Watch Trailer

Duck Duck Goose (2018) Sinhala Subtitles | හිත හොඳ අය කවදාවත් කිසිකෙනෙක් අතෑරල යන්නෙ නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම. එහෙම කියන්නෙ මම නං නෙවෙයි. අපේ හසා අයිය. ඒකට හේතුව නං ඉතිං කියල වැඩක් නෑ.. ගහගත්තෙ නැති එක විතරයි..😀 කොහොමහරි හසා අයියෙ ගොඩක් ස්තූතියි පිස්සුවෙන් වගේ සබ් කරන්න ඇනිමේෂන් ෆිල්ම් හොයනකොට මට මේකත් බාර දුන්නු එක ගැන.. ඇත්තටම මේ…

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම. එහෙම කියන්නෙ මම නං නෙවෙයි. අපේ හසා අයිය. ඒකට හේතුව නං ඉතිං කියල වැඩක් නෑ.. ගහගත්තෙ නැති එක විතරයි..😀 කොහොමහරි හසා අයියෙ ගොඩක් ස්තූතියි පිස්සුවෙන් වගේ සබ් කරන්න ඇනිමේෂන් ෆිල්ම් හොයනකොට මට මේකත් බාර දුන්නු එක ගැන.. ඇත්තටම මේක මැතිවරණ පොරොන්දුවක් වෙන්නෙ මේක බාර අරගෙන අදට හරියටම මාසයක් වෙන නිසා. අගෝස්තු මාසෙ 20 බාරගත්ත මේක ඔන්න සැප්තැම්බර් 20 තමයි දෙන්න වුණේ. කොහොමහරි ඉතිං සෑහෙන දතකාල වැඩේ ඉවරයක් කරල දැම්ම. මේ වෙනකොට මම සජීවිකරණ සිනමාවන් කීපයකටම උපසිරැසි සපයල තියෙනව..

The Missing Lynx (2008)
Sheep and Wolves (2016)
The Star (2017)
Next Gen (2018)
පම්පෝරිය ඇති වගේ.. කතාව ගැන පොඩ්ඩක් බලමු එහෙනම්.

තාරාවො දෙන්නයි, පාත්තයයි. ඒ තමයි අපේ කතාවෙ කතා නායකයන් වෙන්නෙ. පාත්තය “පෙන්ග්.” තාරා පැටව් දෙන්න “චෝ” සහ “චී.” හැමෝම වගේ දන්නවනෙ ශීතකාලය එනකොට ඒ රටවල ඉන්න කුරුල්ලන් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනව. ඒක කරන්නෙ තනියම නෙවෙයි. රංචුවක් විදියට. ඒකට ප්‍රධාන හේතුව තමයි ආරක්ෂාව. කලහකාරී නොවන කුරුල්ලන් තනි කුරුල්ලෙක් වශයෙන් ඉන්නවට වඩා සාමාන්‍යයෙන් කුරුළු රංචුවක් විදියට ඉන්නකොට ආරක්ෂිත බව වැඩියි. ඔන්න අපේ කතානායකය, පෙන්ග් එයාගෙ ගෑණුළමය එක්ක ආදරෙන්, කෙලි සෙල්ලමෙන් පියාඹගෙන එනකොට අසිහිය නිසා තාර පැටව් රංචුවක් උඩට කඩා පාත් වෙනව. ඉතිං ඒ නිසා එතනදි තාර පැටව් දෙන්නෙක් රැළෙන් වෙන් වෙනව. ඒ තමයි චෝ සහ චී. ඔතනින් තමා කතාව ආරම්භ වෙන්නෙ. කොහොමනමුත් අපේ කතාවෙ කතා නායකය පෙන්ග් ටිකක් නාහෙට අහන්නෙ නෑ. ඒ නිසා කුරුළු රංචුවේ නායකය පෙන්ග් රංචුවෙන් ඉවත් කරල තනියම එන්න කියල අනිත් අය එක්ක පිටවෙලා යනව. ඔය අතරෙ අනිත් කුරුල්ලො ටික ගියාම පෙන්ග්ට ලොකු අනතුරක් වෙනව. ඒ නිසා අත්තටුවක් බිඳිල පියාඹන්න බැරි වෙනව. ඊට පස්සෙ මොකද කරන්නෙ. ඉතිං දැන් පියාඹන්න බැරුව කොහොමද ශීතකාලෙට කලින් අනිත අය ඉන්න ආරක්ෂිත තැනට යන්නෙ. ඔන්න ඔය අතරෙ තමා මෙයාට අර තාර පැටව් දෙන්නව මතක් වෙන්නෙ. කොහොමහරි තුන්දෙනා පයින් හෙමින් ඇවිදගෙන යනව. පෙන්ග් හරි ආත්මාර්ථකාමී පාත්තයෙක්. මං එහෙම කියන්නෙ ඇයි කියල කතාව බලලම තීරණය කරන්න. මේ අතරෙ තමා කතාවෙ දුෂ්ටය කඩාපාත් වෙන්නෙ. “ජෙකිල් සහ හයිඩි”. නෑ නෑ. ඒක එයාගෙ ඇත්ත නම නෙවෙයි. හතුර වෙන්නෙ වල් බළලෙක්. මම ජෙකිල් සහ හයිඩි ගැන කිව්වෙ ඇයි කියල තේරුම් ගන්න නම් ඒකටත් මේක බලන්න වෙනව. විනෝදය, සෙල්ලම්, යාළුකම්, කරදර බාධක, වැහි කුණාටු, බඩගින්න, මහන්සිය, ඒ මදිවට දසවධ දෙන වල් බළල් තඩිය. මේ ඔක්කොම එක්ක පයින් යන මේ ගමන් මොනදගේ වේවිද? අපිට උනත් කාලයක් හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණම අපේ ආත්මාර්ථය අබිභවා පරාර්ථය ඉස්මතු වෙනව. මේකත් එහෙම කතාවක්. මුලින් පෙන්ග් කටයුතු කරන්නෙ ආත්මාර්ථය පෙරදැරි කරගෙන වුණත්, පස්සෙ ඔහු ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගෙ වර්ගයා හෝ නොවෙන අය වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙන විදිය දැකගන්න පුළුවන්. මීට වඩා විස්තර ඕන නෑ.. මම වගේම තව ඇනිමේෂන් පිස්සෙක් නම් පෝසටර් එක දැක්කත් ඇති මේක බලන්න.

මේ සිනමා කෘතිය Animation, Adventure, Comedy, Family ගණයට වර්ග කරල තියෙන, විනාඩි 91ක ධාවන කාලයක් එක හුස්මට බලන්න හිතෙන විදියට නිර්මාණය කරල තියෙන සහ IMDb දර්ශකයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.6ක් හිමිකරගෙන තියෙනව. ඒ වගේම තමයි තව අනිවාරෙන් මතක් කරන්න ඕන කාරණාවක් තමයි මේකත් අපි හැමෝම විශ්වාසය තියාගෙන ඉන්න Netflix ආයතනයේ නිෂ්පාදනයක්. එහෙනං ඉතිං ආයෙ බලන්න දෙයක් නෑනෙ නේද? ඔන්න සෑහෙන පරක්කු වෙලා මේක අරගෙන එන්න වුණු එක ගැන සමාව ඉල්ලමින්, මම යනවා.. එහෙනම් ආයෙ හමුවෙමු.

ජය වේවා..!

” Family can be a wild ride”

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

4,109 downloadsDownload Duck-Duck-Goose-2018.zip51 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,109 downloadsDownload Subtitles51 KB

26 comments

  1. පැතුම් ඉෂාර

    සබට තෑන්ක්ස් ඈ!!! එකක්නම් කියන්න දෙයක් නෑ නොවැ!!! ඔන්න මාත් බාගත්තා!!!

  2. පැතුම් ඉෂාර

    සබට තෑන්ක්ස් ඈ!!! ඇනිමේශන් එකක්නම් කියන්න දෙයක් නෑ නොවැ!!! ඔන්න මාත් බාගත්තා!!!

  3. supun priyanath

    Thank you Bro
    Elama
    Digtama sub demu

  4. Tharaka

    THANKS...............

  5. Tharaka

    THANKS.............

  6. Kingdomd

    Thanks brob

  7. Udara Damith Dissanayaka

    එල මේ වගේ ඒවා කොහොම අතහරිdaද

  8. NuwanK

    Thank u bro...

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    download කරලා සබ් දෙයි කියල බලන් හිටියේ...

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Dchamath

    Thnz bro

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. Kulanjana Maduranga

    subata thanks....

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  17. Sandeepmadushan

    Elama saho.. digatama animation kramu..patta ewa

  18. Bhachathuranga

    Thanks bro

  19. AsithaDilruwan

    Ela saho thanks

  20. Rashmika dumidu

    Thanks bro

  21. Rasika Sagara

    adee blurey updete karapanko sub eka thnz bro...

  22. Tharangani

    thanx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. roshanst

    bohoma sthuti sub akata

  25. Kelum Sri Desh

    your very impotent to my hobby. thanks very much broo

  26. kuleeeee

    ela bn tanx