බලමුද ලස්සන කොරියන් කතාවක්? අපෝ කොරියන්ද? කවුද යකෝ මේවා බලන්නේ ? චිකේයියා… මං ඇවිල්ල හොඳයි වගේ නම් දෙමල පත්තරේ උනත් බලන ජාතියේ 😛 කොරියන් මල් කතා කියල කොන් කලාට කොරියෝ තමයි 2020 ඔස්කා එක දෙවනත් කරන්නෙ. කොරියන් සිනමාවේ හොඳ නිර්මාණ බිහිවෙනව. හැබැයි අපි විසින් අපේ හිත්වලට දාගෙන ඉන්න “කොරියන් නම්, මල් ක…

බලමුද ලස්සන කොරියන් කතාවක්? අපෝ කොරියන්ද? කවුද යකෝ මේවා බලන්නේ ? චිකේයියා… මං ඇවිල්ල හොඳයි වගේ නම් දෙමල පත්තරේ උනත් බලන ජාතියේ 😛 කොරියන් මල් කතා කියල කොන් කලාට කොරියෝ තමයි 2020 ඔස්කා එක දෙවනත් කරන්නෙ. කොරියන් සිනමාවේ හොඳ නිර්මාණ බිහිවෙනව. හැබැයි අපි විසින් අපේ හිත්වලට දාගෙන ඉන්න “කොරියන් නම්, මල් කතා ” කියන සංකල්පය නිසා අපේ බොහොමයක් දෙනාට හරි අපුරු සිනමා නිර්මාණ මග හැරෙන බව මං පෞද්ගලිකවම දන්නව. සිනමාවට පෙම් බඳින රසිකයෙක් විදියට භාෂාව, රට ආදී කිසිම වෙනසක් නැතුව සිනමාව රස විදින්න කැමති අයට ආරාධනා කරනව මේ සිනමාපටය නරඹන්න කියල.
මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Christmas in August 1998, One Fine Spring Day 2001, වැනි ලස්සන සිනමාපට කිහිපයකම හිමිකරු වෙච්ච Jin-ho Hur විසින්. Imdb 6.7ක අගයක් රඳවා ගන්න ඔහු සමත් වෙනවා. ප්‍රධාන නිළිය ලෙසින් එකතු වෙන්නෙ, Crash Landing on You (2019-2020), The Pirates 2014, A Moment to Remember 2004, The Classic 2003, වැනි රුපවාහිනී කතා මාලා සහ සිනමාපට සඳහා රංගනයෙන් එක් වෙමින් සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්ත Ye-jin Son. ප්‍රධාන නළුවාගේ චරිතයට එකතු වෙන්නෙත් කොරියානු සිනමාවට ඇලුම් කරන අයට හුරු පුරුදු කෙනෙක් වෙච්ච Yong-jun Bae විසින්. ඇත්තටම මේ අය මල් කතාවල රඟපෑවට බොහොම දක්ෂ චරිතාංග නළු-නිළියන් බව කියන්න ඕන.
කවර් පොටෝ එක දැක්ක ගමන්ම ඔයාලට හිතුන නම් මේකත් කොල්ල හරි කෙල්ල හරි ලෙඩකින් මැරෙන කතාවක් වෙන්න ඇති කියල, නැහැ ඔයාලට වරදිනවා. මේක සාමාන්‍යය ආදර කතාවක් නෙමෙයි. මේ විදියේ කතාවක් මිට කලින් මට බලන්න ලැබිල නැහැ. ඒ නිසයි මං මේකට සබ් එක අරගෙන එන්න ඕන කියල කල්පනා කලේ. කොටින්ම මේක කොරියාව ඇතුලෙදි ආදායම් අතින් සාර්ථක වෙන්නෙ නැහැ. මොකද ඒකට හේතු වෙන්නෙ මේ සිනමාපටය ඒ කාලය වෙනකොට කොරියාවේ පැතිරිලා තිබ්බ, අපිත් හුරු පුරුදු වුණ, එක්කෝ කෙල්ලට ලෙඩක්, නැත්නම් කොල්ලට ලෙඩක්, නහයෙන් ලේ එනවා කියන සුපුරුදු ආකෘතියෙන් පිට පැනල වෙනම පාරක ගිය එකක් වීම. හැබැයි කොරියානුවන්ට අල්ලලා ගිය නැති කතාව, ජපන් චීන මැලේසියා ආදී අනිත් ආසියාතික රටවල්වල ඉන්න අය ආදරෙන් වැළඳගත්තා. ඒ නිසා මේ සිනමාපටය කොරියාවෙන් නොලද ආදායම, කොරියාවෙන් පිටත රටවල්වලින් ලබාගන්න සමත් වුණා. ඉතිං මෙහි කතාවට මුලාරම්භයක් දුන්නොත්,ඉන්-සු සහ සෙයො-යන්ග් දෙන්න මුණ ගැහෙන්නේ රෝහලකදී. ඉන්-සු’ට කෝල් එකක් එනවා තමන්ගේ බිරිඳ අනතුරකට ලක්වෙලා කියල. සෙයො යන්ග්ට කෝල් එකක් එනවා තමන්ගේ ස්වාමිපුර්ශයා අනතුරකට ලක්වෙලා කියල. කතාව පටන් ගන්නේ ඔතනින්. කතාව ගලාගෙන ගිහින් අවසන් වෙන විදිය ඔබට බාර කරන්නම්. මගහැර ගන්න එපා!
Due to copyright issues, we do not provide any torrent links.
BluRay.x264.-Pahe
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා ලබා දි ඇත.
3,975 downloadsDownload April-Snow-aka-Oechul-2005.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Keys to the heart (2018) sub dennako
Deshani
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Jayasanka
ගොඩක් ස්තුතියි සබට කොරියන් නම් ඉතින් අතහරින්නෙ නෑ.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට සහෝ
පුළුවන්නම් a moment to remember director's cut එකට සබ් එක update කරන්න.
ජය වේවා!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!
ranga11112
thanks bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HMK MAX
Be with you Korean movie ekatath sub dannakoooo
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි
Request........................................
How the Grinch Stole Christmas - 2000
Shamal manojan
Request...........................................
Shakespeare in Love - 1998
Romeo + Juliet - 1996
HMK MAX
Be with you 2018 Korean movie ekatath sub dannakooo
HMK MAX
Be with you 2018 Korean movie ekatath sub dannakooo broooo
Dewadithya
Thanks for sub!
namika
umba kiyana nisama dannawa meka honda kathawak kiyala..
bagena balanawa..
sub ekata bohoma sthuthiy wimo..!Anonymous
Thanks sub eka supiri
Anonymous
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට :) :)