අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටයසිරු හසරංගයුද්ධසංගීතමයසිංහල උපසිරැසිළමයින්ට

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 90 votes.
Please wait...

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. ඒ කතාවලින් වැඩක් නෑ නේ. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කෙරුනේ  ජනවාරි විසි එක් වෙනිදා. imdb අගය 5.7කුත් තක්කාලි අගය 50%කුත් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හැටියට ඉන්නේ ඔයාලා ආදරේ කරන චැකී ජෑන්. ඊට අමතරව ඉන්දියාවෙන් සෝනු සූද්, දීශා පටානී, රංගන දායකත්වයක් දෙනවා. මීට කලින් චෑන් ඉන්දියාවේ චිත්‍රපටයකට සම්බන්ධ උනාද කියලා මට නම් ඒ හැටි මතකයක් නැහැ. කතාවෙත් ඒහැටි අඩුපාඩුවක් මං දැක්කේත් නෑ. චෑන් මේ කතාවෙදී රටම පිළිගත්ත පුරාවිද්‍යාඥයෙක්. මහාචාර්යවරයෙක්. දවසක් මෙයා දේශණයක් කරකර ඉද්දී මෙයාව හම්බවෙන්න ඉන්දියාවේ රජයෙන් එවලා කියන අශ්මිතා කියලා පුරාවිද්‍යාව පිළිබඳ Phd එකක් තියෙන කියලා කියාගන්න නෝනා කෙනෙක් එනවා. නිකන්ම හම්බවෙන්න නෙවෙයි එන්නේ, අමුතු වැඩකට අතගහගන්න කියලා යෝජනාවකුත් අරගෙනයි එන්නේ. පේන විදිහට ඒක ඉන්දියාවේ මඝධ රාජ්‍යයට අයත් නැතිඋන නිධානයක්. මඝධ රාජ්‍යයක්? නිධානයක්? කොහොමද මෙතනට එකපාරට ගෑවුනේ කියලා ඔයාලට කතාව මුලදී දැනගන්න ලැබෙයි. ඒ නිධානය හොයාගන්න උදව් ඉල්ලගෙන තමයි මෙයා ඉන්දියාවේ ඉඳලම ඇවිල්ලා ඉන්නේ. මේ නිධානය ගැන ඇහැගහගෙන ඉන්න තවත් කට්ටිය නැතුවට නෙවෙයි. මුලු කතාව පුරාවට ඒ බලගතු කියන නිධානය ගැන තමයි තියෙන්නේ. චෑන්ගේ රසිකයෙක් නම්, සුපුරුදු පරිදි කුන්ග්ෆූ පාරවල්, වඳුරෝ වගේ උඩ පනින දේවල් බලාපොරොත්තු වෙනවනේ. තියෙනවා තියෙනවා. වෙනසකටත් එක්ක මේක බැලුවට පාඩු නැහැ. එහෙනම් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

Gong fu yu jia (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD-HC/ BR පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • එන්.විජිත අසංක

    වාව්. මේකත් මෙච්චර ඉක්මනට දීලනෙ. එළ එළ.
    බොහොම ස්තූතියි සබ දුනන්ට සහෝ.
    ජෑකී චෑන් නම් ඉතිං කථා කරන්න දෙයක් නෑනෙ. පට්ට පට පට නෙ.

    Reply
  • ashan alnkanath

    thanks……………………………………

    Reply
  • ‌අවිශ්ක මල්ෂාන්

    මේ කොපියෙ කොලිටිය එහෙම හොදද?720p ද?

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි..

    Reply
  • මේක බලන්න හිතාගෙන හිටියේ ගොඩ දවසකට කලින්…ඒ වුනත් ප්‍රමාද වුනා…කොහොමවුනත් ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • br sub eka wada nane eka hadala dannako

    Reply
  • Br sub 1 athule mukuthma na.. eka empty. ikmanata sub eka denna saho….

    Reply
  • D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • BR sub file එකේ size එක zero. Please upload again. Thanks

    Reply
  • ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • Shehan Madumalka

    Thanks bro ☺️☺️☺️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nirodha uthpala

    Digatama denna labeva kiya hadavatinma partana karanava

    Reply
  • meka webrip ekata matchda bro?

    Reply
  • මචන් සබ් එක සුපිරි. ටැන්කූ වේවා. ජැකී චෑන් කලින් ඉන්දියාවත් එක්ක ෆිල්ම් එකක් කල The Myth කියලා. ඒකේ Mallika Sherawat හිටියේ

    Reply
  • mama wena website ekakin me movie eka gaththa but meka aluth nisa DVD copy ekak awe me film eka HD da?

    Reply
  • අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • මෙහෙම කිවුවට තරහවෙන්න එපා බන්.. මෙික සිගිති අාතල් එකක් බන්.පයිට් ටික විතරයි හොද.අනිත්වනම් මෙලෝ රහක් නෑ. ෆයිටුත් වැඩිය නෑ.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Sub ekata thank’s bro. Jayawewaa!

    Reply
  • Dasun Manuranga

    Ela sahoooooooooooo niyamai sub eka

    Reply
  • thnx mchn jackie inna hinda shanika download krnwa 😀

    Reply
    • hash >> 5EB09E610168CA0CA1D28B1D6994421B12D0F7C9

      Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • The Myth 2005, india wala podi kotasak tiyanawa… meka niyamai thanks

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    ජැකීගේ ෆිලුමක් අද වෙනකම් මටනම් පොඩ්ඩක්වත් අවුල් ගිහින් නෑ. ඒ තරම් පට්ට! මේකත් BR එකක් ආව ගමන් බලනවා සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *