අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසන්ත මාලිංග

Lady Bird (2017) Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 31 votes.
Please wait...

2017 සැප්තැම්බර් මස පළමුවැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 34ක් පුරා දිවෙන මෙම සිනමාපටය Greta Gerwig නමැති අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. Brooklyn (2015), Hanna (2011), Atonement (2007) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ සම්මාන ලාභී නිළි Saoirse Ronan (ක්‍රිස්ටීන් / ලේඩි බර්ඩ් ලෙස) මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මේ වන විට විවිධ සිනමාන උළෙල ගණනාවක සම්මාන 76ක් දිනා ඇති මෙම සිනමාපටය ඔස්කාර් සම්මාන 3 කට සහ තවත් සම්මාන 159 කටද නිර්දේශ වී ඇත. ඔස්කාර් සම්මාන 3 සඳහා නාම යෝජනා ඉදිරිපත් වී ඇත්තේ ප්‍රධාන නිළියගේ චරිතය සඳහා හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් “Saoirse Ronan” සහ හොඳම සහාය නිළියගේ චරිතය සඳහා හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලේඩි බර්ඩ් ගේ අම්මාගේ චරිතය නිරූපණය කල “Laurie Metcalf” සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් “Greta Gerwig” යන තිදෙනායි. මේ වන විට IMDb දර්ශකයේ 7.9/10 වැනි ඉහල අගයක් මෙන්ම රොටන් ටොමෑටෝස් ප්‍රේක්ෂක ප්‍රතිචාර 99%ක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව.

කැලිෆෝනියා නගරයේ හෙදියක් ලෙස සේවය කරන “මෑරියන් මැක්පර්සන්” තම පවුල නඩත්තු කිරීමට වෙහෙස නොබලා වැඩ කරන්නේ තම සැමියාගේ රැකියාව අහිමි වීමත් සමඟයි. ඇගේ රැකියාවේ කටයුතු සහ ගෙදර දොර කටයුතු සමබරව පවත්වාගැනීමට උත්සාහ දරන ඇය ඇගේ යෞවන වියේ පසුවන දියණිය සමඟද කටයුතු කරන්නේ ටිකක් විතර කලබලකාරී ගතියකිනි. ඇගේ දියණියද ඇය මෙන්ම ආදරණීය, දැඩි අධිෂ්ඨානශීලී නමුත් ඉතා ඇට්ටර චරිතයකි. ක්‍රිස්ටීන් මැක්පර්සන් (ලේඩි බර්ඩ්) කියන්නෙ අනුන් ගැන එතරම් නොසිතන, ආත්මාර්ථකාමී, අනාරක්ෂිත, හොඳ හදවතක් ඇති, තම හැකියාවන් ඉක්මවාගිය අධිෂ්ඨානයක් ඇති, බොළඳ, විනෝදකාමී චරිතයකි. වෙනත් ආකාරයකට කියනවා නම් ළමා අවධිය පසු කරමින් වැඩිවියට පා තබමින් සිටින ව්‍යාකූල තරුණියකි.

කැලිෆෝනියාවේ සැක්‍රමැන්ටෝ හී කතෝලික පාසලේ ජ්යේෂ්ඨ වසරේ ඉගෙනුම ලබන ක්‍රිස්ටීන් මැක්පර්සන් (ලේඩි බර්ඩ්) දැඩිව උත්සාහ කරනනේ කනිෂ්ඨ පාසලෙන් පසු, එක්සත් ජනපදයේ උතුරු නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි ලිබරල් උසස් පාසලකට ඇතුලත් වීමටයි. මෙම උත්සාහය ඇගේ මව සමඟ නිතර නිතර ගැටුම් ඇතිවීමට හේතුවක් වෙයි. සෑම තරුණයෙකුට තරුණියකට මෙන් ඇයටද තරුණ ආශාවන් සිහින ඇත. අනිත් අය මෙන් ඇයද ඒවා ඉටු කරගැනීමට උත්සාහ දරයි. මේ දරන උත්සාහයේදී ඇගේ මවගේ දැඩි බව මෙන්ම පවුල තුල පවතින මූල්‍යමය ගැටළු හේතුවෙන් ඇය පවුලේ සාමාජිකයන් සමඟ නිතර ගැටුම් ඇති කර ගනී. තරුණ වියට පා තබන ඕනෑම දරුවකු මෙන් ඇයද දෙමාපිය ආදරය වැරදියට වටහා ගන්නා නමුදු තම මවගේ මුවින් තමන් ගැන තමන්ගේ තේරීම් ගැන පැසසුම් ලැබීමට මෙන්ම මවගේ ආදරය දිනාගැනීමට ඇය වෙහෙසෙයි. නමුත් සැමියාගේ රැකියාවද නොමැතිව මුළු පව්ලේම බර කරට ගන්නා මැරියන් (ලේඩි බර්ඩ් ගේ මව) ජීවිතය ගැටගසා ගැනීමට දරන උත්සාහය මෙන්ම ආර්ථික අපහසුතා මධ්‍යයේ තම පව්ල විසිරී යාමට නොදී පව්ලේ කටයුතු සියල්ල සමබරව කරගෙන යාමට දරන උත්සාහයේදී ඇය ලේඩි බර්ඩ් ගේ සිතුවිලි තේරුම් ගැනීමට අපොහොසත් වෙයි. තම දියණිය කෙරේ ඇගේ ඇති ආදරය නොවෙනස්ව පැවතුනද එය තම දියණියට පෙන්වීමට ඇය අපොහොසත් වෙයි. සම්පූර්ණ සිනමාපටයම දිවෙන්නේ මේ තරුණ දැරිවිය නිවැසියන් සමඟ, පාසලේ මිතුරන් සමඟ, ගුරුවරුන් සමඟ, විරුද්ධ ලිංගිකය සමඟ මෙන්ම සමාජය සමඟ එකට ගැටෙමින් තම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට දරන උත්සාහයයි.

කාර්‍යබහුල මවක් හා තරුණ වියට පා තබමින් සිටින දියණියක් අතර පවතින ව්‍යාකූල සම්බන්ධතාවය මෙම සිනමාපටය හරහා අධ්‍යක්ෂවරයා මනාවට ඉදිරිපත් කිරීමට සමවත්ව තිබෙනවා කියන එක තමයි මගේ මතය.ඉතිං කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොඳ සිනමාපටයක් මේක. ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Lady Bird (2017) Sinhala Subtitles | අම්මගෙයි දුවගෙයි කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

  • Shehan Kavinda

    මරු ලිපිය සහෝ,තෑන්ක්ස් සබ් එකට❤️

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father
    K pax
    Arlington road
    Big fish
    The ballad of buster scruggs

    Reply
  • ricadodamien

    Thank U hasantha brother & baiscope team for the sub, beautiful movie. all the best to baiscope team………..

    Reply
  • Thanks …………….good luck ……………………

    Reply
  • බොහොම ස්තුතියි සහො උපසිරසියට…ජය…!!!

    Reply
  • හසන්ත,
    මානසික ඝට්ටන, ආකල්ප වෙනස්කම්, හා වයස් භේදය
    අතරින් ගලන කතාවකට
    ලස්සනට සබ්ස් දුන්නාට
    ගොඩක් ස්තුතියි!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබට

    Reply
  • sabata thuthi hasantha saho.jaya!

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • BR out machan , pls update the sub( for Yify 720/1080)

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • Sadeu_Bandara

    හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…….

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Pathmila_kushantha94

    Thanx සහෝ blurray ආවම update දෙන්න!

    Reply
  • Praneeth priyadarshana

    Tks saho

    Reply
  • මෙන්න ෆිල්ම්, ගොඩක් ස්තූතියි සහෝ මේ වගේ වටිනා නිර්මාණ බයිස්කෝප් එකට අරන් එනවට.
    අනිවා බලන්න ඕනෙ. ජය වේවා!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • THE NEW FOLDER

    thanks hasantha brother
    for subtitle
    god bless you

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *