කීර්ති කේරළ ප්රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා…

කීර්ති කේරළ ප්රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම මැරෙන්න ආස කරා. ඒත් කීර්ති කුස්ති ක්රීඩිකාවක් කියලා දැනගත්තම කවුරුවත් මේ යෝජනාවට කැමති වුණේ නැහැ.
ඒ මදිවට කීර්තිගෙ නංගිට Eve teasing කරපු කොල්ලෝ කල්ලියකට කීර්ති පන්න පන්නා ගිහින් හොඳටම ගහනවා. කීර්ති කොල්ලන්ට පන්න පන්නා ගහන වීඩියෝව හතර වටේ හැමෝම ෆෝන් අරගෙන වීඩියෝ කරලා සමාජ මාධ්යවලට දැම්මා. මේ හින්දා කිර්තිට කේරළයෙන් කසාදයක් කරගන්න බැරි තැනට පත් වෙනවා. මුළු කේරළයම මේ සිද්දිය දන්න හින්දා අල්ලපු ප්රාන්තය වුණ තමිල්නාඩුවෙන් යෝජනාවක් බලන්නයි ලැහැස්ති වෙන්නෙ. තමිල්නාඩුවේ කීර්තිට අහුවෙන්න යන බිල්ල තමයි වීරා. වීරා පිරිමි ජාතිභේද වාදියෙක්. පිරිමි ආධිපත්යයෙන්, මාන්නයෙන් ඉන්න කෙනෙක්. ඉතින් 7 වසර සමත් වීරා හෙව්වේ යටත් පහත්, තැන්පත් කෙල්ලෙක්ව. මේ කසාදේ කෙරෙන්නම ඕනෙද ඇහුවොත්, කීර්තිගේ තාත්තා පපුව අල්ලගන්නවා. ඉතින් කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම ඉස්සරහට කොහොම වේවිද කියලා බලලම දැනගන්නකෝ!
විශ්නු විශාල් Munudasupatti (2014), Jeeva (2014), Indru Netru Naalai (2016), Velainu Vanthutta Velaikkaran (2015) වගේ හාස්ය මුසු චිත්රපට වලින් හොඳ ප්රතිරූපයක් ගොඩ නගාගත් නළුවෙක්. ඒත් වඩාත්(ජ්යාත්යන්තර මට්ටමින්) ප්රසිද්ධියට පත් වුණේ Raatsasan (2018) චිත්රපටියෙන්. සාමාන්යයෙන් දෙමළ චිත්රපටි නොබලන අයත් මේ රාට්චසන් චිත්රපටය බලලා තියෙනවා කියන්න පුළුවන්. පුංචි පුංචි චිත්රපටි කරපු විශ්නු වර්ථමානයේ විශාල පරිමාණයෙන් නිෂ්පාදනය වන චිත්රපට වෙනකල් වර්ධනය වුණේ එයාගේම මහන්සියෙන්. අවුරුද්ද මුලදිම FIR (2022) බ්ලොක්බස්ටර් එකක් විදියට සාර්ථකත්වයක් අත්කර ගන්නවා. FIR එක වෙනුවෙන් විශ්නු විශාල වෙහෙසවීමක් කරා. ගට්ටා කුස්ති 2022 අවුරුද්දෙ විශ්නුගේ දෙවෙනි හිට් එක. හරි තොරතුරක් නැතත් මේ චිත්රපටය බොක්ස් ඔෆිස් තුලින් ඉ. රු. කෝටි 30ක දළ ආදයමක් උපයගෙන තියෙනවා.
මේ 2023 අවුරුද්දේ Laal Salaam චිත්රපටිය පැමිණීමට නියමිතයි. ලාල් සලාම් චිත්රපටය නිෂ්පාදනය කරන්නේ අධි වියදම් චිත්රපටි නිෂ්පාදනය කරන Lyca Production එකෙන්. ඔයාලා දන්න දෙයක් පසුගිය අවුරුදු වල ලංකා ප්රිමියර් ලීග් එකේ Jaffna Stallions කණ්ඩායමට අනුග්රාහකත්වය සපයන්නේ මේ ලයිකා එකෙන්. විශ්නු එක්ක නළු වික්රන්ත් ලාල් සලාම් චිත්රපටයේ ප්රධාන චරිත ඉදිරිපත් කරනවා. විශ්නු කියන විදියට එයාගේ අතේ තව චිත්රපටි 9ක්ම තියෙනවලු. බලමුකෝ ඉස්සරහට මොන වගේ චිත්රපටි අරගෙන ඒවිද කියලා. ඒ වගේම අවුරුදු ගණනක්ම කල්යමින් තිබුණ Idam Porul Yeaval චිත්රපටයේ ට්රේලර් පටය මෑතකදී නිකුත් කරා. කිව්වොත් මේ චිත්රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන්නේ 2013දී. විජේ සේදුපති, ඓශ්වර්යා රාජේෂ්, නන්දිතා ස්වේතා යන අය මෙහි ඇතුලත්. මේ වෙද්දි දශකයක සංවත්සරය සමරන්න පුළුවන්.
මේ චිත්රපටයට සුරූපී මලයාලම් නිළි ඓශ්වර්යා ලක්ෂ්මි, මුනිෂ්කාන්ත්, කාලෙකට පස්සෙ කරුනාස්, කාලි වෙන්කට්, රෙඩින් කිංග්ස්ලි, හරීෂ් පේරාඩි යන අයත් තෙළිඟු පැත්තෙන් අජයි, ශතෲ යන දෙදෙනාත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්රපටිය නිෂ්පාදනය කරන්නේ කවුරුත් ආදරය කරන තෙළිඟු නළු රවි තේජා. රවි තේජා දෙමළ චිත්රපටයක් නිෂ්පාදනය කරන්නේ පලවෙනි වතාවට. ගට්ටා කුස්ති චිත්රපටයේ අධ්යක්ෂක චෙල්ලා අයියාවු මීට කලින් විශ්නු රඟපෑ Silukkuvarupatti Singam (2018) චිත්රපටය අධ්යක්ෂණය කලා. මේ චිත්රපටය නම් සාමාන්ය මට්ටමේ එකක් වුණත් රාට්චසන් චිත්රපටයෙන් ලැබුණ ප්රසිද්ධිය නිසා ප්රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා.
මේක හාස්ය මුසු විනෝදාත්මක චිත්රපටයක් විශ්නු, කාලි වෙන්කට්, මුනිෂ්කාන්ත් තුන්දෙනා එකතු වුනාම හිනා ආකරයක් වගේ තමයි. මුනුදාසුපට්ට් චිත්රපටිය බලපු අය අත්දැකීම ගන්න ඇතිනේ. මට්ටා කුස්ති කියන සෙල්ලම සම්බන්ධ කරගෙන මේ කතාව ගලාගෙන යන්නේ. ඒ වුණත් මේක ක්රීඩා චිත්රපටියක් නෙවෙයි. මේ චිත්රපටියේ අරමුණ පිරිමි ජාතිභේදවාදීන්ට(Chauvinist) පණිවිඩයක් ලබා දීම. කාලෙකින් දෙමළ චිත්රපටියක් බලලා හිනා වෙන්න බැරි වුණා නේද? තීරණය නම් ඔයාගේ. මේ චිත්රපටිය මට කරන්න කියලා යෝජනා කරපු රවිඳු හෙෂාන් අයියවත් මතක් කරනවා. අදහස් දක්වන හැමෝටමත් ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත සඳහා අදාළ වේ.
17,671 downloadsDownload Gatta-Kusthi-2022.zip7.6 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
32 comments
Anonymous
Kushan
Sub akta thanks
Vidura Akalanka
Vikram Vedha Hindi (2022) sub eka denne nedda?
Naveen
උපසිරසියට තුති
Ravindu_Heshan
Thank you malli
Naveen Mbr
ස්තූතියි අයියේ!
Samith
Thanks brother
dulan
ස්තුතියි !
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Tc
Thanks you
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Idunil Weerasinghe
Thanks brother
oshanda
thanks malli
Naveen Mbr
ස්තූතියි අයියේ!
Anonymous
Sub ek pahu wela ynne
Naveen Mbr
හරි වීඩියෝ කොපිය් ඩවුන්ලෝඩ් කරගන්න.
Anonymous
thanks
Imesh
jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles dennako kohewat na hoyaganna
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Rv
Bosa, file ek dengaros kiyala download kranna denne nane. Mn dan mk
විමා
1. ක්රෝම් බ්රව්සර් එකේ Downloads ටැබ් එක වෙත පිවිසෙන්න.
2. Keep Dangerous file දෙන්න.
3. Keep anyway දෙන්න.එසේත් නොමැති නම් වෙනත් බ්රවසරයක් භාවිතා කරන්න.
dylan
Niyama entertaining filumak
Sub ekath lesatama thibuna.....
Me wage sarala filumak wath(copy nthuwa) thma me rate hdagnna bariwuna neh.lajjai ithinSheron
Thanks for sub
Keep goingමිනුල
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
Rajitha
Thanks brother
Anonymous
sub eka pahu wela yanne, mokakda hari video eka?
TksNaveen Mbr
Baiscopedownloads එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ. මේක නම් මම ලයින් ගහලා කරපු එකක් නෙවෙයි.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
sub ekata set wena copyya mokakda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තැන්ක්ස් මචෝ
බලන්න ෆිලුමක් නැතුව හිටියේ
පුලුවන් නම් Kaari-2022 ෆිලුමටත් සබ් දෙමු