Watch Trailer

Insomnia (2002) Sinhala Subtitle | නින්ද නේන රාත්‍රියේ…… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික user…

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.

ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් වගේම Google users ලාගෙන් 89% ක කැමැත්තක් මේකට හිමිවෙලා තියනවා.

Christopher Nolan ගේ අධ්‍යක්ෂණයක් වෙන මේකට Al Pacino, Robin Williams, Hilary Swank වගේ අය රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් Insomnia කියල හඳුන්වන්නේ නින්ද නොයෑමේ රෝගී තත්වය. (Night data නිසා දැන් අපිටත් ඕක හැදිලා නේ තියෙන්නේ 😛 ) ඉතින් අපි බලමු මොකක්ද මේ නින්ද නොයන කතාව කියල.

ඇලස්කාව කියන්නේ ඇමරිකාවේ ඉහළ කෙළවරේ හුදෙකලාව රටින් වෙන්වෙලා තියන ප්‍රාන්තයක්නේ. ඉතින් ශීත කාලයට මාස ගාණකට ඉර පායන්නේ නෑ වගේම, ගිම්හානයේ දවසේ පැය 24 පුරාවටම එළිය අඩු වැඩි වීමක් මිසක් ඉර බහින්නෙම නෑ. රෑටත් එළියයි. ඉතින් පිටින් එන ඒ තත්වය නුපුරුදු කෙනෙකුට රෑට ඒ එළියත් එක්ක නිදාගන්න අමාරුයි. හැබැයි මේ කතාවේ නම් නින්ද නොයන්න හේතුව ඒක නෙවෙයි.

ඉතින් මේ ඇලස්කාවේ අපරාධ අඩු නගරයක තරුණ ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හමුවෙනවා. එහේ පොලීසියේ ඉල්ලීම අනුව ලොස් ඇන්ජලීස් වල ඉඳල පරීක්ෂක විල් ඩෝමර් හා හැප් එක්හාට් මේ ඉර නොබහින පළාතට යනවා ඒ පරීක්ෂණ සඳහා. මේ විල් ඩෝමර් කියන්නේ පොලීසියේ ඉන්න කීර්තිමත්ම දක්ෂ පරීක්ෂකයෙක්. හැබැයි ඔහුට විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් තියනවා වගේම ඔහුගේ පරීක්ෂණ සගයා වුණු හැප්, ඩෝමර් ට එරෙහිව කරුණු කියන්නත් ලෑස්තියි. ඉතින් මේකට එද්දිත් දෙන්න එච්චර හිත හොඳින් නෙවෙයි එන්නේ. මෙහේ පොලීසියේ ඉන්න එලී බර් කියන පරීක්ෂකවරිය ඩෝමර් ට ලොකු සැලකිල්ලක් තියන පුහුණුවේදී ඩෝමර් ගේ පරීක්ෂණ ගැනම හදාරපු කෙනෙක්.

ඉතින් කට්ටිය එකතුවෙලා සැකකාරයා අත්අඩංගුවට ගන්න කරපු මෙහෙයුමකදී ඔහු පොලිස් භටයෙකුට වෙඩි තියල පලා යනවා. ඝන මීදුම මැද්දේ පස්සෙන් එළවන ඩෝමර් ලාවට පෙනෙන ඡායවකට වෙඩි තියනවා. ළඟට ගිහින් බැලුවම ඒ අපරාධකාරයා නෙවෙයි, ඔහුගේ සගයා හැප්. ඉතින් තමන්ට එරෙහිව පරීක්ෂණයක් කෙරෙද්දී, ඒකට සාක්ෂි දෙන්න හිටපු කෙනෙක් මියගියාම සැකය කොහොමත් ඔහුට එල්ලවෙයි කියල හිතන ඩෝමර් ඒක පැනල ගිය අපරාධකාරයා පිටින් දාන්න හිතනවා.

හැබැයි ඉතින් වැරද්දක් කරපු කෙනෙකුට හෘද සාක්ෂිය සැනසිල්ලේ නිදාගන්න දෙන්නේ නෑ. වරද ගැන හිත හිත නිදි නැති රැයවල් ගෙවන්න වෙන්නේ. සමහර විට ඔය අල්ලන්න හදන අපරාධකාරයාගේ තත්වයත් ඒකමද දන්නේ නෑ නේ.

ඉතින් අන්තිමට මේක කොහොම විසඳෙයිද, ඩෝමර් ට සැනසිල්ලේ නිදාගන්න ලැබෙයිද කියල දැනගන්න ෆිල්ම් එක අරන් බලන්න කියල ආරාධනා කරනවා.

“හොඳ පොලිස් භටයෙකුට නින්ද යන්නේ නෑ ගැටළුව විසඳලා ඉවර නැති නිසා. නරක කෙනෙකුට නින්ද යන්නේ නෑ හෘද සාක්ෂිය ඉඩ නොදෙන නිසා”


මෙයට පෙර 2010-12-17 රොයිලි ප්‍රනාන්දු සොයුරා පලකල ලිපිය

Inception සහ The prestige සිංහල උපසිරැසි එක්කම බලපු අය අත උස්සන්න. ඒ චිත්‍රපට ගැන ආපහු මම කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ඒ චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු Christopher Nolan ගේම තවත් පට්ටම චිත්‍රපටයක් ඔන්න අද මම දෙනවා. ඔස්කාර් සම්මාන ලැබූ අති සම්මානනීය නළු නිලියන් වන Al Pacino, Robin Williams සහ Hilary Swank ගේ රංගනයෙන් හැඩ වුණු මේ චිත්‍රපටය පාඨක ඡන්ද 70,595 ක් ලබා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 ක අගයක් ලබා ගන්නට සමත් වෙලා තියනවා.

හිරු බැසයෑමක් නැති ඇලෙස්කාවේ කුඩා නගරයක සිදුවන මිනීමැරුමක් ගැන සෙවීමට ප්‍රධාන නගරයේ සිට ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් එනවා. මේ දෙදෙනා පරීක්ෂණය කරන අතරතුර එක් රහස් පරීක්ෂකයෙක් අතින් අත් වැරදීමකින් තම සගයාව මිය යනවා. තම කීර්තිය ගැන සිතා මෙය යට ගැසීමට අනික් රහස් පරීක්ෂකයා සූක්ෂමව ක්‍රියාකරන නමුත් ඒ නිසාම ඉතා විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට ඔහුට සිදුවෙනවා. ඇත්තෙන්ම ඒක එක් සිදුවීමකටත් වඩා බොහොම සංකීර්ණ තත්ව ගණනාවක් කිව්වොත් නිවැරදියි.

ඇත්තෙන්ම මිනිස් ජීවිතයක ඇති වෙන්න පුලුවන් බොහොම සාමාන්‍ය දෙයක් වෙන කීර්තිය හඹා යෑම, කීර්තිය ආරක්ෂාකර ගැනීමට දරණ වෑයම, එක බොරුවක් වහගන්න තවත් බොරු දාහක් කීම, වගේ අමුතුම කතා තේමාවක් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා. ඒත් Inception තරම්ම නම් බොන්න වෙන ප්‍රශ්නයක් මේකේ නෑ හොඳේ 😛 හැමෝම බාගෙන බලන්න කියලා ඉල්ලනවා. ආ දැන් අත් උස්සපු අය පහල දාන්නකෝ. 🙂

ප.ලි. දැන් එන්න එන්නම කමෙන්ට් අඩුවේගෙන යනවා. එක්කෝ මම දාන ලිපි හොඳ නෑ එහෙම නැතිනම් කට්ටියට මාව එපා වෙලා. තව දුරටත් කමෙන්ට් අඩු වෙනවනම් ඉතින් මටත් තීරණයක් ගන්න වෙනවෝ….. 🙁

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

11,764 downloadsDownload Insomnia-2002.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

11,764 downloadsDownload Subtitles49 KB

155 comments

  1. chamath

    ela saho onna baganna damma.ela thamath man kiya film ekk awath dala na hmmmmmmmm :( kamak na.ela onna meka baganna damma.thanks sahooo

  2. chamath

    saho meke mokadda warning ekak enwane
    mokadda me wenne ah?

  3. විජය

    Inception තමයි මගෙ ආසම film එක.ඔන්න ඉතින් මෙකත් බාන්න දානවා. බොහොම ස්තුතියි.

  4. Ranesh

    ela elaa

  5. Nipun

    හුරෙ! මම දෙත ඹන්න මමත් බානවා...............!

  6. chamila

    balamu... :P

  7. Nipun

    අයියො මම 5 නෙ! කමක් න.film ඒකට ස්තූතියි!

  8. Tharindu Chat

    එල එල රොයිලි අයියා!!! අපිනන් හැමදාම DL කරගෙන comment එකක් අනිවා දාගෙන යන්නේ...

    මේකත් පට්ට ෆිල්ම් එකක්.. බොහොම ස්තූතියි හොද කොපියක් හොයලා දුන්නට...

    ජයවේවා!!!!!!!!

  9. Tharindu Chat

    ලින්ක් එකේ පොඩි අවුලක් වගේ.... DL කරන්න බෑනෙ...

  10. අමල් ප්‍රසාද් සමරවීර

    මෙන්න රොයිලිට මල පැනලෝ!!!! බය වෙන්න එපා සහෝදරය... අපිට ඔයාව එපා වෙන්නැහැ එහෙම...අපි ඔයා එක්ක හැමදාමත් ඉන්නවා!!!!

  11. madusanka

    ONNA DAMMOOOOOOOOOOOOOOOOOOOOOO

  12. චින්තක

    onna apith banawa ,...

  13. sunanda

    saho banna beriyooooooo.link 1 pissu kelinooooooo..........

  14. චරිත

    පිස්සුද මචං. අපි හැමදාම උඹලත් එක්ක. ඉඳල හිටල comments අඩු උණාට ගණන් ගන්න එපා. ඒක නෙවෙයි පුලුවන් නම් Paranormal Activity 2 සිංහල Sub එක්ක දාන්නකෝ.

  15. චරිත

    මේක බාන්න බෑ. පොඩ්ඩක් බලන්න

  16. විකියා

    රොයිලි කියන එක සම්පූර්ණ ඇත්ත...අපිටත් එපා වෙනවා ඔහොම උනාම...වෙනදා නිකංම දුන්න ‍ෆිල්ම් එහෙකට තිබුන කමෙන්ට් දැන් සබ් දාපු එහෙකටත් නෑ...මම කලින් වතාවකත් මේ ගැන දෙතුන් පාරක් කිවුවා..බලෙන් කමෙන්ට් ගන්න අපට ඕනේ නෑ...ඒත් යුතුකමක් විදියට අපේ බයිස්කෝප් එකේ සහෝදර සහොදරියන් කරන කැපවීමට පොඩි හරි හයියක් කමෙන්ට් එකකින් දෙන්න...අපි ලබන සතුට එපමනයි....

    ~...කොහොම උනත් අද දීලා තියෙන බයිස්කෝප් එක සුපිරි...අනිවා බලන්න...~

  17. Rukshan Hanry

    Inception nam pattama film eka.. mekath ewage ekaknam aniwa banawa... thanks

  18. Kasun Dilshan

    comments අඩු උණාට ගණන් ගන්න එපා,api ogalatheka

  19. sunanda

    den nam link aka weda.onna ahenam bewoooooooo

  20. වා.මු. නිලන්ත පියසිරි

    අම්මො බය හිතුනා. පුදුම තර්ජනයක් නේ කරලා තියෙන්නේ. ඒක බලපු ගමන් වතුර බෝතලයක් විතර පෙව්නා. අනේ අපි නම් comments දානවා. අපි ගැන අනුකම්පා කරලා තීරණයක් නම් ගන්න එපා. මේක නම් බාන්න දානවා. ඒත් දැන් දැන් බයිස්කෝප් ගොඩ ගැහිලා. කවදා බලන්නද මන්දා. ඉස්සර වෙලාවක් ලැබුනහම බයිස්කෝප් එකක් බලනවා. දැන් වෙලාවක් ලැබුනහම උප සිරැසි දානවා. අනේ මන්දා. කොහොම වෙතත් අපිව බයිස්කෝප් ගැන දැනුවත් කළාට පිං.

  21. uda

    thanq, me tike weda godayi. passe balanawa.
    mehema ewa denawata hugak sthuthiyi.

  22. rajitha

    බාමු කෝ බලන්න

  23. සාගර

    මෙහෙමයි මචන් ෆිල්ම් එකකට සබ් දාලා තියනකොට තමයි මගේ නම් හරියටම ඈගට වදින්නේ.(මොකෝ මගේ ඉන්ගිරිසි දෑනුමත් ටිකක් මදි.)මම නම් බාන හෑම චිත්තර පට්යකටම පොඩි ප්‍රතිචාරයක් හරි දක්වනවාමයි. දහිරිය අප් මල්ලි... !!!සෑලේන්න එපා.

  24. Anonymous

    ane kawuru hari Saw 7 dennako.
    mama baawa eka cam copy ekak.

  25. gwsk

    thanks very much Roily aiya.. sinhala sub dana eka nawathwanna eppowwwww....

  26. විකියා

    @Anonymous : ඒ බයිස්කෝප් එකේ හොද කොපියක් තාම ඇවිත් නැහැ සහෝ....තාම කැම් කොපි විතරයි තියෙන්නේ....

  27. රොබින්හුඩ්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ...ඒක නෙවේ අර ප.ලි එකේ තියෙන විදියට අපෙන් ප.ලි ගන්නද හදන්නෙ ඔබතුමා :-D එහෙම එපා වෙනවද සහෝ...
    මම සියලුම බයිස්කෝප් රසිකයින්ගෙන් කාරුණිකව ඉල්ලනව අඩු ගානෙ එක වචනයක කොමෙන්ට් එකක්වත් දාල යන්න කියල ඉදිරියෙදි (English වලින් හරි කමක් නැහැ)

    ජය වේවා!

  28. Udaya

    digatama baiscope ekka api innawa. jayawewa.

  29. chanaka

    apinam hamadama comment dala thama banne
    thankx dunnata

  30. Anonymous

    අපි ඔයාලත් එක්ක හැමදාම ඉන්නව සහෝදරවරුනි.ඔන්න මමත් comment එකක් දැම්ම.අපිත් එක්ක තරහ වෙන්න එපා.අපි හැමදාම ඔයාලත් සමග ඉන්නව.
    ආය comment අඩුවෙන්නෙ නෑ.ඒ ගැන කල්පනාකරන්න එපා.

  31. navo

    Inception & The prestige fims dekama niyami.mekath e wage wenda ati kiyala hithanawa.
    tnx 4 da flm brother!

  32. Lakshitha

    Apinam aniwa comment ekak danawa.. Me wage film denakota kohomada comment ekak noda yanne... Jaya wewa...

  33. Kavia

    එල එල සහෝ එහෙම කමෙන්ට් අඩු වෙන්නෑ.............. දෑන්ම බානවෝ............ :)

  34. kaush

    ela!! thanx!!

  35. Kavia

    බය වෙන්න එපා දුක් වෙන්න එපා රොයිලි සහෝ අපි සෙට් එක බයිස්කෝප් එකට ෆුල් සප් එක දෙනවා.............. කික්ම තමයි.............

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    :) :) :) :) :) :)

  36. sama

    sinhala nti nisa amaru wai wage. sinhala sub dammanam top neda??????????? ehenam ehatath udin watinawa. meyage film balala terum ganna tawa kalayak inna ona

  37. $uvin

    Oooooohhhhh.. me danma baanawa man...

  38. Kasun.D

    Salenna epa digatama karagena yanna.
    film ekata thanx

  39. Prasanna

    Jaya wewa maxxa film eka

  40. Nirmal

    mamanam wena kaata nethath oyage posts walatanam comment karala misak baanne ne!!
    mokada mama dannawa ape Royli ayya dunnoth ithin maxxa movie ekak tamai kiyala.....
    n BTW thanx a lot for bringing this movie towards us bro!!
    jayaweeva Biascope!!!!

  41. (HBK)

    inception බලල බීල වෙරි හි‍ඳෙන්නත් කලින් තවත් ඒවගේ එකක් දීල. කමක් නෑ , මේකත් බාල බලනව.එතකොට ආයිත් බොන්න බැරියැ

  42. Sudu putha

    duk wenna epa ... epi digatama baiscopelk 1k ennawa...

  43. dinesh

    Ey machan Comment pasu pasa ochchara hambaa yanne,, LoL anyway nice work!!

  44. Akalanka Yapa

    බොහෝම ස්තුතියි ෆිල්ම් එකට......
    රොයිලි සහෝ කියන කතාවනම් සම්පුර්න ඇත්ත...
    කමෙන්ට් එක තමයි ලිපියක් දාන කෙනෙක් ලබන එකම සතුට..
    සමහරවෙලාවට අපිට සිංහල සබ් එකක් දාන්න සති ගානක් යනවා, එහෙම කරන්නෙත් අපේ සාමාන්‍ය ජීවිතේ වෙනත් වැඩත් කරන ගමන්.. සමහර වෙලාවට ගෙවල් වලින් වචනත් අහනවා කොම් එකේ එල්ලිලා ඉන්නවා කියලා.. එහෙම අමාරුවෙන් කරලා දාන ෆිල්ම් එක පබ්ලිශ් වෙනකම් බලාගෙන ඉන්නෙ ඔයාලගේ කමෙන්ට්ස් දකින්නමයි..
    ඉතිං මම මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ ෆිල්ම් එක බානවා වගේම තවත් තප්පර කීපයක් වෙන් කරලා කමෙන්ට් එකක් දාලායන්න කියලා....
    ඔයාලා ඔක්කෝටම ජය වේවා!!!!

  45. Iresh

    බොහෝම ස්තුතියි ෆිල්ම් එකට……

  46. Iresh

    api digatama baiscopelk 1k ennawa…

  47. radi

    hari hari api coment karanawane...
    duk wenna epa...

  48. kavindu

    karadarayak nathuwama torant 1 bagathta. thz kiwwa okkotama. jaya wewa.....

  49. ලැසී

    අද වැඩි කතා නෑ හෙට විභාගෙට IT තියෙන්නේ මෙන්න බෑවා
    ඔං ගියා!!!

    ජයවේවා !!!

  50. Ramraj

    අයියෝ ඔන්න මම නම් දෙනවා පරන ඒවටත් එක්ක කමෙන්ටි. මට නම් කමෙන්ටි දැමිමේ නැත්තං නිකං කෑවේ නෑ වගේ. හරියට නින්ද යන්නෙත් නෑ. මම ඉන්නවා කවුරු නැතත් කමෙන්ටි කරන්න.
    රොයිලියෝ බොහෝම ස්තූතියි ෆිලම් එකට. මේක තේරුනේ නැත්තං මම උබව හොයාගෙන එනවා. මට අර ප්‍රෙස්ටීජ් එකනම් සිංහලෙන් තිබිලත් තේරුනේ නෑ.

Load more comments