අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්කොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිළමයින්ට

Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 41 votes.
Please wait...

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි මාවල් විසින් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් තමයි ඇනිමේෂන් එකක් නිකුත් කරන්නෙ. ඉතිං එහෙම නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි Marvel Rising: Secret Warriors කියන්නෙ. දැනැට ආරංචි වෙන විදිහට නම් මේක Franchise එකක්. එහෙම නැත්නම් චිත්‍රපට මාලාවක්. Marvel Rising: Secret Warriors කියන්නෙ එහි පළමු චිත්‍රපටය. ඉදිරියට Initiation, Chasing Ghosts, Heart of Iron වගේ චිත්‍රපට එන්න නියමිතයි.

Marvel Rising: Secret Warriors චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නෙ මාවල් විශ්වයේ ඉන්න ඉන්හියුමන් වරු. දැන් නම් ගොඩක් අය ඉන්හියුමන්ලා ගැන දන්නවා ඇතිනෙ. මොකද මේ වෙනකොට Marvel’s Agents of S.H.I.E.L.D සහා Marvel’s Inhumans යන කතා වලින් මෙයාලව ගොඩක් හොඳට හදුන්වලා දීලා ඉවරයි. ඉතිං ටෙරිජන් දුමාරය නිසා තමන්ට බලයන් ලැබුන පොඩි ළමයි හොයාගෙන ක්‍රීලා එනවා අවුරුදු දහස් ගානකට පස්සෙ ඔවුන්ව තමන්ගෙ හමුදාවට බදවගන. හාලා (Hala the accuser) තමයි මෙතන ප්‍රධානියා වෙන්නෙ. හාලා නියෝජිත එක්සයිල් කියන ඉන්හියුමන් එවනවා තරුණ ඉන්හියුමන්ලව හොයාගෙන. ඉතිං මේ පැහැරගැනීම් නතර කරන්න ඉදිරිපත් වෙන්නෙ මිස් මාවල්, ස්කුරල් ගල් සිංහලෙන් කිව්වොත් ලේන් කෙල්ල. මේ දෙන්න නම් කට්ටියට එහෙමට සුපුරුදු නැතුව ඇති.

ඒ වගේම තමයි අපි හොදටම දන්න කියන ඩේසි ජොන්සන් AKA ක්වෙක් මේකෙදි ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම ශීල්ඩ් බලපු අයට මතක ඇති සීසන් 4 වල ෆ්රේම්වර්ක් එකේදි ජෙෆ්රි මේස් පේට්‍රියට් එහෙමත් නැත්නම් දේශප්‍රේමියා කියන චරිතයක් හිටියා. අන්න ඒ චරිතය Secret Warriors තුලින් දකින්න පුළුවන්. ඒ වගේම ඇමරිකා චාවේස්, ඉන්ෆෙන්රෝ සහා කැප්ටන් මාවල් අන්තිමට කැප්ටන් ඇමරිකාවත් දකින්න පුළුවන්.

  • ඒ වගේම තමයි හඬ කැවීම් පැත්ත ගැන කතා ක්ලොත්, අපි දන්න කියන අය ගොඩක් හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා. *ඩේසි ජොන්සන් AKA ක්වෙක් – සුපුරුදු පරිදි ශීල්ඩ් හි ක්වෙක් චරිතය රගපාන Chloe Bennet හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • ඩන්ටේ AKA ඉන්ෆෙන්රෝ – ටීන් වුල්ෆ් කතා මාලාවෙ ස්කොට්ගෙ චරිතය රග පෑ Tyler Posey හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • හාලා – ශීල්ඩ් කතා මාලාවෙ නියෝජිත මේ ගෙ චරිතයට පන පොවන Ming-Na Wen හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • කැරොල් ඩැන්වර්ස් AKA කැප්ටන් මාවල් – 24 කතා මාලාවෙ රග පෑ Kim Raver හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා. ඔය වගේ අපි හදුනන ගොඩ දෙනෙක් Marvel Rising: Secret Warriors හි හඬ කැවීම් වලට දාකය වෙලා තියෙනවා.

මාවල් විශ්වයේ එන චරිත එකතු කරලා නිර්මාණය කල Marvel Rising: Secret Warriors හි අධ්‍යක්ෂණය Alfred Gimeno වන අතර නිෂ්පාදනය Marvel Animation මගින් වෙනවා. ඒ වගේම බෙදා හැරීමේ කටයුතු කරන්නෙ Disney Channel සහා Disney XD ආයතන දෙක විසින්.

ඉතිං ඔය තමයි කතාව පිළිබඳව කියන්න තියෙන අටුවාටිකා ටික. එහෙනම් ඉතිං කැමති අය බාගෙන බලන්න. හැබැයි ඉතිං රේටිං බලලා කතා බලන අය නම් කියන්න තියෙන්නෙ මහ ලොකු රේටින් මේකට නෑ. එහෙනම් මම ගිහින් එන්නම්.

Hail Marvel!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

29 thoughts on “Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

  • ane mata me secret wars eka download karaganna puluwan web site eheka link ekak dannako hoyaganna nane meka
    plz help!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sayuru_tharanga

    Godak sthuthi saho

    Reply
  • Niyamai saho. Elakiri…

    Reply
  • Udara Damith Dissanayaka

    සෙට් එකක්ම තියෙනවා බලන්ඩ
    මාවල් ලා ඉති ඉදලා ඉදලා දෙන ඇනිමේෂන් නියමයිනේ

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ස්තූතියි සහෝ.ජයම වේවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Ayesh Prashan

    Marvel nam aniwa balano.Thank You

    Reply
  • Damru Ravihara

    Thanks for subs

    Reply
  • elama saho..
    Animation ekak denakan balan idye..
    Thanks for sub..
    Good Luck..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *