Watch Trailer

Avatharam (2014) Sinhala Subtitles | අද්‍යශ්‍යමාන පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

සුභම සුභ දවසක සුභාසිරි වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි එසෙනම් අද දිනත් මා ඔබ හමුවට පැමිණියේ තවත් එක් සුන්දරතම Thriller හා Drama වර්ගීකරණයට අයත් 2014 වසරේ තිරගතවු මලයාලම් චිත්‍රපටයක් සමඟිනි.චිත්‍රපටය පරණ නිසා අත්නොහරින ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිමින් මා සුපුරුදු ලෙසින් අප වෙබ් අඩවියේ මාහට කවදත් උදව් කරන…

සුභම සුභ දවසක සුභාසිරි වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි එසෙනම් අද දිනත් මා ඔබ හමුවට පැමිණියේ තවත් එක් සුන්දරතම Thriller හා Drama වර්ගීකරණයට අයත් 2014 වසරේ තිරගතවු මලයාලම් චිත්‍රපටයක් සමඟිනි.චිත්‍රපටය පරණ නිසා අත්නොහරින ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිමින් මා සුපුරුදු ලෙසින් අප වෙබ් අඩවියේ මාහට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිිය පිරිනමන අතරම මාගේ විශේෂ ස්තුතිය මා සමඟින් රාජකාරි කරනා ප්‍රියන්ජිත් විජේසිංහ සොයුරා හටද ස්තුතිය පිරිනමමින් කතාව දෙසට යොමු වීමට කැමතියි.

මුලින්ම පැවසිය යුතු කරුණක් නම් මලයාලම් සිනමාව ඇත්තෙන්ම කිවහොත් මලයාලම් චිත්‍රපට බහුතරයක් ඉන්දියාවේ තිබෙන අනිකුත් චිත්‍රපට වලට සම කරිමට නොහැකියි. කිමද මලයාලම් සිනමා නිර්මාණ ඉතාමත් තියුනුයි කිවහොත් නිවැරදි විය යුතුයි ඉතාමත් වෙනස්ම මාවතක ගමන් කරනා මෙම සිනමා නිර්මාණ අතිශය ස්භාවිකයි මෙන්ම ඉතාමත් තාත්වික ලෙස නිර්මාණය කර තිබීමද විශේෂත්වයක් එයට හේතුව වී ඇත්තේ මා සිතනා ආකාරයට මලයාලම් සිනමාවේ පියා වන J. C. Daniel නම් වූ නිර්මාණ කරුවා ගෙන් පැවැතෙන ආභාෂය විය හැකියි එනම් අතීතයේ සිනමාව කියන දේ ජනතාව අතරට පැමිනි විටදි ඉන්දියාවේ මුලින්ම හිංදි සිනමාව . දමිළ සිනමාව වැනි ක්ෂෙත්‍රයන් ආරම්භයේදීම මොවුන් සිදුකරීමේදි දේව කතා නිර්මාණය කල අතර පසු කලෙක පටන් ගත් මලයාලම් සිනමාව අනිකුත් සිනමා ක්ෂේත්‍රයන් අනුගමනය නොකරමින් මුල්ම චිත්‍රපටයවු වර්ෂයේ නිපැයුනු Vigathakumaran 1930 හි කතා වස්තුව ලෙසින් මොහු යොදාගෙන ඇත්තේ කුඩා දරුවකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධ කතාවක්ය. එසෙනම් ඔබ හට දැන් අනුමාන කල හැකියි මලයාලම් සිනමාවේ පවතින මේ වෙනස අතීතයේ සිටම පැමිණි එකක් බවට. ඒ වගේම කිව යුතු දෙයක් තමයි මෑතකදී තිරගතවු අප අතරද ඉතාමත් ජනප්‍රිය වූ හිංදි සහා දමිළ සිනමා නිර්මාණ දෙපලක් වන Drishyam 2015 හා Papanasam 2015 යන දැවැත්ත සිනමා නිර්මාණ ද්විත්වය Drishyam 2013 මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයන් බව. මේ හා සමාන තවත් චිත්‍රපට බොහොමයක් මලයාලම් සිනමාවේ ඇති චිත්‍රපට අනෙකුත් ඉන්දීය සිනමා ක්ෂේත්‍රයන් හට අභියෝග කරමින් ඔවුන් හටද එම මලයාලම් චිත්‍රපට ඔවුනගේ භාෂා වලින් ප්‍රතිනිර්මාණය කිරීමට පවා නිර්මාණශීලිවී ඇත. මලයාලම් සිනමාව ගැන මා සිදුකල හැදින්වීම අද දිනට ප්‍රමාණවත් යැයි මා කල්පනා කරමින් කාල වේලා නොමැති නිසා කතාව දෙසට යොමු වීමට කැමැතියි. තවද මෙම චිත්‍රපටය ඔබගේ බාගත කිරීමේ පහසුව උදෙසා baiscopedownloads හි ටොරන්ට් හා ඩිරෙක්ට් ලින්ක් ලබා දී තිබෙනවා.

මාධවන් මහාදේවන් කියන්නේ සුදාකරන්ගේ බාල සොයුරා සුදාකරන් කියන්නේ බොහෝම අවංක රේගු නිළධාරියෙක් ඉතින් මෙලෙසින් කාලය ගතවිගෙන යන අතරතුර සුදාකරන් හදිසි අනතුරකින් මිය යනවා ඔහුගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසුව මාධවන් සුදාකරන්ගේ බිරිඳ හා කුඩා දියණිය සමඟින් සුදාකරන් හා ඔහුගේ පවුල පදිංචිවී සිටි නඟරයේ නිවසට පැමිණෙනවා පසුව මාධවන් තම සොයුරාගේ පවුලට හිමි රක්ෂණ මුදල් හිමිගන්වා දීමට අවශ්‍යය කටයුතු සිදුකරන අතර මෙහිදි මාධවන්ට සුන්දර යුවතියක් මුන ගැසෙනවා ඇයගේ නම (මනි මේඛලා) ඇසු පමණින් පුදුමයට පත්වන මාධවන් ඇය හා හිතමිතුරුවී කාලය ගත කරනවා මෙසේ කාලය ගතවන විට රක්ෂණ සමාගම විසින් මාධවන්ගේ අයියා වන සුදාකරන්ගේ මිය යෑම වෙනුවෙන් ගෙවන රක්ෂණ වන්දි මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. එතැන් පටන් සිදුවන සිදුවීම් දාමය එසේ මෙසේ යැයි කියා පැවසිය නොහැකියි. ඒවායෙන් බිඳක් නම් මාධවන්ට නොසිතු විරු හිරිහැර වලට මුහුණ දීමට සිදුවනවා. තම සොයුරාගේ බිරිඳ සිය දියණියද රැගෙන ඇයගේ මව්පියන් වෙතටද යනවා එසේනම් ඒ සියල්ල සිදුවන්නේ කෙසේදැයි කියා දැන ගැනීමට මෙම සිනමා පටය නරඹාම සිටින ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමින් අදට මා නවතිනවා ස්තුතියි. (කමෙන්ටුවක් පහලින් සඳහන් කර යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා) ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

3,572 downloadsDownload Avatharam-2014.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

3,572 downloadsDownload Subtitles80 KB

24 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  2. Spynowa

    Thanx bro sub ekata

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Virajudara

    Supiri Biscope Jayaweewaa

  5. akash

    Thanks for sub detective, big b munniriyappu puluwan nam me malayalam film tikath denna jaya wewa

  6. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  7. hegoda

    මලයාලම් සිනමාව ගැන ඔබගේ අදහස් දැක්වීම ඉතාම තියුනුයි. ඔබට ස්තූතියි.

    1. Tharindu_Rukshan_Perera

      ස්තුතියි

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Pradeepkumara

    Thnx brooo....

  10. rangika Kariyawasam

    බොහෝම සතුටුයි මලයාලමි උපසිරැසියක් ලබා දීම සමිබන්ධව. ඒ වගේම සිසිල සහෝටත් බෝම ස්තුතීයි .. ඉදිරියටත් මලයාලමි ෆිල්ම් ලබා දෙයි බලාපොරොත්තුවෙනවා. ජයවෙිවා

  11. Ashan Maduranga

    thank you sahodaraya good luck and keep it up

  12. himaruwan

    ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

  13. KasunL

    Nice work

  14. gayanveranga

    tnx

  15. Gamika_Sandaruwan

    supiri sub ekak

  16. Kavishna

    ස්තූතියි උපරැසියට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lalani Maduwanthi

      Mata me film eka download karanna link 1k hoyala denna bro

  18. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  19. rohanahe

    උපසිරැසිය ලබා දුන්නාට බොහෝම ස්තූතියි.ඔබලා වගෙ අය නැත්නම් අපට මලයාලම්,ස්පාඤ්ඤ,රුසියන්,කොරියන්,ජපන් වැනි බොහෝ චිත්‍රපට රස විදීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ..
    ජයෙන් ජය.

  21. Lalani Maduwanthi

    Me movie eka download karanna link 1k denna

  22. Eranda Malith 2.0

    Thanks mcn sub ekta