Watch Trailer

Enemy Lines (2020) Sinhala Subtitles | සතුරු සීමාව [සිංහල උපසිරසි සමඟ] (50)

ආයුබෝවන්… තවත් නිරෝගිමත් ජයග්‍රාහී සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මමත් අනෙක් උපසිරසිකරන අය වගේම උපසිරසිකරුවන්ගේ ස්වර්ණමය අවස්ථාවකට ඇවිල්ලා තියනවා. එහෙමත් නැත්නම් පළවෙනි කඩඉමට ඇවිත් තියනවා. ලෂේන් සහෝදරයා මෑතකදි කිව්වා ඔයා 50ට කිට්ටු කරලා ඉන්නේ. අපි 50 අළුත් චිත්‍රපටයකින් සම…

ආයුබෝවන්… තවත් නිරෝගිමත් ජයග්‍රාහී සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මමත් අනෙක් උපසිරසිකරන අය වගේම උපසිරසිකරුවන්ගේ ස්වර්ණමය අවස්ථාවකට ඇවිල්ලා තියනවා. එහෙමත් නැත්නම් පළවෙනි කඩඉමට ඇවිත් තියනවා. ලෂේන් සහෝදරයා මෑතකදි කිව්වා ඔයා 50ට කිට්ටු කරලා ඉන්නේ. අපි 50 අළුත් චිත්‍රපටයකින් සමරමු කියලා. ඒ මොකද මම උපසිරසි කරපු ගොඩක් චිත්‍රපට පැරණි චිත්‍රපට නිසයි. ඉතින් ඒකත් ඔලුවේ තියාගෙන හෙමින් හෙමින් උපසිරසි හදලා ඔන්න දැන් 50 වෙනි උපසිරසියට නැත්නම් පළවෙනි කඩඉමට ඇවිත් තියනවා. ඒකත් හරි අපූරු සිද්දියක්.

ඉස්සෙල්ලම කියන්න ඕනේ මං වර්ග කිරීමක් නැතුව චිත්‍රපටි බලනවා. පරණ චිත්‍රපටි වලට ගොඩක් කැමතියි. සමහර දවස් තිබුණා එලිවෙනකන් චිත්‍රපටි බලපු. ඔහොම ඉන්න අතරේ තමයි මට The Passage කියන චිත්‍රපටය හම්බවෙන්නේ. මං ඒක බලලා ඒකට සිංහල උපසිරසි හෙව්වට මට හම්බවෙන්නේ නෑ.

ඔය අතරේ මට Facebook එකෙන් යාළුවෙක් හම්බවුනා නිරෝෂ් ගුණසේකර කියලා. එයාගෙන් මං චැට් කරලා අහනවා කොහොමද සිංහල උපසිරසි හදන්නේ කියලා. කවදාවත් දැකලවත් නැති, වචනයක්වත් කතා කරලවත් නැති, අකුරු වලින් විතරක් කතා කරපු නිරෝෂ් සහෝදරයා ටික වෙලාවකින් මට සිංහල උපසිරසි හදන විදිය ගැන කියලා දෙනවා. අන්තිමට කියනවා පැහැදිලිව තව විස්තර ඇතුව දැනගන්න මේ සයිට් එකට යන්න කියලා.

අළුත් චිත්‍රපටියක් ආවම අඩවිය පැත්තට ඇවිල්ලා සිංහල උපසිරසිය බාගත්තට කවදාවත් උපසිරසියක හදන්න හිතලවත් තිබුණේ නෑ. The Passage චිත්‍රපටය බලපු නිසාත් ඒකට සිංහල උපසිරසි නැති නිසාත් ආසාවට වගේ ඔන්න සිංහල උපසිරසිය හැදුවා. හදලා මාත් වීරයා වගේ අඩවියට උපසිරසිය මේල් කලා. ඒ 2019 මාර්තු 02 වනදා. බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඉස්සෙල්ලම මාත් එක්ක සම්බන්ධවෙන්නේ ශාන් විමුක්ති සහෝදරයා. විමුක්ති සහෝදරයා තමයි චිත්‍රපටයක් වෙන්කරගෙන උපසිරසියක් නිර්මාණය කරලා ඒක අඩවියේ පලවන තැනට වෙනකන් කරුණු පැහැදිලි කලේ. (මේ සේරම විස්තර අඩවියේ තිබුණත් මට තිබ්බ තදියමට වෙච්ච දේ තමයි මේ) පස්සේ ශාන් සහෝදරයා කිව්වා ලිපියකුත් එවන්න කියලා. මේ වෙනකොට මං මගේ දෙවන සිංහල උපසිරසිය Gray Lady Down විත්‍රපටයේ උපසිරසියත් හදලා ඉවරයි. ලිපියේ ප්‍රමාදය නිසාම මගේ පළවෙනි උපසිරසිය අඩවියේ පලවෙන්නේ Gray Lady Down. දෙවනියට තමයි ලිපියත් එක්ක The Passage පලවෙන්නේ.

ඉතින් අළුත් සාමාජිකයෙක් විදිහට 2019 මාර්තු 30 වෙනිදා ඉඳන් මම බලපු, දැනට සිංහල උපසිරසි නැති චිත්‍රපටවලට සිංහල උපසිරසි හදන්න පටන් ගත්තා.

මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි පරණ ඒවා. සමහරක් කළු සුදු චිත්‍රපට. ඒ කියන්නේ දැන් තියන චිත්‍රපට වලට මං කැමති නෑ කියන එක නෙවෙයි. පරණ චිත්‍රපට වලට මං කැමතියි. ඒක වෙනමම ටේස්ට් එකක්. මුලදි මං හිතුවා මම බලලා තියන සමහර පැරණි චිත්‍රපට දැන් කවුරුවත් බලන එකක් නැහැ කියලා. ඒත් ඒ චිත්‍රපට වලට උපසිරසි පලවුනාම ඒවට ලැබුණ හොඳ ප්‍රතිචාරත් එක්ක මං තව තවත් පැරණි චිත්‍රපටම කරන්න පෙළඹුණා. Shamal Manojan, geeganagamage, Priyantha Dayakeerthi, isuru srinath, හසිත මධුෂාන් ඇතුළු කණ්ඩායමක් මාව දිරිමත් කලා කිව්වොත් හරි.

මාත් එක්ක බයිස්කෝප් අඩවියෙන් ඉස්සෙල්ලම ශාන් විමුක්ති සහෝදරයා සම්බන්ධ වුනා වගේම ඊට පස්සේ සිසිල ප්‍රසාද්, හසන්ත වික්‍රමරත්න, ලෂේන් ඩිමෙල්, අසංක ප්‍රදීප්, ආසිරි ප්‍රියන්ත, තිසර නියෝ යන සහෝදරවරුත් සම්බන්ධ වුනා. මේ අතරේ දවසක් සොහාන් ජයසූරිය සහෝදරයා මාත් එක්ක චැට් කරලා මාව බයිස්කෝප් සිංහලෙන් උපසිරසිකරුවන්ගේ චැට් ගෘෘප් එකට එකතු කරගත්තා. තව මාත් එක්ක අදහස් හුවමාරු කරගත්ත මලිත් මධුෂාන්, උදය සමන් සහෝදරවරුනුත් මං, මගේ පළවෙනි කඩඉමේදී මතක් කරනවා.

පළවෙනි උපසිරසිය අඩවියේ පළවෙච්ච දවස මගේ ජීවිතේ සතුටුම දවස් වලින් එකක්. එදා මට කියාගන්න බැරි සතුටක් දැනුනා. ඒ සතුටම මම මගේ හැම උපසිරසියක්ම පළවන දවස් වල ලබනවා. පහුගිය කොරෝනා පළමු රැල්ල දවස් ටිකේ අඩවියේ උපසිරසි ගොඩගැහිලා, පල වෙන්න පරක්කුවෙනකොට මං විමුක්ති සහෝදරයගෙන් ඒ ගැන විමසලා දවසගානේ වගේ මේල් යවනවා.

බයිස්කෝප් අඩවියේ සමාජ සත්කාර වැඩසටහන් එකකටවත් මේ වනතුරු මට සහභාගි වෙන්න බැරිවුනා. ඒ නිසාම කලින් සඳහන් කරපු එක් සහෝදරයෙක්වත් එක්ක මං කතා කරලා නැහැ, ෆොටෝ එකකින් ඇර මං එයාලව දැකලවත් නැහැ. ඒත් ඒ හැමෝම වචනයේ අර්ථයෙන්ම සහෝදරවරු. මට ආපු ගැටළු සියල්ලටම එයාල බොහොම කාරුණිකව පිළිතුරු ලබා දුන්නා. උසස් ගණයේ චිත්‍රපටි හඳුන්වලා දීලා ඒවටත් උපසිරසි හදන්න මාව උනන්දු කලා. මාත් එක්ක උපසිරසි බෙදාගත්තා. මලිත් මධුෂාන් සහෝදරයා දවසක් ටීවී සීරීස් එකකට සබ් කරන්න එකතු වෙන්න කියලා යෝජනා කලත් පස්සේ ඒක වෙන සහෝදරයෙක් බාර අරන් තිබුණ නිසා මට ඒ අවස්ථාව මඟහැරුනා. ඒත් චිත්‍රපටයකට වගේ රූපවාහිනී කතා මාලාවකට උපසිරසි හදන්න මට පොඩි තිගැස්මක් තිබුණා. ඒ චිත්‍රපටයකට වගේ නෙවෙයි, ටීවී සීරීස් වලට අනිවාර්යයෙන්ම ඊළඟ කොටසට නිශ්චිත දවසට උපසිරසිය ලබාදෙන්න ඕනේ. ඉතින් මගේ රැකියාවත් අනෙක් වැඩකටයුතුත් එක්ක මට ඒ උපසිරසිය කරගන්න බැරිවෙයිදෝ කියන බයක් දැණුනා. මලිත් සහෝදරයා නම් කිව්වේ අපි කරමු අයියේ, එතකොට ඉක්මණටම පළවෙනි කඩඉම ගහන්නත් පුළුවන් කියලයි. කොහොම හරි ඉදිරියේදී ඒ අත්දැකීමත් විඳගන්න මං හරි ආසාවෙන් ඉන්නවා.

මේ අතර දවසක් ලශේන් සහෝදරයා චිත්‍රපට එකතු වල තියන මඟහැරුණු චිත්‍රපට වලටත් සබ් හදන්න කියලා යෝජනා කලා. ඒ, ඒ වෙනකොටත් මං ජැක් රයන් චිත්‍රපට මාලාවේ චිත්‍රපටි තුනකට උපසිරසි හදපු කාලේ. ඉන්පසු මං The Mask චිත්‍රපටයේ උපසිරසියට අමතරව The Mummy චිත්‍රපට මාලාවට උපසිරසි හදන්න පටන් ගත්තා. දැනට එහි තුනක් නිකුත් කර ඇති අතර ඉදිරියේදී එහි ඉතිරි චිත්‍රපට වලටත් උපසිරසි ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

උපසිරසි වලට අදහස් දක්වන අය අතරේ රොයිලි සහෝදරයව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

ඉහත නම් සඳහන් කරන්න බැරිවුන සහෝදරවරු තව ඇති. අදහස් දක්වලා මාව දිරිමත් කරපු, පුද්ගලිකව පණිවිඩ එවලා මට සුබ පතපු ඔයාලවත් මං ආදරයෙන් මතක් කරනවා.

මුලදි මං කිව්වා මේක හරි අපූරු සිද්දියක් කියලා. මං පලවෙනි උපසිරසිය හදපු චිත්‍රපටයේ කතාව නාසී ග්‍රහණයට ලක්වුන එක මහාචාර්යවරයෙක් හොර රහසින් පිටුවහල් කරගන්න උත්සහ කරලා අවසානයේ එඬේරෙකුගේ සහයෙන් ආරක්ෂිත මාර්ගයකින් රටින් පැනගන්න කතාවක්.

මෙන්න මගේ 50 වන සිංහල උපසිරසිය. Enemy Lines 2020

ෆේබියන් යනු පරමාණු/ න්‍යෂ්ටික විද්‍යාව ගැන ආචාර්යවරයෙක්. මොහුව ජර්මන් හමුදාව විසින් රඳවගෙන අළුත් ආයුධයක් හදන්න පර්යේෂණ කරනවා. ඒ ෆේබියන්ගේ බිරිඳත් දුවවත් නිවාස අඩස්සියක ඇපයට තබාගෙනයි. මාසයකට සැරයක් පැය කීපයකට මොවුන් හමුවෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය හා ඇමරිකාව එකතුව මේජර් කමින්ස්කිගේ නායකත්වයෙන් හොඳම වැඩකරුවන්ගෙන් කණ්ඩායමක් හදලා ෆේබියන්ව මුදවගෙන ඇමරිකාවට ගෙනයන්න මෙහෙයුමක් දියත් කරනවා. ඒ මේ ආයුධය නිපදවීම වලක්වන්නට. ඒත් මේජර් කමින්ස්කිට ජර්මන් හමුදාවටත්, ජර්මනියේ විරෝධතා කරුවන්ටත් වගේම ෆේබියන්ව අරන් යන එන රුසියානු හමුදා කණ්ඩායමකටත් මුහුණ දෙන්න වෙනවා. අවසානයේ ෆේබියන් කවුරු සතුකරගනීද, ඇත්තටම ඔහු ආයුධය නිපදවයිද කියලා බලන්න චිත්‍රපටයේ අවසානය බලන්න.

අපූරු සිද්දිය නම් පළමු සහ පනස්වන උපසිරසි වල චිත්‍රපට සමාන කතාන්දරයක් වීමයි.

චිත්‍රපටය නිකුත්වෙලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් 24 වනදා.චිත්‍රපටය ගැන විචාර සහ අදහස් එතරම්ම හොඳ නොවූවත් සමස්ථයක් විදිහට චිත්‍රපටය රස විඳින්න පුළුවන්. මෙහි කමින්ස්කි ලෙස Ed Westwick, කර්නල් ප්‍රිස්ටන් ලෙස John Hannah, ඩේවිඩ්සන් ලෙස Tom Wisdom, සාරා ලෙස Ekaterina Vladimirova, ආචාර්ය ෆේබියන් ලෙස පෝලන්ත ජාතික Paweł Deląg සහ ජෙනරල් මැක්ලවුඩ් ලෙස Corey Johnson ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Anders Banke විසිනි. චිත්‍රපටය විනාඩි 92ක කාලයකින් යුක්තය. Enemy Lines චිත්‍රපටය සඳහා දැනට IMDb දර්ශකයේ 4.8ක් සහ Rotten Tomatoes 20%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 78%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,972 downloadsDownload Enemy-Lines-2020-.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

7,972 downloadsDownload Subtitles36 KB

48 comments

  1. මයුර

    හදවතින්ම සුබ පතනවා රොෂාන් පලවෙනි කඩ ඉමට.
    තවත් කඩ ඉම් ගණනාවක් පහු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.

  2. jagath55

    Thanks

  3. එල්.සී. දමැල්

    50වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම්!
    දිගටම වැඩකටයුතු සාර්ථකව කරගන්න වගේම ඊළඟ කඩයිම වෙතත් ඉක්මනින්ම ළඟා වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :D
    ජය :)

  4. යුරාන් ධනුක (දනුවා)

    පළවෙනි කඩයිමට සුභ පැතුම් සහෝදරයා
    ඉක්මනටම 100*ත් කරමු.
    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Anonymous

    Thank you

  6. Pasindu Madumal

    50වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම්..!
    මෙතැනින් නොනැවතී තව තවත් ඉදිරියට යන්න
    පුළුවන් වෙන්න ඕනේ..!
    සබට තුති රොෂාන් අයියේ ❤️

  7. gihan perera

    පට්ට මචන් නියමයි.... උණුසුම සුභ පැතුම්.... ඔච්චර මහන්සි වෙලා උපසිරැසි දෙනවට.....තව කඩයිමකට යන්න කාලය ලැබේවා....ජය වේවා සහෝ....

  8. -චානක ඉඳුනිල්-

    පලමු කඩයිම පසු කිරීම වෙනුවෙන් සුභ පතනවා, මෙතැනින් නොනැවතී ඉදිරියටත් යමු!

  9. Milan

    Niyamai

  10. akalankagayan

    Thnx .........

  11. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මගේ නමත් සඳහන් කරලා තියනවා ලිපියේ. ස්තූතියි. සහෝ කියන පැරණි චිත්‍රපට වල ටේස්ට් එක මං හොදට අදුනනවා. ඇත්තටම බයිස්කෝප් අඩවියෙහි ඇති පැරණි චිත්‍රපට ඔක්කොම වගේ මම download කරලා බැලුවා විතරක් නෙමෙයි ඒවා delete නොකර hard වල තියාගෙන ඉන්නවා. සහෝ දුන්නු ඔක්කොම වගේ පැරණි චිත්‍රපට බැලුවා. සහෝ වගේම හසිත මදුෂාන් සහෝගේ ඒවත් එහෙමයි. පැරණි චිත්‍රපටක උපසිරැසි කියන්නේ මෙම අඩවියට දුර්ලභ යමක් එකතු වුනා වගෙයි.

    50 වන කඩයිමට සුභපැතුම් එකතු කරන අතර 100 කඩයිම දක්වාම පැරණි චිත්‍රපට වලින් බයිස්කෝප් අඩවිය සරසවන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    හැකිනම් ඉදිරියට මේ චිත්‍රපට වලටත් උපසිරැසි ඉල්ලීමක් කරන්න කැමතියි.

    Murder! - 1930
    M - 1931
    Cleopatra - 1963
    Romeo and juliet - 1968
    Romeo + juliet - 1996

    1. Anonymous

      මුගෙන් නම් මේ කපේට බේරෙන්න වෙන්නෑ

    2. Anonymous

      හපොයි ජු

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සුබ පැතුම් 50වෙනි සබ් එකට සහෝ :) පුළුවන් නම් Jason And Argonauts (1963) ෆිල්ම් එකට සබ් කරන්න ඔයා පරණ ෆිල්ම්වලට සබ් කරන නිසා මං මේක කීපවතාවක්ම ඉල්ලලත් තියෙනවා

  13. kavi

    subapathum bro...
    thnx for sub

  14. kasun45

    thanks digatama sub karanna jaya wewa

  15. Priyantha Dayakeerthi

    රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
    බයිස්කෝප් වෙබ් අඩවියේ 50 වන සිංහල උපසිරසි කඩඉම පසුකළ ඔබට මාගේ අවංක සුබපැතුම්!
    මා විසින් යෝජනා කළ සිනමාපට සඳහාද, ඔබේ අගනා කාලය වැය කරමින් ඔබ සිංහල උපසිරසි ලබාදුන්නා. එයට විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේ පුද කර සිටිනවා.
    Spartacus 1960
    The party 1968
    The wrong man 1956
    Blackmail 1929
    The 39 steps 1935
    යන සිනමාපට සැමදා මතකයේ තිබෙන ඔබ උපසිරසි ලබාදුන් අගනා සිනමාපට. ඒ සියල්ලගේම වීඩියෝ සහ උපසිරසි නැවත නරඹන්නට සුරැකිව තබාගෙන සිටිනවා. මා දකින ආකාරයට ඔබ මේ වෙබ් අඩවියට සුවිශේෂී පුද්ගලයෙක්, ඒ මන්ද ඔබ පමණයි "පැරණි ඉංග්‍රීසි සිනමාපට සඳහා" උපසිරසි කරන එකම තැනැත්තා. ඔබ එවැනි රසිකයන්ට ඉතාමත් වටිනා කෙනෙක්.
    ඉතින් ඔබේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ප්‍රණාමය පුද කරමි, දිරි ගන්වන කෙනෙක් හැටියට මාගේ නමද සඳහන් කිරීම ගැනද ස්තුතියි, ඔබට ජය!!!

  16. Udaya saman

    පලමු කඩඉමට සුබ පතනවා...ඇත්තටම සතුටුයි ...ඔයාගෙ ඉතින් සබ් ෆිලුමක් නොබලපු තරම්.. ඉක්මනට 100 කඩඉමත්පු සපුරමු..

  17. Sohan Jayasooriya

    මුලින්ම ඔයා පලවෙනි කඩඉමට ආව එක ගැන හදවතින්ම සුබ පතනව අයියේ.. මාවත් මතක් කලාට ගොඩක් ස්තූතියි... මටත් සයිට් එකෙන් හම්බුන නිහතමානී සහෝදරයෙක් අයියා..ෆිල්ම් වලට අලුත් පරණ භේදයක් නැතුව සබ් දෙන කෙනෙක් ඔයා.. සයිට් එකේ අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න බහුතරයක් ඉදියත් පරන ඒවට සබ් දෙන අය ගොඩක් අඩුයි.. ඒ නිසා ඔයා ඒ අඩුව පුරවන එක සෑහෙන වටිනවා.. මමී ෆිල්ම් කලෙක්ෂන් එක සම්පූර්ණ කරන නම් සුපිරි වැඩක්.. එහෙනම් මේ ආවා වගේම තවත් දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව අයියේ.. ජය වේවා

  18. මධුකප්‍රිය පෙරේරා

    50වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
    මෙතනින් නොනැවතී අඛණ්ඩව පැරණි සහ නව
    චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙමින් ඉක්මණටම
    100වැනි උපසිරැසිය දෙන්න ලැබේවායි පතනවා. ඔබට ජය!

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
    මමත් කාලයක් මග ඇරුන පරණ ෆිල්ම් වලට සබ් හැදුව සහෝ, හැබැයි කාර්යබහුලත්වය නිසා ටිකෙන් ටික වැඩේ අත ඇරුනත් සහෝ මම වගේම මග ඇරුන පරන ෆිල්ම් වලට සබ් දෙනව දැක්කාම සෑහෙන සතුටක් දැනුනා...
    දිගටම සබ් කරමු...

  20. Ayesh

    පලවෙනි කඩඉමට සුභම සුභ පැතුම්!!
    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Anonymous

    thanks
    god bless you

  22. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... 50වෙනි උපසිරැසියට සුභ පැතුම්.....

  23. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. නිරෝෂ්

    ජයෙන් ජයම වේවා රොෂාන් සහෝදරයා.හදපත්ලෙන්ම සුබපතනවා !

  25. රොයිලි

    උණුසුම් සුබපැතුම් රොෂාන් සහෝ. තව තවත් වටිනා, බොහෝ දෙනෙක් නොබලපු පැරණී උපසිරැසි ටිකක් අරගෙන එන්න කියල ඉල්ලන ගමන්ම වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  26. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසි කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ...
    පැරණි චිත්‍රපට වලට උපසිරැසි අරන් ආපු නිසා දැන් ඉතින් වෙනම රසිකයෝ පිරිසක් හදාගෙන ඉවරයි. ඒ නිසා තවත් ඒ රසිකයන් වෙනුවෙන් උපසිරැසි අරන් එන්නත් අලුත් චිත්‍රපට, රූපවාහිනී කතා මාලා වලට උපසිරැසි අරන් එන්න කාලය ශක්තිය ලැබේවා
    කියන ගමන් පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට අපිත් එක්ක සමාජ සත්කාර වලටත් සහභාගී වෙමු. දිගටම සබ් දෙමු ආ... :P ජය!

  27. Udaya Fdo

    Thank you.

  28. malith madhushan

    මගේ උණුසුම් සුභ පැතුම් අයියේ 50 කඩයිමට. පරක්කු වෙලා සුභ පතන්න උන එක ගැන සමාවෙන්න ඕනේ . මං ගැනත් මතක් කලාට ගොඩක් ස්තුතියි අයියේ. එහෙනම් 100 කඩයිමත් ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  29. Anonymous

    thank you :)

  30. Anonymous

    Thx bro

  31. prasad

    thanks mahoo

  32. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...
    සුභ පැකුම් 50වෙනි සබට.....
    වැඩකටයුතු සාර්තක කරගෙන දිගටම සබ් දෙන්න...
    සුධ අනාගතයක්....

  33. විමා

    පළමු කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ.
    මං නම් කියන්නෙ ඇත්තටම මේ තමයි දෙවැනි කඩයිම. පලවෙනි කඩයිම වෙන්නේ මුලින්ම සිංහල උපසිරසියක් කරන දවස. පලවෙනි එක කරපු වැඩි දෙනෙක් එතනින් නවතින්නේ නැහැ. හෙමින් හෙමින් හරි ඉස්සරහට එනවා.

    ඒ වගේම ඔයා ගැන කියන්න ඕන, වැඩි දෙනෙක් අලුත්ම ෆිල්ම් හොයාගෙන යනකොට ඔයා කරන්නෙ පස් යට හැංගිලා තියෙන මිණි කැට මතු කරගන්න එක. එහෙම නම් දෙවැනි කඩයිම දක්වා යන්න ඉඩ හසර ලැබෙන්න කියල සුභපැතුම් එකතු කරනව.

    කොරෝනා තත්වය ඉවත් වෙලා යහපත් අතට හැරුණ දවසක අපි අනිවාර්යෙන්ම කට්ටියත් එක්ක එකතු වෙමු. :)
    ජයෙන් ජය!

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  35. Sandun Sahiru

    50 වෙනි උපසිරැසිය නිර්මාණය කිරීම දක්වා පැමිණි මේ ගමනට අපෙන් ඔබට උණුසුම් සුභ පැතුම් ! ඒ වගේම මෙම කාර්යය දිගින් දිගටම කරගෙන යන්ඩ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා . ඔබට ජය !

  36. Thishan Abeysinghe

    Ela ela ayye.ape Yatiyantota kenekne oya... Jaya wewa...!

  37. හසන්ත වික්‍රමරත්ත

    ප්‍රමාදයට සමාව ඉල්ලනවා. පළමු කඩඉමට උණුසුම් සුබ පැතුම් රොෂාන් සහෝ! ඉදිරියේදී තව තවත් හොඳ නිර්මාණ වලට උපසිරසි ලබා දෙන්න කාලය වෙලාව සැලසේවා කියල පතනවා! ඒ වගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල පතනවා! ජය!

  38. ලහිරු චානක

    සුබ පැතුම් සහෝ..!!! තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා..!!! ජය වේවා...!!!

  39. Nadeesha

    Yemin eke sub hadala dennko aiye

  40. Kasun

    Thanks machan sub ekata

  41. කවිඳු ජයවර්ධන

    50 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් සහෝ.ඔබ විසින් ලබා දුන් පැරණි සිනමාපට බොහොමයක් නරඹා තිබෙනවා.පැරණි චිත්‍රපට වල තියෙන්නේ අමුතුම විස්තර කල නොහැකි රසයක්. ඉදිරියටත් උපසිරැසි ගැන්වීමට අවශ්ය ශක්තිය,කාලය හා හැකියාව ලැබේවා.ඒ වගේම අපි වෙනුවෙන් කරන මේ සේවයට ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!!!..මෙම සිංහල උපසිරැසියටද බොහොම ස්තූතියි.!ඔබට ජය!

  42. සංජන චමෝද්

    50 වෙනි උපසිරැසියට

    සුභ පැතුම් අයියේ.

    ඉදිරියේදිත් තවත්

    උපසිරැසි කරන්නට

    ශක්තිය ලැබේවා. &#129303

  43. Dewadithya

    Thanks for sub!

  44. surendra

    Sameera putha

    my congrats

    gampaha loku mama

    1. රොෂාන් ශමීර ජයසිංහ

      බොහොම ස්තූතියි ලොකු මාමා..

  45. Kalu Malli

    Congratulations ayye & Thank you!!!