අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළධනුෂ්ක ආරියරත්නසිංහල උපසිරැසිහොල්මන්

Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 37 votes.
Please wait...

IMDB මීටරේ 8.2 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ 2017 මාර්තු මාසෙ. ටිකක් විතර පරණ නිසා සමහරවිට ඔයාල බලලත් ඇති. මේ චිත්‍රපටය Lokesh Kanagaraj අධ්‍යක්ෂකවරයාගේ දෙවෙනි එක, තිර රචනයත් එයාම තමයි කරල තියෙන්නේ. ඉන්දියානු රු. මිලියන 50ක බරපැනක් දරල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ. සංගීත අධ්‍යක්ෂණය Javed Riaz ගෙන් Lokesh Kanagaraj ගෙ පලවෙනි ෆිල්ම් එකෙත් (Aviyal – මේක අධ්‍යක්ෂකවරු 6 දෙනෙක් එකතු වෙලා කරපු එකක්) සංගීත අධ්‍යක්ෂණය මෙයා තමයි කරල තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Sri, Sundeep Kishan, Regina Cassandra යන අය, හැබැයි ෆිල්ම් එකේ කොහෙවත් මෙයාලගෙ නමක්නං කියවෙන්නෙ නෑ. නම් නොකියා කතාව කියන්න පොඩ්ඩක් අමාරු නිසා ඇත්ත නම් දාලා කතාව ටිකක් කියන්නං.

තිරුච්චි සිට චෙන්නායි දක්වා රැකියාවක් සොයා පැමිණෙන උපාධිධාරී තරුණයෙක් (Sri), චෙන්නායි නගරයේ රස්තියාදු ගසමින් සිටින තවත් දඩබ්බර තරුණයෙක් (Sundeep Kishan), එහිම පුද්ගලික සමාගමක මානව සම්පත් කළමණාකාරිනියක් ලෙස සේවය කරන සුන්දර තරුණියක් (Regina Cassandra), රියදුරු රැකියාවක් සොයාගෙන චෙන්නායි පැමිණෙන මැදි වියේ පුද්ගලයෙක්, ගමනාගමන සේවයක් පවත්වාගෙන යන මැරයෙක් (P.K.P), මේ තමයි කතාවෙ ප්‍රධාන වශයෙන් ඉන්න කට්ටිය.

ෆිල්ම් එකේ තියෙන්නේ දවස් 2ක් තුළ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතිව සිද්ධවෙන සිද්ධීන් සමූහයක් අවසානයේ එක තැනකින් අවසන් වෙන කතාවක්. තිරුච්චි ඉදල රස්සාවක් හොයාගෙන එන තරුණයට චෙන්නායි වල පුද්ගලික සමාගමක රස්සාවක් හම්බෙනවා, රස්සාවට බදවගන්නෙ කලින් කියපු HR මැනේජර් (Regina). හැබැයි එදාම රෑම මැරයො ටිකක් එයාට ගහල එයාගෙ අධ්‍යාපන සහතික ටික තියෙන බෑග් එක අරන් යනවා..ඒකට හේතුව වෙන්නේ නම් හැබැයි Sundeep. සහතික ටික පහුවදා ඔෆිස් එකට බාරදෙන්න තියෙන නිසා Sri ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ අතරෙදි Sundeep දාගන්න අවුලක් නිසා එයාට නගරය අතෑරල යන්න වෙන තත්වයකුත් ඇති වෙනවා. වැරදීමකින් මැරයො ටිකක් P.K.P ගෙ දරුවවත් පැහැරගන්නවා. රියදුරු රස්සාවක් හොයාගෙන එන කෙනාට පදවන්න ලැබෙන්නෙත් P.K.P ට අයත් වාහනයක්..දරුවව පැහැරගන්න හින්ද මේ හැමෝටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කට්ටිය මේ කතාවට ප්‍රවේශ වෙන්නේ….ඔය අතරෙ තවත් ලස්සන සිදුවිම් කීපයක් වෙනවා. මිට වැඩියනං කියන්න තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ හැමෝම අවසානෙදි එක තැනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න.

ඇත්තටම මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න කියල සිසිල සහෝ දැනට සතියකට විතර උඩදි තමයි මට භාරදුන්නෙ, සබ් එකේ ලයින් දෙදාස් ගාණක් තියෙන හින්ද වැඩේට ටිකක් කල් ගියා. අනික මේ දවස්වල කාලගුණෙත් ටිකක් අවුල්නෙ. ඒකට පොඩ්ඩක් සමාවෙන්න ඕන…සිංදුත් 5ක් විතර තියෙනවා ඒකටත් සබ් දැම්ම, ඒවනං හැබැයි අවුල් ඇති….කමක් නෑනේ, එහෙනං ලස්සන කතාවක් ඔයාලම අරන් බලන්න. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

[

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

34 thoughts on “Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි [සිංහල උපසිරැසි සමඟ]

  • isharajayakody

    Thanks bro sub ekata..ela

    Reply
  • Sub Ekata Thanks Brother

    Reply
  • Roshannalaka

    ado bn ubl oy sub ekta galapena torrent file ekth dapanko magula

    Reply
  • Lalani Maduwanthi

    Thank you dhanushka malli,,,god bless you

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා

    Reply
  • Pradeep Ekanayaka

    Film ekanam baluwa et sub eka galapenne na ban

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sameera_ishan

    Pakka (2018)[720p HD AVC …මේ ෆිල්ම් එකටත් sub එකක් දෙන්නකෝ..

    Reply
  • professorGreen

    Sub walata sahena sthuthiy. aeth wadak nae mata balanna copy ekak hoyua ganna bane

    Reply
  • professorGreen

    Thanks for the sub bro.. movie link eka denna puluwannam thawath watinawa gatta ussahaya. plz. thanks again

    Reply
  • Machan meke sub eka gelapena copy 1ka mokakda..mokada tv 1ke balanna hadaganna hariyatama gelapena 1k one ban..pls..

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Asanka Premasiri

    thank you …..

    Reply
  • Harshanajayaratha

    Sub එක ගැලපෙන්නේ නැහැ

    Reply
    • Bandara 1976

      KMP player eken film balanawanam key board eke { button eka obala sub hada ganna.

      Reply
  • tharaka701

    sub eka hariyata set wenne na eka hadaganne kohomada?

    Reply
    • Bandara 1976

      KMP player eken film balanawanam key board eke { button eka obala sub hada ganna.

      Reply
  • Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Gathsara Umesh

    Bhooooom sthuuthoyi ayyee

    Reply
  • මේකේ සබ් එක ගැලපෙන්නේ නෑ බං. අපරාදේ….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!

    Reply
  • Dilruk lahiru

    Sub ekt thanx mcn digatama sub denna

    Budu saranai

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *