Watch Trailer

The Goodybye Girl (1977) with Sinhala Subtitles | “සමුගන්නට අවසරද….” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්‍රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්‍රකට නිර්මාණයක්. අහම්බෙන් තමා මටත් මේක හොයාගන්න ලැබුනෙ. ඉතිං මට හිතුනා මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න. මෙ…

The Goodybye Girl [1977]ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්‍රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්‍රකට නිර්මාණයක්. අහම්බෙන් තමා මටත් මේක හොයාගන්න ලැබුනෙ. ඉතිං මට හිතුනා මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න.

මෙය තිරගත වෙලා තිබෙන්නෙ 1977 වර්ෂයේදි. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Richard Dreyfuss, Marsha Mason, Quinn Cummings යන නළු නිළියන්. මේ චිත්‍රපටයේ කළ රංඟනය වෙනුවෙන් Richard Dreyfuss හට එම වසරේ ඔස්කා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වී තිබෙනවා. එම සම්මානය දිනාගන්නා විට ඔහුගේ වයස 30ක්. එය එවකට ඔස්කා සම්මාන උළලකදි හොඳම නළුවා සම්මානය දිනු ලාබාලම පුද්ගලයා ලෙස වාර්තාවක්. 2002 වර්ෂයේදි The Pianist චිත්‍රපටය වෙනුවෙන් Adrien Brody වයස 29දි හොඳම නළුවා සම්මානය දිනාගන්නා  තෙක්ම එය ඔස්කා සම්මාන උළලේ වාර්තාවක්. එමෙන්ම Marsha Mason, Quinn Cummings දෙදෙනාත් ඔස්කා හොඳම නිළිය සහ හොඳම සහය නිළිය යන සම්මාන වලට නිර්දේෂ වී තිබෙනවා. එමෙන්ම Golden Globe සහ BAFTA සම්මාන උළෙලවල් ද්විත්වයේදිත් Richard Dreyfuss හා Marsha Mason දෙදෙනා හොඳම නළුවා සහ නිළිය යන  සම්මාන හිමි කරගෙන තිබෙනවා. මේ චිත්‍රපටිය ඇතුළත මොවුන් ඉතාමත්ම තාත්වික රංඟනයක නියැලෙනවා. එමෙන්ම මේ චිත්‍රපටිය අවසානයට David Gates විසින් ගායනය කරන Goodbye Girl නම් ලස්සන ගීතයකුත් අන්තර්ගත වෙනවා. එමෙන්ම මෙයට 7.4 ක හොඳ IMDB අගයකුත් හිමි වී තිබෙනවා.

මේ චිත්‍රපටිය Romance,Comedy,Drama යන වර්ග වලට ඇතුළත් කරන්න පුළුවන්. ඇත්තටම මං මේ චිත්‍රපටියේ කතාව ගැන විස්තරයක් කරන්න කැමති නැහැ. මොකද මෙහි අන්තර්ගත වෙන්නෙ ඉතා සරල වගේම එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් ලස්සන කතාවක්. ඉතිං එහි කතාව විස්තර කරලා එහි රසය නැති කරන අපරාධයක්. ඉතිං ඔයාලම චිත්‍රපටිය නරඹලා හොඳ නරක තීරණය කරන්න. ඇත්තටම හොලිවුඩ් චිත්‍රපට සිය ගානක් පීරලා බැලුවත් මේ වගේ හිතට වැදෙන ලස්සන කතාවක් හොයාගන්න හරිම අමාරැයි. ඉතිං මේ චිත්‍රපටය නරඹලා බලන්න කියලා මං ඔබලාගෙන් ඉල්ලනවා. මේ චිත්‍රපටියට ගැලපෙන සීඩ් තියෙන ටොරන්ට් එකම එකයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ Piratebay සයිට් එකේ. Piratebay සයිට් එකට ගිහින් The Goodbye Girl කියලා සර්ච් කරාම එන The Goodbye Girl.1977.480px264-mSD කියන 594 MB පිටපත බාගන්න. ඒ පිටපත විතරයි මටත් හොයාගන්න ලැබුනෙ. ඒකේ කොලිටිය ගොඩක් හොඳ මට්ටමක තිබෙනවා.තවත් මෙවැනි ලස්සන කතාවකට උපසිරස රැගෙන එන බලාපොරොතුවෙන් මං දැනට සමුගන්නවා.

ඔබ සැමට ජයෙන් ජය පතමි!!!

 

The Goodbye Girl (1977) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Goodbye.Girl.1977.480p.x264-mSD.Si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

225 downloadsDownload The-Goodbye-Girl-1977.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

225 downloadsDownload Subtitles71 KB

11 comments

  1. Hasitha Madhushan

    Thank you so much for the subtitle....keep it up bro...

  2. Dulanga

    Thanks

  3. Udara Damith B/K

    ස්තූතියි....

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට.මේ දෙකටත් සබ් දෙන්න සහෝ
    Ghost in the Shell (1995),Ghost in the Shell 2 Innocence (2004)
    ජය වේවා!

  5. Withanage Priyantha Dayakeerthi

    බයිස්කෝප් වෙබ් එකට කලාත්මක නිර්මාණයක් ලැබුණොත් තමයි ඩවුන්ලෝඩ් කරලා නරඹන්නේ. මෙය එවැනි එකක් කියා මට සිතෙනවා. පරිඝනක මායාවල් නම් බලන්නෙම නැහැ. නරඹලා අදහස් දක්වන්නම්. ස්තුතියි!

    1. James DC

      අනිවාර්යෙන්ම නරඹලා බලන්න. මේක හොඳ කතාවක්.

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nimal dissanayake

    ඔයා හරියටම හරි ජේම්ස්!
    සරල වුණාට ෆිල්ම් එක නියමෙට
    හිතට වදිනවා.
    පරණ ෆිල්ම් එකක් නිසා හුඟ අය බාගන්න නැත්තේ.
    හැබැයි හුඟක්ම රස පරණ චීස් කියල දන්නා අය
    මේ ෆිල්ම් එක බලාවි.
    ගොඩක් දිගට ලිපිය ලිව්වටත් ස්තුතියි!
    නැතිව කොහොමද අපි මේ ෆිල්මස්
    හඳුනාගන්නේ?
    තෑන්ක්ස් ජේම්ස්!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.