Watch Trailer

Badland Hunters (2024) AKA Hwang-ya Sinhala Subtitles | නිරුදක කතරක දඩයම්කරුවන්! [සිංහල උපසිරැසි]

Badland Hunters (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය ඔයාලට අරගෙන එන 2024ට අදාළ මුල්ම සිනමාපටයේ උපසිරැසිය මේක වෙන්න ඕනා මම හිතන්නෙ. මේක කොරියානු සිනමාපටයක්. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මෙහි රඟපාන නළුවා තමයි කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව ආස කරන කොරියාන…

 

Badland Hunters (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය ඔයාලට අරගෙන එන 2024ට අදාළ මුල්ම සිනමාපටයේ උපසිරැසිය මේක වෙන්න ඕනා මම හිතන්නෙ. මේක කොරියානු සිනමාපටයක්. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මෙහි රඟපාන නළුවා තමයි කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව ආස කරන කොරියානු තඩියා වීම. ඒ නිසාමයි මටත් මේක කරන්න ආස හිතුනේ. 🙂

Badland Hunters (2024) Sinhala Subtitles

ඉතිං මේ සිනමාපටය සඳහා imdb වෙබ් අඩවියේ 6.1ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ ටොමැටෝ මීටරේ 86%ක් වැනි ඉහළතම අගයකුත් 60%ක් වැනි ඉහළතම ඕඩියන්ස් ස්කෝර් එකකුත් මේ සිනමාපටය ලබාගෙන තියෙනවා. මේ සිනමාපටය විකාශය වුනේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ.

Badland Hunters (2024) Sinhala Subtitles

ඉතිං මේ සිනමාපටය මිට කලින් ආව සිනමාපටයක් සහ ටීවී සීරිස් එකක සික්වල් එකක්. හැබැයි ඒ කතා මාලාවට සහ සිනමාපටයට සම්බන්ධයක් නැහැ මේ කතාව. මේ සිනමාපටයේ එන සිදුවීම්වලට පෙර සිදුවන කතාව ඇතුලත් වෙන්නේ Concrete Utopia (2023) සිනමාපටයේ. ඒ වගේම Bargain සිරිස් එකත් මේ යුනිවර්ස් එකේම කොටසක්. මේ යුනිවර්ස් එක Concrete utopia universe කියලයි කතාවට වගේ කියන්නේ. මේ යුනිවර්ස් එක සඳහා පාදක වෙන්නේ ලෝක විනාශ මට්ට්ටමකින් සිදුවන භුමි කම්පාවක්. හිතන්නකෝ ලෝකෙම දෙදරුම් කාලා, ශිෂ්ඨාචාරය සමතලා වෙලා යන භූමිකම්පාවක් සිද්ද වුණාට පස්සේ මොනා වෙයිද කියල? 

Badland Hunters (2024) Sinhala Subtitles

මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ Heo Myeong Haeng. මේ තමයි ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය. ඔහු මිට කලින් සිනමාපටවල Stunts සමබන්ධව අධ්‍යක්ෂක විධියට තමයි කටයුතු කරලා තියෙන්නේ. Mongol: The Rise of Genghis Khan (2007), Oldboy (2003), The Good the Bad the Weird (2008) වැනි සිනමාපටවල ස්ටන්ට් වැඩ ටික බලා කියාගෙන තියෙන්නේ මෙයා. ඒවා බලපු අය දන්නවා ඒවායේ තිබුණු ක්‍රියාදාමවල තත්වය. මේ සිනමාපටයේත් අන්න ඒ වගේ ක්‍රියාදාමවලින් අඩුවක් නම් නැහැ.

Badland Hunters (2024) Sinhala Subtitles

ඉතිං මේ සිනමාපටයෙන් දකින්න පුළුවන් කොරියානු සොම්බි සීන් එකක්. ට්‍රේන් ටු බූසාන් සිනමාපටය එහෙම අමතක ඇතිනේ ? ඒ වගේම සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න පුළුවන්. කොරියන් තඩියගේ කුළුගෙඩි පහරවල් එහෙම අඩුවක් නැහැ මේකේ. මම කතාව කියන්නේ නැහැ. මොකද මේක ඔයාල චිල් එකේ බලන්නම ඕන කතාවක්. සොම්බිද, විහිලු තහළුද, ඇක්ෂන්ද අඩු නැතුව තියෙනවා.

Badland Hunters (2024) Sinhala Subtitles

එහෙනම් අපි දවස් දෙක තුනක් මහන්සි වෙලා ඔයාලට ලබා දෙන සබ් එක අරගෙන යනකොට විනාඩියක් වැය කරලා හැම වෙලාවේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් වැඩියෙන් වැටෙනකොට තමයි ඔයාලට වැඩි වැඩියෙන් අපෙන් සබ් ලැබෙන්නේ. කවුරුත් අපිව දිරිමත් කරන්නේ නැත්නම්, අපේ අඩුපාවක් පෙන්නලා දෙන්නේ නැත්නම් කිසි කික් එකක් එන්නේ නැහැ සබක් කරන්න.

එහෙනම් යලිත් දවසක සුපිරි සබක් එක්ක හමුවෙමු, ජය! 🙂

Director: Heo Myeong Haeng

Writers: Kim Bo-Tong, Kwak Jae-Min

IMDB Ratings : 6.1 (2024.01.27 දිනට)

Release Date:  2024.01.26 (නෙට්ෆ්ලික්ස්)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

25,293 downloadsDownload Badland.Hunters.2024.zip45 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Badland Hunters (2024) Sinhala Subtitles

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

25,293 downloadsDownload Subtitles45 KB

58 comments

  1. Buddhika Lakmal

    බයිස්කෝප් එකෙන්ම සබ් දෙනකං බලාගෙන හිටපු ෆිලුමක්...
    බොහෝම ස්තූතියි විමා සහෝ උපසිරැසියට....

  2. baiscopelk ishu

    සබ් එක එනකන් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස් විමා..

  3. Anonymous

    Sub ekata thanks

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. supun

    thank you bro. love u.

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ubala api wenuwen karana kepakireemata
    watinakamak denna behe kollo ..........!!

  7. Dhana

    සුපිරි..

  8. නුවන් අසේල

    සිංහල උපසිරැසියට ගොඩක් තැන්ක්ස්
    නියමයි ශාන් අයියා

  9. vishwa kelum

    ගොඩක් ස්තුතී මචං. ගොඩක් ආසයි මේ Type එකේ Films බලන්න

  10. Minol

    බොහොම ස්තුතියි විමා අය්යා

  11. Chaminda

    Thanks Bro sub එකට ❤️❤️❤️❤️❤️

  12. Anonymous

    supiri

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශන් සහෝ..
    තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු..
    ජය...

    හැකි නම් Hunger Games The Ballad of songbird and snakes එකටත් සබ් දෙන්න...

  14. Sung Jin-Woo

    Thanks Bro Concrete Utopia film ekatai Bargain series ekatai sub denna puluwan nam❤️

  15. Kalhara

    ❤️❤️❤️

  16. Anonymous

    May Force Be with you

  17. Ashan

    සුපිරි

  18. Randi

    Gemmak tamai... Tnqqqqq...

  19. Ushan

    Thank you Brother ❤❤❤

  20. nipuna

    THANK YOU

  21. Anonymous

    Thank you brother

  22. Thilina

    දෙනකල් බලන් හිටපු සබ් එකක් .... සබ් එකට බොහොම

  23. Udaya Fdo

    Thank you

    1. Anonymous

      Thanks brother

  24. Sameera

    Thank you....very much

  25. Nisha

    Thanks

  26. Anonymous

    Thanks

  27. Anonymous

    ආදරෙයි❤

  28. Udara Damith

    එල

  29. Hashan

    බොහොම ස්තුතීයි උපසිරැසියට !!!

  30. අනුර

    සුපිරි වැඩේ

  31. asanka

    thanks saho

  32. Anonymous

    Supiri

  33. Anonymous

    Thank you for the subtitle!

  34. Anonymous

    Patta

  35. Nishakya

    Thankz bro

  36. Anonymous

    Superb bro

  37. Ishara

    Great brother

  38. S. Kumara

    Thanks for the Sub Brother !

  39. WdH

    thanq so much

  40. ramesh viranga mendis

    Thanks bro

  41. Asanka

    Thank you bro.❤️

  42. priya

    thanks

  43. Dhananjaya Gunasekara

    supiri.. thank you!

    1. Kavinda

      Sub eka niyamai thanks kolllanee

  44. Waruna Perera

    Thanks buddy

  45. Shani

    Thks a lot. Love U all.

  46. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  47. Anonymous

    Thanks brother

  48. malinda jayasekara

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    මරු කතාව

  49. Anonymous

    Thank you guys for what you guys are doing.

  50. Hashan Chamara

    THANKS

Load more comments