හැමදාම TV series ම කර කර ඉඳලා හරියන්නෙත් නෑනේ. ඔන්න ඒක නිසා මම තීරණය කළා මේ සැරේ movie උපසිරසියක් අරගෙන එන්න. අද උපසිරසි අරගෙන එන්නේ මේ ළඟදී රිලීස් වුණු Green Lantern: Beware My Power චිත්‍රපටියේ උපසිරසි. මේක තමයි මගේ පළමු DC චිත්‍රපටයක උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් මේකේ තියෙන්නේ…

හැමදාම TV series ම කර කර ඉඳලා හරියන්නෙත් නෑනේ. ඔන්න ඒක නිසා මම තීරණය කළා මේ සැරේ movie උපසිරසියක් අරගෙන එන්න. අද උපසිරසි අරගෙන එන්නේ මේ ළඟදී රිලීස් වුණු Green Lantern: Beware My Power චිත්‍රපටියේ උපසිරසි. මේක තමයි මගේ පළමු DC චිත්‍රපටයක උපසිරසි ගැන්වීම.
ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් මේකේ තියෙන්නේ ජෝන් ස්ටුවර්ට් ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් බවට පත්වෙන ආකාරය. මේක එයාගේ ඔරිජින් ෆිල්ම් එක කියලා කියන්නත් පුළුවන්. Justice League හා Justice League Unlimited කාටූන් එක බැලුවා නම් ජෝන් ස්ටුවර්ට් කියන චරිතය ආයෙ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෙ නෑ. ඒත් දන්නෙ නැති අයට ඉක්මනට මෙයාව හඳුන්වලා දෙන්නම්.
ජෝන් ස්ටුවර්ට් කියන්නේ හැල් ජෝර්ඩන්, ගායි ගාඩ්නර් සහ කයිල් රේනර් වගේම ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක්. මෙයාව මුලින්ම හඳුන්වලා දුන්නේ Green Lantern #82 කලාපයෙනුයි. ඒ, කොමික් ගැන කතා කරනකොට legendary duo එකක් වන Dennis O’ Neil සහ Neil Adams විසිනුයි. කොමික්වල නම් ග්‍රීන් ස්ටුවර්ට් කියන්නේ හමුදාවෙන් ඉවත් වුණු හමුදා භටයෙක්. මෙයා ගැන ගාඩියන්ස්ලා (එයාලා තමයි ග්‍රීන් ලැන්ටර්න් කෝප්ස් එකේ නිර්මාතෘවරු) ඇහැ ගහගෙන ඉඳලා තියෙනවා මෙයාට නොදැනිම. ඉතින් මෙයා ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් වෙන්න සුදුසුද කියලා බලන්න මෙයාලා මෑන්හන්ටර් කෙනෙක් පෘථිවියට එවනවා. එයාව පැරැද්දුවට පස්සේ මෙයාව තෝරගන්නවා ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් වෙන්න. මෙයා ගැන තවත් කියන්න ඕන වැදගත් දෙයක් තමයි; මෙයා තමයි DC කොමික් පිටු අතරට එන දෙවැනි කළු ජාතික සුපිරිවීරයා.
ඉතින් ආපහු ෆිල්ම් එක ගැන විස්තර කතා කරනවා නම් මේක රිලීස් වෙන්න තිබුණේ මේ මාසේ ජූලි 26 වෙනිදා. නමුත් ඊට කලින් වෙබ් කොපියක් නිකුත් වුණු නිසා ඒකට කලින්ම උපසිරසි දෙන්න පුළුවන් වුණා. මේ ෆිල්ම් එකේ continuity එක ගැන කතා කරනවා නම් මේක අයිති වෙන්නේ Superman: Man of Tomorrow චිත්‍රපටියෙන් පටන් ගත්ත tomorrowverse කියන continuity එකට. මේකට අයිති ෆිල්ම් දැනට 5ක් නිකුත් වෙලා තියෙනවා.
- Superman: Man of Tomorrow
- Justice Society: World War II
- Batman: The Long Halloween Part One
- Batman: The Long Halloween Part Two
- Green Lantern: Beware My Power
ඉතින් මේකටම තමයි මේ ෆිල්ම් එකත් අයිති. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester විසින්. Ernei Altbacker සහ John Sempter තමයි පිටපත ලියලා තියෙන්නේ. Aldis Hodge (Green Lantern), Jimmi Simpson (Green Arrow), Jamie Hyder (Hawkgirl), Brian Bloom (Adam Strange) යන අය හඬකැවීමෙන් සහයෝගය දක්වලා තියෙනවා. මේකත් නිකුත් වෙන්නේ DC හා Warner Bros. එකමුතුවෙන්ම තමයි. පැය එකයි මිනිත්තු 28ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටයට තාම ratings නම් ලැබිලා නැහැ.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් හමුදාවෙන් මෑතකදී ඉවත් වුණු ජෝන් ස්ටුවර්ට් දකිනවා පිටසක්වළ යානයක් කඩා වැටෙන හැටි. ඒකේ ඉන්නේ ගාඩියන් කෙනෙක්. එයා මෙයාට ග්‍රීන් ලැන්ටර්න් මුද්දක් දෙනවා. හැබැයි ජෝන් නම් මේකට කැමති නෑ. ඒක නිසා එයා යනවා JL Watchtower එකට ඒක ගළවන්න විදියක් හොයාගන්න. එතනදි හෙළිවෙනවා මේ මුද්දේ කලින් අයිතිකාරයා හැල් ජෝර්ඩන් කියලා. ඉතින් හැමෝම හිතන්නේ එයා මැරෙන්න ඇති කියලා. මේ නිසා ග්‍රීන් ඇරෝ සහ ග්‍රීන් ලැන්ටර්න් යනවා ඕවා (ගාඩියන්ලගේ මව් ග්‍රහයා) වලට එයාට මොකද වුණේ කියලා හොයාගන්න. හැබැයි එයාලා එතනට යනකොට ඕවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. එතනදි මෙයාලට හම්බවෙනවා තැනගාරියානු රණශූරියක්; ඒ තමයි හෝක්ගර්ල් හෙවත් ශයීරා හල්. එතනදි හෙළිවෙනවා ඕවා විනාශ වෙලා තියෙන්නේ තැනගාරියානුවන් සහ රානියානුවන් අතර ඇති යුද්ධයකින් කියලා. ඒවගේම තැනගාරියානුවන් සියල්ලෝම මරලා දාන්න රානියානු විද්‍යාඥ සාර්ඩැත් සේටා-බීම් තාක්ෂණය පාවිච්චි කරලා ආයුධයක් නිපදවනවා (Young Justice, Justice League වගේ DC Animated cartoons බලලා නැත්නම් මේවා අපබ්‍රංස වගේ ඇති නේද? බය වෙන්න එපා, මේ ඔක්කොම ෆිල්ම් එකේදී පැහැදිලි වෙයි). ඉතින් කොහොමද අත්දැකීමුත් නැතුව ජෝන් ස්ටුවර්ට්, ග්‍රීන් ඇරෝ සහ හෝක්ගර්ල් මේවා නවත්තන්නේ? මේක මහා සංහාරයකින් අවසන් වෙයිද? ඒක හොයාගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙම නම් තවත් උපසිරසියකින් ළඟදීම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පීස් ✌️.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,251 downloadsDownload Green.Lantern.Beware.My_.Power_.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
11 comments
KO
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chamindu Udayantha
Sub එක Bluray වලට Update කරලා දෙන්න පුලුවන්ද?
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
indika 75
thanks..
UDARA DAMITH
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ....................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
The Umbrella Academy season 3 sub dennako pluwn kenk