්ද හේතුව කියලා දැනගන්නත් එක්ක තමා ඇය මේ කන්‍යාරාමෙට එන්නේ. එසේ ඇය එහි දිවුරුම් දී ඒ කන්‍යාරාමෙ කන්‍යා සොහොයුරියක් වෙනවා. වුණාට පස්සෙ ඇයට අමුතු දෙයක් සිද්ධ වෙනවා හැබැයි ඒ ගැන ඇයට මතක හිටින්නෑ. ඒකෙන් පස්සෙ මෙයාට දේව ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ දේව ප්‍රාතිහාරෙ? මොකක්ද මෙයාට ඒ රෑ වුණේ? මොකක්ද මේ අද්භූත කන්‍යාරාමෙ රහස?

මේවා ඔයාලට දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මට අනුව නම් මේක හොඳ හොරර් චිත්‍රපටයක් හොඳ කතාවකුත් ගැබ් වෙලා තියෙන. එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෑ හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Immaculate (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Immaculate (2024) Sinhala Subtitles

10 thoughts on “Immaculate (2024) Sinhala Subtitles | පාළු කන්‍යාරාමයේ අභිරහස! [සිංහල උපසිරසි]

  • Thanks bro sub ekata

    Reply
  • Thanx for the sub bro…❤️

    Reply
  • ෆිලුම ආපුගමන්ම වගේ සබ දුන්නට බොහෝම ස්තූතියි සහෝ…….

    Reply
  • ඉක්මනටම දීලනේ. උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *