මිනිස්සුන්ව මරලා ඒකෙන් සතුටු වෙන අය කියලා කිව්වම අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕන චිත්‍රපටිය තමයි Wrong Turn කියන්නේ. හැබැයි ඒකෙ හිටිය අය නම් මිනිස්සු මරලා විතරක් නිකන් ඉන්නේ නෑ. මරලා කනවා. ඒත් මේ අද මං අරං ආව චිත්‍රපටියේ නම් එහෙම නෑ. මරනවා විතරයි. මරලා ගොවිපලේ ඉන්න ඌරන්ට කන්න දෙනවා. මේ 1955 කාලයේ ටෙක්ස…

මිනිස්සුන්ව මරලා ඒකෙන් සතුටු වෙන අය කියලා කිව්වම අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕන චිත්‍රපටිය තමයි Wrong Turn කියන්නේ. හැබැයි ඒකෙ හිටිය අය නම් මිනිස්සු මරලා විතරක් නිකන් ඉන්නේ නෑ. මරලා කනවා. ඒත් මේ අද මං අරං ආව චිත්‍රපටියේ නම් එහෙම නෑ. මරනවා විතරයි. මරලා ගොවිපලේ ඉන්න ඌරන්ට කන්න දෙනවා. මේ 1955 කාලයේ ටෙක්සාස්වල පවුලක් ජිවත් වෙනවා ස්වොයර්ලා කියලා. මේ අය කරන්නේ පවුලෙන්ම බාලයා ජේඩ් ලවා පාරේ යන මනුස්සයෙක් ඇමක් විදිහට එක්කගෙන ඇවිත් පරණ ධාන්‍යාගාරයට එක්කන් ගිහින් උගුලකට අහු කරලා මරණ එකයි. වරක් ඒ උගුලට අහුවෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන පොලිස් නිලධාරියාගේ දුවට. ඉතින් තමන්ගේ දුව මැරුණු දුකට හාර්මන්, ස්වොයර් පවුලේ ඉන්න මේ වගේ විකෘහිකයෝ හැම කෙනෙක්ව කුදලාගෙන යනවා. ස්වොයර් පවුලේ විතරක් නෙවෙයි තවත් පවුල්වල ඉන්න මේ වගේ විකෘතික ළමයින්ව අරගෙන ගිහින් ගොර්මන් නිවස කියන උන්මත්තකාගාරයේ බලාකියාගන්නවා. මේකේ ඉන්නේ මේ අය වගේ කට්ටිය විතරක් නෙවෙයි. තවත් මානසික ආතතිය තියෙන අයත් ඉන්නවා. විකෘතිකයෝ උනත් තමන්ගේ ළමයි ටික අරං ගියාට වර්නා එදා සෑහෙන්න කේන්තියෙන් හිටියේ. මේ ගොර්මන් නිවසට අලුතෙන් සේවයට එනවා හෙදියක් එලිසබෙත් කියලා. එයා හිතුවේ නම් මේ අය බලාගන්න එක ලෙහෙසි වෙයි කියලා ඒත් එහෙම නම් වෙන්නේ නෑ. දවසක් වර්නා ගොර්මන් නිවසට එනවා ජේඩ්ව බලන්න. නමුත් ඇයට බලන්න අවසර දෙන්නේ නෑ. එහෙ ඉන්න ඩොක්ටර් කියන්නේ එයාලට අලුත් නම් ලබා දීලා, අලුත් ජීවිතයකුත් ලබා දුන්න නිසා ආයේ පරණ තත්වෙට ඇදලා දාන්න බෑ කියලා. නමුත් වර්නා වැසිකිලියට යන මුවාවෙන් එහෙ තනිකරම වැඩ අවුල් කරලා ඒක ඇතුලේ ඉන්න විකෘතිකයන්ට පැනලා යන්න සලස්වනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි හැමදේම වෙනස් වෙන්නේ.
හැලොවින් කාලය නිමිත්තෙන් 2017 ඔක්තෝම්බර් 20 දිනට නිකුත් වෙන්න තියෙන චිත්‍රපටියක් තමයි අද මං අරගෙන ආවේ. මිට පෙර ඇතුව තවත් Horror චිත්‍රපට හතරක්ම නිෂ්පාදනය කරපු Julien Maury හා Alexandre Bustillo අතින් තමයි මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නේ. Game Of Thrones කතාමාලාව තුලින් ජෝරාස් ටයිරෙල්ගේ චරිතයෙන්ද, Iron Fist කතාමාලාව තුලින් ඩැනි රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Finn Jones ව දැකගන්නට හැකි වෙනවා “සොරෙල්” නම් පොලිස් නිලධාරියාගේ චරිතයෙන්. American Hero (2015) චිත්‍රපටයෙන් ඔබ හමුවට ආ Stephen Dorff තමයි ටෙක්සාස්වල ප්‍රධාන පොලිස් නිලධාරි “හාර්මන්” ගේ චරිතයට දායක වෙන්නේ. Homefront (2013) චිත්‍රපට දායක වූ Nicole Andrews මෙහි “ටැමිගේ ” චරිතයට දායක වෙලා තියෙනවා. The Conjuring (2013) චිත්‍රපටයෙන් හා The X Files කතාමාලාවෙන් පවා රංගනයෙන් දායක වූ Lili Taylor මෙම චිත්‍රපටයේ වර්නා සවොයර්ගේ චරිතයට දායක වෙලා තියෙනවා. Vanessa Grasse තමයි එලිසබෙත් නොහොත් ලීසිගේ චරිතයට දායක වෙලා තියෙන්නේ. මේ වගේ තවත් චරිත ගනනාවක් රංගනයෙන් දායක වීමක් සිදුවෙලා තියෙනවා. විනාඩි 90ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Horror, Thriller යන කැටගරි වලට තමයි අයත් වෙලා තියෙන්නේ. IMDb අගය ගැන කතා කරනවානම් මේ වෙද්දී 5.3/10 අගයක් වගේම Rotten tomatoes හි අගය 58%ක්ද ප්‍රේක්ෂක පැසසුම 90% ක අගයක්ද ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය බලනවාදෝ නැතිනම් නිකන් ඉන්න්වාදෝ කියලා තේරෙයි පූර්ව ප්‍රචාරක පටය එක් වරක් බැලුවොත්. මොකද එහෙම බලලා ආස හිතිලා තමයි මං මේක අරගත්තෙත්. චිත්‍රපටිය මට බාර දුන්න හසා අයියාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕන.
අන්තර්ජාලයට මේ චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් උනත් මුලින්ම නිකුත් වුන එකම එක වෙබ් උපසිරැසියට තමයි මං සබ කලෙත්. ඉතින් මේ ලිපිය අද (සිකුරාදා) ලියන වෙලාවේදී පවා තාමත් හොද ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ. කියන්න කණගාටුයි නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරැසිය පෘතුග්‍රීසි භාෂාවෙන් තිබු එකක් ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා පරිවර්තනය කල එකක්. ඒ නිසා සැකසිලා තිබුණු කාලරාමු ටික හැරුනම ඉංග්‍රීසි කියලා නමට තිබුණු සියල්ලම වගේ තනිකරම බොරු. අඩුම තරමේ කියවෙන නම් පවා වැරදියි. ඉතින් මේක මං අසා ලිවීමක් කරලා තමයි පරිවර්තනය කලේ. දවස් දෙකක විතර කට්ටක් කන්න උනා. වෙබ් පිටපත් උනාට මෑතකදී කරපු Cult Of Chucky (2017) තරම්වත් කියවෙන දේ පැහැදිලි නැති හන්දා. මං ඉතින් පම්පෝරි ගහන බ්‍රිතාන්‍ය කාරයෙක් නෙවෙයි. මං දන්න උපරිමෙන් කලා. මං ඒ ලබා ගත්ත කිව්වා ඉංග්‍රීසි උපසිරැසිය Subscene තුල මේ වෙද්දී නරක උපසිරැසියක් ලෙසට රතු වර්ගීකරණයට ඇතුලත් කරලා තියෙනවා. ඉතින් හිතලා බලන්නකෝ මොන වගේ තියෙන්න ඇතිද කියලා. වැරදි තිබ්බොත් කියන්න අනිවා හදලා දෙන්නම්. වෙබ් පිටපත් දෙකකටද උපසිරැසි හදලා තියෙන්නේ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ.
එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙමත් මුණගැහෙනකන් හැමෝටම ජයෙන් ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRiP පිටපත් සඳහා ගැලපේ.
8,789 downloadsDownload Leatherface-2017.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
nisha
Supun shanika
Thanz broo
තරු
thanks thanks thanks very much........
Mithun
Web-dl hri blurry hri balanna one . Oya weprip eka tawa mp4 ekak wt na ,mkvcage ewat na hoda ekak. apuma gamu asa patikiriya move ekak
Nuwan
Thanks bn sub eka hdrip walata adala wenne nedd
අසිත
bluray awama balamu saho
thanksChandana
Download karanna link ekak denna barida kalin wage goole eke hoya ganna na film eka
randy
patta filuma machan.thanks sub ekata.jaya wewa
kumara
බොහෝම ස්තූතියි සහෝසබට. ගොඩාක් මහන්සි වෙලා අපිට මේ කරන සේවයට අපි ඔබලාට ජාති ජාතිත් ණයගැතියි. බොහෝම පිං. මම කැමතිම කැටගරිය horror. ජයවේවා.
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Kanths_dla
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bandu
thanks bro..................great work
Chami
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
Nuwan K
Thanx Brow
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rajitha
Thanks machan.......jayawewa.....!
layanga
thanx bro
Ruwan Pushpakumara
නියමයි සහො. දිගටම කරගෙනයන්....
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
උබලා සබ් එකක් හදන මහන්සිය ගැන හිතාගන්නත් බෑ බන් සිරාවට. වෙන එවුන් වවන එකත් හොරා කන මිනිස්සු ඉන්න රටක තමන් වවලා අනුන්ට කන්න දෙන උබලා වගේ එවුන්ත් ඉන්නවා කියන එක සිරාවටම පුදුමයි බන්.. බොහොම පිං..ජය වේවා
******************බුදුසරණයි******************Lahiru Rasadun
fatta brooooo
CHEthiya
Thank You...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan
Niyamai saho
Yohan_Darshana
උපසිරැසියට ස්තුතියි
Supun shanika
Thanz Sahoo Sub ekata Digatama karagena yanna suba pathanawa
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Leimei
එලම සහෝදරයා....
කැපවීම අගය කරනවා ...Dilshan rajitha
Thanks bro
Lakshansilva18
Thanks for sub
Ishan Madusha
සබ් එකට ස්තූතියි
pitcher bro
ela ela patta.thada
Dewadithya
Thanks for sub!
chika slc
aneee sub ynne pahu welanee
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Shehan kavishka
sub ekata බොහොම ස්තූති.❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

good job thanks bro.................