සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් කතා කරේ තාත්තා කෙන…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.
මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් කතා කරේ තාත්තා කෙනෙක්ගේ අසීමිත දරු සෙනෙහස. දරුවන් මොන විදියට සැලකුවත් වෙනස් වෙන්නේ නැති තාත්තාගේ සෙනෙහස ගැන. මං අදත් අරන් ආවේ තාත්තා කෙනෙක්ගේ නිමක් නැති ආදරේ පෙන්නුම් කරන සිනමා නිර්මාණයක්. අම්මා කෙනෙක් දස මසක් කුසේ තියාගෙන ජීවිත කාලයක් අපිව හිතේ දරාගෙන ජීවත් වෙනවා. ඒ හා සමානව අපිට නොපෙනුනනත් තාත්තා දරුවෙක් මව් කුසට ආපු දා ඉදන් ජීවිත කාලේ පුරාම දරුවන්ව හිතේ දරාගෙන ජීවත් වෙනවා. මේ විදියට අසීමිත වූ සෙනෙහසකින් තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප වෙන තාත්තලාගේ කතාවක් විදියට අද අරන් ආපු Kaanekkaane සිනමා නිර්මාණය හදුන්වන්න කැමතියි. මෙම සිනමා නිර්මාණය, තුරුණු වයසෙදිම මෙලොව හැර ගියපු දුවගේ මරණයට සාධාරණයක් හොයන තාත්තා කෙනෙක්, තමන්ගේ දුවගේ ජීවිතයේ සැනසීම වෙනුවෙන් ඉල්ලීම් කරනා තාත්තෙක්, තමන්ගේ පුංචි පුතුගේ අනාගතේ වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරන්න සූදානම් තාත්තා කෙනෙක් ආදී විදියට පියවරුන් තිදෙනෙක්ගේ නොනිමි සෙනෙහස වටා නිර්මාණය වෙලා තියෙනවා.
Uyare අධ්‍යක්ෂණය කළ Manu Ashokan ගේ අධ්‍යක්ෂණයක් වන Kaanekkaane තිර රචනය කරන ලද්දේ Bobby and Sanjay දෙපළයි.
කතාව ගැන කිව්වොත්, පෝල්ගේ (Suraj Venjaramoodu) දුව ෂෙරින් (Shruti Ramachandran) විවාහ වෙලා ඉන්නේ ඇලන් (Tovino Thomas) එක්ක. පුංචි පුතෙක්ගේ දෙමව්පියො වුණ ෂෙරිනුයි ඇලනුයි බොහොම සතුටින් සමාදානෙන් ඉන්න අතරෙදි හදිස්සි අනතුරකින් ෂෙරින් මිය යනවා. මහ රෑක ෂෙරින්ව අනතුරකට ලක් කරන වාහනේ රියදුරා ෂෙරින්ව පාරේ අත ඇරලා දාල ගියපු හින්දා ෂෙරින්ට අවාසනාවන්ත විදියට මිය යන්න සිද්ධ වෙනවා. මේ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඇලන් ආයෙමත් ස්නේහා (Aishwarya Lekshmi) එක්ක විවාහ වෙනවා. මේ අතරෙදි පෝල්ට තමන්ගේ දුව ෂෙරින්ගේ මරණය ගැන සැකයක් මතුවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB පිටපත් සඳහා අදාළ වේ.
6,350 downloadsDownload KK-2021.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
36 comments
Anonymous
Kavindu
සිංහල උපසිරසියට ස්තුතිය
Jd
Thnkz sis
Anonymous
Patta
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Naveen
උපසිරසියට තුති
Samith
Thanks sister
Neo
Thanks sister
Keep it upAnonymous
තෑම්ක්ස්
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Anonymous
Home eka nm supirima filuma akke mekath e wagema athi
bohoma sthuthiyi me karana sewayataKushan
Sub akta thanks
ram
thanks sis
Lahiru
උපසිරසියට ස්තුතියි
Hasitha
Niyamai sis
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bandara
කාන්තා පාර්ශවය සබ් දෙනකොට අලංකාර හරවත් සභ්‍යත්වය දනවන උපසිරස යොදනවා පිරිමි පාර්ශවයට වඩා..උසස්පෙළට කලා විෂය කරපු අයට නම් සිංහල ගැන කියන්න ඕනෙ නැහැනෙ.. බොහොම ස්තූතියි සුභා සොයුරිය ඔබට විශේෂයෙන් මලයාලම් වලට සබ් ලබාදීම වෙනුවෙන්
Redrux
Thnkz sis
Idunil Weerasinghe
Thanks sister
Anonymous
thnks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
V.P
සිංහල උපසිරසියට ස්තුතියි අක්කේ
Anonymous
thanks sis
alice in panchalinadu sub dennkoDeegayu Abeysekera
thanks sister
digatama sub denna wish karanawa!!!!!!!!!!!!!!!!!!!!
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!
Teron
Thanks sister..keep going..
Anonymous
තැන්කු තැන්කු
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි අක්කේ
Jayasurya ගේ අලුත් එකත් දෙමුHarvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nethini123
ටොවිනෝ, අයිශ්, සුරජ්.....කොහොම මඟහරින්නද....බොහොම ස්තූතියි අක්කේ.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Naveen Mbr
බොහොම ස්තූතියි අක්කේ!
Advertisement
Sub ekata thanks!