අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධරොෂාන් ශමීර ජයසිංහසිංහල උපසිරැසි

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..

Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි.

Missing in Action 2: The Beginning

යුධ නිරීක්ෂන කටයුත්තක යෙදෙන කර්නල් බ්‍රැඩ්ඩොක්ට ඔවුන්ගේ සගයින් පහරදීමකට ලක්වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔවුන්ගේ සහයට යන බ්‍රැඩ්ඩොක්ට එල්ලවන ප්‍රහාරයක් නිසා ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය කඩා වැටෙනවා. කර්නල්ගේ දක්ෂ කම නිසා ගඟකට පාත් කර යානයේ සිටින සියළු දෙනා නිරුපද්‍රිතව ඉන් පැනගන්නේ යානය පිපිරෙන්න මොහොතකට පෙරයි. නමුත් අවාසනාවට ඔහු සිරකරුවෙක් ලෙස වියට්නාම් කඳවුරකට කොටුවේ.

කර්නල් ජේම්ස් බ්‍රැඩ්ඩොක් ලෙස සුපිරි ක්‍රියාදාම නළු චක් නෝරිස් එක්වන Missing in Action කතා මාලාවේ දෙවන කොටසයි මේ. මෙහි Chuck Norris ට අමතරව Soon-Tek Oh, Steven Williams, Bennett Ohta, Cosie Costa සහ Joe Michael Terry රංඟනයෙන් දායක වේ. නිෂ්පාදනය Menahem Golan සහ Yoram Globus විසින් වන අතර අධ්‍යක්ෂණය Lance Hool විසිනි.

1985 මාර්තු 01 වන දා තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 95ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය සඳහා නිෂ්පාදන වියදම ඇ.ඩොලර් මිලියන 2.4ක් පමණ වැය වී ඇති අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 10 ක් පමණ වේ. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.3 ක්, Rotten Tomatoes 47% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 91%ක කැමැත්ත ලැබී ඇත.

– ඇමරිකානු වීරයෙකුගේ කතාව දිගටම! –

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ළඟදීම දවසක මේ චිත්‍රපටයේ තුන්වෙනි කොටසේ සිංහල උපසිරසිය එක්ක හමුවන තුරු ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

15 thoughts on “Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    Tha Delta Force 2 (1990) ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද
    පලවෙනි එකට නම් සබ් දීලා තිබුනා
    චක් නෝරිස් අයියාගේ ෆිල්ම් එකක් නේ ඒකත්

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • ah ela bro thanks a lot. best of luck and stay safe

    Reply
  • රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

    Reply
  • Thanks…..jayawewa….!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    චක් නොරිස් ගේ ගොඩක් ෆිල්ම් නැහැනේ. ටිකයිනේ තියෙන්නේ. හරියට Bruce Lee ගේ වගේ. ඒ නිසා සහොට පුලු පුලුවන් වෙලාවට චක් නොරිස් ගේ ෆිල්ම් ටික එකින් එක සබ් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. සහෝ ඇරෙන්න මේ ෆිල්ම් වලට සබ් කරන්න වෙන කවුරුවත් බයිස්කෝප් අඩවියෙ නෑනේ.

    චක් නොරිස්

    (Breaker! Breaker!-1977) (Good Guys wear Black-1987) (A Force of One-1979) (The Octagon-1979) (An Eye for an Eye-1981) (Silent Rage-1982) (Lone Wolf Mcquade-1983) (Cord of Silence-1985) (Invasion U.S.A. – 1985) (Forest Worrior-1996)

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් කරන්න වෙලාවක් තියනවා නම්.

    වෑන් ඩෑම්

    Black Eagle – 1988
    Street Fighter – 1994

    ආර්නොල්ඩ්

    Hercules in New York – 1970
    Red Sonja – 1985

    ජෙට් ලී

    Shaolin Temple – 1982
    Kids from Shaolin – 1984

    සිල්වෙස්ටර් ස්ටැලෝන්

    Rhinestone – 1984
    Tango & Cash – 1989

    ජැකී චෑන්

    Island of Fire – 1990
    Crime Story – 1993

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *