සුභම සුභ දවසක් වේවා!!!! බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැදගෙන සිටිනා ප්‍රිය මිතුරු මිතුරියනි, වෙනදා මෙන් අදත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් ඔබ මුණගැසෙන්නට ආවත් අද දවස මට නම් විශේෂ දවසක්….. ශ්‍රී ලාංකීය අන්තර්ජාල සිංහල උපසිරැසිකරණ‍යේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් නම් වූ විශාල පවුල සමඟින් එ…

සුභම සුභ දවසක් වේවා!!!!

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැදගෙන සිටිනා ප්‍රිය මිතුරු මිතුරියනි,

වෙනදා මෙන් අදත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් ඔබ මුණගැසෙන්නට ආවත් අද දවස මට නම් විශේෂ දවසක්….. ශ්‍රී ලාංකීය අන්තර්ජාල සිංහල උපසිරැසිකරණ‍යේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් නම් වූ විශාල පවුල සමඟින් එකතුවෙලා අද වන විට දන්නෙම නැතුව අවුරුදු හයකුත් ගෙවිලා ගිහින්…. 2015 ඔක්තෝම්බර් මාසේ 16 වෙනිදා Thilagar 2015 දමිළ සිනමා පටය වෙනුවෙන් පළමු සිංහල උපසිරැසිය නිර්මාණය කර www.Baiscopelk.com අඩවියට ලබාදීලා පනස් වෙනි සිංහල උපසිරැසි නිර්මාණය, එහෙමත් නැත්නම් උපසිරැසි කරණයේ පලවෙනි කඩඉම වෙනුවෙන් Race 2018 හිංදි සිනමාපටය වෙනුවෙන් ලබාදීලා දෙවැනි කඩඉම විදියට Master 2021 දමිළ සිනමා පටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරලා ඉදිරිපත් කිරිමට සැලසුම් කරගෙන සිටියත් ලොවපුරා පැවති කෝවිඩ් 19 වසංගත තත්වය නිසාත් එම චිත්‍රපටය තිරගත වීම කල් දැමුණු නිසාත් දෙවැනි සිංහල උපසිරැසි කඩඉම සමරන්නට නොහැකි වුණා. අද මා ඔබ හමුවට පැමිණියේ මාගේ උපසිරැසිකරණ ක්‍ෂෙත‍්‍රයේ තෙවන කඩඉම නොහොත් 150 වෙනි සිංහල උපසිරැසි ගැන්වීමත් සමඟින් ..! අද විශේෂ දවසක් නිසා දීර්ඝ ලිපියකින් ඔබ හමුවට පැමිනීමට සිතුවා….. එසේ නමුත් මා එම දීර්ඝ විස්තරය කීමට සූදානම් වෙනවාට කැමති කෙනෙකු සිටියිනම් කියවා බලන්න යැයි ආරාධනා කරන අතර කියවීමට අකමැති අය ගැනත් අමනාපයක් නැති බව කියමින් මේ ලිපියේ ඊලඟ පියවර දෙසට යොමුවෙනවා.

බයිස්කෝප් සිංහලෙන් පවුල ගැන කතා කරද්දි මේ මොහොතෙදි මුලින්ම ඉතාමත් ආදරයෙන් මතක් කල යුතු පුද්ගලයන් අතරින් මට සුවීශේෂි වෙන පුද්ගලයෙක් තමයි අපේ සමීර චතුරංග සහෝදරයා.! (ඩොකා) සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්නට ඉස්සෙල්ලා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ විද්‍යුත් තැපෑල් ලිපිනය වෙන [email protected] වෙත දැනුම් දුන්නාට පස්සේ එම ඊමේලයට පිළිතුරු ලබාදීමේ ඉඳලා ඔහුගේ සක්‍රීය සේවය බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් සපයන තාක් මා සමඟින්ම ඉඳලා මඟ පෙන්වලා ම‍ාගේ හැකියාවන් තේරුම් අරන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ගැලපෙන චිත්‍රපටයන් තෝරලා දීලා සිංහල උපසිරැසිකරණයේදි සෙවනැල්ලක් මෙන් මා සමඟම එකට සිටි පෞද්ගලික දිවියේදි පවා හොඳින් ඇසුරුකරන මිතුරෙකු ලෙසටත් ඔහුව හඳුන්වන්න පුළුවන්, ඔහු එදා මා යැවු ඊමේලය වෙත පිළිතුරු ලබාදීලා බයිස්කෝප් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගත් නිසා මා අද සිංහල ශ්‍රී ලාංකීය උපසිරැසිකරණ ක්ෂේත්‍රයේ මෙවන් තැනක නතර වෙලා ඉන්නවා කියා ඉතාමත් ගෞරවයකින් යුතුව කියන්නට පුළුවන්…….බයිස්කෝප් පවුලේ ඊලඟට හමුවුන අයව ගෞරවයෙන් මතක් කල හොත් අන්තර්ජාලයේ පළමු වන නිදහස් සිංහල උපසිරැසිය නිර්මාණය කර, එය නොමිලේ නිකුත් කල ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ නියමුවා වන රොයිලි ප්‍රනාන්දු අයියා, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිටිනා තවත් සුවිශේෂි පුද්ගලයකු වන හසන්ත වික්‍රමරත්න අයියා ඇතුලු ඇඩ්මින් මඩුල්ලේ පෙර සිටි සහ දැන් සිටිනා අශාන් විමුක්ති (විමා), සමීර කරුණාරත්න, ආසිරි ප්‍රියන්ත, සිසිල ප්‍රසාද්, චාමර සම්පත්, තිසර නියෝ, ප්‍රනීත්, නවොදනී තිලිණි සසනිකා, එල්සි ද මැල්, සූධීර මාලන් යන සහෝදර සහෝදරියනුත් මතක් කරන්න ඕන.එක නමක් හරි මඟ ඇරුනා නම් සමාවෙන්න.

ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මූලික අඩිතාලම දැමු ඉසිර ගුණතිලක, චමින්ද ඩි වාසල, උමේෂ් ලීලසේන යන සහෝදරවරුන්වත් මේ මො‍හොතේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත්කොට ඔවුනට කතෘඥතාවය ප්‍රකාශ කිරිමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.

සහෝදර උපසිරැසිකරුවන් ටික මේ මොහොතේ ගෞරව පූර්වකව සිහිපත් කලහොත් සඳුන් ධනුෂ්ක, දහරා මුතුඅමා, සචිත් ලක්ෂාන්, දිල්ශාන් සචින්ත, දිල්ශාන් කාලිංග, මයුර සුරාජ්, යුශාන් පියුමාල්, චමෝද් රශ්මික, සිරාජ් ප්‍රියන්ත මල්ලි, හෙලළි හේමමාලි නංගි, යුරාන් ධනුක මල්ලි, චන්දිම අමරසිංහ(සර්), නිලුපුල් මදුකප්‍රිය, ඉමේෂ් කුමාර, බේනුක, චානක ඉඳුනිල්, දිලේඛා ප්‍රබෝධිනී නංගි, සොනාලි තාරිකා නංගි, ගයේෂා සත්සරණි, ශසිත් සඳරුවන්, රවිඳු රුක්ෂාන්, රවිඳු තේනබදු, දේවක සඳරුවන්, ගයාන් චතුරංග, තාරක නුවන් දිල්හාර, සුභාෂිණි මල්ලව ආරච්චි, ඕෂධ ධනංජය ඇතුලු පසුගිය කාල සීමාවේ මා සමඟින් ලඟින්ම සිටි සහෝදර උපසිරැසිකරුවන් වෙන ඉන්ද්‍රජිත් උදය කුමාර මල්ලි, දසන් බුද්ධික මල්ලි සහ චාමික මදුශාන් යන සොයුරන්වත් මතක් කරන අතරම නවතමයෙන් සිංහල උපසිරැසිකරණයට එකතුවුන සහොදර සහෝ්දරියන්වත් ඉතා ගෞරවයෙන් යුතුව මතක් කර සිටිනවා.

තවද අප අඩවියට යන එන නිතර නිතර Comment වලින් අපව දිරිමත් කරන බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියළු දෙනාමත් ඉතා ආදරයෙන් මේ මොහොතේදි සිහිපත් කරනවා.

සිංහල උපසිරැසිකරණය ගැන කතා කලහොත් බොහොමයක් ලිපිවල මා ඔබ සමඟින් මාගේ අත්දැකීම් බෙදාහදාගෙන තිබෙනවා.වෙනත් භාෂාවක සිනමාපටයක් සඳහා අපේ භාෂාවෙන් හැමෝටම ත‍ේරෙන විදියට සිංහල උපසිරැසියක් නැතිනම් සරලම විදියට සබ්(SUB) එකක් ගහන එක හිතන තරම් පහසු දෙයක් නොවන බව මම මෙතන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. අන් අයගේ සිනමා රසාස්වාදය පිණිස උපසිරැසිකරුවෙක් තමන්ගේ විවේක කාලය+මුදල්+රාජකාරි වැඩ වගේ ගොඩක් දේවල් කැපකරනවා. එහෙම කැපකිරීම් රාශියකට පසුවයි ප්‍රේක්ෂක ඔබගේ අතට කුඩා KB ප්‍රමාණයක උපසිරැසි ගොනුවක් ලැබෙන්නේ.! ඉතින් උපසිරැසිකරුවකු සිදුකරනා ඒ අපරිමිත කැපවීමට ලැබෙනා එකම ප්‍රතිඋපකාරය සහ කෘතඥතාවය තමයි Comment තීරුවේ ප්‍රේක්ෂක ඔබ යම් අදහසක් ලියා තබා යන එක. ඉතාමත් කණගාටුවෙන් උනත් කියන්න වෙන දෙයක් තමයි බොහොමයක් දෙනා විසින් පැහැර හරිනා එකම දේ තමයි අප කරනා ඒ කැපකිරිමට වචනයකින්වත් යම් වටිනාකමක් ලබා නොදීම. තවත් ඒ ගැන කතා නොකර මෙතෙක් කල් ආ මඟ පොඩ්ඩක් හැරී බලමු.

2018 අගෝස්තු 22 දින උපසිරැසිකරණයේ පලමු කඩඉම වෙන පනස්වැනි සිංහල උපසිරැසිය ලෙස ගෙන ආවේ Race 3 2018 හිංදි සිනමාපටය සඳහා කල සිංහල උපසිරැසි නිර්මාණයයි.! අද දින 150 වැනි සිංහල උපසිරැසිය නොහොත් උසිරැසිකරණයේ තෙවන කඩඉම ලෙස මා ඔබ වෙත ගෙන එන්නේ මේ වසරේ නිර්මාණය වුණ දමිළ සිනමාපටයක් වෙන Enemy 2021 සඳහා නිර්මාණය කල සිංහල උපසිරැසියයි.මා විසින් නිර්මාණය කරන ලද සියලුම සිංහල උපසිරැසින් උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා නිර්මාණය කරන ලද ඒවා වෙනවා වගේම භාෂාමය වශයෙන් වෙන් කර වර්ගීකරණය කරන්නට වෙලාවකුත් නෑ, නමුත් ඒවාගෙන් වැඩි සිංහල උපසිරැසි ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙන්නේ දමිළ චිත්‍රපට සඳහා බව නම් කියන්න පුලුවන්.! තවත් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය ගැන විස්තර කිරීම දෙසට යොමුවෙමු.

කොරෝනා වසංගත තත්වය හමුවේ ලෝක සිනමාවම දැඩි අවදානම් අවධියක පැවතුනා, සිනමා නිර්මාණ අතර මඟදි වැඩ නැවතීම,සිනමාපටයකට අදාල සියලුම කටයුතු අවසාන කර තිබුණත් තිරගත කරන්නට අවකාශයක් නොතිබීම,තිරගත කරන්නට දින වෙන්කර තිබුණත් නියමිත දිනයන් හා කල් දමා හෝ තිරගත කරන්නට ලැබෙන අවස්ථාවක් පේන මානයකවත් නොතිබීම ආදි බොහෝමක් දුෂ්කරතාවයන්ට මුළු මහත් ලෝක සිනමාවම මුහුණ දුන්නා. මේ අතරතුර කාලයන් හි කොරෝනා උවදුර යම් මට්ටමකට පාලනය වූ අවස්ථාවලදි ඇතැම් සිනමාපටයන් තිරගත කරන්නට යෙදුනා. එනමුත් එයද වැඩි කාලයක් පැවතුනේ නෑ. ඉහත කරුණු සමඟින් කාලය ගත වෙද්දි කොරෝනා උවදුර යම් මට්ටමකින් පාලනය වුණත්, විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද සිනමාපටයක් ක්ෂනිකව තිරගත කරන එකත් ලොකු අභියෝගයක් බවට පත්වුනා.

කෙසේ නමුත් Enemy 2021 හි අධ්‍යෂක Anand Shankar නිෂ්පාදක S Vinod Kumar, ප්‍රධාන චරිතයන් හොබවන Vishal සහ Arya ඇතුලු මේ සිනමා නිර්මාණය සඳහා දායකවූ සියලුම දෙනා ඉහත කී අභියෝගයටත් අභියෝගයක් වෙමින් ඉතා ඉක්මණින් Blockbuster ලේබලය අලවා ගනිමින් සාර්ථකව අභියෝගය ජයගත්තා.නොවැම්බර් මස 04 දීපවාලි දිනයේදි තිරගත කිරීම ආරම්භ කල Enemy 2021 සැලකියුතු කාලයක් වසා දමා තිබු සිනමාහල් නැවතත් විවෘත කරමින් නව ජීවයක් ලබාදෙමින් පෙරළිකාර ලෙසින් තිරගත කෙරුණා,ආදායම් වාර්තා ඉහලින්ම තබමින්,ප්‍රේක්ෂක හා විචාරකයින්ගේද ඉමහත් පැසසුම් ලබමින් සාර්ථක ලෙසින් තිරගත වුණා. චිත්‍රපටය ගැන අදහස් දක්වන විටදි සිනමාපටයේ අන්තර්ගත කතාව,තිර රචනය, අධ්‍යක්ෂණය, ක්‍රියාදාම හා ත්‍රාස්‍ය රසය වගේම බොහොමයක් දෙනා මෙහි Sam C. S විසින් නිර්මාණය කල මනරම් පසුබිම් සංගීත නිර්මාණය සහ S. Thaman විසින් ගීතයන් සඳහා නිර්මාණය කල සංගීතය පිළිබඳවත් අදහස් දැක්වූවා.

Vishal සහ Arya මීට පෙර රඟපෑ Avan Ivan 2015 සිනමාපටය දමිළ සිනමා රසික ඔබට මතක ඇතැයි සිතමි. එහිදි මොවුන් ඉදිරිපත් කල සුවිශේෂි වූ රංගනය හමුවේ ප්‍රේක්ෂකයින් අතරමං වුණා සේම මවිතයට පත්වුණා. ඔවුන් එම චරිතයන් තුලට කාවැදී චිත්‍රපටයේ අන්තර්ගතයට හොඳ සාධාරණයක් ඉටු කරමින් මනා සම්බන්ධතාවයකින් යුතුව තම කර්තව්‍යය මැනවින් ඉටුකර තිබුණා. සැබෑ ජිවිතේදිද ගජමිතුරන් වෙන මොවුන් දෙදෙනා Avan Ivan සිනමාපටයෙන් පසුව එක තිරයකදි දැක ගැනීමට හැකිවෙන්නේ Enemy 2021 සිනමාපටයෙන්, මෙහිදි මොවුන්ගේ අතිවිශිෂ්ඨ රංගනය, චරිතයන් ජීවමාන කර ඇති ආකාරය සිනමාපටය නැරඹූ විට ඔබටත් පසක් වේවි. Enemy 2021 අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anand Shankar විසිනි Arima Nambi, Iru Mugan, NOTA, යන ඉතාමත් සාර්ථක දමිළ සිනමාපටන් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවු සිනමා නිර්මාණයන් වේ. දමිළ සිනමා රසිකයකු වෙන ඔබ අනිවාර්යෙන්ම එම චිත්‍රපට ත්‍රිත්වය අනිවාර්යෙන්ම නරඹා ඇති,ඒ චිත්‍රපටයන්ගේ තිබුණ නිර්මාණශීලිත්වය, තිර රචනය, අන්තර්ගතය ආදි කරුණු ගැන මොහොතක් මෙනෙහි කර බැලුවොත් Anand Shankar සිනමා අධ්‍යක්ෂතුමාගේ වැඩ ගැන අමුතුවෙන් ලිවිය යුතු නෑ,එතරම් ඔහුගේ නිර්මාණශීලි ගුණය ඉහලයි.

Enemy 2021 සඳහා සිනමා විචාරකයින් සහ සිනමා විචාරක වෙබ් අඩවි විසින් ලබාදුන් වර්ගීකරණයන්.

අවසාන වශයෙන් වෙනදා මෙන් චිත්‍රපටය ගැන යම් තොරතුරු ප්‍රමාණයක් ගෙනැවිත් තිබෙනවා. චිත්‍රපටය නරඹනවද.? නැද්ද යන්න. ඔබට මේ විස්තරය දෙස බැලුවම තීරණය කල හැකිවෙයි. මේක හොඳයි අරකට වඩා මේකට මෙච්චරක් වියදම් කරලා තියෙනවා ඒ නිසා මේක බලන්නම ඕන ආදි නානාප්‍රකාර කරුණු වලට මුල්තැන දීලා ඇ‍‍‍‍ගේ ගහලා යන්නේ නෑ. අවසාන වශයෙනුත් කියන්නම් Comment තීරුවේ ඔබ දක්වන වටිනා අදහස් උපසිරැසිකරුවන් වන අපට ඉතාමත් වැදගත්. එය අපි ඉතාමත් අගයකොට සලකනවා. අපි මේ මහන්සිවෙලා කරන වැඩේට ඔබත් අදහස් දැක්වීමකින් හෝ යම් වටිනාකමක් ලබාදෙන්න යැයි ඉල්ලා සිටිනවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HQHD, HD DVD සහ HC-ESub  පිටපත් සඳහා අදාළ වේ.

43,291 downloadsDownload Enemy-2021-New-Update.zip145 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

43,291 downloadsDownload Subtitles145 KB

147 comments

  1. Teron

    Congrats brother

  2. Anonymous

    යකඩෝ හිතුවෙවත් නෑ මෙච්චර කලින් දෙයි කියලා.
    150වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා සහෝ.
    ජයෙන් ජයම වේවා.

    1. මයුර

      ඒ වගේම මාවත් මතක් කළාට තුති අයියේ. ජයෙන් ජයම වේවා.

  3. Anonymous

    Thanks for Subtitles
    Good luck

  4. Bhanuka

    සුබපැතුම් පුතී...දිගටම මෙහෙම අලුත් ෆිල්ම් ඉක්මන්ට දෙමු...

    1. Dulan

      Congratulations

  5. Nisansala Gangodawilage

    Thank you for sub. Congrats.
    meka baiscopedownloads wala nane Download karaganna.

  6. තාරක නුවන් දිල්හාර

    සුභ පැතුම් අයියේ...!!!
    ඉදිරියටත් නොනැවතී උපසිරැසි ගෙනෙන්නට කාලය, හැකියාව ලැබේවා..!!
    ඒ වගේම ස්තුතියි මාවත් මතක් කලාට..
    ඉක්මනටම ඊළඟ කඩයිමටත් යමු!
    ජය වේවා.!!!

  7. Gathsara Umesh

    150ට හදවතින්ම සුබපඇතුම් අයියේ...❤️✌️

  8. Buddhika Lakmal

    150වෙනි කඩඉමට සුබපැතුම් මචං... දෙමළ හින්දි තෙළිගු අහගෙන සබ් දෙනව කියන්නේ ඉතිං MTR තමයි... අපි වගේ ෆිල්ම් බලන උන්ට මේ වගේ නිදිමරාගෙන ෆිල්ම් එකක් ආපු ගමන්ම සබ ගහල දෙනවට බොහෝම ස්තූතියි... පෞද්ගලික ජීවිතයේ කරන කියන වැඩකටයුතුත් සාර්තකව කර‍ගෙන යාමට ලැබේවා.....

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Samitha lakmal

      150 ට සුබ පැතුම් සහෝ

  9. Kantha_DLA

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Pcvenom

    Ehenam 200 gahamu ikmanata congratulations

  11. Kavindu

    150 ට සුබපැතුම් සහෝ

  12. prasad

    Congratulations ❤️

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Sasanka sathyajith

    Thanks for the sub

  15. Naveen

    සුබපැතුම් සහෝ

  16. Oshada

    තුන්වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ

  17. oshanda

    සුභ පැතුම් සහෝදරයා .. ඔන්න ආයෙත් ගේමට බැහැලා... කාර්යය බහුල ජීවිතේ අලුත්ම හිට් එකක් අරගෙන ආවා... නියමයි... මේක දිගටම බලාපොරොත්තු වෙනවා. 150 වෙනි සබ් නිර්මාණයට හදවතින්ම සුභ පතනවා

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

    1. හසිත මධුෂාන්

      *ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  19. Hasitha

    තුන්වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ..!!
    සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

  20. මයිකි

    සුපිරි තමා. ගොඩ කාලෙකින් සුපිරි ටැමිල් එකක් කාටත් කලින් බයිස්කෝප් ලබා දිලා තියෙන්නේ.. එලම මේ වගේ ඉදිරියටත් කලින් දෙන්න උත්සාහ ගන්න... තැන්ක්ස් සබ් එකට

  21. හේමන්ත

    සුභ පැතුම් තරිඳු
    තව තවත් හොඳ නිර්මාණ අපට පහසුවෙන් රස විඳින්න අවස්ථාව උදාකර දෙන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ.

  22. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ 150වෙනි සබ් එකට සුබ පැතුම්

  23. Lakmal

    සුපිරිම ටැමිල් ෆිලුමක් ගෙනත් කඩයිමට
    ඊලග කඩයිම්වලටත් ඉක්මනින් යමු

  24. Chathura Lakshan

    බොහෝම තුතී සබට 150 නිර්මාණයට මගේ සුබ පැතුම් ඔබේ ජීවිතය සාර්ථක වේවා ❤️❤️

  25. Rumesh

    තුන්වෙනි උපසිරැසි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ..!
    ජයෙන් ජයම වේවා..!

  26. Anonymous

    සුබපැතුම් ලොක්කා
    MTR - MGR ලගින් යනෝ නම් දෙකත්..hikzz

  27. Deshan

    150ට උනුසුම් සුබපැතුම් සහෝ
    ජය වේවා!!!

  28. Naveen Mbr

    සුභ පැතුම් තරිඳු අයියා! ජයෙන් ජයම වේවා!

  29. චමින්ද

    නියමයි සහෝ. .....තව දුර යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. .....

    1. යුශාන් පියුමාල්

      සුපිරි බ්‍රදර් ඉක්මනින් ඩබල් සෙන්චරියත් ගහමු
      ඒවගේම ස්තුතියි මාව මතක් කලාට
      150 වෙනි උපසිරසට සුබ පැතුම් බොක්ක

  30. Neo

    Congrats brother
    Keep it up

  31. Anonymous

    English subtitles watenne nathi copy nadda bn

  32. DILmin

    Congratulations!
    Sub ekata thanks!

  33. Anonymous

    thank you,,,

  34. Prabodha

    ගොඩක් ස්තුති සහෝ

  35. Pahasara

    Godk thankz saho...

  36. Idunil Weerasinghe

    Congratulations brother

  37. Gayan

    සුබපැතුම් තරිදු සහෝ

  38. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  39. Sonali

    150 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්!!!!

  40. Bimsara Yashan(ඔලිව)

    150 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. ඉදිරි වැඩකටයුතු සාර්ථකත වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  41. Anonymous

    congratulation and thanks dude

  42. Anonymous

    Thank you.

  43. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  44. Jaddu

    තෙවන කඩයිමට සුබපැතුම් සහෝ

  45. නිමල් දිසානායක

    පෙනෙයි සබ් දෙන අයුරු ඔබ සැම රසික අප සැම දෙනා වෙනුවෙන්
    තුති පුදන්නෙමි; සෙත් පතන්නෙමි පසු කරන්නට තවත් කඩයිම්!

  46. Sanjeewa2010

    Pattaaaaaaaaaaaa

  47. sanul sanjan

    thanx brother

  48. Anonymous

    Ela thanks

  49. Dileka

    150ට උණුසුම් සුභපැතුම් අයියේ!!
    ඉක්මනටම 200ටත් යං.
    මාවත් මතක් කළාට ස්තූතියි.තවත් සබ් ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!!

  50. Redrux

    Congrtz bro

Load more comments