Varshangalkku Shesham (2024) Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න ආයෙමත් මලයාලි උපසිරැසි වලට බැස්සා. කාලෙකට පස්සෙ ජූනි 6 වෙනිද OTT release උන IMDB 7.2 ක් ගත්ත නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. මේ කාලෙ බොහෝ මලයාලම් චිත්‍රපට වගේම මේකත් බොක්ස් ඔෆිස් අතින් ඉතා සාර්ථක චිත්‍රපටයක්. මලයාලි සිනමාවට තවත් කෝටි 80 ඉ…
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
ආයුබෝවන්, ඔන්න ආයෙමත් මලයාලි උපසිරැසි වලට බැස්සා. කාලෙකට පස්සෙ ජූනි 6 වෙනිද OTT release උන IMDB 7.2 ක් ගත්ත නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. මේ කාලෙ බොහෝ මලයාලම් චිත්‍රපට වගේම මේකත් බොක්ස් ඔෆිස් අතින් ඉතා සාර්ථක චිත්‍රපටයක්. මලයාලි සිනමාවට තවත් කෝටි 80 ඉක්මවපු ආදායමක් ලබා දීල තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයත් හැකි ඉක්මනින් ඔබට තිලිණ කරන්න හැකියාව ලැබුන එක සතුටක්.
Varshangalkku Shesham (2024) Sinhala Subtitlesලංකාවෙ මලයාලම් රසිකයො අතර ඉතාම ජනප්‍රිය උන Hridayam මතකනේ. ඒක අධ්‍යක්ෂණය කල විනීත් ශ්‍රීනිවාසන්ම තමයි මේකත් අධ්‍යයක්ෂනය කරන්නේ. Hridayam වගේම තමයි මේකත් ටිකක් දිග ධාවන කාලයක් තියෙන චිත්‍රපටයක්. විනීත් මේ චිත්‍රපටයටත් ප්‍රානව් මෝහන්ලාල්, කල්‍යාණි ප්‍රියදර්ශන් දෙපළ ගන්න අමතක කරල නෑ.මේකෙ ප්‍රධාන චරිත දෙක වන ප්‍රානව් මෝහන්ලාල්ගෙ මෙන්ම ධ්‍යාන් ශ්‍රීණිවාසන්ගෙ චරිත තරුණ වයසෙ ඉඳල වයෝවෘද්ධ වයසට යන කල් විකාශනය වෙනවා. සෙසු ප්‍රධාන චරිත වල ඉන්න තරු පෝලිම අතර විනීත් වගේම නිවින් පෝලි, බැසිල් ජෝශප්, අජු වර්ගීස් අමතක කරන්න බෑ. අම්රිත් රාම්නාත්ගේ කුළුඳුල් සංගීත අධ්‍යක්ෂණයත් සහ ගීත ටිකත් මතක් කරන්න ඕනෙ.
Varshangalkku Shesham (2024) Sinhala Subtitlesදකුණු ඉන්දියාවෙ චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ වී සිය දක්ෂතා උරගා බැලීමට උත්සාහ කරන මිත්‍රයින් දෙදෙනෙකුගෙ කතා පුවතක් මේක. එකෙක් තිර රචනය සහ අධ්‍යක්ෂණය පැත්තෙනුත් අනෙකා සංගීතය පැත්තෙනුත් සිනමාවෙ ඉඩක් සොයා ගැනීමට කට්ට කනවා. එකෙක් සාර්ථක උනත් අනෙකා අසාර්ථක වෙනවා. ඒ සමග ඔවුන්ගේ ජීවිත කනපිට හැරෙනවා. එකිනෙකා ගෙන් වෙන් වන මේ දෙදෙනා නැවත හමු වේද?
ඒකයි මේ කතාව. වැඩි විස්තර ඕනෙ නෑනේ. එහෙනම් මේ ලස්සන කතාවත් බලන්න
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
11,257 downloadsDownload Varshangalkku-Shesham-2024-Sinhala-Subtitles.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Subtitles
- #Aju Varghese
- #Asif Ali
- #BANDULA K
- #Basil Joseph
- #Dhyan Sreenivasan
- #Indian Box Office Hits
- #Kalesh Ramanand
- #Kalyani Priyadarshan
- #Neeraj Madhav
- #Neeta Pillai
- #Nivin Pauly
- #Pranav Mohanlal
- #Shaan Rahman
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Varshangalkku Shesham
- #Varshangalkku Shesham (2024)
- #Varshangalkku Shesham (2024) Sinhala Sub
- #Varshangalkku Shesham (2024) Sinhala Subtitles
- #Vineeth Sreenivasan
- #Y.G. Mahendran
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Kavindu Nethmina
Gagan pabasara
මලයාලම් පිස්සුව ඇති ඔයා හිහින්දා තමයි බොහොම ස්තුතියි අදරෙයි දිගටම හොඳ ෆිල්ම් ටීව් සිරියස් එගෙන්න
Keshara Pradeep
බලාගන හිටිය සබක් ජය ✌
Lakindu
thank you ❤️
Kaveen
thank you. Star (2024) meketh sub denna balanna.
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
Thanks machan sub ekata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Isuru Dhanu
Sub eka vada karanne na ne !
Viraj
Thanks
Anonymous
Godak sthuthi!! Jaya wewa
Mano
Godak Sthuthi.. Jaya wewa!
Anonymous
thank you.good work
විජයදේව
ඉතා විශිෂ්ට නිර්මාණයක් තවත් දිගට තිබුණත් එක එල්ලේ බලන්න පුළුවන් බන්දුක කේ සොයුරා සපයා ඇති උපසිරැසි ඒකට ලොකුම උපකාරයක් ඔබට සුභ පැතුම්
විජයදේව
ඉතා විශිෂ්ට නිර්මාණයක් තවත් දිගට තිබුණත් එක එල්ලේ බලන්න පුළුවන් බන්දුල කේ සොයුරා සපයා ඇති උපසිරැසි ඒකට ලොකුම උපකාරයක් ඔබට සුභ පැතුම් තව තවත් උපසිරැසි නිර්මාණය කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා
Krishani
Thank you ️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

Subtitle Ekata Thanks bro..dan sub eka dai kiya kiya balagena hitiye ❤️