ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මට විශේෂ දවසක්, මොකද මගේ උපන්දිනේ දවස අදට යෙදිල තියෙන්නේ. ඒ වෙනුවෙන් මම මගේ යාළුවන්ට අරන් ආවා කාලෙකට පස්සෙ තෙළුගු චිත්‍රපටයක්. Chi La Sow (2018) චිත්‍රපටයේ රගපෑමෙන් පස්සෙ Sushanth ගේ පළමු ප්‍රධාන චරිතයක් රගපාන චිත්‍රපටය මෙයයි. මීට කලින් අවුරුද්දේ Allu Arjun ගේ Ala Vai…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මට විශේෂ දවසක්, මොකද මගේ උපන්දිනේ දවස අදට යෙදිල තියෙන්නේ. ඒ වෙනුවෙන් මම මගේ යාළුවන්ට අරන් ආවා කාලෙකට පස්සෙ තෙළුගු චිත්‍රපටයක්. Chi La Sow (2018) චිත්‍රපටයේ රගපෑමෙන් පස්සෙ Sushanth ගේ පළමු ප්‍රධාන චරිතයක් රගපාන චිත්‍රපටය මෙයයි. මීට කලින් අවුරුද්දේ Allu Arjun ගේ Ala Vaikunthapurramuloo (2020) හි රාජ් මනෝහර්ගේ චරිතයෙන් පස්සේ සුසාන්ත් ගේ ප්‍රධාන පලමු චිත්‍රපටය මෙයයි. මීට අමතරව Meenakshi Chaudhary, Venkat, Vennela Kishore යන අය රංගනයෙන් දායක වෙනවා. 2021 අගෝස්තු මස 27 වන දින තිරගත කල Drama, Action, Romance ගණයට අයත් IMDb අගය 6.6ක් අරගෙන තියෙනව. පැය 2යි විනාඩි 19ක් පුරා දිවෙන මෙයට අලංකාර ගීත කිහිපයකුත් අන්තර්ගත වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මම බයිස්කෝප් අඩවියට සම්බන්ධ වෙලා අවුරුදු 4 සම්පූර්ණ වෙන්න තිබුණෙ 2021-09-04 වෙනිදට, එදාට මම ඔය ගොල්ලන්ට දෙන්න හිටපු කොටස් 09කින් යුත් Iru Dhuruvam (2019) S01 මගේ පළමු දෙමළ සීරියස් එක දෙන්න ටිකක් පරක්කු වුණා. ඒකත් දැන් ඔයාලට බයිස්කෝප් එකෙන් දැන් අරන් බලන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්,
ගෘහ නිර්මාණ ආයතනයක සේවය කරන අරුන් සීමාවාසික සේවයට පැමිණෙන මීනු නම් ගැහැණු ළමයෙක් එක්ක හිතවත් වෙලා පසුව එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්වෙනවා. එහිදි දිනක් මීනු කියනව එයාව බයික් එකේ ගෙදර ඇරලන්න කියල, නමුත් බයික් එක අරගෙන යන්නෙ මීනු. එදාට පහුවදාම මීනු දැනගන්නව අරුන්ට බයික් පදින්න බෑ කියල. ඒකට හේතුව වෙන්නෙ අරුන්ගෙ අම්මා අරුන්ගේ තාත්තට වුණ අනතුරක් නිසා අරුන්ට බයික් පදින්න තහනම් කරල තිබ්බෙ. කොහොමින් හරි මීනු කියනව මන් බයික් පුරුදු කරන්නම් කියල. කොහොම හරි බයික් පදින්නත් පුරුදු කලා. බයික් පදින්න පුරුදු වුණාට බයික් එකක් නෑනේ, අම්මගෙන් බොහෝම බැගෑපත්වෙලා බයික් එකක් ගන්න අනුමැතිය අරගත්තා වගෙම, අම්මා සල්ලි ටිකකුත් දෙනවා. පස්සෙ යාළුවෝ ටිකත් එක්ක බයික් එකක් ගන්න ප්‍රදර්ශනාගාරයට යනවා. බැලින්නම් එතන ඉන්නෙත් එයාගෙ ඉස්කෝලේ යාලුවෙක්. ඉතින් කට්ටියම ආගිය දේවල් ගැන කයියක් දාල බයික් එකට සල්ලිත් බැදලා එනවා. බයික් එක එන දවසට අරුන් මිනු එක්ක ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා, ඒ එයාගෙ අයියගෙ පුතාගේ උපන්දිනේ දවසේ අයියල ගමෙන් පිට යන හන්දා. බයික් එක ආව දවසේ අරුන්ගේ යාලුවා පුලී එක්ක ගිහින් පූජාවන් කරල අරුන් පිටත් වෙනව මිනූව අරගන්න එයාලගෙ කොළණියට. ඒ අතරේ පුලී වැඩකට යන නිසා එයාගෙ අතේ තිබ්බ විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි ටිකත් අරුන් ටම තියාගන්න දෙනවා. අරුන් ඒවත් බයික් එකේ දාගෙනම මිනූව හම්බවෙන්න යනවා. මීනූ එනකන් පාරට වෙලා ඉන්න කිව්වත් අරුන්, මිනූව පුදුම කරන්න හිතාගෙන එයාගෙ ගෙදරටම යනවා. ඉහළම මාලයේ තියෙන මිනුගෙ ගෙදරට යනකොට අරුන් වැරදීමකින් යන්නෙ අල්ලපු ගෙදර ජාන්සි නම් කාන්තාවකගෙ ගෙදරට. පස්සෙ එහෙ තියෙන පින්තූර දැක්කාමයි ඒ වෙන ගෙදරක් බව දැන ගන්නේ. එතනින් මිනූව දැකලා එයා මීනුගෙ ගෙදරට යනවා. ටික වෙලාවකින් මිනූගෙ අයියගෙ මනුස්සයෙක් ඇවිත් කියනවා ජාන්සිව මරලා රත්තරන් බඩුයි සල්ලියි පැහැරගෙන ගිහින් එයාටත් පරිස්සමෙන් ඉන්න කියලා. එතකොටයි අරුන්ට දෙලොව රත් වෙන්නේ තමන් කලින් ඒ ගෙදරට නේද ගියේ කියල. මිනුගේ අයියගෙ කට්ටියයි ජනපදයේ මිනිස්සුයි ඔක්කෝම පිස්සු බල්ලෝ වගේ හැමතැන හොරාව හොයනවා. ඔය අතරෙ පුලීගෙන් කෝල් එකක් එනව හදිස්සියෙම විදේශ ගමන් බලපත්‍රයෙන් ෆොටෝ එකක් අරන් වට්ස්අප් එවන්න කියල, අරුන් තවත් රත් වෙනව කොහොමද ඒව අරන් යවන්නෙ? ඒව ඔක්කොම බයික් එකේනෙ, බයික් එක මිනූගෙ අයියගෙ මිනිස්සුන්ගෙ අත් අඩංගුවෙනෙ. ඔහොම ටික වෙලාවකින් ආයෙ අරුන්ට කෝල් එකක් එනවා එයාගෙ අම්මා අනතුරක් වෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියල. ප්‍රශ්න ගොඩයි.
මිනූගෙ අයියා(නර්සිං යාදව්)ට අහු වෙයිද?
හොරෙක් විදියට, ජාන්සිගේ මිනී මැරුමට අහු වෙයිද?
බයික් එක බේරගන්න පුලුවන් වෙයිද?
පුලීට එයාගෙ විදේශ ගමන් බලපත්‍ර යවන්න පුලුවන් වෙයිද?
අම්මට ඇත්තටම මොකද වුණේ?
ජාන්සිව මැරුවේ කවුද?
ජනපදයේ හොරකම් සිදු කරන්නෙ කවුද?
මේ කුමන්ත්‍රණයකාගේ එකක්ද?
මේ සියල්ලටම උත්තර හොයාගන්න ආරාධනා කරමින්, තවත් උපසිරැසියක් සමඟ මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
11,181 downloadsDownload Ichata-Vahanamulu-Niluparadu-2021.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
28 comments
praneeth
Neo
Thanks brother
Keep it upLakshan
The Baker and the Beauty 2021 Telugu tv-series ekatath sub eka dennako
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks mchn
Iru dhuruvam eka niyamai mchn thwa e wage series ekak dennkoKushan
Sub akta thanks
Maleesha Sahan
Happy Birthday Thanks For a Sub
ram
thanks & hbd saho
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Supun Kaushalya
සුබ උපන්දිනයක් වේවා සහෝ
Buddhika Lakmal
සුභ උපන්දිනයක් මචං.... කරන කියන හැම වැඩක්ම සාර්තක වේවා....!!
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
Happy birthday to you........
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Arawinda
THANKS .....................
Anonymous
The Big Short (2015) (Bluray) Movie ekata sinhala sub ekak denna puluwanda?
Anonymous
Happy Bday Brother
Also thanks for subහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sagara Sewwa
oshada ape kollek ela bro
Anonymous
Lipiyatama balanna aasa hituna bro....
Udaya Fdo
Thank you
Anonymous
Thanks for sub brother
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
සුබ උපන්දිනයක් මචෝ.. කරන කියන හැමවැඩක්ම සාර්තක වේවා.....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Chandima Prasad
Thanks subtitle Ekata..
Chandima Prasad
ෆිල්ම් එකනම් නියමයි....සබ් එකත් සුපිරියටම තිබ්බා..ගොඩක් ස්තූතියි සබ් එකට...
පරක්කු උනාට සොරි.සුභ උපන්දිනයක් වේවා ඕෂධ.....Oshanda
සුබ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි....
Nimesh Dilshan
me paagal film ekata sub dennako saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
link eka nadda film eke