කොහොමද හැමෝටම ඔන්න අද මම ඕගොල්ලොන්ට අරගෙන ආවෙ මගේ දෙවන උපසිරැසි ගැන්වීම. ෆිල්ම් එකේ නම තමයි ලේහන්සි ඔෆ් ලයිෆ්. මේක Action/Thriller කාණ්ඩයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ රඟපාන්න ඉන්න ප්‍රධාන නළුවා තමයි Scott Adkins කියන්නෙ. මෙයා නළුවෙක් විතරක් නෙවෙයි සුප්‍රසිද්ධ martial artist කෙනෙක් වගේම gymnast කෙනෙක්.…

කොහොමද හැමෝටම ඔන්න අද මම ඕගොල්ලොන්ට අරගෙන ආවෙ මගේ දෙවන උපසිරැසි ගැන්වීම. ෆිල්ම් එකේ නම තමයි ලේහන්සි ඔෆ් ලයිෆ්. මේක Action/Thriller කාණ්ඩයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ රඟපාන්න ඉන්න ප්‍රධාන නළුවා තමයි Scott Adkins කියන්නෙ. මෙයා නළුවෙක් විතරක් නෙවෙයි සුප්‍රසිද්ධ martial artist කෙනෙක් වගේම gymnast කෙනෙක්. Boyka: Undisputed ෆිල්ම් සීරීස් එක වගේම Avengement කියන ෆිල්ම් එක සහ Yip Man 4 කියන ෆිල්ම් වලට මෙයා රංගනයෙන් දායක වෙලා තියනව. මීට අමතරව Honor Kneafsey(ලීසා) ලෙසත්, Yuliia Sobol(සාශා) ලෙසත් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනව.
ඊළඟට මේකෙ රේටින්ස් ගැන කතා කරනව් නම්, IMDb දර්ශකයේ මේ ෆිල්ම් එකට 4.9/10 අගයක් ලබාගෙන තියෙනව. රේටින් අඩු වුනාට ෆිල්ම් එක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියල කියන්න ඕන. ෆිල්ම් එකේ Story එක ගැන කියනව නම් කතාවෙ ප්‍රධාන චරිතය මාර්ටින්. එයා MI6 එකෙන් අවුරුදු 12 කට කලින් විශ්‍රාම අරගන්නව. දැන් මෙයා කලබ් එකක සාමාන්‍ය මනුස්සයෙක් විදියට security රස්සාවක් කරනව එයාගෙ පොඩි දුවත් බලාගෙන. ඉතින් මෙහෙම ඉඳිද්දි තරුණ ගෑනු ළමයෙක් මෙයාව හම්බෙන්න එනව. මෙයා මාධ්‍යවේදිනියක්. මෙයා ඇවිල්ලා අවුරුදු 12 කට කලින් වුනු මෙහෙයුමක නැති වුන ලිපි ගොනුවක් හොයන්න උදව් ඉල්ලනව. ඉතින් මේගොල්ලො මෙහෙම කතා කර කර ඉන්නකොට කට්ටියක් මේ දෙන්නට පහර දෙනව. එතනදි දුවද්දි මාර්ටින්ට මේ මාශා කියන මාධ්‍යවේදිනියව මඟඇරෙනව. පස්සෙ මාර්ටින් ගෙදර ගියහම එයාට අවුරුදු 12 කට කලින් MI6 එකේ වැඩකරපු යාළුවො ගෙදරට හොරෙන්ම ඇතුළ් වෙලා. මෙයාලා මාර්ටින්ගෙන් සාශා එක්ක කතා කරේ මොනවද කියල අහනව. ඒවගේම එයාව හොයාගන්න උදව් වෙන්න කියල කියනව. මාර්ටින් ඒකට එකඟ වුනේ නැහැ. ඊට පස්සෙ මාර්ටින් තමන්ගෙ දුව එක්ක වෙන තැනකට යන්න හදනව මේ ප්‍රශ්න ගොඩෙන් බේරෙන්න. ඒක කරන්න හදනකොට අර කලින් කිව්ව ලිපි ගොනුවම හොයන රුසියන් කට්ටියක් එයාව දුවව අල්ලගන්නව. ඊට පස්සෙ ලිපි ගොනුව පැය 24 ක් ඇතුළත රුසියන් කට්ටියට හොයල නොදුන්නොත් දුවව මරනව කියල තර්ජනය කරනව. ඊට පස්සෙ මාර්ටින් මේ ලිපි ගොනුව හොයාගන්න සාශා කියන මාධ්‍යවේදිනියත් ලොකු කරදර ගොඩකට පැටළෙනවා.
ඉතින් මාර්ටින්ට ලිපි ගොනුව හොයාගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව.
එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.
6,597 downloadsDownload Legacy.Of_.Lies_.2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන්
Subtitles
9 comments
suranuwan
හෂාන්
බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට
Pramukmili
thanxxxxx bro.......
Udaya Fdo
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Legacy of Lies (2020) Sinhala Subtitles | බොරුවෙන් උපන් උරුමය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/legasi-oph-laif-2020.jpg)
thanks broo..