ටික දවසකින් ඔන්න ආවා මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි මට්ටමේ බයිස්කෝප් එකක් අරගෙන. ලිපිය ලියන මම පූසා. ලිපිය ලිවුවට මේක මම කරන්න ගත්ත ෆිල්ම් එකක් නෙවේ. විමා භාරගත්ත ෆිල්ම් එකක්. ඉතින් අන්තිමට උගේ අධ්‍යාපන වැඩ නිසා මේකෙන් භාගයක් මට කරන්න වුණා. භාගයක් කිවුවට හතරෙන් එකක් වගේ. පස්සෙ ලිපියත් උඹම ලි…

ටික දවසකින් ඔන්න ආවා මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි මට්ටමේ බයිස්කෝප් එකක් අරගෙන. ලිපිය ලියන මම පූසා. ලිපිය ලිවුවට මේක මම කරන්න ගත්ත ෆිල්ම් එකක් නෙවේ. විමා භාරගත්ත ෆිල්ම් එකක්. ඉතින් අන්තිමට උගේ අධ්‍යාපන වැඩ නිසා මේකෙන් භාගයක් මට කරන්න වුණා. භාගයක් කිවුවට හතරෙන් එකක් වගේ. පස්සෙ ලිපියත් උඹම ලියහං කියලා ඌ කිවුවා. හැබැයි ඉතින් විමාගෙ මට්ටමේ ලිපියක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් බලමු ෆිල්ම් එක ගැන අද අරගෙන ආපු.
සිනමාපටයේ නම තමා Criminal. සිංහලෙන් කියනවා නම් “අපරාධකාරයා”. (අපරාධකාරයා කිවුවහම නම් බයිස්කෝප් කට්ටියට කාවද මතක් වෙන්නෙ කියලා කියන්න ඕන නෑනෙ නෙහ්?? ) 2016 වසරේ ආපු කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සිනමාපටයක් කියලා කිවුවොත් හරි. IMDb අගය 6.3 ක් කියලා සඳහන් වෙනවා. අපි හොඳට දැන හඳුනන නළුනිලියෝ කීපෙ දෙනෙක් තමා මේ සිනමාපටය පුරාවට අපිට හම්බවෙන්නේ. සිනමාපටයේ එන ප්‍රධානම චරිතයක් වෙන CIA බුද්ධි අංශ සාමාජිකයෙක් වෙන බිල් පෝප් කියන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් DC ග්‍රීන් ලැන්ට්ර්න් සහ මාවල් ඩෙඩ්පූල් විදිහට අඳුනන Ryan Reynolds. මේ බිල් පෝප්ගෙ බිරිඳ වෙන ජිල් පෝප් විදිහට සිනමාපටයෙදි අපිට හමුවන්නේ F&F සිනමාපට මාලාව හරහා ජනප්‍රිය වුණු, ඊයේ පෙරේදා DC වොන්ඩර් වුමන් නාමය දිනාගත් ගෑල්ලමයා හෙවත් Gal Gadot. ඊට පස්සෙ ප්‍රධාන චරිතයක් වෙන ජෙරිකෝ ස්ටුවර්ට් විදිහට Man of Steel(2013), Jack Ryan: Shadow Recruit(2014), Message in a Bottle(1999), Robin Hood: Prince of Thieves(1991) වැනි සිනමාපට හරහා අපිට හමුවුන Kevin Costner ද, බිල් පෝප්ගේ CIA ප්‍රධානියා වෙන ක්වෑක්ර් වෙල්ස් විදිහට Dawn of the Planet of the Apes(2014), RoboCop(2014), The Dark Knight සිනමාපට ත්‍රිත්වය, Harry Potter(2004/2007/2011), Red Riding Hood(2011) වැනි සිනමාපට හරහා අපි දැක්ක Gary Oldman ද, ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස් විදිහට Men in Black 1, 2, 3, Captain America: The First Avenger(2011), Volcano(1997) වැනි සිනමාපට වලට තම රංගන දායකත්වය ලබා දුන්න Tommy Lee Jones ද මෙම සිනමාපටය තුල අපට දැකගන්න පුළුවන්. එහෙනම් දැන් ඉතින් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…
බිල් පෝප් කියන්නෙ CIA නියෝජිතයෙක්. ජාන් ස්ටෲප් කියන්නෙ පරිගණක හැකර් කරුවෙක්. මෙයා එක්සේවියර් හෙයිම්ඩල් කියන කෙනා වෙනුවෙන් ලෝකෙ සියළුම න්‍යෂ්ඨික ආරක්ෂක පද්ධති වලට පිවිසෙන්න පුළුවන් වර්ම්හෝල් කියලා වැඩසටහනක් හදනවා. ඒ වුණත් ජාන් මේක ගැන කළබල වෙලා මේ වැඩේ ගැන CIA එකට කියනවා. එතකොට තමා එයා බිල් පෝප්ව සම්බන්ධ කරගන්නෙ. ඊට පස්සෙ මෙයා ඒක දෙන්න නම් සල්ලි ඉල්ලනවා. ඉතින් පස්සෙ මේ බිල්, ජාන්ගෙ ආරක්ෂාවට එයාව හංගලා ජාන්ගෙ සල්ලි ටික අරගෙන එද්දි හෙයිම්ඩල්ගෙ කට්ටිය මෙයාව අල්ලගෙන වද දීලා මරණවා. හැබැයි ජාන් ඉන්න තැන දන්නෙ බිල් විතරයි. ඉතින් මේක නිසා CIA එකට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. එතකොට තමා වෙන කරන්නම දෙයක් නැති නිසා බිල් පෝප්ගෙ ප්‍රධානියා වෙන ක්වෑක්ර් ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස්ව සම්බන්ධ කරගන්නේ. මේ ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස් හොයාගෙන තියෙනවා මැරුණ කෙනෙක්ගෙ මොළයේ තියෙන මතක රටාව ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මොළයට ඇතුල් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් මේ වැඩේට තෝරගන්නෙ ජෙරිකෝ ස්ටුවර්ට් කියන අපරාධකාරයව. මේ ජෙරිකෝට පොඩි කාලේ වෙච්ච අනතුරක් නිසා එයාගෙ මොළයේ ලලාට කණ්ඩිකාව නියමාකාර විදිහට වර්ධනය වෙලා නෑ. ඒ නිසා මෙයාට හැගීම් දැනෙන්නෙ නෑ, ආවේගයන් පාලනය කරගන්න බෑ. මේ හේතූන් නිසා තමා මෙයා දරුණු අපරාධකාරයෙක් වෙලා තියෙන්නෙ. (හරියට BA වගේ. :3 ) . ඉතින් ඊට පස්සෙ මෙයාගෙ ඒ ලලාට කණ්ඩිකාව පාවිච්චි කරනවා බිල්ගෙ මතක රටාව ජෙරිකෝගෙ මනසට ඇතුල් කරන්න. ඉතින් ඊට පස්සෙ ඉඳන් තමා කතාවෙ හොඳම හරිය වෙන්නෙ. කිවුවොත් රසය නැති වෙන නිසා නොකියා ඉන්නම්. බලලම රස විඳින්න.
එහෙනම් තවත් සබ් එකකින් හම්බ වෙනකම් විමයි මායි සමුගන්නවා. හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,431 downloadsDownload Criminal.2016.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [විමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
51 comments
Hiruni
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
Tharindu Lakmal Perera
Fatta Story Ekak wage menna api gatta Thanxx Bro Sub ekata
Diwakara
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.Kulanjana Maduranga
niayamai…patta filumak.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…patta filumak.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Asitha
Gal Gadot ගෑල්ලමයා ඉන්නවා නේ.
එල තෑන්ක්ස්!!!madushan
thanks ...
pluwannam ..
Mr robot season 2 akata sub karanto......Jaya.............
geeth
sub ekata thnkz
sub set wenne 720 p blu ray da 1080p blu ray 1 tada ?
hash tag 1 wat comment karahanවිමා
දෙකටම ගැලපෙනව සහෝ
Lahiru
Ai me torrent fill eka danna nette den?
ප්‍රණීත් චින්තක
ආස කරන නලුවෝ ගොඩක් ඉන්න චිත්‍රපටියක්.
කාලෙකින් ෆිලුමක් ගොඩ දාගන්නත් බැරිවුනා. මේකවත් බලන්න ඕනේ.
සමනා විමා ඩබලටම ස්තුතියි උපසිරැසියට.
වෙලාවක් සෙට් වුනු ගමන්ම බලනවා. :)Jack
නියමයි සහෝ..
සුපිරි ෆිල්ම් එකක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා අපේ BA ට සහ පූසාට..
මේක බාගෙන බලා උන්නේ..D Chamara
bohoma sthuthi sahoooo niyamaiii jaya …
Amila
Thanks mchn...!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sanath Perera
බොහොම ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනින් මේකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…"චූටී මල්ලී"
Puus and vima tnx ah
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lashan
torrent link 1k onee???????
chandika
720pbluray264.mkv file akata sub set venne nane
sanath indika
thx broo
Bobby
Thank you very much friend
Nalaka
Maxxxaxaaaa
LAKSHAN
ස්තූතියි උපසිරැසියට
Rashmika
thank you saho
prasad ranushka
නියමයි...මාත් ගත්තා..
tm prasanna
meka baganne kohomada
tm prasanna
danneti apita kiya denna danna aya balla film wala link 1kakuth dannako apith asai balanna yaluwe
rajeew
Pahara
d
thnq bro
amit
hdrip 1ta hari yan nane.. hada ganna vidiyak nadda?
Vįrąj Mądų Męnđis
elama ☝
ashan lankanath
Thanks ...............good luck ..................
nimal dissanayake
ලිපිය ලියල ශාන්ට සහය වුණාට සමන් ප්‍රසාද්ට මුලින්ම ප්‍රණාමය!
මම ෆිල්ම් එකක් බාගන්නේ ලිපිය කියවලා, ඊට පස්සේ.
ඉතින් ලිපිය හොඳටම තියෙන නිසා ෆිලුම බාගත්තා.
දැන් ඔයාට ශාන්, ස්තුතියි ගොඩාක්.
ඔය සබ්ස් දුන් ෆිල්ම්ස්වලින් මම බැලූ දහසයවෙනි එක මේ.
තව බලන්නත් තියෙනවා. දන්නවාද?
නොදැක්කා වුණත්,කතාබහ කරලා නැතිව වුණත්
සයිට් එකේ සමහරු ඉබේම හිතවතුන් වගේ වෙලා!
ඔයාත් එයින් එක්කෙනෙක්.
ඒකටත් ස්තුතියි,
මොකද හොඳ image එකක් තියෙන අයගේ ෆිල්ම්ස්
බාගන්නට අපි වගේ අය දෙපාරක් නොහිතන නිසා!
ෆිල්ම් එක වගේම සබ්ස් ටිකත් මල්-මසුරන්!Hashan M. Priyadarshana
Thank you sub ekata bro
ජනිත් මාතුල ද සිල්වා
Thank u
Farmchemie_Roshan
Sub ekata thanks....
Supun_no
Thanks
sunanda shanth
thanks
suranuwan
thanks bro....
Dewadithya
Thanks for sub!
Udaya Fdo
Thank you
Dushmantha
Thank you
හසිත
හොදට සබ් එක කරලා තියනවා.සබ් එක ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
Mando
Thank you
Good luck baiscopelk & all crew membersසිවෙන්ද්‍ර
Thank you bro
k.c.gunawardana
mama CRIMINAL 2016 film eka download karagaththa.sinhala sub ekath download kara gaththa,eke penwane VLC player ekey logo eka.film ekata DRAG karata sub eka weda karanne ne.weda karana widiya kiyala denawada?thanks.
Sahan Gayantha
thanks sub ekata
Advertisement

Thanx.......... :) :)