Watch Trailer

HIT: The 3rd Case (2025) Sinhala Subtitles | මනෝ ව්‍යාධිකයින්ට එහා ගිය බිහිසුණු මෘගයා. (18+) [සිංහල උපසිරසි]

HIT: The Third Case (2025) Sinhala Subtitles HIT Verse එකේ තෙවැනි චිත්‍රපටය වන HIT : The Third Case චිත්‍රපටය වන මෙය වෛද්‍ය සෛලේෂ් කොලානු අධ්‍යක්ෂණය කළ අතර මෙය සුපුරුදු ලෙසින් නානි නිෂ්පාදනය කරනවා. HIT (2020), HIT : The 2nd Case (2022), HIT : The Third Case (2025) සහ ඉදිරියේදී පැමිණීමට නියමිත HIT :…

HIT: The Third Case (2025) Sinhala Subtitles

HIT: The Third Case (2025) Sinhala Subtitles

HIT Verse එකේ තෙවැනි චිත්‍රපටය වන HIT : The Third Case චිත්‍රපටය වන මෙය වෛද්‍ය සෛලේෂ් කොලානු අධ්‍යක්ෂණය කළ අතර මෙය සුපුරුදු ලෙසින් නානි නිෂ්පාදනය කරනවා. HIT (2020), HIT : The 2nd Case (2022), HIT : The Third Case (2025) සහ ඉදිරියේදී පැමිණීමට නියමිත HIT : The 4th Case මේ HIT Verse එකට අයත් අනෙක් චිත්‍රපට වනවා. මේ සිනමා විශ්වය දාම ඝාතන සහ වඩා ප්‍රචණ්ඩකාරීත්වය නිසාවෙන් සුවිශේෂයි. HIT : The 2nd Case (2022) චිත්‍රපටයේ අවසානයේ තුන්වෙනි කොටසක් ඉඟි කරමින් නානිගේ විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කළා. එහිදී ඔහු අපරාධකරුවන් කෙරේ සානුකම්පිත, සාහසික පොලිස් නිළධාරියෙකුගේ චරිතයක් දඟ දැක්වීමට නියමිත බව සඳහන් කර තිබුණා.

ඉන්දියාවේ අහඹු තැන්වල කකුල් වලින් එල්ලා බෙල්ලත් ඔළු පස්සත් කපලා ඝාතනය කරන දාම ඝාතනයක් ‍රටේ උද්වේගකර මාතෘකාවක් වුණා. අර්ජුන් සර්කාර්ට මේ දාම ඝාතනය පසුපස විමර්ශනය කරමින් යන්නට වෙනවා. ඝාතනයට ලක් වුණ තැනැත්තන්ගේ හයිපොතැලමස්, පිටියුටරි ග්‍රන්ථිය, අධිවෘක්ක ග්‍රන්ථිය යන කොටස් තුන ඝාතකයා විසින් රැගෙන යාමත්, මේ ඝාතන රටේ එක් එක් ප්‍රදේශ වලින් හමු වීමත් මේ දාම ඝාතනයේ සුවිශේෂීයත්වය වුණා. මේ දාම ඝාතනය අර්ජුන් සර්කර්ව ගෙන යන්නේ කොතැනටද? මෙය අවයව ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක් නම් ඉහත සඳහන් කළ බද්ධ කළ නොහැකි අවයව පැහැර ගැනීමේ අරමුණ මොකක්ද? මේ පිටිපස සිටින මහ මොළකරු සර්කාර්ට කුමන ආකාරයකින් තර්ජනයක් වේවිද?මේ කතාව ගලා යන්නේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සොයමින්.

නානි සමඟ ශ්‍රීනිදි ශෙට්ටි, රාඕ රමේෂ්, රවින්ද්‍රා විජේ, සමුත්‍රකනී, සූර්යා සීනිවාස්, කෝමලී ප්‍රසාද් චරිත රඟ දක්වනවා. අදිවි ශේෂ් සහ කාර්ති විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරනවා.

නානිගේ කතා තෝරා ගැනීම් අනුව ඔහුගේ දුෂ්ඨ ගති ලක්ෂණ ඇති චරිත රංගනය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බවක් පැහැදිලිව පෙනෙනවා. ඒ නිසාවෙන් එකල රසවිඳපු ඔහුගේ විනෝදකාමී, හාස්‍යජනක රංගනය අපට මඟහැරී තිබෙනවා. කොහොම වුණත් නානි තෝරා ගත් මාර්ගය අසාර්ථක වුණේ නැහැ. අනිවාර්‍යයෙන්ම එක් එක් නිර්මාණයකදී අද්විතීය ආශ්වාදයක් ප්‍රේක්ෂකයින් හට අත් විඳීමට ලබා දෙනවා. නානිට ඇති නිහතමානි ස්වභාවය නිසා ඉන්දීය සිනමාවේ විශිෂ්ඨ නාමයක් ලබාගෙන තිබෙනවා. නානිගේ උපදෙස් මත ස්‍රීනිදි මෙහි සහය අධ්‍යක්ෂකවරියක ලෙසින්ද කටයුතු කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් පැවත්වුණ විවිධ මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී නානිගේ සහ ස්‍රීනිදි ශෙට්ටිගේ ප්‍රිය උපදවන සංකලනය මනස්කාන්තයි වගේම හාස්‍යජනකයි. ඒ මදිවට අදිවි ශේෂ් ස්‍රීනිදිව නොසළකා හරිමින් විහිළු කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. හරියට කොරියානු නළු මා ඩොන් සියෝක් වගේ, තිරයෙදි ප්‍රචණ්ඩකාරී රංගනයක නියැලුනත් සැබෑ ජීවිතයෙදි පොඩි ළමයි වගේ.

නානිගේ ඉදිරියේදී පැමිණීමට නියමිත චිත්‍රපට ලැයිස්තුව දිහා බැලුවොත්, මීළඟට The Paradise චිත්‍රපටය ලබන වසරේ මා‍ර්තු මස 26 තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Dasara (2022) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රීකාන්ත් ඔඩේලා. අනිරුද් රවිචන්ද්‍රන් විසින් මෙය සංගීතවත් කරනවා. චිත්‍රපටයේ The Paradise Glimpse : Raw Statement වීඩියෝවට අනිරුද් විසින් මුසු කරන ලද BGM තනුව මේ වන විට සමාජ මාධ්‍යයන් හි දැඩි පරිශීලන ප්‍රවණතාවයක් හිමි කරගත්තා. එම වීඩියෝ පටය යූටියුබ් නැරඹුම් වාර මිලියන 22කට අධික සංඛ්‍යාවක් දැනට ලබා තිබෙනවා. රූගත කිරීම පවා ආරම්භ නොවූ අවස්ථාවක මෙවැනි ප්‍රවණතාවයක් ලබා තිබීම සුවිශේෂීයි. Nani34 චිත්‍රපටය Saaho (2019) චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුජීත් විසින් අධ්‍යක්ෂණය කරනවා. පවන් කල්‍යාන්ගේ OG (2025) චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරන්නේ සුජීත් විසින්.

දාම ඝාතන, ත්‍රාසජනක, අපරාධ වර්ගීකරණයන්ට අයත් මෙයට IMDB හි 7.4ක ඉහළ ප්‍රේක්ෂක අගය කිරීමක් ලබී තිබෙනවා. මේ HIT Verse එකේ හතරවැනි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ACP වීරප්පන් ලෙස දමිළ නළු කාර්ති විසින් රඟපෑමට නියමිතයි. මැයි 1 දා තිරගත කළ මේ චිත්‍රපටය දිනයේ ඉ.රු. කෝටි 43ක ආදායමක් උපයා ගත්තා. හතරවැනි දිනයේදි ඉ.රු. කෝටි 100 ඉක්මවීමට හැකි වූවා. අවසන් එකතුව ලෙස ඉ.රු. කෝටි 120ක ආදායමක් ලබා ගෙන තිබෙනවා. අධික රුධිර ගැලීම්, ප්‍රචණ්ඩකාරීත්වය ඇතුලත් දර්ශන සහිත නිසාවෙන් සංවේදී අය මේ චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා.

කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

HIT: The Third Case (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

8,352 downloadsDownload HIT-The-Third-Case-2025-baiscopelk-sinhala-subtitle-Updated-Sub.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

HIT: The 3rd Case (2025) Sinhala Subtitles

Subtitles by

රවිඳු නවින්

Subtitles

8,352 downloadsDownload Subtitles57 KB

10 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. NPL

    Patta Sub eka thanks macho

  4. Buddhika laKMal

    ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට යි ඔයාගේ ලිපියටයි............

  5. ෂාන්

    SUB FILE එක මිසින් කියලා ERRORෙඑකක් එනවා

    1. Thisara Neo - Admin

      නිවැරදි කර ඇත

  6. Yasitha Madushan

    sub eka ne

    1. Thisara Neo - Admin

      නිවැරදි කර ඇත

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤