Watch Trailer

Neru (2023) Sinhala Subtitles | යුක්තිය සොයා [සිංහල උපසිරැසි]

NERU (2023) Sinhala Subtitles මේ වසරේ OTT Release වුන තවත් මලයාලි blockbuster අද මා ගෙන එනවා.ගිය වසරේ අවසන් භාගයේ දිගින් දිගටම අති සාර්ථක ආදායම් වාර්ථා තැබූ චිත්‍රපට කීපයක්ම දැක ගන්න ලැබුනා.ඒ අනුව වෙනත් වසර වලට වඩා වැඩි චිත්‍රපට ප්‍රමාණයක් 2023 වසරේ අතිශය ජනප්‍රිය වුනා. මලයාලියො චිත්‍රපටි හදන්නෙ බො…

NERU (2023) Sinhala SubtitlesNERU (2023) Sinhala Subtitles

මේ වසරේ OTT Release වුන තවත් මලයාලි blockbuster අද මා ගෙන එනවා.ගිය වසරේ අවසන් භාගයේ දිගින් දිගටම අති සාර්ථක ආදායම් වාර්ථා තැබූ චිත්‍රපට කීපයක්ම දැක ගන්න ලැබුනා.ඒ අනුව වෙනත් වසර වලට වඩා වැඩි චිත්‍රපට ප්‍රමාණයක් 2023 වසරේ අතිශය ජනප්‍රිය වුනා. මලයාලියො චිත්‍රපටි හදන්නෙ බොහෝ විට මලයාලියන්ටමයි. දමිල තෙළිඟු ජනගහනය එක්ක බලනකොට මලයාලි ජනගහණය ඉන් අඩක් පමණයි ඒ කියන්නෙ කෝටි තුනකට මදක් වැඩියි, ඒ අනුව බලන කොට කෝටි 100 ඉක්මවනව කියන්නෙ ඒක විශාල ජයග්‍රහනයක්.

NERU (2023) Sinhala Subtitles

දෙසැම්බර් 22 දා සිනමා හල් වලට නිකුත් උන මෙම චිත්‍රපටය මේ වන විට 2023 වසරේ කෝටි 100 ආදායම ඉක්මවූ සිව් වැනි චිත්‍ර පටය වීමට ඉතා ආසන්නයි. මලයාලි සිනමාවේ මහා නළු දෙපලගෙන් මම්මුට්ටි ගිය වසරෙ ජනප්‍රිය චිත්‍ර පට කිහිපයකින් එළියට ආවත් මෝහන්ලාල්ගේ එතරම් සාර්ථක වුන චිත්‍රපට දකින්න ලැබුනෙ නෑ.ඒත් අවසානයේ ඔහු ජීතු ජෝශප් සමග සං‍යෝජනය වී කරපු ලොකු වැඩකින් එළියට එනවා. ඒ තමයි නේරු, ජීතු ජෝශප් මෝහන් ලාල් සුසං‍යෝගය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. Drishyam (2013) සහ Drishyam 2 (2021),12th Man (2022) මතක් කර ගන්න. ඒ චිත්‍රපට ජීතු ජෝශප්ගේ. මේ තමයි ඔහුගෙ අළුත්ම එක.

NERU (2023) Sinhala Subtitles

ඔබට යම් අසාධාරණයක් වූ විට ඔබ ඊට එරෙහිව නීතිය ඉදිරියට යනවාද? ඔව් ඔබ එහිදී නීතියෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා, අපරාධකාරයාට දඬුවම් ලැබෙනවා. ඒ තමයි පිළිගත් සත්‍යය. එහෙත්.ඒක ඒ විදිහටම සිද්ධ වෙයිද? නීතිය ඉදිරියේ වින්දිත ඔබ මෙන්ම අපරාධකරුද එක සමානයි. නැත්තම් පනහට පනහ. තීන්දුව ලැබෙන තෙක් ඒක එහෙමයි. ඔබ කොතරම් නිවැරදි උනත් ඔබට ඔබගේ නීතිඥයාගේ දක්ෂතාව, පිළිගත් සාක්ෂි මත යැපෙන්නට සිදු වෙනවා මෙන්ම ඔබගේ විරුද්ධවාදියාගේ ප්‍රතිචාරයටද මුහුණ දෙන්න වෙනවා. ඔහුගේ ගැලවීම සඳහා නිපදවෙන උපක්‍රම සාක්ෂි සහිත ඔහුගේ කඳවුරේ ප්‍රභලතාව මත ඔබ පරාජය වනවා පමණක් නොව ඔබ අපරාධකරුවෙකු වෙන්නත් ඉඩ තිබෙනවා.

NERU (2023) Sinhala Subtitles

මේ කතාවේදී අන්ධ දැරියක් දූෂනයට ලක් වෙන්නේ ධනවත් තරුණයෙක් අතින්. ඇයගේ පවුල නීතිය ඉදිරියට යන්නේ සාධාරණය පතාගෙන. සිදු වන්නේ කුමක්ද? කළු ගලේ ඔළුව ගහ ගන්නේ නැතුව දෙන්න ගිය ගාණක් අරන් ඉන්න තිබුන එකේ ගියා නඩු කියන්න. දැන් ඉතින් නඩු කියපංකෝ. කවදත් මම කතාව කියන්නෙ නෑනෙ. ඒ නිසා බලන්න ඒ අපරාධයට ලක් උන අන්ධ දැරියගේ ඇසින් දුටු සාක්ෂිය මොකක්ද කියල.

NERU (2023) Sinhala Subtitles

මේ කතාවෙ වැඩි හරියක් තියෙන්නෙ උසාවියෙ.ඒත් කිසිම කම්ම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුළුවන් පුදුම සංවේදී කතාවක්. අමාරුවේ වැටුනේ උපසිරැසිය කරපු මමයි.උසාවියේ සිදුවන හර බර දේශන පරිවර්ථනය කර ඉදිරි පත් කිරීම ටිකක් අමාරු උනා.ඒත් කොහොම හරි කලා.වැරදි ඇතොත් සමා වෙන්න ඒ වගේම දන් වන්න.

NERU (2023) Sinhala Subtitles

මොහන් ලාල් සමග අනස්වරා, ජග්දීශ්,සන්කර්, සහ විශිෂ්ඨ රඟපෑමක යෙදෙන සිද්දික් මෙහි දැක ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් 2023 වසරේ මම බලපු හොඳම චිත්‍ර පටය. එහෙනම් බලන්න ආරාධනා කරමින් නවතිනවා.

නැවත හමු වෙමු

ආයුබෝවන්!

https://m.imdb.com/title/tt22818604/

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

12,295 downloadsDownload Neru-2023.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

NERU (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

12,295 downloadsDownload Subtitles79 KB

9 comments

  1. Buddhika Lakmal

    සබට බොහෝම ස්තූතියි සහෝ...
    ෆිලුම ඩවුන්කරන් හිටිය සබ් දෙයි කියලා හිතාගෙන...
    බොහෝම ස්තූතියි මචෝ....

  2. ed

    Thanks bro

  3. Kasun

    සහෝගෙ මලයාලම් සබ් එකක් එනකම්මයි හිටියෙ.
    බොහොම ස්තූතියි.

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Malith samarawickrama

    Thanks bro sub ekata

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. Viraj

    Thanks

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.