Watch Trailer

Cult of Chucky (2017) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් වතාවක් ඔයාලව මුණගැහෙන්න අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Cult of Chucky (2017) නොහොත් Chucky චිත්‍රපට මාලාවේ හත්වැනි චිත්‍රපටය අරගෙන. මේක බාර අරගෙන කරන්න ගත්තට මොකද ලේසි වුණේ නෑ. මාරම කට්ටක් තමයි කන්න වුණේ. මොකද සබයි ලිපියයි ඉවර කරලා සෝදුපත් බලන්න ලෑස්ති වෙද්දී තමයි බ්ලුරේ වලටයි හ…

ඔන්න එහෙනම් ආයෙමත් වතාවක් ඔයාලව මුණගැහෙන්න අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Cult of Chucky (2017) නොහොත් Chucky චිත්‍රපට මාලාවේ හත්වැනි චිත්‍රපටය අරගෙන. මේක බාර අරගෙන කරන්න ගත්තට මොකද ලේසි වුණේ නෑ. මාරම කට්ටක් තමයි කන්න වුණේ. මොකද සබයි ලිපියයි ඉවර කරලා සෝදුපත් බලන්න ලෑස්ති වෙද්දී තමයි බ්ලුරේ වලටයි හොද උපසිරැසියකුයි නිකුත් වෙලා තිබුණේ. ආපු පළවෙනි ඉංග්‍රීසි උපසිරැසියට තමයි සබ කලේ. ආපු පලවෙනි උපසිරැසිය නිසා සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. 90%ක්ම වගේ තිබුනේ චිත්‍රපටියේ කියන දේ නෙවෙයි. ඒ නිසා ඉතින් මේක කරන්න ගත්ත වෙලාවේ ඉදන් හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන එකම ලයින් එක සෑහෙන්න වතාවක් අහලා තමයි සබ කලේ. චකීගේ හිනාව තාමත් මගේ ඔලුවේ නිකනුත් ඇහෙනවා ඇහෙනවා වගේ දැන් නම්. බොරු නම් අරන් බලන්න මේක වෙනත් භාෂාවක් යොදාගෙන නිකන්ම මෘදුකාංග හරහා පරිවර්තනය කරපු ඉංග්‍රීසි උපසිරැසියක්. අනික මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් වුන පිටපතක්. එහෙම දේවල් නම් ඕන තරම් වෙනවා. මුලින්ම නිකුත් වුණේ Unrated DVD කොපියක්. දැන් අහන්න එපා කැමරා කොපිද කියලා. කෑලි හැලිලා නැහැ. සම්පුර්ණ කොටස් ඔක්කොම ඇතුලත් කරපු එකක්.මුලින් ඩිවිඩි පිටපත් ගත්ත අය දුක් වෙන්න එපා. මොකද ඒ අයටයි අගහරුවදා උදේ නිකුත් වුනු බ්ලුරේ වලට හරි යන්නයි උපසිරැසි දෙකක්ම මං අමුණලා එවනවා ඔන්න.

Chucky කිව්වම නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නැහැ. මං නම් පොඩි කාලේ ඉදන් කිව්වේ හොල්මන් බෝනික්කා කියලා. මට නම් තාමත් මහකයි 2010 කාලයේදී චකීගේ චිත්‍රපට පහ බලන්න මාර කට්ටක් කෑවා. මොකද මේක හොයාගන්න ලේසි වුණේ නෑ. 4 IN 1 කලෙක්ෂන් වුනත් හොයාගන්න සැහෙන්න අමාරු කාලයක්. යාලුවෙක්ගෙන් ඉල්ලන් තමයි බැලුවේ. දැනට කලින් චිත්‍රපට 6 ක් නිකුත් වුණා. Child’s Play (1988), Child’s Play 2 (1990), Child’s Play 3 (1991), Bride of Chucky (1998), Seed of Chucky (2004) වගේම Curse of Chucky (2013). අවුරූදු හතරකට පස්සේ තමයි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම පිටපතේ වැඩ කටයුතුත් Don Mancini අතින්ම සිදු කරලා චකී නොහොත් හොල්මන් බෝනික්කා ආයේ තිරයට ආවේ Cult of Chucky (2017) නමින්.අවුරුදු ගානක චිත්‍රපට පහට පස්සේ පොඩි පසුබැස්මක් කලින් චිත්‍රපටයේ සිදු වුණා. නමුත් ඒවා නිරාකරණය කරමින් ආයේ පොඩි වැඩි දියුණුවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුනා මට නම්. චකීගේ මිනි මැරිල්ල නම් මේ චිත්‍රපටිය තුලින් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්. IMDb දර්ශකයේ මේ වෙද්දී 6.2/10 අගයක් ලබාගෙන තියෙනවා. තරුණ ඇන්ඩි සදහා Alex Vincent තමයි දායක වුණේ. Curse of Chucky චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් වල එහෙම හිටියා. ඒවගේම පහුගිය චිත්‍රපට දෙකකම රංගනයෙන් දායක වූ Jennifer Tilly මේ කතාවේ ටිෆිනි විදිහට දැකගන්න පුලුවන්. මිට පෙර චිත්‍රපටයේ දැකගන්න ලැබුණු Fiona Dourif මේ චිත්‍රපටිය තුලිනුත් නීකාගේ චරිතයෙන් දැකගන්න හැකියාව ලැබෙනවා. චිත්‍රපටය නිකුත් වීමට නියමිත දිනය වෙලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 24 වැනිදා. සුපුරුදු ආකාරයෙන් Horror, Thriller කියන කැටගරි වලට අයත් වෙනවා. පැයකුත් විනාඩි තිහකුත් පුරාවටම සුපිරි ත්‍රාසජනක අත්දැකීමක් දැකගන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම හුගක් ස්තුතිවන්ත වෙන්න ඕන හසා අයියට මට මේ චිත්‍රපටය ලබා දීම සම්බන්ධයෙන්.

කලින් වෙච්ච සිදුවීම් එක්ක නිකා ඉන්නේ ලොක්මෝර් කියන මානසික රෝහලේ. නමුත් දිගින් දිගටම ප්‍රතිකාර කිරීමත් එක්ක පසුව එයාව හැරෝගේට් කියන මානසික රෝහලට මාරු කිරීමක් කරනවා. එයාට තාමත් ඇවිදින්න බැහැ. නිකාගේ මුළු පවුලම ඝාතනය කරලා දැම්මේ නම් චකී. ඒත් නිකා කියන්නේ හිනෝත්මාදයෙන් පෙලෙන කෙනෙක් නිසා කිසිම කෙනෙක් එයා කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නීතියට අනුව එයා වැරදිකරු වෙලා ඉවරයි. කලින් චිත්‍රපටියේ ඔයාලට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මතකද දන්නෙත් නෑ. අන්තිමට ඇන්ඩිගේ උපන්දිනේ දවසට එයාගෙම ගෙදරට ටිෆිනි එවලා තිබුනා චකීව පෙට්ටියක දාලා ඇන්ඩිව මරලා දාන අදහසින්. ඒත්`එයාට ඒක කරන්න ලැබුනේ නැහැ ඇන්ඩි ඉස්සර වුන නිසා. එතනින් එහාට මුකුත් පෙන්නුවේ නෑනේ. ඒත් මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුලුවන් වේවි අර අපි දන්න පරණ චකී. ඇන්ඩි එයාව අල්ලගෙන කදෙන් ඔලුව වෙන් කරලා, ඔළුව වෙනම ලී කුට්ටියක තියලා ගැට ගහලා. ඒත් තාමත් පණ තියෙනවා. ඇන්ඩි කියන්නේ හුගක් අදුරු ඉතිහාසයක් තියෙන හුග දෙනෙක් එයාට වෙච්චි දේ දන්න කෙනෙක්. මේ නිසාම ඇන්ඩිගේ ආදර සම්බන්ධතා නම් හරියන පාටක් නැහැ. මොකද පෙම්හමුට එන කෙනා පවා මෙයා ගැන කලින් ගූගල් කරලා බලලා තමයි එන්නේ. කොහොම හරි මෙතෙක් කාලෙකට වෙච්ච හැම සිදුවීමකට පස්සේ මිනිස්සු විශ්වාස කරන්නේ චකී කියලා සෙල්ලම් බඩු කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒත් එහෙම නැහැ. මොකද තවත් හුගක් චකීලා මේ චිත්‍රපටය තුලින් දැකගන්න පුලුවන්. චකී එන්නේ එයාගේ එකම ගොදුර වෙච්ච නීකාව හොයාගෙන. ඒ මොකට වෙන්න පුළුවන්ද? එතකොට චකීලා ගොඩක් ඉන්නේ කොහොමද?

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මේ චිත්‍රපටය අවසානයේදී පවා අපිට තවත් චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියන අදහස ඉතිරි කරලා තියෙනවා. ඒ නිසා හරියට අවසානය වෙනකන්ම බලන්න. බ්ලුරේ කොපියත් තියෙන නිසා එක සැරේම බලලා දාන්න ලෙහෙසි වේවි. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!

The Layover (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links  Cult.of.Chucky.2017.UNRATED.720p.BluRay.x264-ROVERS Cult.of.Chucky.2017.UNRATED.1080p.BluRay.x264-ROVERS Cult of Chucky 2017 UNRATED DVDRip XviD AC3-EVO මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

21,125 downloadsDownload Cult-of-Chucky-2017.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

21,125 downloadsDownload Subtitles97 KB

48 comments

  1. Sithum

    Tnx brow sub ekata

  2. Sithum

    hmmata man 1st comment

  3. Kasun Widusha

    kalin 6 ma babala thiyenda ooneda bn meka balanda.thnx any way

    1. nalaka rullz

      mamath ookama ahanna hitiye

    2. Chämàrá Sâmpáth

      ඒක නොබලා ඉන්න හේතුවක් තියද? මට නම් ඒ ෆිල්ම් එකේ වරදක් පේන්න නෑ. චාර්ලස් කලින් කරපු කියපු දේවල් ඒකෙන් බලාගන්න පුලුවන්. අනික මේකේ ඉන්න නීකා කලින් ෆිල්ම් එකේ ඉන්නවා. ඒකේදි තමයි පෙන්නන්නේ නීකාගේ මුළු පවුලම චකී මරලා දාලා නිකාගේ පිටට වැරදි පටවලා අන්තිමේදී ඇන්ඩිව මරන්න ගිහින් වැඩ වරද්දගන්න සිද්දිය පවා. බැලුවා කියලා පාඩුවක් නෑ මොකද ඒකත් චකී ෆිල්ම් සීරිස් එකේ එකක්.

    3. අසිත

      aniwa

    4. Mithun

      Okkama balanna one na mekata kalin apu eka bluwa nm hodatama set wi.

  4. kumalk

    Thanks machan

  5. Lakindu

    Thanks very much..jayen jayama wewa...Annabelle baluwa gaman thawa ekk...niyamai

  6. C. R. ජයලත්

    Niyamai Chamara Aiya Jaya Wewa!!!!!

  7. prabodha

    Supiri brooo.... Thank u sub ekata...

  8. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  11. Chanuka

    ela brooo

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Mithun

    Thx mcn asama move set ekak.awasanawta blapu eka tama mataki.patta. sab eka ikkmanata dammata ස්තුතිය . Gatta onnaa jaya

  14. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  15. Naveen Lakshan NL

    මහන්සියට Thank You Bro

  16. arjuna

    thank you sahooo

  17. රුවන්

    ස්තුතියි ඔබට සුබ දවසක්

  18. rajitha

    Nice work saho.. Thank you very much

  19. Silent$

    Thnxxxxxxxxxxxxxx

  20. දමිත්

    ස්තුතියි “චාමර සම්පත්” සහෝ බොහොම මහන්සි වෙලා උපසිරැසිය අපට ගෙනාවට.
    ජයෙන් ජය.

  21. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  23. Hansamali Shshini

    Me films ganna torrentz link kohenda download k kawuru hari kiyannako

  24. අසිත

    thanks saho mahasiyata
    jaya wewa!!!

    1. අසිත

      දෙයක් කියන්න බැරි උනා.මමත් මේ ෆිල්ම් සෙට් එක හොයා හොයා හිටියේ..පොඩි කාලේ යාලුවෝ කතා උන හැටියට මේකේ බෝනික්කා මිනි මරණ (+වල් බෝනික්කෙක්) නිසා මාර කුතුහලයකින් 4 IN 1 කලෙක්ෂන් හොයා හොයා හිටියේ.කොමිනියක අහම්බෙන් දැක්කත් බල බල හිටිය මිසක් ගන්න no money.ඉවසල ඉවසල අන්තිමේ සේරම බාගෙන බැලුවා.හම්මේ පට්ට ෆිල්ම් සෙට් එකක් තමා.හැබැයි සිංහල සබ දීල තිබ්බ නිසා තමයි කැත නැතුව බැලුවේ...

  25. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. KAVINDA GAMAGE

    thank you

  28. janitha

    thank you

  29. Amila Mudalige

    Thanks sub ekata

  30. ashan lankanath

    Thanks ................good luck ......................

  31. Dilip Prasanna

    Thnq mchn

  32. lakshan

    බොහොම ස්තූතියි

  33. Tharidu Dushan

    Jigsaw film eke sub Dennison broooo

    1. Tharidu Dushan

      Jigsaw patta movie eka ...eke sub Denna brooooo

  34. Re@don

    ela

  35. Pasindushan

    Medaa paara wiyaru bonikka set ekakuth ekkai wade denne.. Hoda film ekak.. Sub ekata bohoma sthuthiy..

  36. Tarbo

    සහෝ පිලුම බාන්න පුලුවන් ලින්ක් එකක් දෙන්නකො

    1. Anonymous

      Thanks for sub

  37. Tharindu Athukorala

    tnx bro.:D

  38. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  39. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  40. Anonymous

    1080p sub ok [THANKS]

  41. Anonymous

    THANKS