Kimi (2022) Sinhala Subtitles | කිමී [සිංහල උපසිරසි] (18+)
“කිමී.”
“මම ඉන්නවා!”
“වේලාව කීයද?”
“වෙලාව උදේ 7:26 යි,”
“කිමී.”
“මම ඉන්නවා!”
දැන් මේ කාලෙ වෙද්දි අපේ පෞද්ගලිකත්වය අපිට කොච්චර දුරට නැති වෙලාද? පොඩ්ඩක් හිතල බලන්න. මං හරි නේද? අපි කරන කියන කන බොන හැමදේම සමාජ මාධ්‍යයේ දානව. ඒකට ඉතින් අපිට කරන්න දේකුත් නෑ. වර්තමාන සමාජය හැඩගැහිල තියන විදිය තමයි. ඉතින් අද මම මේ අරන් ආපු ෆිලුමත් ඒ පැත්තට ටිකක් බර එකක්. මේකෙ කතාව යන්නෙ කෘතිම බුද්ධියක් ගැන. ඒ කියන්නෙ එහෙම්ම නෙවෙයි. හරියට ඇපල් සමාගමෙන් හදපු Siri, ඇමසෝන් සමාගමෙන් හදපු Alexa වගේ. අන්න ඒ වගේ එකක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ.
ඉතින් මේකෙ මේ නිෂ්පාදනයේ නම තමා කිමී (Kimi). මේකෙ ප්‍රධාන අරමුණ තමා Covid නිසා Lock Down එකේ ඉන්න අයගෙ මනස ශක්තිමත් කරන එක. ඒක හදන අය කියනව මේක Siri, Alexa වගේ ඒවත් එක්ක බලද්දි සෑහෙන්න වෙනස්කම් තියන නිෂ්පාදනයක් කියල. ඒකට හේතුව තමා මේකෙ දත්ත විශ්ලේෂණය එහෙම නැත්තම් Data Analysis කරන්න අනිත් සමාගම් පාවිච්චි කරනව වගේ ඇල්ගොරිතමයක් (Algorithm) පාවිච්චි කරන්නෙ නැතුව මිනිසුන්ව ඒකට භාවිතා කරන එක. ඒ කියන්නෙ ඒකෙ අඩු පාඩු, යාවත්කාලීන (Update) කිරීම් වගේ හැම දෙයක්ම මිනිසා විසින්ම තමා කරන්නෙ. ඇත්තටම ඉතින් ඒක හරිම දෙයක්ද කියල මං දන්නෙ නෑ. ඒ කියන්නෙ ඉතින් අපි කරන කියන හැමදේම වෙන කෙනෙක් බලන් ඉන්නව වගේ. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල ඔයාල ෆිලුම බලලම තීරණය කරන්න.
ඉතින් මේ දත්ත අධ්‍යනය කරන්න ඒ සමාගමත් එක්ක වැඩ කරන කෙනෙක් තමා ඇන්ජෙලා කියන්නෙ. එයා ටිකක් එලියට පහලට බහින්න අකමැති පාඩුවේ සද්ද නැතුව ඉන්න කැමති කෙනෙක්. එක විදියකට එයා සමාජයට බයෙන් ඉන්න රෝගයට ගොදුරු වෙලා ඉන්නව කියල කියන්නත් පුළුවන්. ඉතින් එයා දවසක් මේ Kimi එකේ වැරදි අඩු පාඩු හද හද ඉන්න අතරෙ දවසක් ටිකක් අසාමාන්‍ය දෙයක් අහන්න හම්බෙනවා. ඉතින් මේ ගැන මෙයා සමාගමට දැනුම් දෙන්න යද්දි සිද්ද වෙන්නෙ තවත් හිතපු නැති දෙයක්. මීට වඩා මං කියන්න යන්නෙ නෑ. ඔයාල ෆිලුම බලන්නකෝ.
2022 පෙබරවාරි 10 HBO Max හරහා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ ඇන්ජෙලා ට පණ පොවන්නෙ Mad Max, Fantastic Beasts, Divergent වගේම මේ අව්රුද්දෙ නිකුත් උන අලුත්ම Bat Man ෆිල්ම් එකේ Catwoman චරිතයට පණ පෙව්ව Zoe Isabella Kravitz. ඔයාල දැක්කම අඳුරගයි. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නෙ Steven Soderbergh. නෑ නෑ Steven spielberg නෙවෙයි ;D . IMDB අගය 17+ මනාප සංඛ්‍යාවකින් 6.3/10ක් සටහන් කරගෙන තියන අතරෙම කුණු තක්කාලි අගය සටහන් වෙන්නෙ 91%ක් විදියට. Thriller/Crime ගණයට වැටෙන මේ ෆිලුම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. සැකයි වගේ නම් ට්‍රේලර් එක බලලම ඇවිත් බා ගන්න. තව එකක්. මේක ටිකක් තනියම බලන්න පුළුවන් නම් හොඳයි (අවුල් තැන් එකයි තියෙන්නේ).
ෆිල්ම් එක බාර අරගෙන ටික දවසක් ගියා මොකද උදේ ගිහින් හවස ගෙදර එනව. ගෙදර එද්දි කරන්ට් එක නෑ 😀 . ඉතින් ටිකක් අමාරුවෙන් කාලය කළමනාකරණය කරගෙන වැඩේ කරේ. ඒකට සමාවෙන්න ඕනෙ. මේක කරන්න ඉඩ දුන්න විමුක්ති සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5313 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx bro
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks for Sub!
thanks a lot sub ekata
Hi ,
kindly provide stand up (2019) malayalam movie subtitles
Death of nile sub dynko
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks saho sub ekata.
thanks..
Thanks jayawewa….!
Nightmare Alley sub dennko
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
PSA site eke honda aluth films thiyanawa.
Ewatath sub denna pls…
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි