සුබ දවසක් හැමෝටම… ඔන්න එහෙනම් කලින් වෙන් කරගෙන තිබුන සහ ගොඩදෙනෙක් මඟ බලන් හිටපු Heart of Stone ෆිල්ම් එකත් අරගෙන මේ පැත්තට ආවා. හදිසි වැඩ කීපයක් තිබුන නිසා නිකුන් උන දවසට වඩා දවසක් පරක්කු වෙලා තමයි මම මේක කරන්න ගත්තේ ඒකට සොරි වෙන්න ඕන. හොලිවුඩය අපේ අසල්වැසි බොලිවුඩයත් එක්ක එකතු වෙන එක අපිට ආගන්තුක…

සුබ දවසක් හැමෝටම… ඔන්න එහෙනම් කලින් වෙන් කරගෙන තිබුන සහ ගොඩදෙනෙක් මඟ බලන් හිටපු Heart of Stone ෆිල්ම් එකත් අරගෙන මේ පැත්තට ආවා. හදිසි වැඩ කීපයක් තිබුන නිසා නිකුන් උන දවසට වඩා දවසක් පරක්කු වෙලා තමයි මම මේක කරන්න ගත්තේ ඒකට සොරි වෙන්න ඕන. හොලිවුඩය අපේ අසල්වැසි බොලිවුඩයත් එක්ක එකතු වෙන එක අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. බොලිවුඩ් නළු නිළියන් ගොඩක් අවස්ථාවල හොලිවුඩ් චිත්‍රපටවල රඟපානවා අපි දැකලා තියෙනවා. ඒ වගේම කිං ඛාන් නොහොත් ෂාරුක් ඛාන් පවා ඉදිරියේදී හොලිවුඩයට සම්බන්ධ වන බවට ආරංචි තියෙනවා. මෙදා පාර මේ වාසනාව ලැබෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ආලියා බාත්ට. පවුල් පසුබිමේ සහයත් එක්ක සිනමා කර්මාන්තයට යොමු උන ආලියාගේ රංගනයට මුල් කාලේ විවේචන එල්ල උනත් පස්සේ Gangubai Kathiawadi (2022), Brahmstra: Part One-Shiva (2022), Rocky Aur Rani Ki Prem Kahani (2023), RRR (2022) වගේ චිත්‍රපට වලින් දක්ෂතා පෙන්වන්න ඇයට හැකිවුනා. Heart of Stone කියන්නෙ ඇයගේ පලවෙනි හොළිවුඩ් චිත්‍රපටය කියලත් මතක කරන්න ඕන. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ගොඩක් අයගේ ක්‍රශ් එකක් වෙන Gal Gadot අක්කා. Fast & Furious චිත්‍රපට මාලාවෙන් සිනමාවට පිවිසි ඇය මෑත කාලයේ අතිශය ජනප්‍රිය උනේ DC සිනමා විශ්වයේ වොන්ඩර් වුමන් චරිතයත් සමඟයි. ඒ වගේම ඇය රංගනයෙන් දායක උන Red Notice (2021), Keeping Up with Joneses (2016), Criminal (2016) වැනි චිත්‍රපටත් අමතක කරන්න බෑ. 2024 නිකුත් වෙන්න නියමිත ඩිස්නිලගේ Snow White ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකේ දුෂ්ට රැජිණ විදියටත් අපිට ඇයව බලාගන්න පුළුවන්. Fifty Shades of Grey චිත්‍රපට මාලාවේ ග්‍රේ මහත්මයා විදියට රංගනයෙන් දායක උන කඩවසම් නළු Jamie Dornan මෙහි ප්‍රධාන පිරිමි චරිතය විදියට අපිට බලාගන්න පුළුවන්.


Heart of Stone චිත්‍රපටය Spy/ Action / Thriller / යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. IMDb අගය 5.8ක් ලෙසත්, 82%ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tom Harper විසින්. මේ මාසේ 11 තමයි චිත්‍රපටය නෙෆ්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ. ප්‍රධාන චරිත තුනට අමතරව Matthias Schweighöfer, Sophie Okonedo, Jind Lusi, Paul Ready සහ Archie Madekwe යන රංගන ශිල්පීන් එක් වෙනවා.

රටක ආරක්ෂාව කියන්නේ ඉතාමත් සංකීර්ණ වගේම වැදගත් අංශයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකය පුරා ගොඩක් රටවල් තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහස් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බව අපි දන්නවා. ඇමරිකාවේ CIA ආයතනය. ඉන්දියාවේ RAW සංවිධානය, ඊශ්‍රායලයේ Mossad, රුසියාවේ GRU වගේ බුද්ධි අංශ රැසක් තියෙනවා. ඒත් මේ හැම සංවිධානයක්ම තමන්ගේ හිතූ මනාපෙට කටයුතු කරන්න බෑ. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතී ඇතුලේ තමයි කටයුතු කරන්න ඕන. ඒ උනාට ලෝකේ ඉන්න දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක නීතියට කටයුතු කරන එක අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඒ නිසා මේ වගේ දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක වැඩ කරන්න ලෝකයේ සෑම තැනකින්ම එකතු කරගත්ත නියෝජිතයෝ එන්න “චාටර්” කියලා අතිශය රහසිගත සංවිධානයක් තියෙනවා. කොටින්ම මෙහෙම සංවිධානයක් තියෙන බව සමහර රටවල බුද්ධි අංශ දන්නෙත් නෑ. මේ සංවිධානයෙන් කරන්නේ දරුණු ත්‍රස්තවාදීන්ව කිසිම හෝඩුවාවක් නැති වෙන්න විනාශ කරලා දාන එක. මෙහෙම වැඩක් කරන්න ලේසි නැතිබව ඔයාලට තේරෙනවනේ. ඒත් මේ දේවල් කරන්න චාටර් එකට අති නවීන ආයුධයක් තියෙනවා. ඒකේ නම තමයි “හාට් එක”. මේක ආයුධයක් කිව්වට මේක අතිශය සුපිරි පරිගණකයක්. මේකට ඕන තැනක තියෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් හැක් කරලා ඕනෑම තොරතුරක් ලබාගන්න පුළුවන්.

මේ අතර තමයි බ්‍රිතතාන්‍ය රහස් ඔත්තු සේවය හෙවත් MI6 එකේ නියෝතයෝ හතර දෙනෙක් කුප්‍රකට ආයුධ ජාවාරම් කාරයයෙක් අල්ලගන්න ඉතාලියට යන්නේ. ඒත් මේ මෙහෙයුම අතරතුර මෙයාලගේ උපකරණ හැක් කරන කෙල්ලෙක් නිසා මෙහෙයුම වැරදිලා මේ කට්ටිය ලොකු අවුලක පැටලෙනවා. පස්සේ මේ කෙල්ල ගැන විස්තර හොයද්දි මේ කෙල්ල ඉන්දියානුවෙක් වගේම අනාථ කෙනෙක් බවත් දැනගන්න මේ නියෝජිතයෝ හතර දෙනාට හැකි වෙනවා. ඉතිං කවුද මේ ඉන්දියානු කෙල්ල ? චාටර් එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද ? MI6 නියෝතයෝ මොකක් කරයිද කියලා ෆිල්ම් එක බැලුවම දැනගන්න පුළුවන්. එහෙනම් දැන්ම බාගෙන කොමෙන්ට්ටුවකුත් දාගෙන යන්න. මට මේක වෙන කරලා දුන්න විමා සහෝටත්, උපසිරසි ගොනුව හොයලා දුන්න චාමර සහෝටත් ස්තූතිවෙන්න ඕන.එහෙනම් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

31,937 downloadsDownload Heart.of_.Stone-2023.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

31,937 downloadsDownload Subtitles39 KB

26 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි යුරාන් .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Isaac Mendis

      Thanks sago sub ekata... ❤️

  3. Sujith

    Onna apith baaa gaththaaaa...

  4. අසේල

    උපසිරැසි කරන්න හැමෝටම බෑ, ඒකට තියෙන්නේ ඕන නොපසුබට උත්සාහයත් තියෙන්න ඕන, ඉතිං මට නම් හීන ඒවා
    බුදු සරණයි කොම්ල්ලා❤️❤️❤️

  5. randil manamperi

    Godak thanks sub ekata

  6. randil

    Godak thanks sub ekata

  7. Bobby

    Wow Great work Bro

  8. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤❤

  9. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  10. Hashan

    Thnx for the sub bro❤️❤️

  11. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  12. Roshan

    Thnx bro...great job...good luck...

  13. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. viraj

    thanks.........

  15. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  16. Devil

    ඔක්කොමත් හොඳයි. ගොං බොලිවුඩ් හැත්ත හොලිවුඩ් වලට සෙට් වුනොත් හොලිවුඩුත් ඉවරයි.

  17. Chandika

    Thanks for subtitle

  18. Anonymous

    Good sub

  19. lakshan

    thanks ...................

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. chathura

    කොහොමද හරියන ටොරන්ට් එක හොයාගන්නේ දැන්

    1. Hiran Ganepalla

      baiscopedownloads

  22. Nishan

    Thanx bro

  23. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  24. Dewadithya

    Thanks for Sub!