1984 ජූනි මාසේ 08 වෙනිදයින් පස්සේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා වැඩිහිටි හැමෝගෙම මුවේ රැව්දුනු ගීතයක මුල් කොටස තමයි ඔය උඩ තියෙන්නේ. ඇත්තම කිව්වොත් මුලු ලෝකය පුරාම ජනප්‍රිය වෙන්න මේ ගීතයට හැකි උනා. මේ ගීතය තමයි 1984 වසරේ බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගත්ත Ghostbusters චිත්‍රපටය වෙනුවෙන්…

1984 ජූනි මාසේ 08 වෙනිදයින් පස්සේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා වැඩිහිටි හැමෝගෙම මුවේ රැව්දුනු ගීතයක මුල් කොටස තමයි ඔය උඩ තියෙන්නේ. ඇත්තම කිව්වොත් මුලු ලෝකය පුරාම ජනප්‍රිය වෙන්න මේ ගීතයට හැකි උනා. මේ ගීතය තමයි 1984 වසරේ බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගත්ත Ghostbusters චිත්‍රපටය වෙනුවෙන් රේ පාකර් මහත්මයා ගායනා කල නිළ තේමා ගීතය. ඒ වගේම මේ චිත්‍රපටය ඉහල ආදායමක් ලැබුවේ එම අවුරුද්දේ තිරගත උන ඉන්ඩියානා ජෝන්ස්, ටර්මිනේටර්, ග්‍රෙම්ලින්ස්, ස්ටාර් ට්‍රෙක් වගේ සුපිරි ඝනයේ නිර්මාණ එක්ක තරග කරලා වීමත් විශේෂත්වයක්. ඉතිං මුල් සිනමාපටය නිකුත් වෙලා අවුරුදු 40කට පස්සේ ඔන්න තවත් Ghostbusters චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙනවා. පරක්කු වෙලා හරි අද ඔයාලට උපසිරසි අරන් ආවේ ඒකට තමයි.
Ghostbusters: Frozen Empire (2024) Sinhala SubtitlesGhostbusters: Frozen Empire සිනමාපටය නිකුත් වෙන්නේ පළමු Ghostbusters චිත්‍රපටයට වසර 40කට පස්සේ උනත් මීට කලින් මේ ෆ්රැන්චයිස් එකට අදාල සිනමා පට 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ Ghostbusters (1984), Ghostbusters II (1989), Ghostbusters (2016) සහ Ghostbusters: Afterlife (2021) ඒ අතරින් 2016දී නිකුත් උන සිනමාපටය මුල් සිනමාපටයේ ප්‍රති නිර්මාණයක් වෙනවා. Ghostbusters: Frozen Empire චිත්‍රපටය මේ වෙද්දි 6.4ක IMDb අගයක් වගේම Rotten Tomatoහි 84%ක ඉහළ අගයක් ලබාගන්නත් හැකිවෙලා තිබෙන බව කියන්න ඕන. Comedy / Adventure / Fantacy යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gill Kenan මහත්මයා. ඒ වගේම මුල් චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා උන Ivan Reitman නිෂ්පාදනයෙන් දායක වෙලා තිබෙනවා. මේ චිත්‍රපටයෙන් අපිට මුල් නිර්මාණ වල වගේම මීට පෙර නිකුත් වූ චිත්‍රපට වලින් හමුවු චරිත සහ හොල්මන් කිහිපදෙනෙක්ම බලාගන්න හැකි වෙනවා. මාවල් සිනමා විශ්වයේ කුහුඹු මිනිසා වන Paul Rudd ගැරී ගෘබර්සන් ලෙසත්, Mckenna Grace පීබී ස්පෙන්ග්ලර් ලෙසත්, Carrie Coon කැලී ස්පෙන්ග්ලර් ලෙසත්, Finn Wolfhard ට්‍රෙවර් ස්පෙන්ග්ලර් ලෙසත්, Kumail Nanjiani නඩීම් රම්සාඩි ලෙසත්, Annie Potts ජැනීන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඔරිජිනල් ගෝස්ට්බස්ටර්ස්ලා වෙන පීටර් වෙන්ක්මන්, රේ ස්ටැන්ස් සහ වින්ස්ටන් සෙඩ්මෝර් විදියට සුපුරුදු ලෙසම පිළිවෙලින් Bill Murray, Dan Aykroyd සහ Ernie Hudson යන රංගධරයන් පෙනී සිටිනවා. ඒ වගේම මුල් ගෝස්ට්බස්ටර්ස් කණ්ඩායමේ ඊගොන් ස්පැන්ග්ලර් ලෙස රංගන දායකත්වය දුන් අප අතරින් වියෝ වූ Harold Ramis මහත්මයවත් සිහිපත් කරන්න ඕන.
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitlesකතාව ගැන වැඩි යමක් සඳහනක් කරන්න යන්නේ නෑ. Ghostbusters: Afterlife (2021) චිත්‍රපටය නරඹලම මේක නැරඹූවොත් හොඳයි කියලා නිර්දේශ කරනවා මොකද ඒ චිත්‍රපටයෙදි අළුත් චරිත කිහිපයක් සම්බන්ධ වෙන නිසා. සෝනි පික්චර්ස් සමාගම විසින් බෙදාහැරීම සිදුකල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන්නේ මාර්තු මස 14වෙනිදා. මේ වනවිට ඩොලර් මිලියන 177ක ආදයමක් ලබාගෙන තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. කලින් Ghostbusters චිත්‍රපට පෙල නරඹපු අයනම් මේකේ රස දන්නවා. නොදන්න කෙනෙක්ට උනත් මේක බලලම පටන් ගන්න පුළුවන් බවත් කියන්න ඕන. ඇත්තටම මේ උපසිරසිය කරන්න පෙරමුණ ගත්තේ චාමිකර අයියා තමයි. එයාගේ කාර්යබහුලත්වය නිසා මට ලිපිය අවස්ථාව ලැබුනා. ඒ නිසා චාමි අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඉතිං තවත් විස්තර ඕන නෑ. පැරණි මතකයන් අළුත් කරගන්නත් එක්ක ඔයාලා මේක නරඹලා ගුණදොස් කොමෙන්ටුවක් දාගෙන යන්න. එතකොට මේ වගේ අළුතින් එක ෆිල්ම් ඉක්මනට දෙන්නම්. තවත් උපසිරැසියකින් ආයෙමත් හමුවෙනකන් ජය වේවා !
අහල පහල අමුතු දෙයක් තිබුනොත් ඔයාලා කාටද කතාකරන්නේ?
If there’s something strange in your neighborhood,
who ya’ gonna call?


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,121 downloadsDownload Ghostbusters-Frozen-Empire-2024-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Annie Potts
- #Bill Murray
- #Dan Aykroyd
- #Ernie Hudson
- #Ghostbusters
- #Ghostbusters: Frozen Empire
- #Ghostbusters: Frozen Empire (2024)
- #Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub
- #Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
- #James Acaster
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Janith
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Sahan Gayantha
thanks a lot saho sub ekata
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
බොහෝම ස්තූතියි යුරාන් සහෝටයි චාමිකර විදානගේ සහෝටයි මේ සබ් එක දුන්නට....
ජයවේවා දෙන්නටම....Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!
Anonymous
thnx bro
Nipun Lakshitha
Thank You !
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you for the sub and your dedication. can you please upload hunger games 2023 sinhala sub?