බෙලා සහ එඩ්වඩ්ගේ එක්වීමෙන් පස්සෙ ඔවුන්ගේ ආදරය හුස්ම ගන්ඩ පටන් ගත්තා. ඒ ඔවුන්ගේ මිනිස්-නොමිනිස් දියණිය ඉපදීමත් එක්ක. ඇය රෙනෙස්මේ. ඈත පිටිසර ගම්මානෙක ඉන්න තාත්තගෙ රැකවරණය හොයාගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙදි හිත වැටුණ කොල්ලෙක් අඳුනා ගත්තු බෙලා ගොම්මන් යාමේදී -Twilight (2008)- මේ කොල්ලා වැම්පයරයෙක් හෙවත් ප…
බෙලා සහ එඩ්වඩ්ගේ එක්වීමෙන් පස්සෙ ඔවුන්ගේ ආදරය හුස්ම ගන්ඩ පටන් ගත්තා. ඒ ඔවුන්ගේ මිනිස්-නොමිනිස් දියණිය ඉපදීමත් එක්ක. ඇය රෙනෙස්මේ. ඈත පිටිසර ගම්මානෙක ඉන්න තාත්තගෙ රැකවරණය හොයාගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙදි හිත වැටුණ කොල්ලෙක් අඳුනා ගත්තු බෙලා ගොම්මන් යාමේදී -Twilight (2008)- මේ කොල්ලා වැම්පයරයෙක් හෙවත් පිශාචයෙක් බව දැන ගත්තත්, ඒ ආදරේට මිනිස්කම් නොමිනිස්කම් බාධාවක් වුණේ නෑ. ඊට පස්සෙ මේක තුන්කොන් ප්‍රේමයක් වන ලකුණු පහළ කරමින් නව සඳක් -The Twilight Saga: New Moon (2009)- පෑව්වේ ජේකබ් නම් තවත් මැදිහත්කරුවෙකුගේ ආගමනයත් අරගෙන. මේ කෙල්ලට වහවැටුණු කොල්ලො දෙන්නම අමනුස්සයෝ. ජම්මාන්තර වෛරයක්කාරයෝ වුණත් දෙන්නම එක වගේ ආදරය කළ කෙල්ල වෙනුවෙන් දැඩි ඉවසීමකින් කටයුතු කළත් සටනකුත් නොතිබ්බම නෙමෙයි. තුන්වෙනි වතාවට සඳ රාහු අල්ලද්දී -The Twilight Saga: Eclipse (2010)- දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගන්ඩ කෙල්ලට සිද්ධ වුණා. ඒ තේරීම නරවෘකයාට වේදනාවක් ඇති කළත් මේ දෙන්නගේ ආදරය පණ ගැහෙන පොදියක් විදිහට හුස්ම ගැනීම අරඹද්දි විසිරුණු හිමිදිරියක -The Twilight Saga: Breaking Dawn-Part 1 (2011)- ඇගේ සදාතනික ආරක්ෂකයා බවට ඔහු දැඩිව බැඳුණා. රෙනෙස්මේ වෙනුවෙන් ජම්මාන්තර වෛරය වශීකෘත ප්‍රේමයක් බවට හැරවුණා. දෙවෙනි වතාවට හිමිදිරිය බිඳෙන්නෙ ඒ නව ප්‍රාණියා රැකගන්ඩ කෙරෙන යුද්ධයකටයි.
උඩින් කිවූ විස්තරයේ මුළු පොත් 04ම, චිත්‍රපටි 05හේම කතාව කෙටි කරලා කිව්වට ඒ කතාව එහෙම කියන්ඩ බෑ. චිත්‍රපට රසික සමාජයක් විදිහට අපි ඇදෙන්නෙ ඒ පැත්තට හින්දා, අර කිව්ව හිමිදිරිය දෙවෙනි වතාවටත් විසිරුවා හැරපු චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආව. මනුස්ස-අමනුස්සකම් අමතක කළ ගමන් මේක ආදර කතාවක්! ඉතිං ආදර කතාවක අවසාන දිගහැරුම ඔබ වෙත අරං එන්ඩ අදට වඩා හොඳ දවසක් තවත් කොහේ…ද? අද ආදරවන්තයන්ගේ දිනය නේ! වැලන්ටයින්, වැලන්ටයින්! 😀
එහෙමනම් අමනුෂ්‍ය ආදර අන්දරයේ අවසානය සනිටුහන් කරන මේ කතාව තමයි බයිස්කෝප් අපෙන් ඔබට ගෙනෙන ආදර තිළිණය. ගියපාර කතාවෙදී ඉපදුණු ජීවමාන ආදරය හෙවත් රෙනෙස්මේට තර්ජනයක් එල්ල වෙලා. නරවෘකයන්ගෙන්ද? මිනිසුන්ගෙන්ද? කොච්චර තර්ජන ආවත් තමුන්ගේ ආදරයේ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් මුළු ලෝකෙම එක්ක හරි සටන් කරන්ඩ එඩ්වඩ්-බෙලා සූදානම්. තනිවම නොවෙයි කලන් පවුලම ළඟින් ඉන්නවා. ඇයි රෙනෙස්මේට පණ පුදන්ඩ සූදානමින් ඉන්නා ජේකබ් කීයටවත් ඇයව දාලා යන්නෙ නෑ අන්තිම ලේ බින්දුවත් ඇඟේ තියෙනාකම්. කවුද එතකොට රෙනෙස්මේට හතුරුකම් කරන්නේ? පිශාචයින් ගොන්නක් මැද්දෙ නරවෘකයාට කරන්ඩ පුළුවන් වැඩේ මොකක්ද? ඇයි රෙනෙස්මේට මෙච්චර තර්ජන?
හරි එහෙමනම් මේ කතා මාලාවේ මුල් එක ඇරෙන්න අනික් ඒවට සිංහල උපසිරැසි දුන්නේ රොයිලි අයියා. මේ දවස්වල රොයිලි අයියා කාර්යබහුල නිසා මම මේ අවසන් කොටසට උපසිරැසි දෙන්න බාරගත්තා. මේ කතා මාලාවේ සිංහල උපසිරැසි සම්පූර්ණ කරන්ඩ තවමත් එකම එක අඩුවක් ඉතුරුව තිබෙනවා. ඒකත් හැකි ඉක්මනින් සම්පූර්ණ කරලා ඔබට මේ කතාව මුල සිට අගටම සිංහලෙන් රසවිඳගන්ඩ අපේ බයිස්කෝප් සොහොයුරන් කටයුතු කරාවි. එහෙනම් මම ගිහින් එන්නම්.
ආ… ඩිංගෙන් අමතක වෙන්ඩනේ ගියේ. එහෙමනම් ප්‍රේමයේ රස විඳගන්න අපේ හිතවතුන් හැමෝටම ප්‍රීතිමත් ආදරවන්තයින්ගේ දිනයක් වේවා! Happy Vallentine Day!
Due to copyright issues, we do not provide any torrent links.
41,464 downloadsDownload The-Twilight-Saga-Breaking-Dawn-Part-2-2011-baiscopelk-sinhala-subtitle.zip100 KB
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
107 comments
වරුණ
Isuru Mahindarathna
සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා!
EDIE
ඇති යන්තන් මේක දුන්න...හොය හොය හිටපු ෆිල්ම් එකක්...බොහොම ස්තුතියි...!!
shehan
ඔන්න මම 2ක බොහොම පින් යාළුවා
sksa
niyamai macho ela
wall e
patta patta machn
ccnp
THANKS
naleen
Mxxxa macha
අබා
පට්ට විදියට ලිපිය ලියලා තියනවා...නියමයි...ආදරවන්තයන්ට අද මීට වැඩිය මොනවද...ස්තූතියි දිදුල සහෝ...
බයිස්කෝප් හැමෝටම Happy Vallentine Day!ShiraN
මම එකලු
harsha
macxxxa kolloooo
Isuru
loweth na macho patta patta
quik
thanks
wow
wow,,,,,maru :)
නලියා
ජය වේවා දිදුලේ.........!!
yasas
pissu hadei,, meka enakan kochara kal hitiyada appa,, thanks thanks brooo
Amila
එනකම් තමයි හිටියේ. ගොඩක් ස්තූතියි!!!
laka007
Ela mchn tnx... Bapu gaman comment ekaka :)
චමිල සංදීප
අම්මේ ඇති යාන්තං, පට්ට කාලයක් බලන් හිටිය හොඳ DVDRIP එකක් එනකම්.
sub වලට ගොඩාක් ඉස්තුතියි.මාක් සුකර්බර්ග්
නොදකිං.. කෝපි කඩේ සුගතංගෙයි එන්සිනාගෙයි ලව් ස්ටෝරියට සබ් හදල දියංකො.මේකට වඩා දහස් ගුණයක් හොඳ ලව් ස්ටෝරියක් ඒක :P
ns
thanx...
supun
maxxa machan hoya hoya hitiye
mihin ලංකා
පට්ටම පට්ට මචං
chami
maxxa saho
geeth
loweth na machan thanks
tharanga
මෙන්න නියම ආදර තෑග්ග ජය වේවා :)
lasidu
පට්ට මචං :-) දිගටම කරමු
vee
පට්ට පතුරු සහෝ :)
kalinga
නියමයි සහෝ මෙන්න මේක එනකම් අනිත් ඒවා බලලා උන්නේ...ඇත්තටම නියමයි ඔයාලා නම්
Gayan
elas machna
ishu
නියමයි.. නියමයී.. මේක බයිස්කෝප් එකෙන්ම දෙනකන් බලන්නේ නෑමයි කියලා හිතන් උන්නේ. :D
බොහොම ස්තුතියී..!elakiri
එල එල එලම කිරි මචෝ
zumo man
thnxz
rusuru | රුසිරු
ලොවෙත් නෑ පට්ට හොදේ
dj
සුපිරිය පට්ටය
NYYN
Pin Athe wadak (y)
was
නියමයි එනකම් බලාගෙන උන්නු ෆිල්ම් එකක් නේ සබ් වලට බොහොම පින්
amilatk
jayama wewa
MaDUKZz
patta baiscope.lk
BuLa
මේක දානකන් ඇගිලි ගැන ගැන ,දින ගැන ගැන හිටියේ හප්පේ යන්තම් ඇති
RICHI
hure meka dala thanks aiye.....
Hasi
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plzz [email protected]
Buddhika
බොහොම ස්තුතියි....
ජය වේවා.....!!!Susantha Pradeep
thnxxxxxxxx
bee
bohoma tnnxxxxxxxxxxx
sura
ela bro. mama meka hewwa bt mata cam copy labune. thx lot
Harsha Lahiru
බොහොම ස්තුතියි සහො බ්ලුරේ කොපියටත් සබ් ඔනේ
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
පට්ට.. ස්තුතියි දිදුල.
කැලුම් ගුණසේකර
පිස්සු හැදෙනවා. ඇඩෙනව තනි ඇහැට ලිපිය කියෙව්වම. සුපිරියි දිදුල. නියමයි. ඔයගේ මේ ලිපිය කියවල බලන ඕන කෙනෙක් ට මේ කතාව විතරක් නෙවෙයි. මීට කලින් දුන්න කොටස් ටිකත් එක හුස්මට බලන්න හිතෙනවා. පොඩි කොපියක් තියන නිසා අපිටත් බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.
“චූටී මල්ලි”
බුදු අම්මෝ සයිට් එකට එන්න කාපු කට්ටක්
දැන්තමා ආවෙ ඊයෙ හවස ඉදන් ට්‍රයි කලෙ එන්න
දිදුල මේ පාරත් දිලා තියෙන්නෙ පට්ටම එකක්නෙ
හැදින්වීම නම් පට්ට දිදුල ඇඩෙනවා ෆිල්ම්ස් නොබලන උන්ටත් බලන්න හිතෙනවා ඇති ඒක දැක්කම
සබට නම් අනේක වාරයක් තුති
ආයිත් අළුත් එකක් ආපු ගමන් දෙන්න
Advertisement
![The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) Sinhala Subtitles |ජීවත් වන ආදරය වෙනුවෙන්…[සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/01/breaking-dawn-2.jpg)
elazzzzzzzzzzzz jaya wewaa