Hindi Medium (2017), Stree (2018), Luka Chuppi (2019), Roohi (2020), Mimi (2021) වගේ කවුරුත් ආස කරපු ජනප්‍රිය චිත්‍රපටි අරන් ආපු Maddock Films අරන් එන අලුත්ම චිත්‍රපටිය තමා අද මේ අරන් එන්නේ. ඔක්තෝම්බර් 29 වෙනිදා ඩිස්නි හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Jain විසින්…

Hindi Medium (2017), Stree (2018), Luka Chuppi (2019), Roohi (2020), Mimi (2021) වගේ කවුරුත් ආස කරපු ජනප්‍රිය චිත්‍රපටි අරන් ආපු Maddock Films අරන් එන අලුත්ම චිත්‍රපටිය තමා අද මේ අරන් එන්නේ. ඔක්තෝම්බර් 29 වෙනිදා ඩිස්නි හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Jain විසින්. එතකොට මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Rajkumar Rao, Kriti Sanon, Paresh Rawal, Rathna Pathak Shah වගේ ජනප්‍රිය වගේම ප්‍රවීණ නළු නිළි සංකලනයක්. Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙනවා. කොහෝම හරි මේ Hum Do Hamare Do චිත්‍රපටිය නම් කාලය ගෙවාගන්න සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ගණයේ චිත්‍රපටියක් කියලා කියන්නම ඕන.
චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. දෘව් ශිඛර් කියන්නේ කාත් කවුරුවත් නැති කෙනෙක්. ඒ කියන්නේ අම්මා, තාත්තා එහෙම නෑ. අනාථයෙක් විදිහට පොඩිකාලේ ගෙවාගෙන මහන්සි වෙලා ඉගෙනගෙන මිනිහා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. දවසක් මිනිහගේ ඇප් එකක් එලි gදක්වන උත්සවයකදී මෙයාට හම්බෙනවා ආන්‍යා කියලා ගැහැණු ළමයෙක්ව. පොඩි පොඩි සීන් කිහිපයකට පස්සේ දෙන්නා අතර මිත්‍රකමක් ඇති වෙනවා. ඔය මිත්‍රකම දුර දිග ගිහින් දෘව්ට ආන්‍යා ගැන ආදරයක් ඇතිවෙනවා. ඒත් ආන්‍යා නම් දෘව්ට මිත්‍රරකමකට එහා දෙයක් පෙන්නුවේ නෑ. දවසක් දෙන්නා කතාවක් දාගෙන ඉද්දි ආන්‍යාගේ කටින් එයා බඳින්න කැමති විදිහ ගැන කතාවක් පිට වුණා. ගොඩක් කෙල්ලන්ගේ ආසාව ඉතින් බැඳලා දරුවෙක් මල්ලෙක් හදලා පුංචි පවුලක් ගොඩනගන එක වුණාට ආන්‍යාට ඊට වඩා වෙනස් සැලැස්මක් තමා තිබුණේ. ඒ තමයි එයා බඳින කොල්ලට ෂෝක් පවුලක් තියෙන්න ඕන. ඒ කියන්නේ අම්මා, තාත්තා ඉන්න ලස්සන අංගසම්පූර්ණ පවුලක්. ඒ වගේ තමයි ඒ පවුලට ෂෝක් බල්ලෙකුත් ඉන්න ඕන. මේක දැනගත්තම දෘව්ට නිකම් මොකක්ද වුණා වගේ. තමන් ආන්‍යා හොයන ජාතියේ කෙනෙක් නෙමේ නේද කියලා එයාට හිතෙන්න ගත්තා. බල්ලා නම් මොකක්හරිම කියමු, ඒත් කොහෙන්ද අර කියපු අංගසම්පූර්ණ පවුලක් දෘව්ට? මෙන්න මෙතැනදී තමා හරිම කතාව පටන් ගන්නේ. ළමයි හදාවඩා ගන්න කතා අහලා තිබ්බට දෙමව්පියන්ව හදාවඩා ගන්න හදන කතා අහලා නෑනේ නේද? ඉතින් අපි බලමු මේ පලහිලව්ව මොකක්ද කියලා.
එහෙනම් බලලා ප්‍රතිචාරයක් දාගෙන යන්න. ජයවේවා හැමෝටම. අලුත් උපසිරසියක් එක්ක හම්බවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
7,278 downloadsDownload Hum-Do-Hamare-Do-2021.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
37 comments
Praveen Ranasinghe
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kalana Sachintha
Sub ekata Thanks Saho puluwannam Sardar Udham ekatath sub ekath gahanawada goda kaaleka idan balanna baruwa inne
Arawinda Sunimal
Thanks sub ekata jayawewa................
Udaya Fdo
Thank you
Samith
Thanks sister
Anonymous
Jai bhim-2021
Sardar udham-2021 thwma na , ikmanin denna balannaKushan
Sub akta thanks
Anonymous
තෑන්ක්ස් වේවා
Achi
බොහොම ස්තුතියි සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!P_mihir
Thanx for the sub... Paranomal activity 2021 film ekatath sub ek dennako
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
the great tv series ekata sub dannako
Anonymous
Supiriiii
Pramukmili
Thanxxxxxx both oh you.....
Nilush Angana
Sub ekata thanx
Pasindu Madumal
සබට තුති ආහ් දෙන්නටම ❤️✌️
Anonymous
Elakiri guyz
Manoj
උපසිරසියට ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
හින්දි සීරීස් එකක් දෙන්නකෝ
Avishka
Jai bhim එකට සබ ගහන්නකො
Anonymous
Doctor-2021
Sridevi soda centre-2021
Ipc 376-2021
Jai bhim-2021
Dybbuk-2021........me film tikata sub tama na,anith site walin deela thynne, mehema gyoth nm baiscope eken wadakma nathi wenow.........Charith
Ithin sahodaraya sinhala subtitles dila thiyenawanam a dila thiyena website eken download karagena oya film eka balanna,subtitles dunne ne kiyala me website eka baldu karanna oya mekata yamkisi mudalak gewala premium membership ekak wage deyak labagena nahane,a nisa me website wala subtitles dana minissu subtitles aniwaryen denna one kiyala badila ne,eyalage watina kalaya kepa karala methana eyala karanne job ekak newei sewawak
Nimal
මෙහෙමයි මචන් ඔය උඩ කියපු ෆිල්ම් වලින් dybbuk එක ඇරෙන්න අනිත් ඔක්කොම rating තියෙන box office hit වුනු ෆිල්ම්,ඉතින් අර anonymous කියනෝ ඇත්තේ ඒ ෆිල්ම් වලට ප්‍රමුඛතාව දීලා ඒවයි සබ් මුලින් දෙන්න කියන එක වෙන්නැති,මගෙත් මතය ඒකයි,ගොඩදෙනෙක් සබ් ඉල්ලන ඒවා මුලින් දෙන එක තමයි හොද,ඊටපස්සේ ඉතින් උපසිරසිකරුවන්ට වෙලාවක් තියේ නම් ලොකු කතාවක් නැති ෆිල්ම් දුන්නට අවුලක් නෑ......
අනිත් එක තමයි බයිස්කෝප් සබ් වල කොලිටිය අනිත් සබ් වල නැති නිසා බයිස්කෝප් එකෙන්ම සබ ලැබෙනකන් බලන් ඉන්න ගොඩ දෙනෙක් ඉන්නවා
Pooji
Thanks
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sheron
Thanks both
indika 75
thanks..
Thimira Shanilka
Mann (1999) movie එකේ sub දෙන්නකෝ ලොකු උදවුවක්..
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
mindika
Thanks !!!
Indika
Thanks...
Mata hodai kiyala hithena balanna one film kipayak tiyenawa ...
Ekama site ekakawat na
Puluwan nam me site eken wath eya itukara denawadaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thankyou මයුරයා පලවෙනියටම සබ් එක බාගත්තා ❤️