තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දර…

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති වුන දවසේ ඉඳලා බොහොම ආදරයෙන් හදා වඩා ගත්ත තමන්ගේ දුවගේ මංගල දිනයට කලින් දින රාත්‍රියේ මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙකුට හීනෙකින්වත් හිතන්න බැරි දෙයක් මේ තාත්තට සිද්දවෙනවා.මේ ලෝකයේ කිසිම දියණියකට සිද්ද නොවිය යුතු දෙයක් මේ දියණියට සිද්දවෙනවා.කොහොමවුනත් මේ දෙන්නම පස්සේ ඒ දේ අමතක කරලා ඉන්න හැදුවත් සියල්ල සිදු වෙනකල් ඇස් කණ් වහගෙන සිටි අසල්වැසියෝ දැන් මොවුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ .ඒ නිසා මොවුන් තීරණයක් ගන්නවා.මේ සිත් තැවුල,කැළැල තවත් යටපත් කරගෙන නොඉඳ එය මකා දැමිය යුතු බවට මොවුන් තීරණයක් ගන්නවා.මොවුන්ගේ මේ ප්‍රයත්නය කෙලෙසකට විසඳේවි ද?
බොලිවුඩ් සුපිරි නළු Sanjay Dutt ගේ නවතම ආගමනය! Wazir(2016), Kaatru veliyidai (2017) [දමිළ] ආදි මෑතකාලීන සිනමා පටයන්ගෙන් තම රංගන ප්‍රතිභාව මනාව විදහා දැක්වූ රූමතිය Aditi Rao Hydari ගේ නවතම සිනමා සිත්තම! එමෙන්ම සම්මානනීය චිත්‍රපටය, Mary Kom (2014) අධ්‍යක්ෂණය කළ Omung Kumarගේ නවතම අධ්‍යක්ෂණය! Bhoomi (2017)!!! ඉන්දියානු රුපියල් මිලියන 220ක බර පැන යොදමින් නිර්මාණය වූ මේ සිනමා සිත්තම Action, Drama ගණයන් යටතේ වර්ගීකරණය වෙමින් සැප්තැම්බර් මස 22 දින ප්‍රදර්ශනය අරඹනවා! චිත්‍රපටයේ, YouTube දර්ශන මිලියන ගණනක් සටහන් කළ, ඉතා ජනප්‍රිය වුනු ගීත කිහිපයක්ම මෙන්ම බොලිවුඩ් සරාගිනිය Sunny Leone ගේ අයිතම ගීයක් ද ඇතුලත් වෙනවා.ඒ වගේම මෙය මේ වනවිට IMDB හි 5.6ක අගයක් ද Google පරිශීලකයින්ගේ 84%ක මනාපයක් ද Times of India හි 3/5ක අගයක් ද හිමි කරගෙන තියෙනවා.
ඔන්න මේ පාර අරගෙන ආවේ හින්දි ෆිලුමක්.මේක කරේ සිසිල සහෝගේ ඉල්ලීමක් මත.කොහොමින් හරි මේ ෆිලුම මටම භාරදුන්න එකට සිසිල සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා!
‘ප්‍රසිද්ධ ගණයේ’ හින්දි ෆිලුමකින් බයිස්කෝප් රසිකයින් හමුවට ආපු පළවෙනි වතාව තමයි මේක.ඉතින් ෆිලුම බලලා උපසිරැසිය ගැන මොකක්හරි අදහසක් තියෙනවනම් ඒකත් සටහන් කරගෙන යන්න කියලා ඔන්න අවසාන වශයෙන් මතක් කරනවා!
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
16,758 downloadsDownload Bhoomi-2017.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
47 comments
Krishan NiShalya
lakmal
ජය වේවා , ඉදිරියටම යන්න, THANK U
gihan perera
Thanks bro...mama maka hoya hoya hitiya...good luck....
hashan
download karanna link ekak dennakoo
prabodha
Woww . Hoda copy ewilla wedi dawasak naa thank bro...
DG
bohoma sthuthi saho....
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Mahesh
Sub ekata thanx
Helili Hemamali
නියමයි, ස්තූතියි සහෝ.
Jack
හම්මෝ පට්ටයි මචෝ...
මේක අනිවා බලන්න හිටපු එකක්.
ස්තුතියි සබ් එක උණූ උණූවෙම දුන්නට.
ජය...Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සිසිල ප්‍රසාද්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය වෙනුවෙන්.
ඒ වගේම, මේක කරන්නම් කියලා බාරගෙන ඉක්මණටම සබ් එක කරලා ගෙනාවටත් බොහොම ස්තුතියි.
අනිවාර්‍යයෙන් හැමෝම අරගෙන බලන්න, බොහොම ලස්සන කතාවක් තියෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉඳලා අග වෙනකම් බලන්න පුළුවන්.
තවත් උපසිරසියකින් හමුවෙමු.
ජයවේවා!Hirantha
Baiscopdownloads එකේ download link තාම දාල නෑ නේ සහෝ
oshanda
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
KV
THankz bro sub ekata!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
රුවන් ඉන්දික
කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ඉක්මනටම සබ් එක ගෙනල්ලා නෙහ්. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Tharindu_Rukshan_Perera
බොහෝම ස්තුතියි සහෝ සබදෙනකන් බලා හිටියේ
දමිත්
බොහොම ස්තුතියි තරිඳු සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.sandaru maxx
thankz brother.....
thusitha
thanks brother,,,,,,,,,,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan......jayawewa......!
harshana
Nice bro.meke sinhala sub eka enkal film eka downliad karala balan hitiye gd luck
Udaya Fernando
Thanks Tharindu
Hemantha De Silva
ස්තුතියි තරිදු ....
අලුත් එකක් හොයල විස්තරත් එක්කම සබ් එක දුන්නට....
ස්තුතියි බයිස්කෝප් ....
(ඒත් ඉතිජ film එක හැදුවෙ උඹල නොවෙයි නෙව.)Sohan Jayasooriya
බොහොම ස්තූතියි සහෝ
Kashmika
බොහොම ස්තූතියි!
Shanuka
sinhala sub eka 720p ekata wadada?
තරිඳු රසාංග
ඔව්,දැනට නිකුත්වෙලා තියෙන්නේ HDRip/WEBHD පිටපත් විතරයි.ඒ හැම එකටම ගැලපෙනවා!
Muditha
thanks machan sub akata
obata jaya...............SPD
බොහොම ස්තුතියි තරිඳු සිංහල උපසිරසියට.
බලන්නම වටින සුපිරිම මලයාලම් ෆිලුම් ටිකක් ඇවිත් තියනවා මචන්
පුළුවන් නම් එකකට හරි සබක් දෙන්න බලන්න
ජයවේවා....!!!
Thondimuthalum Dhriksakshiyum (2017)
Sunday Holiday (2017)
Pullikkaran Staraa (2017)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumeda
mama bapu webrip akata sub aka set wenne nha ne plz help
AWNCK
Thanks Bro.........
sanj
Thanx brother sub akata
සෝමපාල
බොහොම ස්තුතියි තරිඳු සහෝ උපසිරැසියට :)
thisan
thx bro
Chami.S
Thanks..
Good Luck..රුවන්
sub eka suport karanne na
Eshan
tnx ela . ITTEFAQ film ekatath ikmanata sub denna baiscope
vinod
aiye dj ekat sub eka krndo.dan awith godak kal ne
Shanaka sirimanna
Link eka wada ner, check pls
Dineth Hirumal
Sub එකට thnz
Prazad
thankzz machan sub ekata
pushpamadhu
බයිස්කෝප් කණ්ඩායමට ස්තූති වෙන්න මේ කරන උපකාරය නොහිටින්න කිසිම ෆිල්ම් එකක් හරියට තේරෙන්න බලන්න හම්බෙන්නේනෑ. මොකද ෆිල්ම් වලට ආසාකරන ඇහෙන්නේ නැති අයත් ඉන්නව. එහෙම කෙනෙක් තමයි මමත්. Super dark times 2017 ෆිල්මටත් සබ් දාලා නෑ තවම. එනකම් බලන් ඉන්නේ. ඒකත් මතක් කරන්න හොදේ. කණ්ඩායමට ජය,
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Bhoomi-2017.jpg)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
නියමයි
තවත් සුපිරි කතා වලට උපසිරැසි දෙන්න
බොහොම ස්තුතියි ..
☺☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬