Mardaani 2 වන චිත්‍රපටයත් එක්කම උපසිරැසි ගැන්වීමට බාරගෙන තිබුණු අනික් චිත්‍රපටයෙත් වෙබ් පිටපතක් නිකුත් වුනා, ඉතින් වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා උපසිරැසිය අරගෙන එන්න. චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. ම…

Mardaani 2 වන චිත්‍රපටයත් එක්කම උපසිරැසි ගැන්වීමට බාරගෙන තිබුණු අනික් චිත්‍රපටයෙත් වෙබ් පිටපතක් නිකුත් වුනා, ඉතින් වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා උපසිරැසිය අරගෙන එන්න. චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට මතක ඇති. ක්‍රියාදාම සහ කොමඩි කියන කාණ්ඩ යටතට වැටෙන මෙය තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Elizabeth Banks. චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයන්නේ සුප්‍රකට Twilight චිත්‍රපටමාලාවේ බෙලාගේ චරිතයට දායකත්වය සැපයූ Kristen Stewart, ඊට අමතරව ඇලඩින් චිත්‍රපටයෙන් අප හඳුනන Naomi Scott ඒ වගේම Ella Balinska, Elizabeth Banks, Djimon Hounsou, Sam Claflin, Patrick Stewart යන සිනමා තරු. ඒ වගේම චිත්‍රපටයේ ඇති ලස්සන ගීත කීපයක් සඳහා Ariana Grande, Mieley Cyrus, Lana Del Rey සහභාගී වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 15 එක්සත් ජනපදයේදී තිරගත වීම ආරම්භ කළ මෙය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 71 ක ආදායමක් ලබාගෙන තියෙනවා. විචාරකයින්ගෙන් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ගොඩක්ම ඉතින් ස්ත්‍රීවාදය පෙන්නුම්කරනවා කියලා තමයි බැනුම් අහලා තියෙන්නේ.
කතාව දිහාට හැරුනොත්, ආරම්භ වෙන්නේ ජොනී කියන මංකොල්ලකාරයත් එක්ක මුකුළු කරන සුරදූතිකාවකගේ ජවනිකාවකින්. වෙන මොකටවත් නෙවෙයි මංකොල්ලකාරයාව අල්ලගන්න. මේ සුරදූතිකාවන් විශේෂ පුහුණුවක් ලැබූ නියෝජිතවරියන්. වැඩකරන්නේ ටවුන්සෙන්ඩ් කියලා පුද්ගලික රහස්පරීක්ෂක ආයතනයකට. මෙයාලව මෙහෙයවන්නේ චාලී. මේ සුරදූතිකාවන් චාලිව දැකලා නැහැ. මෙයාලා වැඩ කරන්නේ බොස්ලී කියන නිළය දරන අය යටතේ. ඉතින් මේ බොස්ලිලා සෑහෙන පිරිසක් චාලි යටතේ වැඩ කරනවා.
බලශක්තිය සම්බන්ධව පර්යේෂණ කරන ආයතනයක් කැලිස්ටෝ නමින් උපකරණයක් නිපදනවා. මේකෙන් කරන්නේ විද්‍යුත් චුම්භක බලය පාවිච්චි කරලා පිරිසිදු බලශක්තිය නිපදවීමක්. ඒක බලශක්තිය සම්බන්ධව ලෝකයේ පෙරළියක් කරන්න පුළුවන් උපකරණයක් කියලා තමයි කියන්නේ. මේ උපකරණය නිර්මාණය කරපු ප්‍රධාන ඉංජිනේරුවරිය තමයි එලේනා හාෆ්ලින්. එයාට තේරෙනවා මේ උපකරණයේ දෝෂයක් තියෙනවා කියලා. ඉතින් එයා මේ ගැන ආයතනයේ ඉහළට දැනුම් දෙන්න උත්සහ කලත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මෙයාගේ වාර්තාවත් යට ගහලා. ඉතින් අහම්බෙන් වගේ හම්බෙන් ටවුන්සෙන්ඩ් ඒජන්සියේ සම්බන්ධතාවයක් හරහා, මෙයා මේ ගැන ලොවට එළි කරන්නයි සූදානම් වෙන්නේ. ඒත් මේ උපකරණය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා අපරාධකාරයින්ට අවශ්‍ය වෙනවා එලේනාව මරලා දාන්න. එලේනවත් බේරගෙන මේ උපකරණය තමන් අතට ගන්න තමයි සුරදූතිකාවන් උත්සහ කරන්නේ. බලමු එයලාට ඒක කරන්න පුළුවන්ද කියලා. මේ අපරාධකාරයින් ඇත්තටම කවුද?. කතාව පටන්ගද්දි අල්ලගත්ත මංකොල්ලකාර ජොනී කවුද. මේ බොස්ලිලා විශ්වාස කරන්න පුළුවන්ද? කවුද චාලි කියන්නේ. එලේනාගේ ජීවිතේ බේරෙයිද? මේ හැම එකකටම උත්තර ලැබෙයි චිත්‍රපටය නැරඹුවාම. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, උපසිරැසිය බාගත කරගන්නග චිත්‍රපටය නරඹන්න. ඒ වගේම අදහස් කමෙන්ට් කරන්නත්. ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,190 downloadsDownload Charlies-Angels-2019-Blu-Ray.zip185 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
56 comments
Rasindu Perera
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
The Curse of the Were-Rabbit (2005)tharidu16
thanks machiiii
maxek500
thanks subata.
Dhanushkadill
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ayesh Prashan
Thank You
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ.
ජයthanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි.Smallville season 4 ඉදන් සබ් දෙනවද plz?
Suranjan
Thanks jayawewa......!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
indika75
thanks..
gayan215
bohoma sthuthi saho...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
Pramukmili
Thanx bro.............
suranuwan
thanks.....
thilz
thank youuu
srpkumara
thanks
wnrodrigo
Good work friend, Thanks for the sub.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...BR එකක් ආව ගමන් බලමු. ජය වේවා..බුදුසරණයි..!
YasasPerera
thanks bro.. good work..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
melinda
thank you
wajira
Thanks for sub
sahangayantha
thanks a lot saho
TeshanB
Thank youuuu...
D.Chamara
bohoma sthuthi saho
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Lahiru M Shan
උපසිරසියට ස්තූතියි
Shehan putha
Thanks bro
Dewadithya
Thanks for sub!
ashenwmab
Thanks bro
Rukshan37
Ela
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!!
podda
thanks
Anonymous
jaya wewa saho !!
Anjana Wickramasinghe
Thank you
jayNP
Thank you.. keep it up good work.. :)
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Anonymous
Thanks saho
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. කාලෙකින් මතක් වෙලා තියෙන්නෙ සබ් එකක් දෙන්න. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
gayanmagee
thanks
Anonymous
Thanks
Shaggie
Thnks mchn
Anonymous
thnks
Tharindu07
Thanks Machooo.....!!!
Anonymous
Tnx බයිස්කෝප්
Anonymous
Tnx බයිස්කෝප්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි....සබ් එකට තැන්ක්ස්.....
Bluray එනකම්ම ඉන්නවා...