Watch Trailer

Lightyear (2022) Sinhala Subtitles | ඇන්ඩිගේ කැමතිම චිත්‍රපටය. [සිංහල උපසිරසි]

“1995 වර්ෂයේදී ඇන්ඩි කියල ලමයෙකුට “බස් ලයිට් ඉයර්” කියල ස්පේස් රේන්ජර් කෙනෙක්ගෙ සෙල්ලම් බඩුවක් හම්බවෙනව. මේ සෙල්ලම් බඩුව හදල තියෙන්නෙ ඇන්ඩිගෙ කැමතිම චිත්‍රපටය ආශ්‍රයෙන්, මේ තමයි ඒ චිත්‍රපටය” ඔව් ඔව්, මං මේ කිව්වෙ අර පණ තියෙන සෙල්ලම් බඩු ටිකකින් සෙල්ලම් කරන ඇන්ඩි ගැන තමා. මේ ඇන්ඩිව අපිට හම්බෙන්නෙ ඉත…

“1995 වර්ෂයේදී ඇන්ඩි කියල ලමයෙකුට “බස් ලයිට් ඉයර්” කියල ස්පේස් රේන්ජර් කෙනෙක්ගෙ සෙල්ලම් බඩුවක් හම්බවෙනව. මේ සෙල්ලම් බඩුව හදල තියෙන්නෙ ඇන්ඩිගෙ කැමතිම චිත්‍රපටය ආශ්‍රයෙන්, මේ තමයි ඒ චිත්‍රපටය”

ඔව් ඔව්, මං මේ කිව්වෙ අර පණ තියෙන සෙල්ලම් බඩු ටිකකින් සෙල්ලම් කරන ඇන්ඩි ගැන තමා. මේ ඇන්ඩිව අපිට හම්බෙන්නෙ ඉතින් 1995 වර්ෂයේ Disney හා Pixar සමාගම් ඔස්සේ නිකුත් වූ Toy story චිත්‍රපටයෙන්.ඒ චිත්‍රපටයෙන් පස්සෙ ඒකියන්නෙ,

1995 – Toy Story
1999 – Toy Story 2
2010 – Toy Story 3
2019 – Toy Story 4

වශයෙන් අපි ආදරය කරපු චිත්‍රපට හතරක් මේ වන විට නිකුත්වෙලා තියෙනව. ඉතින් මේ සිනමා නිර්මාණ නම් ඉතින් සුපිරිම නිර්මාණ. ඊට අමතරව තවත් කෙටි චිත්‍රපට කිහිපයකුත් නිකුත්වෙලා තියෙනව.ඉතින් උඩ කියපු චිත්‍රපට හතරම ඉතා සාර්ථකත්වයක් ලබා ගත් සිනමා සිත්තම්. ඉතින් වුඩී,ස්ලින්කි, බස් ලයිට් ඉයර් වගේ චරිත අපි මේ චිත්‍රපට මාලාවෙන් දැක්කනෙ.ඔන්න ඔතනින් බස් ලයිට් ඉයර් කියන ස්පේස් රේන්ජර් සෙල්ලම් බඩුව තමා මෙතනදි සුවිශේෂී වෙන්නෙ, මොකද මේ මං උපසිරැසිය අරන් එන්නෙ 1995 වර්ෂයෙ නිකුත් වෙච්ච මේ සෙල්ලම් බඩුව හදන්න පාදක වෙච්ච චිත්‍රපටයට. ඇත්තෙන්ම ඉතින් ඇන්ඩිට මේ චිත්‍රපටය 1995 ම බලන්න පුලුවන් උනාට අපිට මේක බලන්න පුලුවන් වෙන්නෙ 2022 වර්ෂයේදී. ඉතින් චිත්‍රපටයෙ නම වෙන්නෙ Lightyear. මේ චිත්‍රපටයෙ IMDB දර්ශකයෙ අගය 5.4 ක්. කුනු තක්කාලි දර්ශකයෙ 75% ක අගයක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටයෙ බස් ලයිට් ඉයර්ට හඩකවලනම් තියෙන්නෙ කලින් චිත්‍රපටවල බස් ලයිට් ඉයර්ට හඩකවපු Tim Allen නම් නෙවෙයි. මේ චිත්‍රපටයෙ බස්ට හඩකවන්නෙ Chris Evans (කැප්ටන් ඇමෙරිකා) විසින්. මේ චිත්‍රපටයෙ ධාවන කාලය පැය එකයි විනාඩි හතලිස් පහක්.

Toy story බලපු කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න කියල මං ආරාධනා කරනව. අනික මේ චිත්‍රපටය කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන්. මං කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ. මුලු කතාවම ඔන්න ඔයාලට බාරයි.

ඇන්ඩි ඇයි මේ චිත්‍රපටියට මෙච්චර ආස උනේ? ඇත්තෙන්ම බස් ලයිට් ඉයර් කවුද? කවුද මේ සර්ග්? අපි අදටත් ආදරය කරන බස් ලයිට් ඉයර් සෙල්ලම් බඩුවෙ පසුබිම් කතාව එහෙනම් ඔයාලම බලන්නකෝ!😁

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

14,135 downloadsDownload Lightyear-2022-Blu-Ray.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

14,135 downloadsDownload Subtitles107 KB

21 comments

  1. Anonymous

    Thanks machn ! Puluwannm better call saul continue krnna

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. MAALNATH

      Thanks.......good luck......

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    The Bob's Burgers Movie sinhala sub eka onee.

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Anonymous

    Thanks Brother

  7. Anonymous

    Thanks bokkah

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Thilinda Randeera

    ස්තූතීයි සහෝ දිගටම දෙන්න

  10. sahangayantha

    thanks a lot saho sub ekata

  11. Anonymous

    supiriyak saho

  12. indika 75

    thanks..

  13. Maduka

    sky fighter 2005 film eke sub ekath dennako bro.

  14. Anonymous

    Ela aaaa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    Lord of the rings rings of power eke sub eka kshanika danna puluwand bn

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Dill

    thank you very much bro....!

  19. Lasitha

    Thanks for the sub

  20. Lasitha

    Thanks for the sub