මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම…

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම ස්තුතියි. ඇත්තම කියනවා නම් 2014 ආව නිර්මානි අක්කා ඔබ වෙත සිංහල උපසිරැස එකක් අරගෙන ඇවිත් තිබ්බ Paddington (2014) මම බලලා තිබ්බේ නැහැ, කිසියම් හේතුවක් නිසා හැමදාම ඒක බාගත කරලා තිබ්බා වුනත් පස්සට ගිහින් තිබ්බා. මෙදා පාර චිත්‍රපටයේ නිකුත් වීමත් එකක් පොඩි කතා බහක් ඇති වුනා චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඉතින් අවස්තාවක් තිබ්බ එකේ කොහොම හරි කරන්න ඕන නිසා දෙවැනි එක බලන්න කලින් පළමු චිත්‍රපටයත් බලලම වැඩේට බහින්න තීරණය කළා.
ඉතිනේ මෙදා සැරේත් මේ පුංචි වලස් පැටියා ගේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ Michael Bond ගේ නොමියන චරිතයක් වන “Paddington Bear” කතා මාලාවෙන්. එතුමා 2017 මිය යනවා චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්, ඉතින් මේ සලරුව එතුමාගේ මතකය වෙනුවෙන් තමයි තිලින වෙන්නේ. මේක ටිකක් විශේෂ කතාවක්, IMDB මීටරයේ 8.1 ක් වගේ ඉහල අගයක් ලබාගන්න මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටය සමත් වුනා වුනත් එකේ වාර්තාව එකතු වෙන්නේ IMDB පැත්තෙන් නෙමෙයි, විචාරකයන්ගේ Rotten Tomatoes අඩවියෙන් ඒ 100% හැටියට. නමුත් ඒ අගයත් විශේෂ වෙන්නේ විචාරක පැසසුම 100% ලබාගන්න මේ සලරුවට විචාර 191 ලැබිලා තියනවා ඒ ඔක්කොම “Fresh” හැටියට තමයි ලැබිලා තියෙන්නේ. මෙහෙම චිත්‍රපට ලෝකයේ බොහොම අඩුයි. ඒ 100% ලාබාගත්ත අනික් අපි අහලා තියන චිත්‍රපට වෙන්නේ Citizen Kane, Toy Story, Toy Story 2, North by Northwest, The 400 Blows, 12 Angry Men වගේ අද සිනමා ලෝකයේ ලකුණක් තියාගිය චිත්‍රපට නමුත් ඒ සියල්ලටම වඩා වැඩි විචාර ප්‍රමාණයක් ඇතුව 100% මට්ටමක් රදවාගෙන තියන එකම චිත්‍රපටය වෙන්නේ Paddington 2 ඉතින් නරක වෙන්න හැටියක් නැහැ නෙව.
මෙවරත් අධ්‍යක්ෂණය Paul King මහත්තයා අතින්. තිරයේ දකින මුහුණු වෙන්නේ Hugh Bonneville, Sally Hawkins, Peter Capaldi වගේම මේ වතාවේ අලුතෙන් එක්කාසු වෙන Hugh Grant හා Brendan Gleeson තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. පැඩින්ටන් හැටියට කටහඬ එක්කාසු කරන්නේ Ben Whishaw කලින් වගේම තමයි. Animation, Adventure, Comedy, Family, Fantasy කියන කාණ්ඩ තමයි මේ පැය 1 මිනිත්තු 43 ක් පුරා දිවෙන චාමත්කාරජනක චිත්‍රපටය අයත් වෙන්නේ.
එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ. කලින් කතාව වුනේ ඈත පේරු රාජ්‍ය ඉදලා පොඩි වලස් පැටියෙක් එනවා එංගලන්තය වෙත අලුත් ගෙයක් හොයාගෙන. මේ වලස් පැටියා අවසානයේ නතර වෙන්න බ්‍රවුන් පවුලේ සාමාජිකයෙක් වෙලා. එකපාර නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ පුංචි වලස් පැටියාට බොහොම දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, නමුත් මිනිස්සුන්ගේ තියන කරුණාව, මනුස්සකම කියන ඒ හොඳ ගතිගුණ ලෝකයට කියාපාන හරිම ලස්සන බොහොම බ්‍රිතාන්‍ය පන්නයේ චිත්‍රපටයක් වුන ඒ කතාව බලන්න වෙලාවක් යොදාගන්න ඔබට පාඩුවක් නම් වෙන්න නැහැ සහතිකයි. හැබැයි ඒ කතාව බැලුවේ නැහැ කියලා ලොකු අඩුපාඩුවක් නැහැ දෙවැනි කතාව බලන්න…
මෙදා සැරේ පැඩින්ටන්ගේ වික්‍රමය ගෙතිලා තියෙන්නේ නිදානයක් වටේ, හැබැයි ඉතින් මේ පුංචි අහිංසකයා හොයාගෙන ගිය නිදානයක් නැහැ. එයාට ඕන කරන්නේ ලන්ඩන් නගරයේ ලස්සන රූප තියන “pop-up book” එකක් නැත්නම් චංචල රූ පොතක් පේරු රාජ්‍ය ඉන්න තමුන්ගේ ලූසී නැන්දා වෙත යවන්න. ඔය පොතේ තියනවා නිදානයක් හොයාගන්න ඉගිවගයක් පැඩින්ටන් මේක ගන්න සල්ලි එකතු කරන්න රස්සාවක් පවා හොයා ගන්නවා හැබැයි මේ නිදානය ගැන දන්නා හොරෙන් කෙටි මාර්ගයක් යොදාගෙන පොත තමුන් සතු කරගන්නවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් පැඩින්ටන් හිරේ විලංගුවේ වැටෙන්න පවා වැඩ සිද්ධ කරනවා. ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ පැඩින්ටන් හිරේ යහළුවන් එකතු කරගන්නා හැටි, බ්‍රවුන් පවුල හා එක්කාසු වෙලා තමුන්ගේ නම බේරා ගන්න හදන හැටි වගේම, නියම හොරා දැලේ දාගන්න හැටි කියන සිදුවීම් සතුදාය කරුණු කොට ගෙන… ඒ දේවල් කොහොමද සිද්ධ වෙන්න කියලා ඔබට බලාගන්න පුළුවන් එහෙනම්…
අවසාන වශයෙන් ආයේ කියන්න ඕන මේක 2017 වසරේ සිනමා නිර්මාණවලින් මම දැක්ක බොහොම අගේ ඇති කතාවක්, හැම මොහොතකම මුහුණේ සිනහවක් ඇති කරන්න මේ ආදරබර කතාව සමත්කම් පානවා විතරක් නෙමෙයි ඒ එකක්ම ලස්සන පණිවුඩයක් සමාජයට ගෙන්න මේ කතාව වෙර දරනවා… හැබැයි මේ ඔක්කොම අරගෙන එන්නේ ලස්සන අභිරහසක්එ හැටියට. ඔබ ඇනිමේෂන්හෙ රසිකයෙක්න නම්ම්, හොඳ හාස්‍යෝත්පාදක කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මෙය ඔබට අගේ ඇති සලරුවක් වේවි. ආයෙත් උපසිරසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
16,524 downloadsDownload Paddington-2-2017.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
54 comments
එල්.සී. දමැල්
VisHArTs
බොහොම ස්තුතියි.......... :)
tharindusampath
sub eka fattai thnaks saho
Kaushan Herath
ෆිලුම බාලා තිබ්බෙ.දැන් සබත් එකක්ම බැලුවහැකි.තැන්කියු බොක්ක
subodha
Thanks..
aks
thanks...
Thisal
ස්තුති
Hemal
Sameera is back . :D Thank you
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එනකම් බලන් හිටියේ....සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sherlock holmes
Thanks
Thilinamadushankaalwis
බොහෝම ස්තූතියි සබට
AsithaDilruwan
api baluwa mekata sub denna amathka unado kiyala
ela ela thanksBandaramudiyansi
Thank..........
විදුෂාන් සජිත්
:-) *උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,..* :-)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!upulcmiller
නියමයි සහෝදරයා ! බොහෝම ස්තුතියි සබ් එකට.
dumi
sub eka enakanmai hitiye sahooo Thanxx Sub Ekata .......
Themiya
ela
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gathsara Umesh
Bhoom sthuithiyi ayyee...
Manura Sathsarindu
thnx saho sub ekata....
ranga11112
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! තෙරැවන්ස සරණයි!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
nightblood
Thnx bro.........
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Lahiru Adikari
thanx..
Lahiru Adikari
thank you...
Savinda Heshan
ස්තූතියි !
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!hashanandhashan
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$4
Thilina Chamara
thank you...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
SanjulaJeter
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shihara_joker
Mcn eththama kiwwoth sub eke gunathmakabawa tikak adui bn..tharahakata newe kiwwe bro...echchara pehedili ne...
Mahesh ruwan
බොහොම ස්තුතිය
m.c.i.srimal
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
chanuka_rox
Thanx sub ekata
suranja kolitha
thanx sub akata well
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rashmika dumidu
Thank you
DAMILA
SUPER MATCHAN
Adnu66
එල එල අය්යේ තවත්. සබක්. හොදට කරන්න
lasithahimesh
elaaaaaa
CSJAYAS
Nice. Thanks
Virajperera
tnx machn.ela
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Nir_Malinda
thank you bro!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුති සහෝ උපසිරසට