Watch Trailer

Death Bell 2: Bloody Camp (2010) AKA Gosa 2 Sinhala Subtitles | මරණයේ සීනුවේ දෙවන කණිසම හෙවත් ලේ වැකුණු කඳවුර [සිංහල උපසිරසි]

Squid game. 2021 අවුරුද්දේ මුළු ලෝකෙ පුරාම ඇති වුණ කොරියානු උන්මාදය තමයි Squid game කියන්නේ. Squid game ලබා ගත්ත මේ අති විශාල ප්‍රසිද්ධියක් එක්ක ලෝකේ ගොඩක් අය Squid Game කතා මාලාවට සමාන චිත්‍රපට සහ ටෙලි කතා මාලා බලන්න යොමු වෙලා තියෙනවා. මේ ගණයේ නිර්මාණ අයිති වෙන්නේ Survival Theme එකට. විදෙස් වෙබ් අ…

Squid game. 2021 අවුරුද්දේ මුළු ලෝකෙ පුරාම ඇති වුණ කොරියානු උන්මාදය තමයි Squid game කියන්නේ. Squid game ලබා ගත්ත මේ අති විශාල ප්‍රසිද්ධියක් එක්ක ලෝකේ ගොඩක් අය Squid Game කතා මාලාවට සමාන චිත්‍රපට සහ ටෙලි කතා මාලා බලන්න යොමු වෙලා තියෙනවා. මේ ගණයේ නිර්මාණ අයිති වෙන්නේ Survival Theme එකට. විදෙස් වෙබ් අඩවි කියන විදියට මේ ජාතියේ චිත්‍රපට වල හා ටෙලි කතා මාලාවල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේකෙන් පලවෙනි ගණයට අයිති වෙන නිර්මාණ වල කතාව මෙහෙමයි. මේවගේ ප්‍රධාන චරිතයට (හෝ චරිතවලට) මොකක් හරි ගේම් එකක් කරන්න, එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක්, ප්‍රහේලිකාවක් විසදන්න වගේ දෙයක් හම්බවෙනවා. හැබැයි ඒ අයට ඒක හරියට කරගන්න බැරි උනොත් යම්කිසි භයානක දෙයකට මුහුන දෙන්න වෙනවා. (මරණය වගේ) මේවාට උදාහරණ විදිහට Squid Game, Escape Room, As the gods will, Jumanji, Exam, Death Bell හා මම අද උපසිරැසිය කරන Bloody camp වගේ ඒවා ගන්න පුළුවන්. දෙවැනි වර්ගයේ නිර්මාණ වල නම් චරිත වලට විසදන්න මොකුත් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඕන නම් යම් කිසි දෙයකින්, ඒ කියන්නේ මිනිහෙක්ගෙන්, සතෙක්ගෙන් වගේ බේරෙන්න ඕනි. අපිට මේකට උදාහරණ විදිහට Maze Runner, The Hunt, Wrong Turn හා The Furies වගේ ඒවා ගන්න පුළුවන්.

ඇයි මම උඩ ඔය වගේ දෙයක් ගැන කිව්වේ? මොකද මම අද ඕගොල්ලන්ට දෙන්න යන උපසිරැසියත් Survival ගණයට අයිති වෙන ෆිල්ම් එකකට තමයි අයිති වෙන්නේ. චිත්‍රපටයේ නම Bloody Camp. මේ චිත්‍රපටයේ පලවෙනි චිත්‍රපටය වෙන්නේ Death Bell. ඔයා මම අර උඩ සදහන් කරපු චිත්‍රපට වලින් එකක් හරි බලලා තියෙනවා නම් මම recommend කරනවා මේ film දෙකත් බලන්න කියලා. දකුණු කොරියාවේ නිශ්පාදනය කරපු මේ චිත්‍රපට දෙකම ලෝකය පුරා අති විශාල ප්‍රසිද්ධියක් ලබා ගෙන තියෙනවා.

මම පොඩ්ඩක් Bloody Camp චිත්‍රපටයේ පසුබිම ගැන කතා කරන්නම්. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2010 ජුලි මාසයේ 28 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yu Seon-Dong විසින්. තිර රචනය Park Hye-Min, Lee Jeong-Hwa සහ Lee Geong-Ju විසින් සිදු කරලා තියෙනවා. සංගීතය Kim-Woo-Geun විසින් තමයි කරලා තියෙන්නේ. වොන් බිලියන 1.1 ක විතර මුදලකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය අමරිකානු ඩොලර් 5,191,289 ක විතර ආදායමක් උපයා ගෙන තියෙනවා. IMDb අගය 5.0 ක් හා ගූගල් පරිශීලකයන්ගේ 94% ක කැමැත්තක් මේ ෆිල්ම් එකට හිමි වෙලා තියෙනවා.

අපි පොඩ්ඩක් කතාව දිහාට හැරිලා බලමු. මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක Death Bell ෆිල්ම් එකේ දෙක උනාට මේ කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ කිසිම තැනකින් මේ කතා දෙක ලින්ක් වෙලා නැහැ. හැබැයි මේ කතාව පලවෙනි කතාවට ගොඩක් දුරට සමානයි. මේකෙත් එක්තරා උසස් පාසලක විශේෂිත පංතියක් තියනවා. ලමයින් ඉස්කොලේම දවස් කිහිපයක් ඉන්න බලාපොරොත්තු වෙලා තමයි පංතියට සහභාගි වෙන්නේ. මේ ලමයි ටික රෑ නිදා ගෙන ඉද්දි එක පාරටම ඉස්කොලේ ස්පීකරයෙන් මොකක්දෝ සද්දයක් ඇහෙනවා. ඒගොල්ලො ඇහැරිලා බලද්දී ඒගොල්ලන්ගේ ඉස්සරහ බිත්තියේ,

”අහිංසක මවක් මරා දැමූ විට, මොන පුතාද ඇගේ මරණයට පළිගන්නේ නැත්තේ?”

කියලා ලියලා තියෙනවා ඒ අය දකිනවා. මොකක්ද මේ වෙන්නේ? ඒගොල්ලන්ට මොකක් හරි භයානක දෙයකට මුහුණ දෙන්න වේවිද? ෆිල්ම් එක බලන්නම වෙනවා ඒ ගැන දැන ගන්න.

හරි එහෙනම් උපසිරැසිය ගැන මොකක් හරි දෙයක් කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ටුවක් දා ගෙන යන්න.

එහෙනම් චිත්‍රපටය බලලා රස විඳින්න.😁🦄

ජය වේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

2,085 downloadsDownload Death.Bell_.2.Bloody-Camp-2010-1-1.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගවේෂණ සරිත් නිලම්බර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගවේෂණ සරිත් නිලම්බර

Subtitles

2,085 downloadsDownload Subtitles29 KB

24 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Pulse 2001 චිත්‍රපටයටත් සබ් දෙන්න

  2. Anonymous

    thanks for sub

  3. Anonymous

    Thanks saho
    Thai,indonesian horror tikakuth demu

  4. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  5. TharusHA abhishek

    Ane aiye jack in the box movie එකටත් sub එක දෙන්නකෝ්.plesce bro

    1. Gaveshana Sarith

      Hari.mama Mage upatima uthsahaya dennam saho

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. tharindujp

    As the Gods Will කියලා මේ වගේම ජපන් කතාවක් තියෙනවා එකත් මේ වගේම හොදයි බලපු නැති අයට බලන්න පුළුවන් හැබැයි සබ් නැ english සබ් එකෙන් බලන්න වෙන්නේ

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    බොහොම ස්තුතියි නියම වැඩක් .

    1. Gaveshana Sarith

      thanks ♥️

  10. Anonymous

    MEKA HOLMANDA

    1. Gaveshana Sarith

      Holmanma newei.habai ehema gathiykuth thiyenawa

  11. Naveen

    උපසිරසියට තුති

  12. Anonymous

    Thanks brother
    Aluthin ena english horror magul walata wadya horror nowunath mewa hodai

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Anonymous

    the great tv series ekata sub dannako

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. chathuranga

    me sub eke film eka kohomada ganne baiscopedownload eke nene help me

    1. Anonymous

      YouTube thiyenawa full film 1

  17. Randu Hiranya

    sub ekt hriyana film ek kohenda blanna puluwn kiyl kiynn puluwanda plzzz

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dewadithya

    Thanks for Sub!

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!