ඉතින් අවසරයි පිළිගන්වන්න මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මට මේ වගේ විශිෂ්ට නිර්මාණයක් සදහා අවසර ලබා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මාගේ ස්තුතිය පුදකර සිටිනවා. ඉතින් දෙවැනි ලෝක යුද්දේ කියන්නේ පුරා අවුරුදු 6 ක් පවති සටන් මාලාවක්. මෙකෙදී ගොඩබිමෙන්,අහසින්, වතුරෙන් වගේම වතුර යටිනුත් සටන් සිද්ද උනා. ඒ සබ…
ඉතින් අවසරයි පිළිගන්වන්න මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මට මේ වගේ විශිෂ්ට නිර්මාණයක් සදහා අවසර ලබා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මාගේ ස්තුතිය පුදකර සිටිනවා.
ඉතින් දෙවැනි ලෝක යුද්දේ කියන්නේ පුරා අවුරුදු 6 ක් පවති සටන් මාලාවක්. මෙකෙදී ගොඩබිමෙන්,අහසින්, වතුරෙන් වගේම වතුර යටිනුත් සටන් සිද්ද උනා. ඒ සබ්මැරින් වලින්. ඒ කාලේ ජර්මන් සබ්මැරින් වලට කිව්වේ U-බෝට්ටු කියලා. ඒ එව්වා හැම එකකම නම් පටන් ගත්තේ U අකුරෙන් හින්දා. තව මේ U-බෝට්ටු වලට මුහුදු වෘකයා කියලත් කියලා තියනවා. ඉතින් යුරෝපයට විතරක් සීමා උන යුද්දය ලෝක යුද්දයක් බවට පත් වෙන්නත් මේ U-බෝට්ටු එක හේතුවක් උනා. ඒ ඇමෙරිකාවට අයත් උන “ලුසිටානියා” කියන මගී නැව U-බෝට්ටුවකින් ගිල්ලා දැමීම නිසා. මේ U-බෝට්ටු ලෝක යුද්දය ආරම්බයේ සිට අවසානයෙන් පස්සෙත් ක්‍රියාකාරී උනා. මොකද කියනවා නම් ගොඩක් නාසිනායකයෝ මෙව්වගෙ ආදාරයෙන් ලතින් ඇමරිකා රටවල් වලට පලා ගියා. ඉතින් මේ U-බෝට්ටු වලට විශේෂ තැනක් හිමි වෙන්නේ මේ වගේ හේතු හින්දා.
Das Boot කියන්නේ ජර්මන් වචනයක් ඉංග්‍රිසි තේරුම තමා ” The Boat” කියන එක. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ බටහිර ජර්මනියේ 1981 දී. දෙවැනි ලෝක යුද්දයේ ජර්මානු සබ්මැරින් මුහුණදුන් සැබෑ සිද්දි අනුසාරයෙන් තමා මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ. මේක Wolfgang Petersen කියන අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙනවා. IMDB වර්ගීකරණය අනුව මේක 71 වෙනි ස්ථානයේ පසුවෙනවා. ඒ වගේම මේකට IMDB රේටින්ග්ස් 8.4/10 තියනවා.ඒ වගේම මේක ඔස්කාර් සම්මාන 2ක් සදහා නිර්දේශ වෙලා තියනවා වගේම ඇකඩමි සම්මාන 7ක් දිනාගෙන තියනවා.මේක ජර්මන් චිත්‍රපටියක් හින්දා චිත්‍රපටිය පුරාම අන්තර්ගත වෙන්නේ ජර්මන් භාශාව. ඒ උනාට ඒක රසවින්දනයට බාධාවක් වෙන්නේ නම් නෑ.
ගොඩක් දෙවැනි ලෝක යුද්දය සම්බන්ද චිත්‍රපටි වල නිමාව සනිටුහන් වෙන්නේ ඇමරිකාව ප්‍රමුක මිත්‍ර පාර්ශවයෙන් උනාට, මේ චිත්‍රපටිය වෙනස්ම ආරක ච්ත්‍රපටයක්මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ u-96 කියන සබ්මැරිනය හා එහි කාර්යමණ්ඩලය වටා.ඔව්න්ට ලැබෙන මෙහෙයුම් හා ඒ මෙහෙයුම් වලදී ඔව්න් ඇත් විදින දුක් කම්කටලු මේ චිත්‍රපටියෙන් මනාව නිරූපණය කරලා තියනවා. හමුදා නිළධාරියෙක්ගෙ වගකීම යනු මෙහෙයුම පමණක් නොව අනෙක් නාවිකයන් හා සෙසු නිලදාරීගෙ ජීවිත ආරක්ෂාවත් වැදගත් බව හා යුතුකම තමාගෙන් ඔබ්බට යන්නක් බව හගවන සුපිරි නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්.
උපසිරැසියෙ අඩු පාඩු තිබුණොත් සමාව ඉල්ලනවා මොකද ගොඩක් මහන්සි වුනා මේ උපසිරැසිය හදාගන්න
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
Das.Boot.1981.Director’s.Cut.720p.BluRay.x264.YTS.AG
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,044 downloadsDownload Das-Boot-1981.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
26 comments
අසිත
Marusi
Sirawata
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.නිරෝෂ්
බොහොම ස්තුතියි අසිත සහෝ.ජයවේවා!
Hasitha madhushan
Thank you so much for your hard work and choosing this kind of auperb movie for your first attempt. Keep it up bro. Good luck!
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
දිගටම සබ් දෙන්න කාලය වැඩි වැඩියෙන් ලැබේවා!C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!!!!!
Withanage Priyantha Dayakeerthi
අසිත ජයසිංහ සොයුර,
මෙම සිනමාපටය IMDb අගය කිරීම් තුළ තිබෙන එකක්, බව ෆිල්ම් එකේ නම දැක්ක ගමන් මතක් වුණා. මම මේ වන විට IMDb අගය කිරීම් තුළ තිබෙන, බයිස්කෝප් වෙබ් එකෙන් සිංහල උපසිරසි ලබා දුන් සිනමාපට සියල්ලම වාගේ නරඹා තිබෙනවා. මෙයත් එසේම වේවි. ඒ වගේම IMDb අගය කිරීම් තුළ ඇති 146 වන ස්ථානය ලබාසිටින Casino (1995) ෆිල්ම් එකට සිංහල උපසිරසි ලබාදෙන්න කියා මා යෝජනා කරනවා. කලාත්මක සිනමාපට ප්‍රිය කරනා අප වැනි අය වෙනුවෙන් මහඟු සේවයක් ඔබහට ඉදිරියේදී කළ හැකිවේවි කියා මා සිතනවා. ඔබට ගොඩක් ස්තුතියි! එසේම ඔබගේ පළමු උපසිරසියට මාගේ උණුසුම් සුබපැතුම්!Marusi
Great Choice !!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
පලවෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..ඒ වගේම අර අසිත සහෝ පහල කියලා තියෙනවා වගේ මේ වගේ ෆිල්ම් වලට වැටෙන කමෙන්ට් ගාන අඩු නිසා වැඩේ අතරින්න එහෙම එපා. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා..! තවත් මේ වගේ සුපිරි නිර්මාණයකින් හමුවෙමු..
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Palitha de Silva
බොහොම ස්තූතියි...
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°° Good Luck. Keep Subtitling :-) Elzzzzzzzzzzzz..
ජා
ඉංගීුසි , පුංශ , ජ ර්මන් , හින්දි බැරි අපිට සිංහලයෙන් තේරෙන්න සබ් කරන හැමෝටම ගොඩක් පින්. වැඩි වැඩි යෙන් මේ වැඩේ දිගමට කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.
සනත් ගුණතිලක
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
Mahesh
hoda nirmana walata sub dena eka watinawa
bohomathma sthuthi...
jaya wewa...!!!Ekanayake
Asitha,
Great selection, Thank you!Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…LSM HUSKAA
පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!!!!!
අසිත
patta film ekak thanks...
Saranga J. Liyanagama
ගොඩක් ස්තූතියි සබ් එකට.
Senan Dahamdith Kannangara
sub ekata thanks machan. podi correction ekak karannam, Luisitania case eka WW1 walatai aithi, WW2 waladi USA madihath wenne Pearl Harbour attack ekenui, UK/France/USSR walin karapu illeem handai... (2nd Front eka hadanna)
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Namindu Jayawardhane
Das boot (1981) movie eke sub eka danawad hariyt.Dila thiyena eka download karnn be
Advertisement

මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට ඔයාගේ පලවෙනි සබ් එක විදියට තෝරා ගත් එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!