හැමෝටම සුභ දවසක් වේවා!අවුරුදු එකයි මාස හතක වෑයමකින් පසු මේ සුදානම දෙවනි කඩයිම ගැසීමටයි. 2016 අගෝස්තු මස බයිස්කෝප් වෙබ් අඩවිය සමග උපසිරැස දිවිය ආරම්භ කරේ The Darkness (2016) චිත්‍රපටය එක්කයි : ) ඉන්පසු චිත්‍රපට කිහිපයක් වගේම රූපවාහිනී කතාමලා වන Blindspot| Scorpion | Designated Survivor | The Secret…

හැමෝටම සුභ දවසක් වේවා!අවුරුදු එකයි මාස හතක වෑයමකින් පසු මේ සුදානම දෙවනි කඩයිම ගැසීමටයි. 2016 අගෝස්තු මස බයිස්කෝප් වෙබ් අඩවිය සමග උපසිරැස දිවිය ආරම්භ කරේ The Darkness (2016) චිත්‍රපටය එක්කයි : ) ඉන්පසු චිත්‍රපට කිහිපයක් වගේම රූපවාහිනී කතාමලා වන Blindspot| Scorpion | Designated Survivor | The Secret Circle | Bates Motel යන කතාමලාව කරමින් මගේ පළවෙනි කඩයිම හට ලංවුනා. ඒ වෙනකොට චිත්‍රපටයක් නොමැති වීම හේතුවෙන් කඩයිම ගැසීමට සිදු වූයේ ජයප්‍රිය කතාමලාවක් වන Prison Break අවසාන එපියෙනුයි.ඉන් පසුව දෙවැනි කඩයිම වෙනකම් චිත්‍රපටය කිහිපයක් වගේම Altered Carbon | The Brave | The Mist | Midnight Texas | Dreamworks Dragons | The Dark වැනි කතාමලා හට උපසිරැස කරමින් තමා අද මෙම කඩයිමට පැමිණියෙ.
ඉතින් බයිස්කෝප් පවුලෙන් මුලින්ම හමබ වෙච්ච සාමාජිකය තමා අශාන් විමුක්ති (විමා) කියන්නෙ.ඔහු තමයි පළවෙනි උපසිරැසය ඉල්ලපු වෙලාවේ ඊමේල් එකට රිප්ලයි කරපු කෙනා වගේම පනස්වෙනි කඩයිම සදහා ප්‍රිසන් බ්‍රේක් කතාමලාවේ අවාසාන එපිය කරමුද මල්ලි? කියල අහල කෙනා. ඊට පස්සෙ ඇඩ්මින් මඩුල්ලෙන් හසන්ත අයියා | නිර්මාණි අක්කි | ඒවගේම මෙම කඩයිම සදහා චිත්‍රපටය ලබාදුන් සිසිල අයිය | රොයිලි අයිය | අසංක අයිය | Altered Carbon සිරීස් එක කරන්න පොලඹවපු සමීර කරුණාරත්න අයියා | මාර්වල් සිරීස් කිරීමට සම්බන්ධ කරගත්තු සුදීර මාලන් අයියා | යශෝ අයියා | සමන් අයිය නොහොත් පූසා | නලීන් අයියාලා සෙට් එකම මුලින්ම මතක් කර ඉන්නවා.ඒවගේම තමයි බයිස්කෝප් එකේ නිර්මාතෘ වන ඉසිර ගුණතිලක අයියව මේ වෙලාවේදී මතක් කර සිටිනවා.
ඔන්න එහෙනම් දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නෙ.උපසිරැසකරුවන්ගෙන් මුලින්ම මතක් කරන්න ඕන කෙනෙක් තමයි දිල්ශාන් සචින්ත කියන්නෙ. ඔහුත් එක්ක තමයි මුලින්ම මේ ගැන අහල කරල දැනගත්තෙ.ඒවගේම තමයි The Secret Circle කතාමලාවටත් මාව මුලින්ම සම්බන්ධ කරගත්තෙ ඔහුයි. ඉන්පසුව දැනගත්තෙ කොමඩි කින්ග් හෙවත් ඉසුරු දිල්ශාන් සහෝදරයා. ඇත්තටම ඔහු Bates Motel කතාමලාව කරගන්න බෙහෙවින්ම උදව් උපකාර කරා. ඉන්පසුව ඉන්නෙ DC මාස්ටර් හෙවත් චාමර සම්පත් සහෝදරයයි. කොයිවෙලෙත් නෝණ්ඩිය දාන මයුර සුරාජ් අයියා, ඒවගේම තමයි “බැහැ” නොකියා සිරීස් කරන්න පැමිණෙන ඉසුරු සම්පත් සිරිසේන අයියා, සොහාන්, කාවින්ද බුද්ධික, සදුන් අයිය, සුරේනි අක්කි, මුතුඅමා අක්කි, ගයේෂා අක්කි, සොනාලි අක්කි වගේම හිරවෙලා තිබ්බ බ්‍රේව් කතාමාලාවේ එපියක් බැහැ නොකියා කරලා දුන් හෙලිලි අක්කි සහ පූර්ණි අක්කිලාව ආදරයෙන්ම මතක් කර සිටිනවා. බයිස්කෝප් මංසලෙ ඇඩ්මින් වෙන තිසර නියෝ අයියව, දසන් බුද්ධික, චමල් පෙරේරා, ආශාවෙන් බලන්න තිබෙන එකම DC කතාමාලාවක් වන ගෝතම් වලට උපසිරැස කරන නුවන්ත දුලාන් අයියා, ඒවගේම තමයි මාගේ කැමතිම කතාමාලා දෙකක් වන Teen Wolf සහ Marval Agent Of S.H.I.E.L.D කතාමාලාවන් හට උපසිරැස කරන ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ) සහ ලහිරු ප්‍රසාද් සහෝදරවරුන් චන්දිම අමරසිංහ, කලිදු වසූක, ඩිල්ෂාන් කාලිංග, බ්‍රේව් සිරීස් එකේදී වගේම කාබන් සිරීස් එක හිරවෙලා තිබ්බ මොහොහේ බැහැ නොකිය උදව් කරපු උශාන් පියුමාල් අයිය, අචින්ත මදුමාල්, බ්ලයින්ඩ්ස්පොට් එකෙන් සෙට් වෙච්ච රවිදු තේනබදු, තාරක නුවන් අයිය, චාමිකර විතානගෙ, තරිදු පෙරේරා අයිය, ස්කෝපියන් කරන කාලෙ සෙට් වෙච්ච දේවක සදරුවන් අයිය, ප්‍රනීත් මධූ, අචින්ත, නවීන් නිසල්, ඉමේෂි, ඒවගේම තවත් කැමතිම කතාමලාවක් වන ස්කෝපියන් එකට උපසිරැස සපයන ප්‍රනීත් චින්තක අයිය, සසිත් අයිය, නිලුපුල් මධුකප්‍රිය පෙරේරා නොහොත් ටියුබ් අයියා, රඛිත රනතුංග, රශීන් මංසිල් සහ එකී නොකී බයිස්කෝප් සියළු උපසිරැසකරුවන්ම මේ වෙලාවේදී මතක් කර සිටිනව. ඒවගේම තමා හැමදාමත් නොවරදවා කමෙන්ට් එකක් හරි දාගෙන යන අයවත්.එහෙනම් ඉතින් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

ලීනා කියන්නෙ මහචාර්යවරියක්. ඇය මෙම පදවියට පැමිණෙන්නට මත්තෙන් වැඩ කරන්නෙ හමුදාවේ. නමුත් මැය එයින් අයින් වෙලා අනාගතයේදී වෛද්‍යවරුන් වීමට උත්සහ කරන තරුණයා වෙනුවෙන් උගන්වනවා. ඒවගේම තමයි මැයගෙ සැමියා. ඔහු අවුරුද්දකට කලින් මෙහෙයුමට යනවා. ඒක ඇත්තටම රහස් මෙහෙයුමක්. ඒ තමයි වෙනත් ලෝකයෙන් කඩාපාත්වෙච්ච දෙයක් ගවේශණය කිරීමට. මෙම කඩාපාත්වෙච්ච දේ ගැන කිව්වොත් එහෙම, එය එක්තරා ආවරණයක් වගේ දෙයක්. එය ටිකෙන් ටිකෙන් පරිසර පද්ධතිය ග්‍රහණය කරගන්නවා වගේම එය විකෘති බාවයට ලක් කරනවා. ඒවගේම තමයි මෙහි විකෘති බාවයට පත් වෙච්ච සතුන් පැළෑටි ආදී නොයෙකුත් දේවල් තිබෙන්නෙ. ඒවගේම ඒකට කතාවේදී පවසන්නෙ “ෂිමර්” කියල. ඉතින් මේ ෂිමර් එක ඇතුළට යන කෙනෙක් කවදාවත් ආපහු එන්නෙ නැහැ. නමුත් ලීනාගෙ සැමිය වන කේන් පැමිණෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න නෙමේ.අකර්මණ්‍ය වී.ඉතින් මොහු මෙහෙයුමෙන් පසුව කෙලින් නවරවෙන්නෙ ඔහුගෙ ගෙදර ළග.නමුත් මෙහෙයුමකට ගිය කෙනෙක් කොහොමද එකපාරටම ඔහුගෙ ගෙදර ළග නතර වෙන්නෙ. ඉතින් ලීනාටත් අදහාගන්න බැරි වෙනව. නමුත් මොහුට ඒක ඇතුළේදී සිද්ධ වෙච්ච කිසිවක් මතක නැහැ. එකපාරටම ඔහුගෙ ලේ පිටවෙනවා. ඒ මොකද සිරුර අභ්‍යන්තරයෙ ලේ ගැලීමක් නිසා. ඉතින් ලීනා මොහුව ඉස්පිරිතාලෙ ගෙනියන වෙලාවේදී වෙනත් විශේෂ හමුදා කණ්ඩායමක් මගින් ඔහු ගෙනියනවා. මොකද කිව්වොත් මෙය රහසිගත සහ පිටසකවලින්ට සම්බන්ධ සිද්ධියක්. ඉතින් ඔවුන් ලීනාට එම කදවුරේ රදාවගෙන සිටිනව. දවසක් මෙය ගවේශණය කිරීම සදහා තවත් කණ්ඩායම් අරිනවා. ඉතින් ලීනාගෙ සැමියාට උදව් කරන්න අවශ්‍ය නිසා ඇයත් පිටවෙනවා මොවුන් එක්ක. ඇත්තෙන්ම මොවුන් සියල්ලන්ම ගැහැණු විද්‍යාත්ඥයින් පිරිසක්. ඉතින් මේ කට්ටිය “ෂිමර්” එක ඇතුළට ගොස් නොයෙකුත් දේවල් වලට මුහුණ දීමටයි සිදු වන්නෙ. අපි බලමුකො අනිත් අයටත් නොහැකි වූ කර්තාව්‍ය මොවුන්ට ඉෂ්ඨ කරගන්න ලැබේවිද කියල වගේම ලීනාට ඇයගෙ සැමියාව බේරගැනීමට හැකි වේවිද කියල….
2018 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් මෙච්ච මෙම චිත්‍රපටය හට IMDb 7.5 වගේම කුණු තක්කාලි අගය 87% ලබාගැනීමට සමත් වුනා. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටයට නිකුත් වෙච්ච දවසේම හොද ප්‍රතිචාර පවා ලැබුණා වෙනත් Sci-Fi චිත්‍රපට වලට නොලැබෙන පරිදි. විනාඩි 115 ක් දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Adventure | Drama | Fantasy | Horror | Mystery | Sci-Fi | Thriller කාණ්ඩයටයි. ඒවගේම මෙයට රංගනයෙන් දායක වන්නෙ Thor | Star Trek චිත්‍රපට වලට පණ පෙවූ Natalie Portman | Jennifer Jason Leigh | Gina Rodriguez | Tessa Thompson | Tuva Novotny | Oscar Isaac සහ Benedict Wong යන නළුකැලයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙම චිත්‍රපටය බාරගෙන තිබූ සිසිල අයිය. එයා තමයි මට මේක කරන්න බාරදුන්නෙ.ඉතින් ඔහුට මේ වෙලාවේදී ස්තූතිවන්ත වෙනවා. ඒවගේම තමයි පළවීමට තිබෙන උපසිරැස කිහිපයක් හැරුණු කොට වෙනත් උපසිරැස කිරීමට බලාපොරොත්තුවක් නොමැත.මොකද කිව්වොත් අධ්‍යාපන කටයුතු හේතුවෙන් කාලෙකට උපසිරැස කිරීමට නතර කරනවා. එහෙනම් ඉතින් නැවතත් මෙම ත්‍රාසජනක කුතුහලය පිරි චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා කරන ගමන් මම කැපුණා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray/WEBRip පිටපත සඳහා අදාළ වේ.
37,197 downloadsDownload Annihilation-2018-BluRay.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
219 comments
Bandaramudiyansi
tharindu gunarathna
thanks
Dilshan999
Congratulations 100. digatama karamu thanks
widuranga
congratz broooo 200 th ikmanatama gahamu
Hiran Eranda
සියවැනි උපසිරසියට සුබපැතුම් සහෝ.......ඔයානේ මාවත් මේ ෆීල්ඩ් එකට උනන්දු කලේ.........
ඇත්තෙන්ම සතුටුයි ඉතින්.....ඉදිරි ගමනට සුබපතනවා.....ජය වේවාහසන්ත වික්‍රමරත්ත
100 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි! මේ වගේම ඉදිරියේ 150,200 වගේ කඩඉම් වලට ඉක්මනින් ලඟා වෙන්න ලැබේවා කියන ගමන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ඒවාත් සාර්ථක කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා! ජය!
ශසිත් සඳරුවන්
100 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් මල්ලී...
මාවත් මතක් කරලා තියෙන්නේ. :P
තවත් උපසිරැසි කරන්න හැකියාව කාලය ලැබේවා කිව්වා ඕන්.
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!baiscope_chandima
නියමයි ,, සුභපැතුම් 100 ට දිගටම කරගෙන යමු,
සිසිල ප්‍රසාද්
සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පතනවා මල්ලි. අධ්‍යාපන කටයුතුත් හරියාකාරව කරගෙන යනගමන්, උපසිරැසිකරණයෙන් ඈත් වෙන්නේ නැතුව ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලඟාවෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම, උපසිරැසිය වෙනුවෙනුත් බොහොමත්ම ස්තුතියි. ජය!
malinda shayaman
tnx broooooo
Thisal
සුභපැතුම් 100 ට
Helili Hemamali
අපේ බයිස්කෝප් පවුලෙන් හමු වුන නා නා ප්‍රකාර සාමාජික සාමාජිකාවො අතරේ රවිඳු මල්ලිව මම අඳුන ගෙන ඉන්නේ කියන දේ කරන, කරන දේ කියන, වැඩි සද්දයක් බද්දයක් නැති, බොහොම නිවිච්ච චරිතයක් විදියට. ඉතින්, උපසිරැසිකරුවෙක් විදියට අද මල්ලිට ගොඩක් විශේෂ දවසක්. 100 ක් කියන්නේ ලේසි පාසු කඩයිමක් නෙවේනේ. ඇරත් අධ්‍යාපන වැඩත් එක්ක මේ ආපු දුර අගය කරන්නම ඕන. ඒකේ වටිනාකම තවත් වැඩි වෙන්නේ මල්ලි ඔයාගේ අධ්‍යාපන වැඩ වලිනුත් ඉස්සරහටම ගිහින්, අද මේ නවතින තැනින් පටන් ගත්තොත් තමයි. එහෙනම් උණුසුම් සුබ පැතුම් 100 ට! ජය වේවා!
සුධිර මාලන්
congratz bro.... elma aaa
එල්.සී. දමැල්
100වෙනි උපසිරස වෙනුවෙන් සුභපැතුම්...
gayan215
bohoma sthuthi saho, awagema suba pethum 100ta , 100n 200tath ikmanata yanna puluwan wanna kiyala mn suba pathanawa.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ....
100 නවත්තන්නේ නැතුව වෙලාවක් ලැබෙන හැටියට සිංහල උපසිරැසියක් අරන් අඩවිය පැත්තේ ගොඩවෙමු...
ජය වේවා....ඒවගේම 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා...
101 වෙනි උපසිරැසියෙන් ඉක්මනටම හමු වෙමු....White_Horse
Congrats bro....
White_Horse
Congrats bro.... thank u sub ekata...digatama sub denna...jaya wewa..
Hemal
Thank you
Piumi ann
subapathum.........
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
100ට සුබ පැතුම්!!!
අද උදේ download කරා විතරයි හවස සබ් එකත් දීලා....nipuna404
තද තද බ්‍රෝ
සනිඳු ලක්ඛිත
100 වෙනි කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ. කරන්න කෙනෙක් නැතුව අවුල් වෙලා තිබ්බ කතා මාලා ගොඩ දාලා දුන්න එල කොල්ලෙක් තාමා රවිදු රුක්ශාන් කියන්නේ. විශේෂයෙන්ම ස්කෝපියන්! ඒ වගේම කට්ටිය එකතුවෙලා උපසිරැසි කරපු කතා මාලා වල ආරම්භකයාත් සහෝමයි. අරපු හැම සබ් එකක්ම බලලා නැති උනත් සහෝගෙ උපසිරැසි කරපු ෆිල්ම්,ටී.වී සීරිස් සෑහෙන්න බලලා තියේ! ඒ හැම එකක්ම ඉහල ගුණාත්මකබාවයෙන් තියේ. උපසිරැසි කරන එක නතර කරනන් එපා කියන එකයි අපේ ඉල්ලීමනම්. නමුත් අධ්‍යාපන කටයුතු ඊට වඩා වටිනවා. ඉදිරි අධ්‍යාපන කටයුතු වලට වගේම ජිවුතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාරතක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! බුදුසරණයි..!
Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks RAVINDU saho.wish u’r great future…..
wajira
thanks for sub
Chämàrá Sâmpáth
100'වැනි කඩයිමට සුභපැතුම් මල්ලි!
එහෙනම් ඉතින් දැන් අධ්‍යාපන කටයුතු වලට බහින්න කාලේ හරි නෙහ්?!
ඊටපස්සේ බැරියෑ මේ වගේම සුපිරි වේගෙන් කඩයිම් වාර්තා කරන ගමන් උපසිරැසි කරන්න.
ෆිලුම බාපු වෙලාවක අනිවා මමත් සබ අරන් බලනවා.
ඒවගේම මාවත් මතක් කලාට ස්තුතියි!
මේ උපසිරැසියටත් තුති. ජය!Rakitha Ranathunga
යකෝ එකදිගට කඩයිම් පහුවෙනවනේ....
සුපිරිම ඈ....
මාවත් මත්ක වෙලා තියෙන්නේ...
100ට සුභපැතුම්...නවත්තන්නෙ නැතුව දිගටම කොරන් යමු....
ජයSanjulaJeter
Thanks bro!
MuthuAma
100 ට උනුසුම් සුබ පැතුම් මල්ලි. තව තවත් උපසිරසි කරන්න වාසනාව ශක්තිය ලැබේ වා කියල ප්‍රාර්තනා කරනවා.
Sanjeewa2010
Congtzzzzzzzzzzzzzzzzz
madusankaq
එළම! මේක බ්ලූ රේ වලට අප්ඩේට් කරන්නකො
Ravindu Rukshan
Bluray නැහැනෙ
web
මේ film එක netflix නොදා, අනිත් රටවලට දැම්මා වගේ US UK තියටර්වලත් පෙන්නුවා නම් මිලියන 200ක් 300ක් හොයාගන්න තිබ්බා. US හදලා US තියටර් කරන්න පින නෑ lol. කෝම වුනත් මේක පට්ට ගැබුරු තේරුමක් තියෙන කතාවක්. bluray එකතුවට add කරන්න ඕන. අප්‍රේල් අන්තිමට වගේ bluray එනවා මේකේ. bluray ෆෙන්ස්ලා අය එතකං ඉන්න ඉතීම්. මේකේ us netflix cut එක ඔය ඇවිත් තියෙන්නේ දැනට. ඒකයි webrip. ඒත් මේක original netflix movie එකක් නෙමේ. මේක Paramount original release එකක්. so අනිවා අප්‍රේල් අන්තිමට හරි ඊට කලින් හරි bluray එනවා.
gihan perera
100 ට උණුසුම් සුභ පැතූමි සහෝ....ජය වෙිවා...තව හොඳ උපසිරැසි දෙන්න....ගොඩක් ස්තුතියි...දෙවි පිහිටයි....
Anuruddha Leo
100 වෙනි උපසිරසට සුභ පැතුම් මල්ලි.කියලා තියෙනවා වගේ දැන් ඉතින් අධ්‍යාපනයට මුලිකත්වය දෙනවනම් තමා හොඳ.ඒවා ඉවර වුනාම ආයේ හයි වේ එකේ දාලා යමු.හැබැයි මේ දේ කියන්න ඕනේ...උපසිරස නොකලට කමක් නෑ.මැසේජ් නොකර එහෙම ඉන්න එපා ඈ.උඹ ගියොත් ඉඳලා හිටලා නෙවෙයි ඩේලි බනින්න එකෙක් නෑ බන්.....ඒ නිසා අපිව අමතක කරලා යන්න එපා ඈ...
kelumchathuranga
thanks
ලහිරු ප්‍රසාද්
100 වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුබපතනවා මලේ.
ඒ වගේම මාවත් කොනකින් මතක් කලාට ස්තූතියි.
දැන් ඉතිං කිව්වත් වගේ අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දුන්නනම් තමා හොද.
ඉදලා හිටලා හරි චට් එකට ඇවිත් දිල්ශාන් එක්ක වලියක් ඇදගනින්, අපිට පොඩි ආතල් එකක් ගන්න.
වෙලාවක්සෙට් වුනාම අනිවා බලනවා.
ජය!Prabodha Madhusankha Hettiarachchi
Congratulations bro 100th subtitles ...
madushangamage
thankes ravidu........ela...
Dharshana Kasun
Thanks...
AsithaDilruwan
ela ela thanks
Gishan Kaushalya
Thanks for sub....
diyakawa
my congrats .go ahead macho,good job
MAP
MACHAN TOMB RIDER EKATAH SUB DEMU JAYA!!!!!!!!!!
nishadchandima
Thank you bro!!!
Snake RaJ
මුලින්ම උපසිරැසි 100 කඩයිමට සුභ පතනවා :)
ලිපියේ ඉමේෂි කියලා තිබුනේ මන් ගැන වෙන්න ඕනේ :)
මන් හිතන විදියට ඒක ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඕනේ :D
කොහොම හරි තවත් මේ වගේ කඩයිමකට යන්න සුභ පතනවා.
ජය වේවා යාළුවා!SLGreywolf
suba saum 100 weni upasirasa sadaha tawa tawath nirmana karann labewa
kata hari puluwanda katawa poddak terun karanna
Tharaka
100 වෙනි සබ් එකට මගේ සුභ පැතුම්!
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Nilupul Madukapriya Perera
100 වන උපසිරසියට මාගේ හෘදයාංගම සුබ පැතුම් මලේ. උපසිරසි 100ක් කරනවා කියන්නෙ ඉතින් ලේසිපාසු කාර්‍යයක් නොවේ කියන එක ඉතින් නොරහසක්. ඒ අසීරු කර්තව්‍යය මලේ සාර්ථක කරගත්තා. දැන් ඉතින් අර කීවත් වගෙ සබ් හැදිල්ල පැත්තකට දාලා විභාග කටයුතුවලට තම අවධානය යොමු කරලා ඒ අසීරු කඩයිමත් පහු කරගන්න එක තමා හොද. ඊට පස්සෙ බැරියෑ ඩබල් එකේ සබ් හදන්න. උඹෙ සබ් කීපයක්ම මාත් බලලා තියේ. ඒ හැම එකක්ම පාහෙ ඉතාමත් හොද මට්ටමකින් තිබ්බා කියලා කියන්න පුලුවන් . ඉතින් ඉස්සරහටත් දිගටම වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් සාර්ථක වේවායි පතනවා. ඔබට ජය.
Nuwan_Hero
Sub ekata thanks wagema 100 උපැසිරසට සුබ පැතුම් digatama sub demu
Thsithaprasad
100 ට උණුසුම් සුභ පැතූමි සහෝ…
ඉසුරු සම්පත් සිරිසේන
100 වැනි උපසිරසියට සුබපැතුම් මලේ..!!
පාඩම් වැඩත් කරන අතර වාරෙ මේකත්
දිගටම කරගෙන යමු...
මාවත් මතක් කළාට ස්තුතියි ඔන්න.
ඔබට ජය!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ටොරෙන්ට් එක දැකල පැය ගානයි හොද ෆිල්ම් එකක් වගේ සබ් එකත් දීල බොහොම ස්තුතියි ඔබට !
Congratulations 100 sb ekata ......