Watch Trailer

The Killer (2023) Sinhala Subtitles | කුලී ඝාතකයාගේ වියරුව! [සිංහල උපසිරසි] (18+)

The Killer (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුන යම් කතා බහකට ලක් වුණ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය එහෙම යම් කතා බහකට ලක්වුණේ ප්‍රධාන වශයෙන් එකම එක හේතුවක් නිසයි, අන්න ඒ හේතුවම තමයි මං මේකට උපසිරැසි කරන්නත් බාරගත්තේ. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, ඔහු නමින්…

The Killer (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුන යම් කතා බහකට ලක් වුණ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය එහෙම යම් කතා බහකට ලක්වුණේ ප්‍රධාන වශයෙන් එකම එක හේතුවක් නිසයි, අන්න ඒ හේතුවම තමයි මං මේකට උපසිරැසි කරන්නත් බාරගත්තේ. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, ඔහු නමින් David Fincher. නම එහෙම වැඩි මතකයක් නැද්ද? එහෙනම් ඔයාලට අනිවාරෙන් මතක ඇති Fight Club (1999), Seven (1995), Gone Girl (2014), Zodiac (2007) මේ චිත්‍රපට ටික. චිත්‍රපට රසිකයෙක් නම් මේවා එකක් හරි නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, නේද? අන්න ඒ චිත්‍රපට අධ්‍යෂනය කරේ ඔහු තමයි. හැබැයි මේ ෆිල්ම් එක ටිකක් විශේශයි.

මොකද මේකෙ කතා තේමාවට වඩා මුල් තැන අරගෙන තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය වෙන වෘතිමය ඝාතකයා ගැනයි. ඝාතකයෙක් වුණාම කොහොමද වැඩ කරන්න ඕනෙ, සැලසුමෙන් පිට ගියොත් වෙන දේවල්, ඔවුන් පිළිපදින්න ඕනෙ නීති මොනවද, ඒවා කඩ කොළොත් ඇතිවෙන ප්‍රතිවිපාක මොනවද යන්න තමයි මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වා දෙන්නේ. ඉතිං කවුරු හරි කැමති නම් වෘතිමය ඝාතකයෙක්ගෙ කෝණයෙන් පැය දෙකක් පුරාවට චිත්‍රපටයක් නරඹන්න මේක තියෙන්නේ ඔබ වෙනුවෙනුයි.

මේ චිත්‍රපටය සිනමාශාලාවල්(සීමිත) වලට නිකුත් වෙන්නේ ඔක්තෝම්බර් 27 වෙනිදා. ඒත් මේක හරියටම ලොව පුරා නිකුත් වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සේවාව හරහායි. ඒ අනුව මේ ෆිල්ම් එකට මේ වෙනකොට මනාප 90,000 අධික ප්‍රමානයකින් IMDb 6.9 අගයක් සහ කුණු තක්කාලි 85% ගන්න හැකි වෙලා තියෙනවා. මෙයට රංගනයෙන් දායක වෙනවා Michael Fassbender / Arliss Howard / Charles Parnell / Kerry O’Malley / Sala Baker / Sophie Charlotte / Tilda Swinton යන අය.

මේකෙ කතාව ගැන මතක් කලොත්, කොතනම තැනකවත් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ඝාතකයාගෙ හරි නමක් කියවෙන්නෑ. මේක පටන් ගන්නේ පැරීසියෙන්. ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු කරන මෙහෙයුමත් සමගින්. ඝාතකයා මහල් නිවාසෙකට වෙලා බලන් ඉන්නවා ඔහුගේ ඉලක්කෙ පැමිණෙන කල්. මෙහෙම සතියක් පමණ පුරාවට බලන් සිටියාට පසුව ඔහුගේ ඉලක්කය පැමිණෙනවා.  ඉතිං මොහු ඔහුගේ ස්නයිපර් රයිෆලය අරන් ඉලක්කයට වෙඩි තියනවා. ඔන්න ඔහුගේ ජීවිතේට කවදාවත් සිදුවෙලා නැති සිදුවීමක් මෙතනදි වෙනවා. ඒ සිදුවීමෙන් මේ ඝතකයා මෘගයෙක් කරවන ජාතියේ භයානක ප්‍රතිවිපාක ඇති වෙනවා. මෙතන ඉදන් අපිට කුපිත වුණ ඝාතකයාගෙ ක්‍රියාදාම සහ සූක්ෂම සැලසුම් ඔහුගෙ කෝණයෙන්ම දැක ගැනීමට පුළුවන් වෙනවා.

එහෙනම් මෙච්චරයි චිත්‍රපටය ගැන කියන්න යන්නේ. සුපිරිම  Thriller/Crime කාන්ඩයේ චිත්‍රපටයක් බලන්න ඔයාලත් කැමති නම් මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

The Killer, The Killer (2023) Sinhala Subtitles, The Killer Sinhala subtitles, The Killer sinhala sub

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

23,745 downloadsDownload The-Killer-2023.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

23,745 downloadsDownload Subtitles29 KB

24 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Saminda

    Thanks bro..

  3. Hashan

    Thanx for the sub bro......!!!!

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  6. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි ඔලිව.
    ෆිල්ම් එක නම් ටොප්, සබත් එහෙමයි ආ... ;)

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Buddhika Lakmal

    විස්තරේ අනුවනං බලන්න වටින් ෆිලුමක් වගේ...
    ඔන්න එහෙනං ගත්තා...
    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. Ruchira

    Thanks for the sub!!!!!!

  10. arawindasunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා ❤️❤️

  11. Anonymous

    Thanks bro

  12. Anonymous

    Whatsapp group nadda.

    1. විමා

      අපේ චැනල් එක තියෙනවා
      ටෙලිග්‍රෑම් ගෘප් එකක් තියෙනව.

  13. viraj

    thanks..........

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. Nishan

    Thanx bro

  16. Roshan

    Thnx bro.Great job.Good luck.

  17. Chanaka Sangeeth

    උපසිරැසියට ගොඩක් ස්තූතියි. ජය වේවා !!

  18. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  19. pinidi kariyawasam

    mahansiyata thanx. i need to meet u

  20. හසිත

    උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි.

  21. nilanka

    thanks....

  22. Nishan

    Thanx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P