සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආර…

මුලින් කීවාක් මෙන් මේ වසරේ දකුණු ඉන්දියාවේ තෙලඟු සිනමාවේ තවත් විශිෂ්ඨතම සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. තෙලඟු සිනමා රසිකයො කවුරුත් දන්න නමක් තමයි Natural Star Nani කියන නම. ඔහුත් සමඟින් තවත් කිහිපදෙනෙකු එකතුවෙලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ කවදාවත් නැතුව චිත්‍රපටයක විස්තර ඉදිරිපත් කිරිමේදි ප්‍රධාන නළුවන් අධ්‍යක්ෂකවරයා ඇතුලු පිරිස ගැන මුලින්ම සඳහන් කරන්නෙ ඇයි යන ප්‍රශ්නය ඔබටත් ඇති.! මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරායා Sailesh Kolanu ගේ පලමුවැනි චිත්‍රපටය තමයි මේ HIT 2020 කියන්නේ මීට පෙර ඔහු විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇතත් මේ තමයි ඔහුගේ සිනමා දිවියේ ආරම්භක ලක්ෂය ඉතින් ඔහු තමන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය කෙසෙ ඉදිරිපත් කර ඇත්ද යන්න ඔබටත් චිත්‍රපටය ආරම්භයේ සිටම දැක ගන්නට පුළුවන් ප්‍රධාන නළුවා ගතහොත් Vishwak Sen ඔහුගේ සිව්වැනි සිනමා පටය මොවුන් ගැන කීමට තරම් වැඩි විස්තර නොමැති නිසා මොවුන්ගේ හැකියාවන් කෙසේද යන්න සිනමාපටය නරඹලම දැනගන්නා ලෙසට මා යෝජනා කරනවා.
නළුවෝ නිලියෝ ගැන වැඩි විස්තර කිව්වේ නැතත් මොකක්ද මේ චිත්‍රපටිය කියල ඔයාලට පොඩි හදුන්වාදීමක් දෙන්න ඕනේ කියල හිතුනා.මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. අපිට ජිවිතේ විවිධ ආකාරයේ ගැටළු එනවා.එතකොට සමහර අය කැමති ඒ ගැටළු වලින් පැනල යන්න. සමහර අය කැමති ඒ ගැටළු වලට මුහුණ දෙන්න. තව සමහර අය කැමති ජිවිතේ එක්තරා කාලෙක ආපු ප්‍රශ්නයක් ආයේ එනවා නම්. ඒ මොකද ඒ ප්‍රශ්නෙට කලින් හරියට මුහුණදෙන්න බැරි උණු නිසා හෝ ඒ ප්‍රශ්නෙන් කලින් පරාද උනු නිසා. වික්‍රම් කියන්නෙත් අන්න ඒ මම අන්තිමට කියපු ජාතියේ කෙනෙක්.! වික්‍රම් නොහොත් අපේ කතා නායකයා වැඩ කරන්නේ HIT (Homicide Intervention Team) එකේ. ඒ කියන්නේ මිනීමැරුම් සම්බන්ධ අපරාධ හොයන එක තමා මෙයාගේ රාජකාරිය. ඒ සම්බන්ධව මෙයාගේ බුද්ධි මට්ටම සහ හැකියාව ඉහලම අගයක තියෙනවා බව ඔයාලට කතාවේ මුල ඉදන්ම තේරෙයි. එතකොට අනිත් අය ? ඒ අය ගැන මම කියනවට වඩා ඔයාලා බලලම අදහස ගන්නවා නම් තමයි හොද.
තව පොඩි දෙයක් අහන්නද? ඔයාලට මතකයි නේද Ratsasan ? අන්න එකේ වගේ කුතුහලය තියාගෙන බලන්න පුලුවන් විතරක් නෙමේ අන්තිම විනාඩි කීපය වෙනකන් මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරි විදියේ චිත්‍රපටියක් මේක. ඊලඟට සඳහන් කල යුතුම දේ තමයි චිත්‍රපටයේ පසුබිම් සංගීතය ඇතුලු අනිකුත් සංගීත ඛණ්ඩයන් මින් පෙර පැමිණි කිසිඳු සිනමා නිර්මාණයක් හා සමකල නොහැකි ලෙසින් ඉතාමත් ප්‍රශස්ත අයුරින් චිත්‍රපටයේ සෑම ජවනිකාවක් හා ඉදිරියට යමින් ඒ හා මනා ලෙස සහසම්බන්ධව සංගීතය ගලාගෙන යනවා. චිත්‍රපටය නැරඹු විචාරකයින් ඇතුලු බොහොමයක් දෙනා චිත්‍රපටය ගැන ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.ඉතින් ඔබටත් ඒවායෙන් කිහිපයක් දැක බලා ගැනීම සඳහා පහතින් ඉදිරිපත් කර සිටිනවා. චිත්‍රපටය නරඹා ඔබගේ අදහස් උදහස්ද පහතින් දක්වා යන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
විශේෂිත ප්‍රේක්ෂකයින්ගෙ සහ විචාරක අදහස් කීපයක්..!
තවත් මෙවැනි නිර්මාණයකින් ඔබව හමුවෙනකන්,
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
35,419 downloadsDownload HIT-2020.zip107 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
44 comments
Vidura Rulz
isuru
ko film eka nane downlode kraganna site eke thama
isuru srinath sjs
Dala thiyenne machan
BoBee
sub ekata thnxx mcn. mata meke direcktlink eka hoyuaganna bane baiscopdownload eke.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ruwansis
patta fim eka..sub ekata thanks....
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Hansaka1143
machan mata sub eka download button clock kalahama html file ekakne open wenne
imesh55
browser eka reset krala balanna browser settings wenas wela athi.. nttn wena browser ekkin try karala balanna
indika75
thanks..
Hemantha De Silva
ස්තුතියි තරිඳු..
රාජකාරි ගොඩක් මැද්දෙ ඉඳන් නිකම් ඉන්න අපිට සබ් එකක් දෙන්න මහන්සි වුණාට..
ස්තුතියි බුද්ධික..
ජයවේවා...hiran
Antimata sniper seen eka therun ne bn
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
දෙවෙනි කොටස 2021 එනවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadeera
Super Movie ..we can't watch like this amazing movie without Sinhala subtitles ..Thank you Baiscope team
Anonymous
thank u
Dilshanwow
Thanks...
punsara
tnx bro supiriyak genawata
isuru srinath sjs
දෙන්නටම බොහොම ස්තුතියි ..!!
Ayesh Prashan
Thank You
TJay93
Thanks Baiscope Team ❤️
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Ravisara Dharmapala
Pissu peekudu una a film ektnm pattma interesnting..meke 02 ekuth enwa wendoni eky antymta ara widihta iwara kare..mhansiwela sub hadla genwata godk pin mchn gd lck and thnks bro..
D.Chamara
bohoma sthuthi
Anonymous
thanks borrrrs
Saranga J. Liyanagama
Thanks
saroja lakmali
ස්තුතියි
Tharindu kankanamge
HDRIP copies wala substitle eka proper HDrip film copy walata galapenawada
Hiran
Thank you vry much
Anonymous
Ok
nish47
ස්තූතියි සහෝ
snigdha
Thank you for providing the subtitles...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයෝ දෙන්නටම.සුභ ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා !!
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දෙන්නටම...
හිට් වුන හිට් ෆිලුම නෙව මේ...
නොබලා කොහොමද...
දිගටම සබ් දෙමු ආ... ජය!Udaya Fdo
Thank you
jd220
Thanks bro
Anonymous
hit monkey series eke sinhala sub dennako
ක්‍රිශාන්ත හැරිස්
ස්තුතියි සබ් එකට
Namal
අන්තිමට වික්‍රම් මරන්න හදන ස්නයිපර් කරු කවුද 2කේ එහෙම පටන්ගැන්මක් නෑ
wasantha
Thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
Thanks for the sub ❤✌