Watch Trailer

Jiu Jitsu (2020) Sinhala Subtitles | මරණයේ රණශූරයාගේ අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

සෑම වසර 6කටම වරක් පෘතුවිය හරහා යන ධූම කේතූවක්… ඉපැරණි බෞද්ධ පන්සලක් තුලින් විවෘතවෙන අභ්‍යවකාශ ද්වාරයක් … අභියෝගයක් රැගෙන මන්දාකිණි අතරින් පැමිණෙන මරණයේ රණශූරයෙක්… ලෝකය බේරාගැනීමට අරගල කරනා සටන් කරුවන් අට දෙනෙක්… තම අසාර්ථකත්වය පුතණුවන් මගින් සාර්ථක කරගැනීමට උත්සහ කරන පියෙක්… තම නැතිවු මතකය යලි හිමි…

සෑම වසර 6කටම වරක් පෘතුවිය හරහා යන ධූම කේතූවක්…
ඉපැරණි බෞද්ධ පන්සලක් තුලින් විවෘතවෙන අභ්‍යවකාශ ද්වාරයක් …
අභියෝගයක් රැගෙන මන්දාකිණි අතරින් පැමිණෙන මරණයේ රණශූරයෙක්…
ලෝකය බේරාගැනීමට අරගල කරනා සටන් කරුවන් අට දෙනෙක්…
තම අසාර්ථකත්වය පුතණුවන් මගින් සාර්ථක කරගැනීමට උත්සහ කරන පියෙක්…
තම නැතිවු මතකය යලි හිමි කරගැනීමට වෙර දරන වීරයෙක්…

ආයූබෝවේවා, කොහොමද බයිස්කොප්වාසී ජනතාවට. 2020 නොවැම්බර් 20 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් තමයි මම මේ පාර අරන් ආවේ. නම බැලුව ගමන් කියන්න පුලුවන්නේ මේක ක්‍රියාදාම චිත්‍රපටයක් කියලා. 2017 වසරේ  Jim McGrath විසින් Jiu Jitsu නමින් නිර්මාණය කල කොමික් පොතක් ඇසුරින් තමයි මේ ෆිලුම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වෙනකොට 3.6 ක IMDb අගයක් තමයි මේ නිර්මාණයට ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම හොඳ මට්ටමේ තිබුනත් Visual Effects වල අයහපත් මට්ටම මේ අගය අඩු වෙන්න බොහෝවිට බලපාන්න ඇති කියලා හිතනවා. 47%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමට මෙය සමත් වෙලා තිබෙනවා වගේම Action\Fantacy යන කාණ්ඩ වලට වර්ගකරණය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය Dimitri Logothetis  සහ Jim McGrath අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය  අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dimitri Logothetis  විසින්මයි. ඒ වගේම දක්ෂ සහ ප්‍රසිද්ධ නළු නිළි කැලක්ම රංගනයෙන් දායකවෙනවා. Face Off (1997) Con Air (1997) The Rock (1996) Ghost Rider (2007) Season of the Witch (2011) වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ දැවැන්තයෙක් ලෙස හදුන්වන්න පුළුවන් සුපිරි නළු Nicolas Cage විලී ලෙසත්, Kickboxer: Vengeance (2016) Kickboxer:Retaliation (2018) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෙබවු Alain Moussi ජේක් ලෙසත්, Ong Bak චිත්‍රපට මාලාවෙන් ලොවපුරා අතිශය ජන්ප්‍රියත්වයට පත් වු අතිදක්ෂ සටන් ශිල්පියෙකු සහ ක්‍රියාදාම නළුවෙකු වන Tony Jaa කුඑන්ග් ලෙසත්, මාවල් සිනමා විශ්වයේ නියෝජිත රම්ලෝ ලෙසත්, The Purge:Anarchy (2014), Black and Blue (2019) වැනි සිනමාපටවල රඟ පෑ Frank Grillo හරිගාන් ලෙසත්, The 100 කතාමාලාවේ ඔක්ටේවියා බ්ලේක් ලෙස ජනාදරයට පත් Marie Avgeropoulos මීරා ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව Rick Yune, Juju Chan, Jack Kingsley Eddie Steeples යන රංගන ශිලිපීන් මෙහි තවත් චරිත නිරූපනය කරනවා.

ඔන්න ඔහොමයි මේ චිත්‍රපටයේ තොරතුරු, කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. වෙනදා වගේම ඉල්ලන්නේ අපේ මහන්සියට ඔයාලගේ ප්‍රතිචාර පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. හැමදාමත් වගේ මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ කොරෝනා ආපදා කාලයේ ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්කත් රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

15,894 downloadsDownload Jiu.Jitsu_.2020.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

15,894 downloadsDownload Subtitles24 KB

43 comments

  1. Anonymous

    Thanks sub akata paluwan hitiya

  2. Mahesh

    Thanks for sub bro...
    Sisila ayyage sub ekak kalekin na neh

  3. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  4. නිමේෂ් කාවින්ද .

    සිංහල උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් මම යුරාන් සොයුරාට හදවතින්ම ස්තූති කරමි . ✌️✌️✌️

  5. Pasindu Madumal

    වෙඩි වගේ වැඩ නෙහ්,
    සබට තුති යුරාන් අයියා ❤️

  6. නලින් පෙරේරා

    එලස්ස් මලේ, බලා බලමු එහෙනම්
    ජය වේවා!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. indika75

    thanks..

  9. jagath55

    Thanks

  10. Anonymous

    Thanks bro

  11. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මෙම ත්‍රාසජනක චිත්‍රපට එකතුවටත් උපසිරැසි දීම පිළිබඳව සලකා බලන මෙන් ඉල්ලමි.

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  12. Anonymous

    Thanks Saho

  13. Udara Damith Dissanayaka

    ela

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. Sanjaya

    thnkz bro

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  18. Anonymous

    Thank you

  19. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub

  20. Anonymous

    good work bro .superb

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Pramukmili

    Thanxxx bro...........

  23. lakshan

    thnx sub ekata

  24. Heshara

    Sub ekata thanks bro. Nicolas cage kiynne mn asama actor kenek. Oyala hondai api english films balanne. Thanks again

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. MAALNATH

    Thanks ....................good luck ..............

  27. Udaya Fdo

    Thank you

  28. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  29. kevin D...

    thanks...

  30. Pasan

    බොහොම ස්තූතියි සහෝ...

  31. Shihan

    Tnx saho sub ekata

  32. Anonymous

    Nicolas cage hityoth aniwa charter tamai
    Pora lagadi act krpu okkama melo rahak na

  33. Anonymous

    Thk

  34. ඉන්දික

    ස්තුතියි

  35. prasanga

    thanks...

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Anonymous

    Athakota Api Otuwoda..?? Ko BLURAY Sub Aka...? Apita OOne Bluray Sub Aka Pleeeeeeezzzzzzzzzzzz...

  38. Tharuka

    Jiu jitsu 2020 ekee blu ray sub ek

  39. Anonymous

    Color out of space film eke sub ekath denna

  40. Dewadithya

    Thanks for sub!

  41. Anonymous

    thanks bro for the subb

  42. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  43. sarath

    Thank you so much... good luck

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.