අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jailer (2023) Sinhala Subtitles | කොටියාගේ නියෝගය! [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 122 votes.
Please wait...


UPDATE -> Amazon WEBRIP (Original)

ඒයි, මෙහේ මම තමයි රජා. මම පනවන දේ තමයි නීතිය. ඒ නීති මට හිතෙන හැටියට
සැරින් සැරේට මාරු කරනවා. ඒවා හනි හනිකට කියවලා අනුගමනය කරන්න ඕන.

මුත්තු සාමාන්‍ය ජීවිතයක් ගත කරන විශ්‍රාම ගිය් ජේලර් වරයෙක්. මුත්තු එයාගේ පවුල වුණ බිරිඳ, පුතා, ලේලිය හා මුනුබුරා එක්ක සතුටින් ජීවිතය ගත කරා. මෙහෙම ඉද්දි එයාගේ පුතා වුණ සහකාර කොමසාරිස් අර්ජුන්, පිළිම ජාවාරම් කල්ලියකට අහුවෙනවා. දින ගණනාවක් යනතුරු අර්ජුන් ගැන කිසිම විස්තරයක් දැනගන්න බැරි වුණා. ඉන් එහාට නිවැරදි තොරතුරක් ලැබුණෙ නැති නිසා මුත්තු තනිවම අර්ජුන්ට සිද්ද වුණ දේ හොයාගෙන යනවා. ඒ අනුව එම කල්ලිය අර්ජුන් මරා දමා ඇති බවට මුත්තුට දැනගන්න ලැබෙනවා. ඒ බව දැනගත් මහළු මුත්තු වැලපෙමින් නිවෙසට වෙලා හිටියේ නැහැ. තමන්ගේ පුතාව මරා දැමූ ඝාතකයාව සොයා ගොසින් මරා දමනවා. මේ මරණයෙන් මුත්තුගේ හිත නිදහස් වේවි කියලා බලාපොරොත්තු වුණත්, තත්වය බරපතළ වෙන්න ගත්තේ එතකොටයි. දිනක් පිළිම ජාවාරම් කරුවන් මුත්තුගේ මුනුබුරා රිත්වික් මරන්නට තැත් කරනවා. මුත්තු රිත්වික්ව බේරාගත්තත්, එම කල්ලියේ ප්‍රධානියා වර්මන් මුත්තුගේ මුළු පවුලම මරා දමන බවට තර්ජනය කරනවා. දිගින් දිගටම තමන්ගේ මිනිස්සුන්ව එවන බවත් කියනවා. මුත්තු තමන්ගේ පවුලේ අයට කිසිදු කරදරයක් නොකරන ලෙස ඉල්ලමින් වර්මන්ගෙන් සමාව අයදිනවා. වර්මන් ඒ කිසි දෙයකට අනුකම්පාවක් දැක්වූවේ නැහැ. ඒ අනුව මුත්තු, මේ වර්මන්ගේ කල්ලියෙන් ගැලවෙන්න සැලැසුමක් ක්‍රියාත්මක කරනවා. මුත්තු මිතුරෙකුගේ උපකාර ඇතිව වර්මන් ජාවාරම් කරන පිළිමයක් අත්පත් කරගන්නවා. මේ පිළිමය මාර්ගයෙන් වර්මන්ව බ්ලැක්මේල් කර මුත්තුගේ පවුල ආරක්ෂා කර ගන්නවා. පිළිම ජාවාරම ඉදිරියට සිද්ද වන ආකාරය ගැන තොරතුරු දැනගන්න මුත්තු, තමන්ගේ පවුලට කරදරයක් කරොත් ඒ පිළිම ද ලබා ගන්නා බවට අවවාද කරමින් වර්මන් සමඟ සම්මුතියකට එළඹෙනවා. වර්මන්ද ඒ කොන්දේසි වලට එකඟ වී තවදුරටත් ඔවුන් දෙදෙනාම අනෙකාගේ වැඩකටයුතු වලට හරස් වෙන්නේ නැති බවට එකඟ වෙමින් පිටව යනවා. ඒත් මුත්තු වර්මන්ව තඹ දොයිතුවකට විශ්වාස කරේ නැහැ. ඊට දින කිහිපයක් ගත වෙන්නටත් පෙරම වර්මන් මුත්තුගේ පවුල කපා කොටා මරා දමන්න දරුණු මැර කල්ලියක් මුත්තුගේ නිවෙසට පිටත් කර හරිනවා.

මේ ඉ.රු. කෝටි 600 පසුකළ ආදායමක් උපයා ගත් රජිණිකාන්ත්ගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ශංකර් නම් නෙවෙයි. කොලිවුඩයේ වෙනත් සුපිරි අධ්‍යක්ෂක වරයෙකුත් නෙවෙයි, සාමාන්‍ය අධ්‍යක්ෂකවරයෙක්. Kolamavu Kokila (2018), Doctor (2021), Beast (2022) වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ නෙල්සන් දිලිප් කුමාර්. අධ්‍යක්ෂණය පමණක් නෙවෙයි මෙහි කතාවද රචනා කර තිබෙන්නේ ඔහුමයි. ආරම්භයේ සිටම වැඩි උනන්දුවට ලක් නොවුණ චිත්‍රපටයක්. ඒ විතරක් නෙවෙයි ජේලර් නිකුත් වන්නට මාසයකට පෙර කොලිවුඩ් කර්මාන්තයේම කතාබහ වුණේ 2022 වර්ෂයේ Vikram (2022) නමින් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලබා දුන් ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරන පැමිණීමට නියමිත Leo (2023) චිත්‍රපටිය ගැනයි. Leo චිත්‍රපටය ලෝකේෂ් සිනමා විශ්වයට(LCU) අයත්ද යන්න ගැන බහුතරයක් මත ඉදිරිපත් කරමින් 2023 වසරේ මීට වඩා දැවැන්ත චිත්‍රපටයක් තවත් නැහැ කියන අදහසින් සිටියා. වෙනත් කර්මාන්ත වල නළු නිළියන් Thalaivar 169 ව්‍යාපෘතියට ඇතුලු වෙද්දී යම් තරමක් කතා බහක් ඇති වෙන්න ගත්තත් නෙල්සන්ගේ චිත්‍රපටියක් කෝටි 600ක් උපයා ගනීවි කියලා කිසි කෙනෙක් විහිළුවට වත් හිතන්නෙ නැති වාතාවරණයක් තමයි තිබුණේ. කොහොමහරි ජුලි 6වැනිදා ජේලර් චිත්‍රපටයේ Kaavaalaa නම් ගීතය යූටියුබ් වෙතට මුදා හරිනවා. ඊට පස්සෙදි නම් බලන බලන තැන කාවාලා කාවලා. හෙමින් හෙමින් චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු සිද්ද වෙද්දී ජුලි 28 වනදා සංගීතය එළිදැක්ම පවත්වනවා. එය චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට මහත් පිටුවහලක් වනවා. ඒ ඇරෙන්නට චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු මහා පරිමාණයෙන් සිදු කෙරුණේ නැහැ. අවසානයේ චිත්‍රපටයේ Showcase වීඩියෝව, එහෙම නැත්නම් ට්‍රේලරය මිලියන 20ක් වගේ සැළකිය නොහැකි තරමේ යූටියුබ් නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා තිබුණා. ඒත් අගෝස්තු 10 නිකුත් වුණ මේ චිත්‍රපටිය නිකුත් වූ දිනම අති දැවැන්ත ලෙසින් ඉ.රු. කෝටි 100 පසුකල ආදායමක් වාර්ථා කරනවා.

සන් පික්චර්ස් විසින් මේ ජේලර් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. සන් පික්චර්ස් චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වන්නේ රජිණිගේ Enthiran (2010) චිත්‍රපටයෙන්. ඒ වගේම රජිණිගේ Petta (2019), Annaatthe (2021) චිත්‍රපට දෙක ද ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් රජිණිගේ චිත්‍රපට 4ක්ම් නිෂ්පාදනය කර තිබෙනවා. අන්නාතේ ආදායම් වශයෙන් රජිණිගේ කලින් චිත්‍රපට තරම් සාර්ථකත්වයක් අත් කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් හිට් එකක් වුණත් සෘණාත්මක ප්‍රතිචාර නිසාවෙන් ප්‍රේක්ෂකයින් කලකිරීමට පත්වුණා. අන්නාතේ තිරගත වී බොහෝ කලක් යනතුරුත් රජිණි ඊලඟ ව්‍යාපෘතියට අතගැසීමට ප්‍රමාද කළා. ඊට හේතුව අධ්‍යක්ෂකවරුන් ගෙන්වා ඔවුන්ගේ කතා ඇසීමේදී ඒවා Bassha (1995), Annamalai (1992) වැනි ආකාරයේ කතාවක් සහිත චිත්‍රපටි හා අධි වියදම් චිත්‍රපට වීමයි. ඔහු බොහෝ කතා ප්‍රතික්ෂේප කිරීම නිසා කතා ඇසීමද නතර කරනු ලැබුවා. කෙසේ හෝ නිළ නොවන ආරංචි මාර්ගයෙන් නෙල්සන්ගේ කතාවට රජිණි කැමැත්ත ප්‍රකාෂ කළ බව දැනගන්න ලැබුණා. බීස්ට් චිත්‍රපටය රූගත කිරීම් සිදු කෙරෙන අතරවාරයේ රජිණිට කතාවක් කියන්න කියලා විජයි නෙල්සන්ට නිර්දේශ කරනවා. නෙල්සන්ගේ කතාවට රජිණි කැමැත්ත පළ කරනවා. ඒ අනුව මේ Thalaivar 169 ව්‍යාපෘතිය 2022 වසරේ පෙබරවාරි මස 10 වනදා නිළ වශයෙන් වීඩියෝවක් නිකුත් කරමින් නිවේදනය කරනවා. එසේ මෙසේ Announcement වීඩියෝවක් නෙවෙයි, නෙල්සන් අනිරුද් එක්ක රජිණිද ඊට පෙනී සිටිමින් රූගත කළ වීඩියෝවක්. කොලිවුඩයේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් නැරඹූ Announcement වීඩියෝවද එයයි. බීස්ට් චිත්‍රපටයට විවිධ සෘණාත්මක ප්‍රතිචාර හිමි වෙද්දි රජිණිකාන්ත්ගේ සමීපතමයින් හා සිනමාශාලා හිමිකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂකවරයා වෙනස් කරන ලෙසට අවවාද කරන්නට වුණා. කොහොම වුණත් සන් පික්චර්ස් ආයතනය තමන්ට බීස්ට් චිත්‍රපටයෙන් පාඩු නොලැබූ බවට වාර්ථා පෙන්වනවා. කොහොම වුණත් රජිණි නෙල්සන් පිළිබඳව විශ්වාසය තබා ව්‍යාපෘතියට එකඟ වෙනවා.

නෙල්සන්ගේ සාර්ථකත්වයේ ගමන ඉතා කටුකයි. ඔහුගේ පළමු ව්‍යාපෘතිය වූ සිම්බු ප්‍රධාන නළුවා ලෙසින් ආරම්භ කළ Vettai Mannan ව්‍යාපෘතිය ව්‍යර්ථ වී යනවා. ඉන් පසුව ඔහු රූපවාහිනී නාළිකාවක සේවය කරනවා. පසුව නයන්තාරා යොදා කෝලමාවු කෝකිලා චිත්‍රපටය නිර්මාණය කරනවා. නිකුත් වීමෙන් අනතුරුව නෙල්සන්ට බොහෝ පැසසුම් හිමි වුණා. ඉන් පසු ශිවකාර්තිකේයන් සමඟින් එක්ව ඩොක්ටර් චිත්‍රපටය ලබා දෙනවා. ඊට ද බොහෝ පැසසුම් හිමි වෙනවා. කෝලමාවු කෝකිලා, ඩොක්ටර් වගේ අද්විතීය Dark Humor චිත්‍රපට දෙකක් දුන්න මේ අධ්‍යක්ෂකවරයාව බීස්ට් චිත්‍රපටයෙන් පසුව කකුලේ පෑගෙන දුහුවිල්ලක් තරම් සළකමින් අගෞරවට පත් කරන්නට ගත්තා. විශේෂයෙන්ම Beast චිත්‍රපටයේ නිමාව අදායම් වශයෙන් වගේම ප්‍රතිචාර වශයෙන්ද විශාල ලෙසින් බලපෑමට ලක් වුණා. බීස්ට් චිත්‍රපටයේ අවසන් ජවනිකාව ජ්‍යාත්‍යන්තර මට්ටමින් Troll කරන්නට ගත්තා. Meme පැතිරෙන්න වුණා. බහුතරයක් විජයි රසිකයින් නෙල්සන්ට වෛර කරමින් නෙල්සන්ගේ පළු අරිමින් බැන වදින්නට වුණා. ඒත් පසුගිය වසරේ ආනාන්ද විකටන් සම්මාන උළෙල අවස්ථාවට ප්‍රවේශ වන අවස්ථාවේදී නෙල්සන්ව අවමානයට ලක් කිරීම කිරීම කැපී පෙණුනා. මේ සිද්දියේ වීඩියෝවක් පැතිරීමත් සමඟ බොහෝ අයගේ කතා බහට ලක් වුණා. ඉන් බීස්ට් අසාර්ථක වීමෙන් ඔහුට වෛර කළ ඇතැම් අයද අනුකම්පා කරන්නට වුණා. පෙර අත්දැකීම් නිසාම Thalaivar 169 ලෙසින් හැඳින්වුව මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඉතාමත් අවබෝධයෙන් ද, ඇතැම් ජවනිකා අවස්ථා හිතට එකඟ නොවීම නිසා නැවත නැවතත් රූගත කරන බවත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඒ වගේම රූගත කිරීම් හා සම්බන්ධ කිසිදු තොරතුරක් පිට නොවන ලෙසට වගබලා ගත්තා.


“සර් ඔයා ඔහොම දිගටම යන්න.”

ජේලර් මේ වසරේ අගෝස්තු මස 10 දා නිකුත් කෙරෙන බවට නිවේදනය කරද්දී ශිවකාර්තිකේයන්ගේ Maaveeran (2023) චිත්‍රපටය අගෝස්තු මස 11 දා නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව මාවීරන් ජුලි 14 දිනය වෙන්කර ගන්නවා. ඒ වගේම අගෝස්තු 10 දින Jailer නම් මළයාලම් චිත්‍රපටයක්ද නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව එහි දිනය අගෝස්තු 18 දක්වා කල් දමනවා. අන්නාතේ චිත්‍රපටයට පසුව රජිණිගේ චිත්‍රපටයක් නිකුත් වන්නේ හරියටම දින 644කට පසුවයි. ඒ කියන්නේ ආසන්නව අවුරුදු දෙකක් පමණ කාලයක්. පෞද්ගලික ආයතන කිහිපයකින්ම ජේලර් නැරඹීමට නිවාඩු ද, නොමිලේ ටිකට් පත් ද ලබා දෙනු ලැබුවා. මීට පෙර කබාලි චිත්‍රපටය නිකුත් වූ දිනවල කබාලි නැරඹීමට බොහෝ ආයතන සේවකයින්ට නිවාඩු හා නොමිලේ ටිකට්පත් ලබා දී තිබුණා.

මෙහි රජිණිකාන්ත්, මෝහන් ලාල්, ශිව රාජ්කුමාර්, ජැකී ෂෙරොෆ්, රම්‍යා ක්‍රිෂ්ණන්, වසන්ත් රවී, යෝගි බාබු, සරවණන්, සුනිල් වර්මා, සුනිල් රෙඩ්ඩි, ජී. මාරිමුත්තු ආදී නළු නිළි රැසක්ම රඟපානවා. මෝහන් ලාල්, ශිව රාජ්කුමාර්, සුනිල් වර්මා, ක්‍රිෂෝර්, තමන්නා සුළු කොටස් කීපයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. වසර 24කට පසුව මෙහි රම්‍යා ක්‍රිෂ්ණන් රජිණිකාන්ත් සමඟින් ප්‍රධාන චරිතයක රඟනවා. රම්‍යා එදා මෙදාතුර සිනමාවේ හොඳම දුෂ්ඨිය, නීලාම්බරී චරිතය Padayappa (1999) චිත්‍රපටයෙන් රඟ දක්වනවා. බොහෝ චිත්‍රපටවල දුෂ්ඨියන්ට ආභාෂය ලබාගෙන තිබෙන්නේ මේ නීලාම්බරීගෙන්. වරෙක රජිණි ප්‍රසිද්ධ වේදිකාවේම සඳහන් කර තිබෙනවා, සිනමාවේදී ඔහුව අභිබවා ගියේ චරිත දෙකක් පමණයි. එක් චරිතයක් මාර්ක් ඇන්ටනි, අනෙක් චරිතය නීලාම්බරී. කොහොම වුණත් ඇය Baba (2002) චිත්‍රපටයේ සුළු කොටසක් වෙනුවෙන් පෙනී සිටිනවා. මෝහන් ලාල් හා සිවරාජ් කුමාර් රජිණි සමඟින් තිරයේ දකින්නට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි. එකළ අමිතාබ්, රජිණි, කමල් වගේ දැවැන්තයින් එකට රඟපානවා දකින්නට ලැබුණා. ඒත් මේ කාලයේ දැවැන්ත තරු එකම චිත්‍රපටයකදී දැකීමට ලැබෙන්නේම නැහැ. බොහෝ දුරට එය ප්‍රායෝගිකවව අසීරු කාර්යයක්. ඇත්තටම බීස්ට් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී එම ස්ථානයට පැමිණෙන ශිව රාජ්කුමාර් දකින නෙල්සන් මවිත වී සැබෑවටම ඔහුගේ ගමන මැරවරයෙකු වැනියි කියා තිබෙනවා. ඒ අනුව ඔහුව මීට සම්බන්ධ කර ගන්නට බලවත් උනන්දුවක් ඇතිව තිබෙනවා. ඒ ආකාරයට ශිව රාජ්කුමාර් මීට එකතු වනවා. ඒ වගේම ඔහු මේ චිත්‍රපටයෙන් දෙමළ සිනමාවේ තම ප්‍රවේශය සටහන් කරනවා. ශ්‍රේෂ්ඨ කන්නඩ නළු ආචාර්‍ය රාජ්කුමාර්ගේ පවුල හා රජිණිකාන්ත් අතර වඩාත් සමීප සබඳතාවයක් වසර ගණනාවක ඉඳන්ම පැවතුණා. කොහොම වුණත් මේ චිත්‍රපටයට සම්බන්ධ වූ සැවොම කතාව මොකක්ද කියා නොවිමසා, රජිණිකාන්ත් කියන නම වෙනුවෙන් පමණක් සම්බන්ධ වූ බවත් නෙල්සන් කීවා. ශිව රාජ්කුමාර්ගේ මීලඟ චිත්‍රපටය Ghost (2023) ඔක්තෝබර් මස 19 දින නිකුත් කෙරෙනවා. ධනුෂ්ගේ Captain Miller චිත්‍රපටයේ ශිව රාජ්කුමාර් මිලර්ගේ අයියායේ චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් මලයාලම් සිනමාවෙන් විනායකන් යොදාගන්නවා. පෙරදී මේ වෙනුවෙන් වෙනත් නළුවෙක්ම තෝරා ගන්නට සිතුවත් පසුව මොලිවුඩයේ විනායකන්ව සම්බන්ධ කරගන්නවා. විනායකන් අද්විතීය කුසලතාවයෙන් කොලිවුඩයේ තවත් බලවත් දුෂ්ඨ චරිතයක් බිහි කරනවා. ආදේශක නැහැ, වර්මන් නම් විනායකන්ම තමයි කියලා ඔහු තහවුරු කරලා ඉවරයි. විනායකන් කියන ආකාරයට නම් මීට කලින් වර්මන්ගේ චරිතය වෙනුවෙන් පළමුව තෝරාගෙන තිබිලා තියෙන්නෙ මාමුට්ටිව. විනායකන් Thimiru (2006), Kalai (2008), Mariyan (2013) වගේ දෙමළ චිත්‍රපට කිහිපයකට මීට පෙරදී සම්බන්ධ වෙලා තියෙනවා. විනායකන් ජේලර් චිත්‍රපටයට සම්බන්ධ වන්නට පෙර වික්‍රම්ගේ Dhruva Natchathiram චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් සම්බන්ධ වී තිබෙනවා. එහි විනායකන් දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වන බවට පැවසෙනවා. Captain Miller චිත්‍රපටියේත් යම් චරිතයක් ඉදිරිපත් කරන බවට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. වර්මන්ගේ සම්ප්‍රාප්තියත් එක්ක ඉදිරියේදි කොලිවුඩයේ තවත් චිත්‍රපට වලදී විනායකන්ව දකින්න ලැබේවි කියලා අනුමාන කරනවා. ජේලර් මේ වසරේදී නිකුත්වන මෝහන් ලාල්ගේ දෙවන චිත්‍රපටය වගේම මාස 7කට පසුව තමයි ඔහුව නැවතත් චිත්‍රපටයකදී දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් නම් වසරකට ලාලේට්ටන්ගේ චිත්‍රපට 4ක් හෝ නිකුත් වෙනවා. ඒ හැරෙන්නට Malaikottai Valiban චිත්‍රපටය මේ වසරේ නත්තල් උත්සවය සමඟාමීව නිකුත් කෙරෙනවා. Sivaji : The Boss (2007) චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් මෝහන් ලාල්ට ඇරයුම් කළ අවස්ථාවේ ඔහු ඊට එකඟ වී තිබුණත් රූගත කිරීම් සඳහා විශාල වශයෙන් දින ඉල්ලා සිටීම නිසා එය ප්‍රතික්ෂේප කරන්න සිද්ද වෙනවා. රජිණි Uththar Dakshin (1987) හින්දි චිත්‍රපටයේ ජැකී ෂෙරොෆ් සමඟින් එක්ව රඟපෑවා. ඉන් පසුව ඔවුන් යළිත් එකට රඟපාන්නේ මේ චිත්‍රපටයේදි බවයි සඳහන් වෙන්නේ. ඒත් Kochchadaiyan (2014) 3D චිත්‍රපටයේ ජැකී දුෂ්ඨ චරිතයක් රඟ දක්වනවා. ජේලර් හි ජැකී ෂෙරොෆ්ට ලබා දුන් චරිතය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ. ජැකී, නෙල්සන්ට ස්කූටර් රථයක් තෑගි කර තිබෙනවා. නෙල්සන්ගේ මේ චිත්‍රපට හතර පුරාවටම නෙල්සන් සමඟින්ම ගමන් කරන චරිත දෙකක් නම් යෝගි බාබු සහ රෙඩින් කින්ග්ස්ලි. කෝලමාවු කෝකිලා චිත්‍රපටයේ සිට ජේලර් දක්වාම ඔවුන් දෙදෙනා විවිධ චරිත ඉදිරිපත් කළා. ඒ හැරෙන්නට ඩොක්ටර් චිත්‍රපටයෙන් සම්බන්ධ වූ සුනිල් රෙඩ්ඩි, බීස්ට් චිත්‍රපටයෙන් සම්බන්ධ වූ VTV ගනේෂ් යන දෙදෙනාත් මෙහි චරිත ඉදිරිපත් කරනවා. මීට අමතරව ටොලිවුඩයෙන් නන්දමූරි බාලක්‍රිෂ්ණාව මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතය වෙනුවෙන් සම්බන්ධ කරගැනීමට නෙල්සන් සිතුවත් පසුව එම චරිතය එතරම් බලවත් එකක් නොවන නිසා නෙල්සන් අදහස වෙනස් කරගන්නවා. ජාෆර් සාදික්, නෙල්සන්ගේ කලින් චිත්‍රපටවලට සම්බන්ධ වන්නට හිටියත් විවිධ හේතූන් නිසා එම අවස්ථාවන් මඟහැරී යනවා. Vikram, වෙන්දු තනින්දදු කාඩු (2022) චිත්‍රපටවලදී ඔහුගේ උද්වේගකර රඟපෑමක් දකින්න ලැබුණා. කොහොම හරි ජේලර් චිත්‍රපටියට බලපෑමක් ඇති කරපු කළු කණ්ණාඩි කූට්ටම දැන් තියෙන්නෙ ජාෆර්ගේ ළඟ. මෙහි ධනරාජ් චරිතය රඟපාන නළුවා මීට පෙරදී ඩොක්ටර් චිත්‍රපටයේ කොටස් කිහිපයකට පෙනී සිටියා.

රොක්ස්ටාර් අනිරුද් මීට සංගීතය සපයනවා. ඔහු රජිණිකාන්ත්ගේ චිත්‍රපටයකට සංගීතය අධ්‍යක්ෂණයෙන් සහභාගී වන තුන්වන අවස්ථාව. මීට පෙර Petta (2019), Darbar (2020) චිත්‍රපට වලට සංගීතය සැපයුවා වගේම ඉදිරියේදි Thalaivar 170, Thalaivar 171 චිත්‍රපටවලටත් සම්බන්ධ වනවා. තමන්නා පෙනී සිටින Kaavaalaa ගීතය යූටියුබ් වෙතට නිකුත්කර දින 12ක කාලයකදී ‍නැරඹුම් වාර මිලියන 50 පසු කළා. එය 2023 වසරේ කොලිවුඩයේ වේගවත්ම යූටියුබ් නැරඹුම් වාර මිලියන 50 පසුකළ Lyrical වීඩියෝ වාර්ථාවක්. ඒ වගේම මාසයක් යන්නටත් කලින් මිලියන නැරඹුම් වාර මිලියන 100 පසු කරනවා. යූටියුබ් ෂෝර්ට්ස් මිලියනය ද පසු කරනවා. මේ කාවාලා ගීතය අරුන්රාජා කාමරාජ් රචනා කරනවා. ඔහු කබාලි චිත්‍රපටයේ “නෙරුප්පු ඩා” ගීතය රචනා කර ගායනා කරා. තවද ඔහු කාලා, දර්බාර් චිත්‍රපටවලට ගීත රචනා කර තිබෙනවා. ජුලි මස 17 දා මෙහි Hukum ගීතය නිකුත් කරනවා. Hukum සහ Jujubee ගීත තලෛවර්ගේ දැවැන්ත රසිකයෙකු වන සුපර් සුබ්බු විසින් රචනා කරනු ලැබුවා. Hukum ගීතයත් එක්ක ඔහු වඩාත් ප්‍රසිද්ධියක් හිමිකර ගත්තා. සුපර් සුබ්බු Time Enna Boss (2020) වෙබ් කතා මාලාව හා Suttu Kadhai (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා. Hukum ගීතය ඔහු පැය 2ක් ඇතුලත රචනා කර තිබෙනවා. ඒ වගේම හුකුම් ගීතයේ පද රචනාව සමාජමාධ්‍යයේ මතභේදයට ලක් වුණා. පසුගිය කාලයේදී අන්නාතේ, දර්බාර් චිත්‍රපට රජිණිගේ පෙර චිත්‍රපට මෙන් ආදායම් වශයෙන් ක්‍රියා නොකළ නිසාවෙන් ‘රජිණි ඉවරයි, ඊලඟ සුපර් ස්ටාර් විජයි. රජිණිට විශ්‍රාම යන්න කියන්න’ ආදී ප්‍රකාෂ හුවමාරු වෙන්න ගත්තා. විශේෂයෙන්ම Varisu (2023) චිත්‍රපටයේ සංගීතය එළිදැක්ම අවස්ථාවේ එයට සහභාගී වූ විවිධ පාර්ශවයන් විජයිව උසස් කොට කතා කිරීමට මතභේදාත්මක ප්‍රකාශ එල්ල කළා. ඉන් පසු විජයිගේ රසිකයින් ද එය අනුගමනය කරමින් තමන්ගේ වීරයා උසස් කර පෙන්වීමේ අදහසින් රජිණි රසිකයින් වගේම අනෙකුත් නළුවන්ගේ රසිකයින් කුපිත කරවන අදහස් හුවමාරු කරන්නට වුණා. දිගින් දිගටම අපහාස කිරීම් ආදිය සිදු වුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත තලෛවර් වෙරියන් කෙනෙක් වුණ සුපර් සුබ්බු ඊට ගැලපෙන ආකාරයටම ගීතය රචනා කරලා තියෙනවා. හුකුම් ගීතයේ පදපේලි ඇහෙද්දී අදාල රොත්ත බුරුත්තටම කන්වල ඇඟිලි ගහගන්නම කියන්න ඕන දේ කෙලින්ම කියලා තිබුණා.

ක්‍රියාපටිපාටිය බිඳ දැමූ ස්ථාවර වූ කෙනා
සිනමාවේ දිනන්න පුළුවන් සුදු, කොණ්ඩ කැරළි නළුවන්ට විතරයි කියන මතය බිඳ දැමුවේ රජිණි.
පරම්පරා පසුකර යන හිට් එකක් වුණ කෙනා
1980 – 2020 දක්වා පරම්පරා 5ක් යන තුරු ඒ ඒ පරම්පරාවල නළුවන් කොපමණ ආවත් තවමත් කොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන වීරයා.
දුප්පතාගේ හිතට ගැලපුණු කෙනා
රජිණි දුප්පතුන්ගේ හිතේ නිරන්තරයෙන් රැඳෙන වීරයෙක්.
අවසානයේදී දිනන්න සුදුසුම කෙනා

වැදගත්ම දේ මේ ගීතය ගායනා කරන්නේ අනිරුද්. විජයිගේ ඊලඟ චිත්‍රපටය ලියෝ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේද අනිරුද් විසින්මයි. ජුජුබි ගීතය අපේ ආදරණීය “කම්බිලි පූචි තංගච්චි” දී විසින් ගායනා කරනවා. Spotify තුල ජේලර් සංගීත ඇල්බමය දින 31ක් තුලදී වඩාත් වේගවත්ම Streams මිලියන 100 සනිටුහන් කළ දකුණු ඉන්දියානු සංගීත ඇල්බමය බවට පත් වෙනවා. නව පරපුරේ නළුවන් අන්තර්ජාලයේ රජ කරන සමයක තලෛවර්ට අනුව නම් සමාජමාධ්‍යය කියන පුංචි තාප්පයෙන් එබී බලන්න, සැබෑම යථාර්ථය පෙනේවි. මොකද සිනමා කර්මාන්තය රැකෙන්න නම් නිෂ්පාදකවරුන්ට, සිනමාශාලා හිමියන්ට ලාභ ලැබිය යුතුයි. යූටියුබ්, ට්විට්ටර් ඔවුන්ට යම් ප්‍රචාරණ මාධ්‍යයක් පමණයි.

පසුගිය දිනවල වර්මන්ගේ ප්ලේ ලිස්ට් එක නමින් ගීත දෙකක් සමාජමාධ්‍යය පුරා පැතිරෙන්න ගත්තා. මුත්තුවේල් පාණ්ඩියන් කරදරයට පත්වන අවස්ථාවන් වලදී වර්මන්ගේ කල්ලිය ඔවුන්ගේ හිත පුරා පිරි සතුට පිට කිරීමට යම් සින්දුවක් වාදනය කර තාලයට නර්ථනයේ යෙදෙනවා. එය සිනමාශාලාවට ගිය ප්‍රේක්ෂකයින් මුහුණ දුන් අනපේක්ෂිත පුදුම කිරීමක්. “තාල් සේ තාල් මෙරා”[Taal (1999)], “කන්නෝඩු කාන්බදෙල්ලාම්”[Jeans (1998)] යන ගීත දෙක මේ විදියට වර්මන්ගේ කල්ලිය වාදනය කරනවා. මේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට මහත් උල්ලාසයක් ඇති කළා. මේ ගීත දෙකේම නිර්මාතෘවරයා ඒ. ආර්. රහුමාන්. මේ ගීත දෙක එම අවස්ථාවන් වලට ප්‍රබල බලපෑමක් ඇති කළා. මේ වර්මන් කල්ලියේ කැපී පෙනෙන ලෙස අලංකාර නැටුම් ඉරියව් ඉදිරිපත් කලේ රමේෂ් නම් පුද්ගලයෙක්. ඔහුගේ මූන් වෝක් ඉරියව්ව සමාජමාධ්‍යයේ ගොඩක් ප්‍රසිද්ධයි. Thunivu (2023) චිත්‍රපටයේදිත් ඔහු මූන් වෝක් ඉරියව්ව ඉදිරිපත් කරනවා. අවාසනාවන්ත විදියට මේ වසරේ ජනවාරි මාසයේදී රමේෂ් ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගන්නවා. රමේෂ් ZEE TV නාළිකාවේ රියැලිටි වැඩසටහනකටද සහභාගී වී තිබෙනවා.

ප්‍රාන්ත රජයේ නීතී අනුව ජේලර් සඳහා උදෑසන දර්ශන වාර(උදෑසන 4 සහ 7) හිමිවෙන්නේ නැහැ. මේ වෙද්දි ඉ.රු. කෝටි 600 ඉක්මවූ දළ ආදායමක් උපයා තිබෙනවා. මේ වෙද්දි ජේලර් 2023 වසරේ වැඩිම ආදායම් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය වගේම 2023 වසරේ දෙවනුව වැඩිම ආදායම් ඉපයූ ඉන්දියානු චිත්‍රපටයද වනවා. කේරළයේ වැඩිම ආදයාමක් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය, තෙළිඟු ප්‍රාන්තවල වැඩිම ආදායම් ඉපයූ දෙවන කොලිවුඩ් චිත්‍රපටය(2.0 ප්‍රථම ස්ථානයේ), ආන්ද්‍රාවල වැඩිම ආදායම් ඉපයූ දෙවන කොලිවුඩ් චිත්‍රපටය, කර්ණාටක ප්‍රාන්තයේ වැඩිම ආදායම් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය ආදී විවිධ වාර්ථා රැසක්ම බිහි කර හමාරයි. ඉදිරි දිනවල මේවාද බිඳ දැමීමට(නිර්මාණය කිරීමට) සූදානම්. චිරන්ජීවිගේ Bhola Shankar (2023) චිත්‍රපටයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයින් තෘප්තිමත් කිරීමට අසමත් වීම හේතුවෙන් දැවැන්ත ලෙසින් අසාර්ථක වනවා. භෝලා ශංකර්, Vedalam (2014) චිත්‍රපටයේ රීමේක් චිත්‍රපටයක්. තෙළිඟු ප්‍රේක්ෂකයින් ජේලර් වැළඳ ගත්තා. ඒ සමඟින් තෙළිඟු ප්‍රාන්තවල දර්ශන වාර ගණන තවත් වැඩි කෙරුණා. ඔවුන් තමන්ගේම කර්මාන්තයේ නළුවෙකුගේ චිත්‍රපටයක් මෙන් චිත්‍රපටයට අති සාර්ථකත්වයක් අත්කර දී අවසන්. රජිණි තෙළිඟු ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කරගත්තේ Bhairavi (1978) චිත්‍රපටයෙනුයි. සිනමාශාලා හිමිකරුවන්ගේ සංගමයෙන් කියන ආකාරයට ජේලර් තමිල්නාඩුවේ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක තිරගත වූ චිත්‍රපටයයි. උතුරු ඉන්දියාවේදී සැළකිය යුතු තරම් සහයෝගයක් මීට ලැබුණේ නැහැ. දකුණු ඉන්දියා සිනමා කර්මාන්තවල ප්‍රතිපත්ති අනුව සති හතරක් වගේ කෙටි කාලයකින් චිත්‍රපට OTT මාධ්‍යයේ නිකුත් කිරීමෙන් ඔවුන්ගේ ආදායම හීන වී යාම හේතුවෙන් උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මෙම චිත්‍රපටය තිරගත කෙරුණේ නැහැ. මොකද උතුරු ඉන්දියානු සිනමාශාලා හිමියන් ඉල්ලා සිටි ආකාරයෙන් තිරගත කර සති 8කින් පසු පමණක් OTT වෙත මුදාහැරීමට නිෂ්පාදක පාර්ශවය එකඟ වෙන්නේ නැහැ. තවත් බලවත් කාරණාවක් වෙන්නේ Gadar 2 (2023) හා OMG (2023) ඉතාමත් සාර්ථක ලෙසින් ආදායම් උපයමින් තිරගත වීමයි. හින්දි ප්‍රේක්ෂකයින් බහුතරයක් මේ වගේ චිත්‍රපටයක් නිකුත් වුණ බවක් හෝ දන්නෙ නැහැ. එහි ඉතාමත් සීමිත සිනමාශාලා ප්‍රමාණයක වුවත්, එම ප්‍රදේශයන් වල සිනමාශාලා හවුස්ෆුල් තත්වයේ තිබුණා. උතුරු ඉන්දියා ප්‍රදේශයේ නිසියාකාරව ප්‍රචාරණ කටයුතු සිදු නොකිරීම ගැන බෙහෙවින් කණගාටුයි. මෑතකදී නිකුත් වූ RRR, Bahubali, KGF, Pushpa වගේ චිත්‍රපටවලට හින්දි ප්‍රේක්ෂකයින්ගේ මහත් ආකර්ෂණයක් හිමි වුණා. ඒ විතරක් නෙවෙයි රජිණිගේ 2.0 චිත්‍රපටයද අති සාර්ථක ලෙසින් උතුරු ඉන්දියාවේ ආදායම් ඉපයුවා. කොහොම හරි ප්‍රේක්ෂකයින් හා විචාරකයන්ගෙන් ජේලර්ට දෙස් විදෙස් වශයෙන් ඒකාකාරව ඉතාමත් ඉහළ ලෙසින් ධනාත්මක ප්‍රතිචාර හිමිවුණා. සෘණාත්මක ප්‍රතිචාර නැත්තටම නැති තරම්. අනිරුද්ගේ පසුබිම් වාදනය ඉතා ඉහළින්ම ප්‍රශංසාවට ලක් කෙරුණා. අධික ශබ්දයෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නිසා සිනමාශාලාවක ස්පීකරය, තිරය ඉරාගෙන එලියට පැනපු අවස්ථාවක් සටහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. බැලූ බැල්මට සරල කතාවක් වුණත් රජිණිගේ විලාසය සහ නෙල්සන්ගේ හාස්‍ය ස්ඵර්ශය එක්ක විනෝදකාමී චිත්‍රපටියක් බවට පත් කළා. ආනන්ද විකටන් පුවත්පතෙන් ද ජේලර් වෙනුවෙන් ලකුණු 43ක සැළකිය යුතු ඉහළ ලකුණක් ලබා දී තිබෙනවා. කර්මාන්තයක් විදියට ජේලර් නිකුත් වෙද්දි රජිණි රසිකයින් ලෙසින් හැඳින්වෙන සිනමා නළුවන් හා සිනමා අධ්‍යක්ෂකවරුන් අතලොස්සක් ඇරෙන්න වෙනත් කිසිවෙක් සුබ පැතුම් එක් කලේ නැහැ.

Jailer Box Office Rampage.

ජේලර් බිහි කළ බොක්ස් ඔෆිස් වාර්ථා.

• නිකුත් වූ දිනම ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් එකතු කරගනිමින් ආරම්භක දින වැඩිම ආදායමක් හිමිකරගත් තෙවන කොලිවුඩ් චිත්‍රපටිය බවට පත් වනවා. ජේලර් තෙවෙනි වන්නේ රජිණිගේම 2.0(ඉ.රු. කෝටි 115), Kabali(ඉ.රු. කෝටි 110) යන චිත්‍රපට දෙකටයි. ඒ වගේම මෙය රජිණිගේ ඉ.රු. කෝටි 100 ඉක්මවූ 11වන චිත්‍රපටයයි.
• ඇමරිකාවේ තිරගත කිරීමෙන් (Premiere Show ආදායම රහිතව.) ඇ.ඩො. මිලියන 5ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් මිලියන 5 පසුකළ රජිණිගේ දෙවන චිත්‍රපටය මෙයයි. රජිණි හැර දකුණු ඉන්දියානු නළුවන්ගෙන් ඇමරිකානු ආදායම් ඇ.ඩො. මිලියන 5 ලබා ඇත්තේ ප්‍රබාස් පමණයි. ඒ Bahubali 1 & Bahubali 2 යි.
• විදෙස් රටවලින් ඇ.ඩො. මිලියන 23ක්(ඉ.රු. කෝටි 190) උපයාගනිමින් විදෙස් රටවල වැඩිම ආදායම් ඉපයූ දෙමළ චිත්‍රපටය බවට පත් වෙනවා.
• Overseas ආදායම ඇ.ඩො. මිලියන 20 පසුකළ හතරවන කොලිවුඩ් චිත්‍රපටය වගේම, රජිණිගේ තෙවන චිත්‍රපටය. ඒ වගේම 2.0ට පසුව මේ කඩයිම කෙටි කාලයකින් පසුකළ චිත්‍රපටය.
• මේ වෙද්දී ඇ.ඩො. මිලියන 23ක්(ඉ.රු. කෝටි 190) උපයා ගනිමින් වැඩිම Overseas ආදායම් ඉපයූ දෙමළ චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් වනවා.
• උතුරු ඇමරිකාවේදී ඇ.ඩො. මිලියන 7 ඉක්මවූ ප්‍රථම කොලිවුඩ් චිත්‍රපටය.
• තමිල්නාඩුවෙන් ඉ.රු. කෝටි 100ක Share(කොටස) ඉපයූ ප්‍රථම චිත්‍රපටය.
• පසුගිය වසරේදී PS 1 නිර්මාණය කළ Non-Rajini වාර්ථාව(ඉ.රු. කෝටි 225) බිඳ දමමින් යළිත් රජිණිගේ චිත්‍රපටයක්ම තමිල්නාඩුවේ වැඩිම ආදායම් ලැබූ(ඉ.රු. කෝටි 226+) චිත්‍රපටය බවට පත් වනවා.
• තෙළිඟු ප්‍රාන්තවලින් ආරම්භක දින වැඩිම ආදායමක් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය.
• තෙළිඟු බසින් හඬ කවන ලද පිටපතෙන් ඇ.ඩො. මිලියන 1.25 පසුකළ තෙවන දෙමළ චිත්‍රපටය.(Enthiran, 2.0 ට පසුව.)
• තෙළිඟු බසින් හඬ කවන ලද පිටපතෙන් ඉ.රු. කෝටි 100ක ආදායමක් ඉපයූ දෙවන චිත්‍රපටය.(2.0ට පසුව.)
• බැංගලූර්වල තම කර්මාන්තයේම KGF Chapter 2 චිත්‍රපටයට හිමි වූයේ දර්ශන වාර 1,037ක් පමණයි. ඒත් ජේලර් චිත්‍රපටයට දර්ශන වාර 1,093ක් පමණ ලබා දී තිබුණා.
• කර්ණාටක ප්‍රාන්තයේ ආරම්භක දින වැඩිම ආදායම ඉපයූ දෙමළ චිත්‍රපටය. මෙතෙක් කර්ණාටක ප්‍රාන්තයේ හඬකවා නිකුත් කළ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය.(ඉ.රු. කෝටි 5+)
• 2023 වසරේ කේරළ ප්‍රාන්තයේ ආරම්භක දින වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටය.(ඉ.රු. කෝටි 5.85) ඒ වගේම කේරළයේ තිරගත වූ වඩාත් ලාභදායීම චිත්‍රපටයද වනවා.
• ජේලර් වසරේ වැඩිම Overseas Opening ආදායම වූ ඇ.ඩො. මිලියන 4.8ක් ඉපයුවා. ඒ Pathan චිත්‍රපටයේ ඇ.ඩො. මිලියන 4.6ක වාර්ථාව බිඳ දැමීමක්.
• එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලදී RRR, Bahubali, KGF 2 පසු කරමින් වැඩිම ආදායම ඉපයූ දකුණු ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙනවා.(ඉ.රු. කෝටි 53+) ඒ වගේම 2023 වසරේ තිරගත වූ චිත්‍රපටවලින් ඉහළම ආදායම හිමිකරගත් Barbie (2023) චිත්‍රපටයේ ආදායමද ජේලර් පසු කරනවා.
• ඇමරිකාවේ(ඇ.ඩො. 57), ශ්‍රී ලංකාවේ(ඉ.රු. කෝටි 4.5+), මැලේසියාවේ(ඉ.රු. කෝටි 25+), කැනඩාවේ(ඉ.රු. කෝටි 12+) වැඩිම ආදායම් ඉපයූ දෙමළ චිත්‍රපටය.
• ඒ වගේම මැලේසියාවේදී Dilwale චිත්‍රපටයේ ආදායම පසු කර මැලේසියාවේ වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙනවා.
• ප්‍රථම වතාවට චෙන්නායි නගරයේ සියළුම දර්ශනවාර ටිකට්පත් දින දෙකකට පෙරම විකිණී අවසන් වනවා.
• තමිල්නාඩු ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 200+ක් වගේම දින 14ක් වැනි කෙටි කාලයකින් එම සීමාව ඉක්මවූ චිත්‍රපටය. තමිල්නාඩු ප්‍රාන්තය තුලදී ආදායම් අතරින් මේ වෙද්දී පොන්නියින් සෙල්වන් 1ට පසුව දෙවන ස්ථානයේ රැඳී ඉන්නවා.
• තෙළිඟු ප්‍රාන්තවල ආදායම ඉ.රු. කෝටි 75+ක්. 2.0 පසුව එම සීමාව පසුකළ දෙවන දෙමළ චිත්‍රපටය. කර්ණාටක ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 65+ක්. එම සීමාව පසු කළ පළමු දෙමළ චිත්‍රපටය. කේරළ ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 50+ක්.
• ඒ සමඟම දකුණු ඉන්දියා ප්‍රාන්තවල ඉ.රු. කෝටි 50 ආදායම ඉක්මවූ Non-Sequel චිත්‍රපටය. මීට පෙර සියළුම දකුණු ඉන්දියා ප්‍රාන්තවලින් ඉ.රු. කෝටි 50+ ඉක්මවා තිබෙන්නේ Sequel චිත්‍රපට වූ Bahubali 2 සහ KFG 2 පමණයි.
• 6වන දිනයේදී Non-Rajini වාර්ථාවක් වූ Vikram චිත්‍රපටයේ ජීවිත කාලීන ආදායම වූ ඉ.රු. කෝටි 420 ඉක්මවනු ලැබුවා.
• Non-Rajini වාර්ථාවක් වූ පොන්නියින් සෙල්වන් 1 (2022) චිත්‍රපටයේ මුළු ආදායම් ප්‍රමාණය වූ ඉ.රු. කෝටි 512+ ජේලර් චිත්‍රපටය දින 10ක් තුලදී පසු කර යනවා.
• රජිණිගේ උතුරු ඇමරිකාවේ ඇ.ඩො. මිලියනය පසුකල 10වන චිත්‍රපටය. (Sivaji, Enthiran, Linga, Kabali, Kaala, 2.0, Petta, Darbar, Annaatthe, Jailer)
• හින්දි පිටපතේ සහය නොමැතිව ඉ.රු. කෝටි 600 ඉක්මවා ගිය එකම දකුණු ඉන්දීය චිත්‍රපටය වනේ ජේලර් පමණයි. හින්දි පිටපතෙන් ලැබූ ආදායම ඉ.රු. කෝටි 10ක් පමණවත් නොවන බවයි සඳහන් වෙන්නේ. දකුණු ඉන්දියා ප්‍රාන්ත හැර ඉන්දියාවේ අනෙක් සියළු ප්‍රදේශවල ආදායම ඉ.රු. 20ක් පමණ වනවා.
• එංගලන්තයේ Non-Rajini වාර්තාවක් ලෙසින් PS 1 ආදායම් වාර්තා ඉතාමත් සුළු ප්‍රමාණයක පරතරයකින් ජේලර් දෙවන ස්ථානයේ තබමින් පළමු ස්ථානයේ පසු වෙනවා.
• තමිල්නාඩු, කේරළා, උත්තර් ප්‍රදේශ් මහ ඇමතිවරුන් සහ වෙනත් රාජ්‍ය නිළධාරීන් ජේලර් චිත්‍රපටය නරඹා තිබෙනවා. විශේෂයෙන්ම උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් රජිණිකාන්ත් සමඟින් ම චිත්‍රපටය නැරඹුවා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත ජේලර් නරඹා තම අදහස් සමාජමාධ්‍යයේ හා රූපවාහිනී නාළිකාවලට ඉදිරිපත් කර තිබුණා.

ජේලර් නිකම්ම බ්ලොක්බස්ටර් එකක් නොවෙයි. තමිල්නාඩුවට, සිනමාශාලා හිමියන්ට, සන් පික්චර්ස් ආයතනයට වඩාත් ලාභදායීම චිත්‍රපටයයි. දෙමළ පිටපතින් පමණක් ඉ.රු. කෝටි 100කට වඩා උපයලා තිබෙනවා. ඉතින් මේ වාර්ථා පිහිටවූ නළුවාගේ වයස අවුරුදු 72යි. තමන්ගේ ජීවිතයේ දුර්වල අවදිය ගත කර සිටිමින් මෙතරම් බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවන් බිහි කිරීම ඇත්තටම ආශ්චර්යක්. “රජිණි වාර්ථා බිඳ දමන්නෙක් නෙවෙයි, වාර්ථා නිර්මාණය කරන්නෙක්.” – සන් පික්චර්ස් අධිපති කලානිධිමාරන්. චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වයත් එක්ක වැටුපට අමතරව ලාභ කොටසක් කලානිධිමාරන් විසින් රජිණිට පිරිනමනවා. පිළිගත හැකි ආරංචි මාර්ග අනුව රජිණිගේ ගාස්තුව රු. කෝටි. 110 හා ලාභ කොටස රු. කෝටි 100 එකතුව සම්පූර්ණ ගෙවීම ඉ. රු. කෝටි 210ක්. ඒ අනුව ඉන්දියාවේ ඉහළම ආදායම ලබන නළුවා ඔහුයි. ඉන් නොනැවතී ඉ.රු. කෝටි 1.24ක් පමණ වටිනා BMW X7 මෝටර් රථයක්ද කලානිධිමාරන් විසින් රජිණිට පිරිනැමුවා. දැනටමත් සන් පික්චර්ස් තලෛවර්ගේ චිත්‍රපට 4ක් නිෂ්පාදනය කර තිබෙනවා. වෙනත් නළුවෙක් වෙනුවෙන් උපරිමය චිත්‍රපට 2කට මේ වෙද්දි නම් වඩා නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙලා නැහැ. සමාජමාධ්‍යයේ කතාබහ අනුව Thalaivar 171 සන් පික්චර්ස් නිෂ්පාදනය කරන්නට බොහෝ ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම කලානිධිමාරන් අධ්‍යක්ෂක නෙල්සන් හට හා සංගීතය අධ්‍යක්ෂක අනිරුද් හට ද චෙක් පතක්(මුදලේ ප්‍රමාණය නොදනී.) හා ඉ.රු. කෝටි 1.44ක වටිනාකමකින් යුත් Porsche මෝටර් රථයක් බැගින් දෙදෙනාටම තෑගි කර තිබෙනවා. වටිනාම දේ, ඇපලෝ හොස්පිටල් රෝහල වෙතට හෘදයාබාධ රෝගී දරුවන් 100 දෙනෙකුගේ සැත්කම් වෙනුවෙන් රු. කෝටියක් ප්‍රදානය කළා. වෙනත් පුණ්‍යායතන කිහිපයකට ඉ.රු. ලක්ෂ 38ක මුදලක් ප්‍රධානය කෙරුණා. චිත්‍රපටය නිර්මාණයට දායක වුණ සියළුම කාර්ය මණ්ඩලයට රන් කාසි තිළිණ කිරීම ද, වෙනත් ආකාරයෙන් චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වූවන්ට රිදී කාසි ආදී නොයෙක් ආකාරයේ තිළිණ ප්‍රධානය කර තිබුණා.

Thalaivar 170 චිත්‍රපටය Jai Bheem (2021) අධ්‍යක්ෂක ටී. ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා. අනිරුද් සංගීතය අධ්‍යක්ෂණයෙන් සහභාගි වනවා. එහි රජිණිකාන්ත් සමඟින් අමිතාබ් බච්චන්, මන්ජු වොරියර්, ෆහද් ෆාසිල් ප්‍රධාන චරිත ද තෙළිඟු සිනමාවේ ශර්වානන්ද් හෝ නානි විශේෂ පෙනීසිටීමක් කරනු ලබන බවට ආරංචියි. එසේ වූවොත් අමිතාබ් හා රජිණිකාන්ත් එකට රඟපාන්නේ වසර 32කට පසුවයි. මේ චිත්‍රපටය වෙනුවෙන් කොණ්ඩ විලාසිතාව(තියෙන කෙස් ටික) වෙනස් කරගෙන තියෙනවා. මෙහි රූගත කිරීම් ඔක්තෝබර් මාසයේ ආරම්භ වන බවට පැවසෙනවා. ජයිභීම් චිත්‍රපටය නිකුත් වී දිනවල වන්නියර් කුලයට අපහසයක් සිදු වූවා යැයි කියමින් ඊට දේශපාලනිකව විරෝධතා ක්‍රියාත්මක වුණා. මේ චිත්‍රපටයටත් එවැනි ආකාරයෙන් විරෝධතා, මතභේදයන් ඇති වේ යැයි දැනටමත් අපේක්ෂා කරනවා.

Laal Salaam චිත්‍රපටයට රජිණි දීර්ඝ විශේෂ පෙනීසිටීමක් කරනු ලබනවා. විෂ්ණු විෂාල් හා වික්‍රන්ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වනවා. මෙහි රූගත කිරීම් මේ වෙද්දි අවසන්ව තිබෙනවා. හඬකැවීම් හා පසු නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නියමිතයි. ලාල් සලාම් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඓශ්වර්යා රජිණිකාන්ත් විසින්. සංගීතය ඒ. ආර්. රහුමාන් විසින් සපයනවා.

Thalaivar 171 චිත්‍රපටය ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරනු ලබනවා. තවමත් නිෂ්පාදන ආයතනය කුමක්ද යන්න තහවුරු කරගෙන නැහැ. මොකද Thalaivar 171 වෙනුවෙන් නිෂ්පාදන ආයතන කිහිපයක්ම පොරකමින් සිටිනවා. කොහොම වුණත් සන් පික්චර්ස් හා 7 ස්ක්‍රීන් ස්ටූඩියෝ ආයතන නම් දෙක වැඩි වශයෙන් සඳහන් වෙනවා. මේ චිත්‍රපටයේද සංගීතය අනිරුද්ගේ. Leo චිත්‍රපටය නිකුත් වීමෙන් අනතුරුව මෙහි පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන බවත් 2024 වසරේ පෙබරවාරි මාසයේ රූගත කිරීම් ඇරඹෙන බවත් පැවසෙනවා. කොහොම වුණත් Master (2021) චිත්‍රපටයෙන් පසුව ලෝකේෂ් කනගරාජ් රජිණිට කතාවක් ඉදිරිපත් කළ බව එකල පුවත් වල සඳහන් වුණා. එම ව්‍යාපෘතියට කමල් හාසන් නිෂ්පාදනයෙන් දායක වන බවටත් සඳහන් වුණා. ඒත් කමල් හාසන් ලෝකේෂ් සමඟින් වෙනස්ම ව්‍යාපෘතියක් ලෙසින් වික්‍රම් ආරම්භ කළා.

ලබන වසරේ නිකුත් වීමට නියමිත Project K චිත්‍රපටියේ දුෂ්ඨයාගේ චරිතය සඳහා රජිණිකාන්ත් සම්බන්ධ ගැනීමට නිෂ්පාදන ආයතනය අදහස් කර තිබුණත්, නළු ප්‍රභාස් තමන්ගේ Idol එක වුණ රජිණිව ඒ සඳහා යොදාගෙන අවමන් කිරීමට කැමති වුණේ නැහැ. ප්‍රභාස්ට රජිණිකාන්ත් කෙරෙහි මහත් ගෞරවයක් තිබෙනවා වගේම ඔහු දැඩි රජිණි රසිකයෙක්. මොකද ඒ බව ඔහුගේ චිත්‍රපටවලම සඳහන් කරනවා වගේම බොහෝ චිත්‍රපටවලට රජිණිගේ ආභාෂය ලබාගෙන තිබෙනවා දකින්න පුළුවන්. පසුව නිෂ්පාදනය ආයතනය මේ චරිතය වෙනුවෙන් කමල් හාසන් සම්බන්ධ කරගන්නවා.

නෙල්සන් සහභාගී වූ වැඩසටහන් වලදී Jailer 2, Kolamavu Kokila 2 චිත්‍රපට පිළිබඳව ඔහුට අදහසක් ඇති බව සඳහන් කළා. ඉතා සුළු කාලයක් පෙනී සිටියත් මැතිව් සහ නරසිම්මා චරිතවලින් සිදු වූ බලපෑම ප්‍රබල වීම නිසාවෙන් මෝහන් ලාල්ගේ සහ ශිවා රාජ්කුමාර්ගේ රසිකයින් මොවුන් දෙදෙනාගේ Spin-off චිත්‍රපට ලබාදෙන ලෙසට ඉල්ලීම් කරනවා. ඔවුන් දෙදෙනාට කිසිදු දෙබසක් හෝ සටන් ජවනිකාවක් නොමැතිව පසුබිම් සංගීතය සමඟ චරිතය උසස්කර පෙන්වීම පමණක් සිදු කළා. අධ්‍යක්ෂක නෙල්සන් මෑතකදී වැඩසටහනකට සම්බන්ධ වෙමින් රජිණිකාන්ත් හා විජයි තමන්ගේ අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමන්ට අදහසක් ඇති බව සඳහන් කළා.

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

“බුරන්නෙ නැති බල්ලොත් නැහැ. වැරදි නොකියන කටවල් ඇත්තෙත් නැහැ. අපේ වැඩේ බලාගෙන දිගටම යන්න ඕන.”
රජිණිකාන්ත් – (ජේලර් චිත්‍රපටයේ සංගීතය එළිදැක්වීමේදී.)

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP/Amazon WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

  • Cam පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2023 අගෝස්තු මස 19 වැනිදා.
  • HQ HDRIP පිටපත සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 අගෝස්තු මස 30 වැනිදා.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

48 thoughts on “Jailer (2023) Sinhala Subtitles | කොටියාගේ නියෝගය! [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub එකත් සුපිරි.
    විස්තරෙත් සුපිරි.

    Reply
  • marama post ekak filam eka gena hodatama kiyala tiyenawa.
    hukum sinduwa gena nimata terum karala tiye
    hikum song eke aluth paramparawe naluwo 4 denekta podi tokkakuth enala tiyenawa’
    niyama wedak me post eka thank you

    Reply
  • මේක ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ

    Reply
    • ඩව්න්ලෝඩ් වනවා, ප්‍රශ්නයක් නැහැ.

      Reply
  • මේ දැන් බලල ඉවර කලේ.
    ආදයාම් වාර්තාවල රහස තේරුනා.
    මම බලපු රජිනිගේ මරුම ෆිල්ම් එකක් මේක.

    Reply
    • ගොඩක් ගොඩක් ස්තූතියි අයියේ. 😉

      Reply
  • wade nam supiri aiye. thank you

    Reply
  • මෙච්චර පට්ට පතුරු පිල්ම් එකකට පට්ට පතුරු සබ් එකක් සෙට් වෙලා තිියනව දැක්ක පළවෙනි පාර මේ.
    නියම වැඩක් සහෝ..❤️

    Reply
  • ammo..supirima article ekak.film eka wagema

    Reply
  • Thanks sub ekata.

    Reply
  • Thanx for the sub……..!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • godak mahansi wela. article akath supiri. Thanks brother. Oyalata Donation karanna widiyak thibbanam

    Reply
  • ස්තූතියි අයියා..සබ් එක නම් ගින්දර.❤️

    Reply
  • mita wada update akak anawada

    Reply
    • මරැ article එක

      Reply
    • ඔව්. OTT ආවේ නැහැ තවම. මේක ලීක් කරපු කොපියක්.

      Reply
  • mahansiyata thanks

    article eka liyannath hariyata mahansiwela thanks

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට …….❤️❤️❤️

    Reply
  • ස්තුතියි රවිඳු…
    ආව ගමන් දුන්නු උපසිරැසියට…
    ආව ගමන් දුන්නු අප්ඩේට් එකට..
    උපසිරැසිය – විස්තරය – ඒ වෙනුවෙන් කළ කැපවීම,
    ප්‍රේක්ෂක අපිට චිත්‍රපටිය රහ විඳින්න අධ්‍යක්ෂකටත් වඩා ඔබයි මහන්සි වුනේ.
    සුපිරි.

    Reply
  • This would be a blockbuster. Thanks for the HDrip sub update bro

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Thank u subtitles akata ❤❤❤

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි!
    හොඳ කොපියක් ආවම බලමු බලන්න මේ ආදායම් වාර්ථාවල රහස මොකක්ද කියල. 🙂

    Reply
    • ස්තූතියි අයියේ. කිසිම රහසක් නැහැ, Just Rajini Things.

      Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා❤

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • හොඳ කොපියක් ආවම අනිවා බලනවා
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

    Reply
    • බොහොම ස්තූතියි සහෝ!

      Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
    • මරැ article එක

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. හොඳ කොපියක් ආවහම බලන්න ඕනෙ. ජයවේවා!

    Reply
    • බොහොම ස්තූතියි සහෝ!

      Reply
  • ඔයා නම් සුපිරි රවිඳූ

    Reply
    • Thanks sub ekata. cam copy neme 720 coliti ekata tiyanava supirii

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *