අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේනදීශාන් චතුර සම්පත්නාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Lowriders (2016) with Sinhala Subtitles | පිය පුතු සටනක් ගැන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 16 votes.
Please wait...

තවත් ලස්සන ‍ෆිලුමකට උපසිරස අරන් ආවා එහෙනම්.මේක ගැන මම හිතන විදියට නම් හොද කතාවක් ලස්සනට රූපගත කරලා තියනවා.බලන්න වටින කතාවක් ඇත්තටම කීවොත් මමත් උපසිරස බාරගෙන ටිකක් කරගෙන යද්දි එපා වුනා.එත් ඇත්තටම මුල් ටික බලලා කතාව ගැන තීරණය කරන්න බෑ කියලා මට ඉස්සරහට යද්දි තේරුණා.

මේ ‍ෆිලුම ගැන විස්තර මෙහෙමයි 2016 ජූනි මස 1 වෙනිදා තිරගත වුණ මේ චිත්‍රපටය IMDb 5.7ක හොද අගයක් ලැබිලා තියෙනවා.මේ ‍ෆිලුම පැය 1 මිනිත්තු 39ක කාලයක ධාවනය වෙනවා.තව අනිවාරෙන් දෙයක් කියන්නේ ඕනේ මේකේ වියදම ගිහින් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් 916,000(නවලක්ෂ දහසය දහසක්)මුදලක් හැබැයි මේක උපයාගෙන තියනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 මුදලක් වෙන මොනවා කියන්නද ඉතින් මෙහෙම ආදායමක් හම්බවුනා කියන්නේ ඉතින් ‍ෆිලුමේ හැටි ගැන තේරේනවානේ.මේකේ ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Gabriel Chavarria(ඩැනී), Demian bichir(පොප්), Theo Rossi(ගෝස්ට්). තව මේකේ Supergirl රූපවාහිනි කතාමාලාවේ ප්‍රධාන චරිතය කරන Melissa Benoist ලොරෙලෙයි චරිතයට පන පොවනවා.ඉතින් ‍ෆිලුමේ කතාව ගැනත් කියන්නම්කෝ.

දැන් ඉතින් කතාව ගැන ටිකක් කීවොත් ඩැනී කියන්නේ චිත්‍ර අදින්න කැමති කෙනෙක් ඉතින් මෙයාගේ තාත්ත එහෙම නැත්නම් පොප්ට මෙයා කැමති නෑ මොකද එයාගේ බීමත්කම හින්දා අම්මා මැරුණ හින්දා.කොහොමහරි තාත්තට තියෙන්නේ වාහන වැඩපොලක් හැබයි කවුරුවත් වැඩිය එන්නේ නෑ, මොකද මෙහේ තියනවා එලිසියන් කියලා තරගයක් ඒක දිනුවොත් රජෙක්ට වගේ සලකනවා හැබයි පැරදුනොත් හිටියත් ගනන් ගන්නේ නෑ. අන්න ඒක තමයි පොප්ටත් වෙලා තියෙන්නේ.ඉතින් වාහන වැඩ පොලට බිස්නස් ටිකක් ගෙන්නා ගන්න සල්ලි ටිකක් හොයාගන්න තමයි පොප් උත්සහ කරන්නේ.ඒකට ඉතින් මොහු මේ සැරේ එලිසියන් තරගයටත් තරග කරනවා.කොහොමහරි ඩැනීගේ අයියා වාහන කොටස් හොරකම් කරලා හිරේ ගියපු කෙනෙක් ඩැනී වගේම තමයි ඔහුත් ඊටත් වඩා පොප්ට වෛර කරනවා ඉතින් ඩැනීගේ අයියාත් පොප්ට විරුද්ධව තරග කරනවා.ඉතින් කවුරු මේ තරගෙන් දිනයිද? ඒ තරගයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් බලලම හොයාගන්නකෝ.වැරදි තියනවා නම් කොමෙන්‍ටුවක් දාලා කියන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරසකින් හමුවෙමු!

Lowriders (2016) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

Lowriders.2016.LIMITED.BDRip.x264-SAPHiRE
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/Nadeeshan-Chathura-Sampath.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

16 thoughts on “Lowriders (2016) with Sinhala Subtitles | පිය පුතු සටනක් ගැන [සිංහල උපසිරැසි සමඟ]

  • savani samaana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට
    ජයවේවා

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dineth Hirumal

    අම්මෝ මේක දෙනකන් තමයි හිටියේ
    Sub එකට ස්තූතී

    Reply
  • The Big Sick (2017) sub denna

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබට. ගොඩාක් පිං

    Reply
  • දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය..

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *