“මේ කොරොස්ම කාලය තුල ගෙවෙන තවත් එක් ඉරු දිනයකි.කිතු ගුණ මෙනෙහි කරවමින් ස්කොට්ලන්තයේ උතුරු බර්වික් හි එක්තරා පල්ලියක මිහිරි ගීතිකා ගායනයක් ඇසේ. ගීතිකා කණ්ඩායම තුල කැපී පෙනෙන එක් සුරතල් සිඟිත්තියකි. පල්ලියේ කටයුතු නිම කරමින් කිහිප දෙනෙක් එයින් එලියට පැමිණ සතුටු සාමිචියේ නිරත වෙයි.එහි සිටින උන්නි සහ ශ…

“මේ කොරොස්ම කාලය තුල ගෙවෙන තවත් එක් ඉරු දිනයකි.කිතු ගුණ මෙනෙහි කරවමින් ස්කොට්ලන්තයේ උතුරු බර්වික් හි එක්තරා පල්ලියක මිහිරි ගීතිකා ගායනයක් ඇසේ. ගීතිකා කණ්ඩායම තුල කැපී පෙනෙන එක් සුරතල් සිඟිත්තියකි. පල්ලියේ කටයුතු නිම කරමින් කිහිප දෙනෙක් එයින් එලියට පැමිණ සතුටු සාමිචියේ නිරත වෙයි.එහි සිටින උන්නි සහ ශ්වේතා සමඟ පසුව ඔවුන්ගේ දියණිය,පෙර කී සිඟිත්තිය-ඉලා සහ ඇගේ මිත්තණිය එකතු වේ. මොවුන් නැවත යන ගමනේදී කිසියම් අයෙක් ප්‍රංශයේ සිට උන්නි සමඟ දුරකතනයෙන් සම්බන්ධ වේ.සැවොම පුදුම කරවමින් අනෙක් පසෙන් ඇසෙන්නේ උන්නිගේ වැඩිමහල් සොහොයුරා ඇඩම් ගේ කටහඬයි.ඔහු ඔහුගේ රැකියා වැඩ කටයුත්තකට ප්‍රංශයට පැමිණ සිටින අතර නැවත කේරලයට යන ගමනේදී ස්කොට්ලන්තයට පැමිණ මව සහ තම සොහොයුරාගේ පවුලේ උදවිය දැකගන්නට ආසාවෙන් සිටින බව කියයි.මොවුන්ගේ මව මෙයට ලොකු කැමැත්තක් දැක්වුවත් උන්නි සහ ශ්වේතා ඇඩම්ගේ මෙම ප්‍රකාශය හමුවේ තරමක් තැතිගත් බවක් පෙනෙයි. නැවත නිවසට යාමට පෙර හෙට දින සැමරුම් සඳහා අවැසි බඩු බාහිරාදිය මිලදී ගැනීමට මොවුන් එක්තරා සාප්පු සංකීර්ණයක නැවතේ.අවශ්‍ය කළමනා මිලදී ගැනීමෙන් පසු නැවතත් උන්නි සහ ශ්වේතා තම දියණිය සහ මව එනතුරු පිටතට වී බලා සිටියි.”
මිත්තණිය සහ මිනිබිරිය වෙළඳ සැලෙන් පිටතට පැමිණෙන අතර ඒ සමඟම සැක කටයුතු වෑන් රථයක් ද වේගයෙන් පැමිණ වෙළඳ සැලෙහි ප්‍රවේශය අසල නතර කරයි.විවෘත වන දොරෙන් පිටතට පැමිණෙන මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙක් ඉලා ව බලෙන් රැගෙන යාමට තැත් කරයි.මිත්තණිය එය වැලැක්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදුවත් අවසානයේ ඇයට සිදුවන්නේ මෙම නාඳුනන පුද්ගලයින්ගේ පිස්තෝලයක උණ්ඩයට ගොදුරු වී මෙලොව හැර යාමටය.සිද්දිය දුටු උන්නි මේ අසලට දිව ආවත් ඔහු ප්‍රමාද වැඩිය.නාඳුනන පුද්ගලයින් පිරිස තම සුරතල් දියණිය පැහැරගෙන යන අයුරු ඔහු සහ ශ්වේතා අසරණව දුකෙන් බලාසිටියි! වැඩිමහල් සොහොයුරා තමන්ව බැලීමට පැමිණීම උන්නි සහ ශ්වේතා ට තැති ගැන්මට කාරණයක් වන්නේ කුමන හේතුවක් නිසා ද? මනුෂ්‍ය ඝාතනයක් ද සිදු කරමින් අවුරුදු 7ක පමණ කුඩා දියණියක් පැහැරගෙන යාමට එකී පුද්ගයින්ට ඇති අවශ්‍යතාවය කුමක් ද? මෙය පිටුපස සිටින්නේ කවුද? පැහැරගෙන යන ඉලා ට කුමන ඉරණමකට මුහුණ පෑමට සිදුවනු ඇති ද? තම මව ඝාතනය කරමින් මේ සුරතල් දියණියව පැහැරගෙන යන අපරාධකරුවන් ගැන ඇඩම් කෙලෙසකට ප්‍රතිචාර දක්වාවි ද?
Adam Joan (2017)
මුලින්ම කියන්න ඕනේ චිත්‍රපටයේ මුල් භාගයට අදාලව තමයි හැඳින්වීම දුන්නේ.ඔය කියපු කරුණු වලින් කිහිපයක්ම පසුවට වෙනස් වෙනවා.Thriller ෆිලුමක් නිසා එහි රසයට සහ කුතුහලයට හානි නොවිය යුතු නිසයි ඒ වගේ හැඳින්වීමක් කරන්න හිතුවේ. පහුගිය දවස්වල මලයාලම් රසිකයෝ කිහිපදෙනෙක් ම කියලා තිබුනා මලයාලම් Thriller ෆිලුමකට උපසිරැසි කරලා දෙන්න කියලා.දැන් ඒ හැමෝටම අලුත්ම ෆිලුමකින් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වේවි.මේක Thriller, Romance ගණයන් ඔස්සේ යන ෆිලුමක්.ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ මලයාලම් සුපිරි නළු Prithviraj. ඒ වගේම Thani Oruvan (2015) [දමිළ] චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ Rahul Madhav, Ivide (2015) වැනි චිත්‍රපට සඳහා රංගන දායකත්වය දැක්වූ Bhavana, Vikramadithyan (2014) ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වූ Lena ඇතුළු පිරිසක් මෙහි අනෙක් චරිත සඳහා පණපොවනවා.එමෙන්ම Prithviraj විසින්ම ගායනා කරන ගීයක් ඇතුළු සුන්දර ගීත කිහිපයක්මත් ෆිලුමේ ඇතුලත් වෙනවා.ෆිලුමේම කියවෙන විදියට JK රොව්ලින් හට හැරී පොටර් කතා මාලාව ලිවීමට පසුබිම සලසපු අමුතුම ගුප්ත සුන්දරත්වයක් තියෙන ස්කොට්ලන්තයේ දර්ශන තල කිහිපයකත් කේරලයේත් මෙහි රූපගත කිරීම් සිදුකරලා තියෙනවා.පසුගිය සැප්තැම්බර් 01දින තිරගතවීම් ඇරඹූ මෙය කේරලයේ ප්‍රදර්ශනයෙන් පමණක් දින 40කදී ඉන්දීය රුපියල් කෝටි 17.15ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්න සමත්වෙලා තියෙනවා.
මලයාලම් සිනමාව ගොඩක් වෙලාවට අපි අතර ජනප්‍රිය වුනේ එයටම ආවේණික Thriller ෆිලුම් සහ Romantic ෆිලුම් නිසා කිව්වොත් මම හිතන්නේ එහි වරදක් නෑ .ඉතින් ඒ සුවිශේෂී ගුණාංග එලෙසම රැකගන්න මේ ෆිලුමත් සමත්වෙලා තියෙනවා.ඉතින් මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේ ෆිලුමත් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා! තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු, එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
8,545 downloadsDownload Adam-Joan-2017.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
35 comments
Sajith thilakarathne
shasith sandaruwan
බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Pawan Shamika
Thanx bro
Ela
Spider tamil film 1tath ikmanata sub one
Jayawewa!!!!!!!!oshanda
සබ් එකට ගොඩක් ස්තූති සහෝ
Isuru
Thanks thriller film nam aniwa balanawa thawath supiriyakin hamba wemu jaya wewa
ravindu
Sub ඒකට thanks bro
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........rangika Kariyawasam
නියමයි තරිඳු සහෝ.ෆිලුම ඇවිත් දවස් 2 යි. සබ දුන්නා ඉක්මනින්.
ආපු ගමන් Download කරපු ෆිලුමක් තමා Adam Joan (2017) ෆිලුම. මෙතරම් ඉක්මනට සබ දෙයි කියලා හිතුවෙ නෑ සහෝ.නියම වැඩක්.
මලයාලමි සිනමාවෙි Mammootty ,Fahadh faasil ,DQ, Mohanlal ගෙන් පස්සෙ අපි කැමතිම නළුවෙක් තමා Preethi Viraj කියන්නෙ.
තමන්ගෙ කාලය වැයකරමින් සබ කරන්න කාපු කටිටට ෆටිටම තැන්ක්ස් සහෝ. ජයවෙිවා ..
Naveen Lakshan NL
තැන්ක් යු තරිදු සහෝ දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක් මේක
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!
බුදු සරණයි !! දෙවි පිහිටයි!!
තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!
ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති...!Hemantha De Silva
වාව්... !
ස්තුතියි තරිඳු..
ස්තුතියි බයිස්...Shehan prathapasinghe
තරිදු මල්ලි බොහෝම ස්තුතියි! මෙන්න බෑවා.
දමිත්
ස්තුතියි තරිඳු සහෝ උපසිරැසියට.
ජයෙන් ජයthisal
ස්තුතියි
Mahesh
Sub ekata thanx
prabodha
Wow supiri broooo thank u ..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
SPD
ෆිලුම ආව සැනින් අප වෙත සිංහල උපසිරැසිය ලබා දුන්නට තරිඳු සහෝට ගොඩක් ස්තුතියි.
ඉදිරියටත් වැඩි වැඩියෙන් මලයාලම් සිංහල උපසිරසි ගොනුව පෝෂණය කරන්න ලැබෙන්න කියල
ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා...!!!Dhanushka
Vijay ge mersal film ekata sub dennako
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!සිසිල ප්‍රසාද්
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි, සහෝ. කතා දෙකක් නැහැ, මේක නම් අනිවාර්‍යයෙන්ම බලනවා. Prithviraj කියන්නේ කැමතිම නළුවෙක්. මෙයාගේ ෆිල්ම් එකක් නම් නොබලා ඉන්නෙම නැහැ. උපසිරැසිය මෙච්චර ඉක්මණට ගෙනාවට බොහොම ස්තුතියි. ජයවේවා!
Dilan Sandaru
Thaq saho sub ekata..sweetiee weds nri me movie ekatath sub eka dennako puluwn ikmanata..
අරුණ
තෑන්ක්ස් සහෝ
muditha
thanks subaekata'''''
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Tharanga
Thanx bro
කවී ❣️
Thanks Bro
Thara
bohoma Sthuthi...
malith
Ela ela
Lalani Maduwanthi
Thank you THARINDU Malli,,,,,godaaak pin ,,,,,,thawath lassana films apita denna,,,,,,,,
N_R
Thanks.
Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro..