Watch Trailer

Bring Me Home AKA Naleul Chaj-ajwo (2019) Sinhala Subtitles | ආදරයේ ප්‍රතිමූර්තිය ඇයයි… ඒ අම්මා! [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ සබ් එක දෙන්න යන්නේ කොරියානු චිත්‍රපටයකටයි. එය Bring Me Home (2019) නම් චිත්‍රපටයයි. ඇත්තටම මේ මම කොරියානු චිත්‍රපටයකට සබ් එක දෙන පළවෙනි වතාව. ඇත්තටම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තේ FB ගෘප් එකකින්. ඒත් ඒ ගෘප් එක ගැනවත් ඒපෝස්ට් එක දාපු කෙනා ගැනවත් මතක නම් නෑ. හැබැයි ඒ විස්තරේට අනුව කැමැත්තක් ඇති ව…

මේ සැරේ සබ් එක දෙන්න යන්නේ කොරියානු චිත්‍රපටයකටයි. එය Bring Me Home (2019) නම් චිත්‍රපටයයි. ඇත්තටම මේ මම කොරියානු චිත්‍රපටයකට සබ් එක දෙන පළවෙනි වතාව. ඇත්තටම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තේ FB ගෘප් එකකින්. ඒත් ඒ ගෘප් එක ගැනවත් ඒපෝස්ට් එක දාපු කෙනා ගැනවත් මතක නම් නෑ. හැබැයි ඒ විස්තරේට අනුව කැමැත්තක් ඇති වුණා. බලද්දී ඒකට සබ් එකත් නෑ. ඉතින් ඒක නිසා හිතුවා මේකට සබ් එක දෙන්න ඕනේ කියලා.

1h 48min ක ධාවන කාලයක්  සහිත මෙය IMDb ශ්‍රේණිගත කිරීමෙන් 6.5 ක් වගේම Google පරිශීලකයින්ගේ 78%ක අගයකුත් ලබාගෙන තියෙනවා. මේ සිනමා පටය Drama, Mystery, Thriller ඛාණ්ඩයන්ට වර්ග කොට ඇති අතර මෙහි  රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ Kim Seung-Woo විසින්. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ Park Se-joon විසිනි. මෙම චිත්‍රපටයේ Lee Young-Ae, Yoo Jae-Myung, Lee Won-Geun යන නළු නිළියන් චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටය 27 November 2019 (South Koreaවල) වන දින තිරගත කරල තියෙනවා. ඒ වගේම තිරගත කළ කාලය තුළදී $4,220,218 ඉක්මවූ ආදායමක් උපයා තියෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් අවුරුදු 6කලින් නැති වෙච්ච පුතාව හොයන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් වෙහෙසෙන ආකාරය තමයි මේ චිත්‍රපටය පුරාම දැක්වෙන්නේ. මං වැඩි දෙයක් නම් මේ ගැන කියන්න යන්නෙ නෑ. සැබෑ ජීවිතයේ දකින්න ලැබෙන පුද්ගලයින් සහ පුද්ගල ස්වභාවයන් මෙහිදී හොඳින්ම දැක ගන්න පුළුවන්. තමන්ගේ කෙනෙකුගේ අසරණ අවස්ථාවකදී උනත් වාසිය බලාපොරොත්තු වෙන කල දුටු කල වල ඉහ ගන්නා නෑදෑයින්, අල්ලසට පගාවට වැරදි වසන් කරන නිළධාරීන්, තමන්ගෙ දරුවන් ගැන සිතා වැරදි වැඩ උනත් කරන පියවරුන්, කුඩා ළමුන්ට වන හිරිහැර මේ චිත්‍රපටය තුළ දැක ගන්න පුළුවන්. හැබැයි මෙහිදී සැබෑ ජීවිතයේ දකින්න නොලැබෙන එක චරිතයක් තියෙනවා. ඒ තමයි පිට දරුවෙකු උනත් ඔහුව කරදරයෙන් ගලවගන්න උත්සාහ කරන අම්මා කෙනෙක්. පිට දරුවෙකුට උනත් ආදරේ කරන අම්මා කෙනෙක්. ඇත්තටම කොහොම එහෙම අය ඉන්නද? අල්ලපු ගෙදර පොඩි එකාට වැඩිය ලකුණු ගන්න උගන්වන අම්මලානේ දැන් වැඩිපුර ඉන්නෙ. කොහොම හරි මම වැඩි විස්තර කියන්නෙ නෑ. ඔය ගොල්ලෝ මේක බලලම මේකේ විස්තර දැන ගන්න. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

2,562 downloadsDownload Bring.Me_.Home_.2019.Baiscopelk.com_.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,562 downloadsDownload Subtitles64 KB

12 comments

  1. M.K.N.Madhushanka

    මමත් fb group එකක රිවීව් එකක් දැක්ක. සබ් එනකන් බලන් හිටියේ film එක බලන්න..
    සබ් එකට ස්තූතියි...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. HMK MAX

      Be with you 2018 Korean movie ekatath sub dannako

  9. Anonymous

    hd rip walata sub denna
    web Dl wala sub me thiyenne

  10. Dewadithya

    Thanks for sub!

  11. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.