අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිපවුලේ සැමටයොහාන් සමරසිංහසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Magic Camp (2020) Sinhala Subtitles | මැජික් කඳවුර හෙවත් මැජික් ආයතනය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 21 votes.
Please wait...

සුභ දවසක් ඔබ සියළු දෙනාටම! මමත් කාලයක් තිස්සෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් සබ් ඩවුන්ලෝඩ් කරගන්නවා. හැමදාම ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා විතරයි. ඒ නිසා තමයි අදහසක් ආවේ ෆිල්ම් එකකට මමත් උපසිරැසියක් කරන්න ඔිනෙ කියලා. ඒකෙ අග්‍රඵලය විදිහට තමයි මම මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය විදියට මේක ඔයාලට ගෙන එන්නෙ. මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න අවසර දුන්න සිසිල ප්‍රසාද් ඇඩ්මින් සහෝදරයා ඇතුළු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනෙකුත් ඇඩ්මින්වරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මේ නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය දක්වා මට සහය දුන් මගේ Girlfriend වත් ආදරයෙන් මතක් කරනවා.

දැන් අපි මේ සලරුවට අවධානය යොමු කරමු. මම අද ගෙනාවේ MAGIC CAMP(මැජික් කදවුර) කියන ෆිල්ම් එක. මුලින්ම තිරගත වෙන්නේ Disney + හරහා 2020 අගෝස්තු 14 වෙනිදා. මේක Comedy | Family | Fantasy ගණයට අයිති වෙන චිත්‍රපටියක්. IMDB සිනමා දර්ශකයේ 6.3 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම කුණු තක්කාලි දර්ශකයේ 44% ක අගයක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Mark Waters. 500 Days of Summer (2009), Vampire Academy (2014) සහ Ghosts of Girlfriends Past (2009) කියන ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ මේ අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ Adam Devine, Jeffrey Tambor, Gillian Jacobs කියන අයයි. Adam Devine ගැන නම් කියන්න දෙයක් නෑනෙ. හොලිවුඩයේ ඉන්න ප්‍රසිද්ධම ප්‍රහසන නළුවෙක්නේ. ඒ වගේම පොඩි පොඩි නවක නළු ළමයි ගොඩකුත් ඉන්නවා.

මේකෙ කතාව ගත්තොත්, තියෝ කියන්නෙ අවුරුදු 12ක පොඩි ළමයෙක්. එයාගෙ තාත්තා තමයි එයාට මැජික් කියන දේ මුලින්ම කියලා තියෙන්නෙ. තාත්තා ඇමරිකන් ගුවන් හමුදාවෙ සේවය කරන්නෙ. නමුත් හදිසියේම එයාගෙ තාත්තා මියයනවා. ඉන්පස්සෙ තියෝ ඉන්නෙ අම්මා සහ මල්ලි එක්ක. දවසක් තියෝට අළුත්ම විදිහෙ ලියුමක් ලැබෙනවා. ඒකෙ තියෙන්නෙ මේ ගිම්හානයේදී මැජික් ආයතනයට ඇවිත් මැජික් ඉගෙනගන්න කියලා. ඊට සමාන්තරව මේ කතාවට ප්‍රධාන චරිත විදියට ඇන්ඩි කියන ටැක්සි රියදුරා සහ ඩාක්වුඩ් කියන ලෝක ප්‍රසිද්ධ මැජික්කාරියක් සම්බන්ධ වෙනවා. මොකක්ද මේ මැජික් ආයතනය? කවුද රෝයි ප්‍රෙස්ටන් කියන්නෙ? ඇන්ඩි සහ ඩාක්වුඩ් අතර තියෙන සීතල යුද්ධය මොකක්ද? තියෝට මැජික් ආයතනයේදී හමුවන යාළුවො කවුද? හතුරො කවුද? ආයතනයේ වර්ශ අවසාන ත්‍යාගය දිනාගන්නේ කවුද? මේවට උත්තර හොයන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අළුත් චිත්‍රපටියකින් හමුවන තෙක්, වාසනාවන්ත කාලයක් වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-08-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

30 thoughts on “Magic Camp (2020) Sinhala Subtitles | මැජික් කඳවුර හෙවත් මැජික් ආයතනය [සිංහල උපසිරසි සමඟ]

  • Ashka Lakshan

    ගොඩක් ස්තුතියි උපසිරසියට!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Thanks …………good luck ………….

    Reply
  • Movie king

    කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක්.. ඒ වගේම ස්තූතියි මේකට සබ් එක දුන්නට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… බොහොම ස්තුතියි… ජය!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Supirri sub eka.. good luck

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • thanks
    the sleep over akatath sub aka

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ඒ වගේම බයිස්කෝප් පවුලට පිළිගන්නවා
    දිගටම සබ් දෙමු මල්ලි
    ජය !!!

    Reply
  • Dhanushka Dilranga

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • IsuruHikka

    tHnx saho sub ekata….!!!
    Digatama oka karagena yamu…

    Reply
  • පළමු උපසිරසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Uvindu Induwara

    පලවෙනි උපසිරසටම නියම film එකටනෙ සුබ් ගෙනත් තියෙන්නෙ. සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .තවත් උපසිරස කරන්න කාලය ලැබේන්න පතනවා.

    Reply
  • අඩවියට සාදරයෙන් පිළිගන්නවා යොහන්! 🙂
    පළමු උපසිරසගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *