බල්ලු බල්රාම්! වයස අවුරුදු විසි ගානයි. ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්. දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා මංකොල්ලයන් නමයක් සිදු කලා චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා ඒත් තවම පොලීසියට බල්ලුවවත් එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා. බල්ලුට ඉන්නෙ අම්ම විතරයි. ගමේ අය නම් කියන්නෙ…

බල්ලු බල්රාම්!
වයස අවුරුදු විසි ගානයි.
ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්.
දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා
මංකොල්ලයන් නමයක් සිදු කලා
චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා
චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා
ඒත් තවම පොලීසියට බල්ලුවවත්
එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා.
බල්ලුට ඉන්නෙ අම්ම විතරයි.
ගමේ අය නම් කියන්නෙ තාත්තව මරා ගත්තෙත්
බල්ලු කියලයි.
බල්ලුගෙ අම්මා බල්ලු ගෙදර එනකන්
අවුරුදු 6ක් තිස්සෙ බලන් ඉන්නවා.
ඒ වගේම පොලීසියෙන් බල්ලුව අල්ලගන්න
කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා.
බලමු අන්තිමට බල්ලුට ගෙදර යන්න පුලුවන් වෙයිද කියල….
1993 අවුරුද්දෙ තිරගත වුන කල් නායක් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ සහ නිශ්පාදනය කරන්නෙ Pardes, Taal, Yaadein, Kaanchi The Unbreakable වගේ චිත්‍රපටි අධ්‍යක්ශනයෙන් දායක වුන Subhash Ghai. තිර රචනය Kamlesh Pandey, Ram Kelkar සහ Pai. මේ චිත්‍රපටිය 93 වසරේ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය වගේම 90දශකයේ සිව් වැන්නට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියද වෙනවා.
රංගනයෙන් දායක වෙන්නෙ සන්ජෙ දත්, මධුරි ඩික්සිත් සමගින් ජැකී ශ්රොෆ්. ජැකී ශ්රොෆ් ගේ චරිතය සඳහා මුලින්ම අමීර් කාන් තෝරගෙන තිබුනත්, ඔහුට දුශ්ටයාගේ චරිතය කරන්නට ඕනෑ වුන නිසා සුබාශ් ගායි ඔහුව ඉවත් කරනවා.
නර්තන නිර්මානය Saroj Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. බොහොම ජනප්‍රිය සිංදු රැසක්ම මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ අතරින් අල්කා යාග්නික් සහ ඊලා අරුන් ගායනා කරන Choli Ke Peeche Kya Hai අදටත් ජනප්‍රියයි. මේ සංගීත ඇල්බමයේ කොපි මිලියන 10ක් අලෙවි කර එම වසරේ වැඩිම ආදායම් ලැබූ සංගීත ඇල්බමය බවට පත් වෙනවා.
1994 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ හොඳම ගායනය වෙනුවෙන් ඊලා අරුන් සහ අල්කා යාග්නික්ද, හොඳම නර්තන නිර්මානය වෙනුවෙන් සරෝජ් කාන් ද සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශ වන්නට මේ චිත්‍රපටිය සමත් වනවා.
ඉතින් 90 දශකයෙ තවත් ජනප්‍රියම චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
2,672 downloadsDownload Khal-Nayak-1993.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
29 comments
Shamal manojan
Chamindu1995
khiladiyon ka khiladi film ekatath oya gamanma dunna nam maru
Shamal manojan
90s හින්දි ෆිල්ම් නම් ඉතින් දහරා මුතු අමා තමා. .
Hashan M. Priyadarshana
Thank you sis sub ekata...
Jaya wewa.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!D.Nadeeshan
thankq yaluwa
Milan199797
Maduri ge ekak nam aniwa balanwa thanxx akke sub ekta
geeganagamage
බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම
Ab Ke Baras 2002 , Koi Aap Sa 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Thilina Jayarathna
hammata menna mevata nh denna oni thq ah
crazy_chamikim
Naayak nahin...Kalnayak hoon main.......එල එල sis.......
indika75
thanks..
pubudu prasanna
tv එකේ තුන් හතර පාරකට වැඩිය බැලුවා. කමක් නෑ. ආයෙත් බලනවා. ලස්සන ෆිල්ම් එකක්. සබ් එකට ස්තූතියි.
Suranjan
Thanks jayawewa,,,,,!
Bandara76
90 දශකයේ පාසල් කාලයේ බලපු එකක්.ලංකාවෙ කොල්ලො කෙල්ලො මදුරි ඩික්සිත්ට පිස්සු හැදුන කාලයක්.
Priyantha Dayakeerthi
දහර මුතු අමා සොයුරිය,
ඔබ සිංහල උපසිරසි ලබාදුන් සිනමාපට බොහොමයක් මා නරඹා තිබෙනවා. එසේම නැවත නැවත නරඹන්නට ඒවා දැනටත් සුරැකිව තබාගෙන සිටිනවා. මෙම සිංහල උපසිරසියටත් ගොඩක් ස්තුතියි! හැකිනම් Kati Patang [1971] සහ Satyam Shivam Sundaram [1978] යන අමරණීය හින්දි සිනමාපට දෙකට ඉදිරියේදී සිංහල උපසිරසි ලබාදෙන මෙන් යෝජනාකර සිටන අතර ඔබේ වෙහෙසින් නිමවෙන මෙම උපසිරසි සඳහා මාගේ උපහාරය පුද කරන්නෙමි, ඔබට ජය!!!T.D.Dodangoda
Thanks... Hindi paranaewa thamai lassanama
OsandaFdo
FIlm ekanm aththatma lassanai..oyage sub ekath niyametama karla tiyenwa nangiyo...suba pathum...puluwannm mekatath sub denna nago..lassna film ekk mekath ..(farz-2001) sunny deol...
OsandaFdo
FIlm ekanm aththatama lassanai..oyage sub ekath hodata karla tiyenwa nanga..puluwannm mekatath sub denna..lassna film ekk sunny deol ge..(farz-2001)
jagath55
Thanks
Haritha245
Thank you sis
Udaya Saman
ලිපියටත්, උපසිරිසියටත් බොහොම තුති, මේවනම් ඉතින් අතාරින්න බෑ..ලස්සන සිංදු ටිකකුත් තියෙනවනේ..ඔන්න එහෙනම් ගත්තා
kolitha
Thanx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nihalpujitha
thanks super movies
Chamindalakruwan
එ කාලෙ පට්ට ෆිල්ම් එකක්
ස්තුති සබ් එකටරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!Upalimabaiscope
good job. appreciate it highly
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෂා! සුපිරි වැඩක් කරලා තියෙන්නේ. තෑන්ක්ස්