අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)උදයංග සම්පත්එළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 33 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ!

මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ නැත්තෙ. කොහොම නමුත් හැකි හැම මොහොතක්ම මේ සඳහා වැය කරල වැඩේ ඉවරයක් කරගන්න හැකි වුණා මේ වෙද්දි. කෙටියෙන් මතක් කරගමු කලින් සතියෙ වුණේ මොනවද කියල.

පසුගිය කොටසින්…

ඉතිං කට්ටියට මතක ඇති මාස්ටර්ගේ ඉල්ලීම අනුව බාජි සහ විඩෝ යනව අන්කාරා හොයාගෙන මුඩු බිමට. මේ වෙනකොට අන්කාරා හොයාගෙන සනී සහ නික්ස් පිටත් වෙලා ඉන්නෙ. කොහොමද අන්කාරාට බ්ලැක් ලෝටස්ලගෙ ලොකු ප්‍රහාරයක් එල්ල වෙලා දරුණු තුවාල ලබල ඉන්නකොට සනීල ඇයව හොයා ගන්නව. මෙතනදි සනී, අන්කාරගෙන් අහනව පිල්ග්‍රිම් නතර කරන්න ක්‍රමයක් කියන්න කියල. නමුත් ඇය උත්තර දුන්නෙ නෑ, ඒ වෙනුවට ඇයව බ්ලැක්වින්ඩ් වලට එක්කගෙන යන්න කියනව. බ්ලැක්වින්ඩ් වලට ආපු අන්කාරා එතනදි පැනගන්න හදනව, මේ අතරෙ බාජි එක්ක විඩෝ බ්ලැක්වින්ඩ් වලට එනව. එතකොට විඩෝ එක්ක සනී ලොකු සටනක් ගියත් ඒකෙන් විඩෝ ජය අරගෙන සනී එක්ක සමාදාන වුණා. ඊට පස්සෙ කාට්ටිය එක්ක අන්කාරා අල්ල ගන්නව.

ඊට පස්සෙ අන්කාරා අරගෙන එනකොට මගදි අන්කාරාට සිහි ඇවිත් වාහනේ විනාශ කරන්න හදන නිසා අන්කාරාව අඩපණ කරන්න බාජි යම් තැනක වාහනය නතර කරනව. එතනදි තමයි අන්කාරා විඩෝට යම් දර්ශනයක් මඟින් පෙන්නුම් කරන්නෙ, ගායස්, ටිල්ඩා දෙන්නට චාඕ වධ දෙන විදිය. ඒ නිසා විඩෝ, නික්ස් එක්ක පිටත් වෙලා යනව ඔවුන්ව බේර ගන්න. ඔන්න එතනදි තමයි චාඕ එක්ක ඇතිවෙන ලොකු සටනකින් විඩෝ චාඕගෙ බෙල්ල කපල එක සටනක් සදහටම ඉවර කරල දාන්නෙ. ඉතිං මෙතෙක් කතාව රසවත් කරපු චාඕ ඒ අනුව ඉරණම් ගමන් ගියා. එතන ඒ දේවල් වෙන අතරෙ අන්කාරා සනීලට කියනව එයාගෙ කාලය ඉවරයි බ්ලැක් ලෝටස්ල එයාගෙ පස්සෙන් මේ වෙන්කොට ලඟටම ඇවිල්ල ඉන්නෙ, ඒ නිසා පුළුවන් වෙලාවෙ සනී බාජි දෙන්නටම පැනගන්න කියල. ඒ වුණත් දෙන්නම එතන ඉන්නව පිල්ග්‍රිම් පාරද කරන්න ක්‍රමයක් අහගන්න ඕන නිසා. එතකොට තමයි අන්කාරා කියන්නෙ පිල්ග්‍රිම් පරාද කරන්න නම් සනිට එයාගෙ අක්‍රීය කරපු බලය නැවත ලබා ගන්න ඕනෙ කියල. නමුත් ඒ බලය සක්‍රීය කරන්න පුළුවන් එකම කෙනා තමයි සනීගෙ අක්ක කියල. නමුත් ඒ වෙනකොට සනීගෙ අක්ක මැරිල කියලත් අන්කාරා කියනව. කතාව අතරෙ බ්ලැක් ලෝටස්ල කඩා පාත් වෙනව. ඇවිල්ල අන්කාරා සහ බාජි දෙන්නගෙම හදවත් හරහා කඩු පහරවල් බස්සනව. එතනදි දෙන්නම මැරුණ. සනීව බ්ලැක් ලෝටස්ල පැහැර ගන්නව.

අද කොටසින්…

එදා මම කිව්ව වගේ ඇත්තටම බාජි මැරෙනව. හිතට ටිකක් අවුල් නම් තමයි. නමුත් අන්කාරා එදා එකපාරම මැරුණෙ නෑ. අන්කාරා අද කොටසෙත් පණ පිටින් බලාගන්න පුළුවන්. මේ අතරෙ සනීව පැහැරගෙන ගියපු බ්ලැක් ලෝටස්ල සනීව පාවිච්චි කරන්න හදන්නෙ පිල්ග්‍රිම්ට එරෙහිව් සටන් කරන්න. ඒකට ඔවුන් ලඟ හොඳ බලවත් සැලැස්මක් තියෙනව. ඒ වගේම සනීට ඇස් අදහා ගන්න බැරි කෙනෙකුත් මෙතනදි මුණ ගැහෙනව. මේ හමුවීම නිසා මෙතෙක් නිකං ලාංඡනයක් විදියට දකපු අස්‍රාව අද අපිට ජීවමානව දැකගන්න අවස්ථාවක් ලැබෙනව. මට මතක විදියට නම් මේක තමයි අස්‍රාවේ පෙන්වන පළවෙනිම අවස්ථාව වෙන්නෙ. කොහොමහරි විඩෝ, චාඕගෙ ප්‍රශ්නෙ විසඳල ආරාමය පැත්තට එනව. විඩෝ එන්න කලින් ආරාමය ඇතුළෙ ලොකු කලබැගෑනියක් වෙනව. M.K එක්ක මටනම් ඉතිං මාර තරහක් එන්නෙ M.K කරන වැඩ නිසා. අදත් ඇස් අදහාගන්න බැරි දෙයක් වෙන්ව ආරාමය ඇතුළෙ. ඒ නිසාම අදත් එක් චරිතයකට සමුදෙන්න වෙනව අපිට. ඉතිං කෙළවරක් නැති මිනී කන්දක් උඩින් මේ ගමන් කොතනකින් කෙළවර වේවිද? ඉතාම ඉක්මනට අපිට ඒක බලාගන්න හැකි වේවි. ගිහින් එන්නම්, ජය වේවා…!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

57 thoughts on “Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]

  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • Vihanga sathsara

    thanks machi

    Reply
  • sanjayaSKD95

    14 sub eka diyan brooo ikmanatama..

    Reply
  • udagedara

    Dan 14 avilla godak kal sub eka den nadda bro

    Reply
  • 1998_dulaj

    14 sub eka kawadda danne bn

    Reply
  • Dhananjayab

    Thanks bro. 14ath damu…

    Reply
  • chamika deemantha

    Bro elaga ekath ava ekmanata sub eka danna

    Reply
  • Lalitha Bandara

    14 ත් ඇවිල්ලා

    Reply
    • prabuddha01

      14 awilla.man download kara.1337x eken.ekatath sub one ikmanata.

      Reply
  • ThusharaIndunilRathnayaka

    ela…! sub ekata thanks….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…….! good job..!

    Reply
  • DilanDilshan

    thankz saho..jaya wewa..

    Reply
  • elm elm
    14 awata tama copiyak ne ned?

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      14 එපිය එන්නෙ 22 නේද? දන්න තරමට ඒක නිකුත් වෙලා නෑ.

      Reply
      • kik_punch

        google eke tynne 13/14 dekama 1 dawase anawa kyl.
        a unata tama copiyak ne.

        Reply
  • madurangha

    tnx bro.. to all episode

    Reply
  • Dilshan Kelum

    THanks sub ekta…

    Reply
  • Nuwan-milinda

    Thanks Thanks Thanks saho

    Reply
  • Tharindu07

    Thanks machoo sub set 1katama…., good work….

    Reply
  • Sub ekata tnx mcn. 14 ikmanata dhenda.

    Reply
  • sub ekata tnx bn ohoma yamu elama

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro. Suba enakan bln hitiye

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • Tharindu Madushan 96

    thank udayanga saho . the expanse tv show eketh sub denna puluwannam

    Reply
  • Enakan balan hitiye.thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *